Jump to content

ක්‍යුන්කි සාස් භි කභි බාහු ති

විකිපීඩියා වෙතින්
ක්‍යුන්කි සාස් භි කභි බාහු තී
ක්‍යුන්කි සාස් භි කභි බාහු තී අතුරුතේමාව
තැනුවේඒක්තා කපූර්
රචනය කලේකථාව
ආර්. එම්. ජෝෂි, සලිල් සාන්ද්, අනිල් නාග්පාල්, කොයෙල් චෞධරි, මිතේෂ් ෂා සහ ස්වාති ෂා
තිරරචනය
ආර්. එම්. ජෝෂි, විපුල් මෙහ්තා, භාවින් පටෙල්, නයනා දාස්ගුප්තා, මිතේෂ් ෂා, සලිල් සාන්ද්, කමලේෂ් කුන්ති සිං, අනිල් නාග්පාල්, අර්චිතා බිස්වාස්, මෘනාල් ජා සහ ස්වාති ෂා
දෙබස්
දිලීප් රාවල්, ආනන්ද් ගාන්ධි, සන්ජෝයි ෂේඛර්, රේඛා මෝදි, බ්‍රිජ් මෝහන් පාණ්ඩේ සහ විනෝද් ෂර්මා
අධ්‍යක්ෂණය කලේඅශිෂ් පටිල්, කෞෂික් ඝාටක්, නිවේදිතා බාසු, සුරාජ් රාඕ, සන්තෝෂ් බාදල්, ධර්මේෂ් ෂා, සන්ත්‍රම් වර්මා, ගැරී භින්දර්, දීපක් චවාන්, සන්තෝෂ් භාට්, ෆාහද් කාෂ්මීරි, අවිරූප් මසුම්දාර්, ජීතු අරෝරා, සන්තෝෂ් කොල්හේ, විකී චෞහාන්, රෝහිත් ද්විවේදි, දීපක් ෂර්මා, ශ්‍යාම් මහේෂ්වරී, තාලත් ජානි, හිතේෂ් තේජ්වානි ඇතුළු පිරිස
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)මොනීෂා සිං, අපර්ණා දුබේ, ඒක්තා ආර්. බාහ්රි, භෛරවී ෂා, ශිවංගි සිං චෞහාන්, ශිප්‍රා අරෝරා, ඩෝයෙල් සෝම්, විකාස් ගුප්තා
රඟපෑමපහළ බලන්න
ඇරඹුම් තේමාවක්‍යුන්කි සාස් භි කභි බාහු ති - ප්‍රියා භට්ටාචාර්ය
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාංග ගණන1833
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)ඒක්තා කපූර් සහ ශෝභා කපූර්
සංස්කාරක(යන්)ධර්මේෂ් ෂා, සංජීව් ශුක්ලා, සහ සාගර් එස්. නයිඝෝජ්කාර්
සිනෙමාරූපණයරාජු හලාසාගි, සුදේශ් කෝටියාන්, දීපක් මල්වාන්කර්, සංජේ මල්වාන්කර්, අශෝක් සාලියාන් සහ සංජේ මෙමේන්
ධාවන කාලයමිනිත්තු 24
නිෂ්පාදන සමාගමබාලාජි ටෙලිෆිල්ම්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවස්ටාර් ප්ලස්
රූප ආකෘතිය576i (SDTV)
මුල් ධාවනය3 ජූලි 2000 (2000-07-03) – 6 නොවැම්බර් 2008 (2008-11-06)
ගොනුව:Cast of Kyunki.jpg
ක්‍යුන්කි සාස් භි කභි බාහු තිහි පළමු පරම්පරා ත්‍රිත්වය.

ක්‍යුන්කි සාස් භි කභි බාහු ති (සිංහල: නැන්දණියක ද වරෙක ලේලියකව සිටි නිසා) යනුවෙන් හැඳින්වෙන්නේ 2000 ජූලි 3 දින ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය ඇරඹි ඉන්දියානු සෝප් ඔපෙරාවකි. මෙම සම්පූර්ණ කතාමාලාවම හොට්ස්ටාර් වෙතින් ලබාගත හැක. මෙම කථාව ගෙතී ඇත්තේ පරමාදර්ශී ලේලියක වන තුල්සි විරානිගේ දිවියයි. පණ්ඩිත්වරයකුගේ දියණිය වන ඇයව ධනවත් ව්‍යාපාරිකයකු වන ගෝවර්ධන් විරානිගේ මුණුපරාහට විවාහ කරදෙනු ලැබේ. මෙහි ප්‍රධාන චරිතය වන තුල්සි විරානිගේ චරිතය නිරූපණය කරන්නේ ස්මෘති ඉරානි විසිනි. මෙම වැඩසටහන සම-නිෂ්පාදනය කරන ලද්දේ ශෝභා කපූර් සහ ඒක්තා කපූර් විසින් බාලාජි ටෙලිෆිල්ම්ස් නාමය යටතේ ය.

මුම්බායි පසුබිමෙහි දර්ශීය ගුජරාති විස්තෘත පවුලක් නිරූපිත මෙම කතාමාලාව ඒක්තා කපූර් සහ ස්ටාර් ප්ලස් ජාලයට ඉහළ සාර්ථකත්වයක් හිමි කරදුන්නේ ය. එය ඉන්දියානු රූපවාහිනියේ අංක 1 වැඩසටහන වූවා පමණක් නොව[1] අනුයාත වර්ෂ අටක් පුරාවට එය ඉහළම TRP අගයයන් හිමි කරගත්තේ ය.[2][3] මෙම වැඩසටහන සම්මාන ගණනාවක් හිමි කරගත් අතර, ඉන් බොහෝමයක් තුල්සිගේ චරිතය නිරූපණය වෙනුවෙන් ස්මෘති ඉරානි හට හිමි විය. අනුයාත වසර හයක් පුරාවට (2002-2007) මෙම වැඩසටහන ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී හොඳම අඛණ්ඩ කතාමාලාව සම්මානයත්, ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේ අනුයාත වසර පහක් පුරා (2001-2005) හොඳම කතාමාලාව (ජනප්‍රිය) සම්මානය ද හිමි කරගත්තේ ය.

ශ්‍රී ලංකාවේ සිරස ටීවී නාළිකාව විසින් ක්‍යුන්කි සාස් භි කභි බාහු ති කතාමාලාව සිංහල බසින් හඬකවා මහ ගෙදර යන නාමයෙන් විකාශය කරන ලදී.[4][5] ඩරි භාෂාවට හඬකැවුණු මෙය ඇෆ්ගනිස්ථානයේ ටොලෝ ටීවී නාළිකාවෙන් ද විකාශය විය.[6][7][8][9]

2000-2008 දක්වා කාලය තුළ කථාංග 1833කින් යුතුව විකාශය වූ මෙම වැඩසටහන ඉන්දියානු රූපවාහිනියේ දීර්ඝතම දිනපතා සෝප් ඔපෙරාවන්ගෙන් එකක් ලෙස සැලකිණි.[10] මෙහි අටවන වර්ෂය, එනම් 2008 වන විට, මෙම කතාමාලාව ඉන්දියානු රූපවාහිනියේ ඉහළම වැඩසටහන බවට පත්වූයේ 5.4ක මධ්‍යන්‍ය TRP අගයයක් හිමි කරගනිමිනි.[11][12]

2001දී මෙහි මිහිර් විරානි නම් චරිතය මරණයට පත් වීම ප්‍රේක්ෂකයක්ගේ විරෝධයට හේතු වූ අතර, ඒ නිසා එම චරිතය යළි ගෙන්වීමට සිදු විය.[13] මිහිර් විරානිගේ යලි පැමිණීම හේතුවෙන් මෙම වැඩසටහනට 22.4ක උච්චතම TRP අගයයක් හිමිවූයේ ඉන්දියානු කතාමාලාවක් මෙතෙක් ලබාගෙන ඇති ඉහළම TRP අගය තමන් සතු කරගනිමිනි.[14][15]

මෙය රූගත කිරීමේන පසුව චිත්‍රාගාරය විසින් නාළිකාවට එ‍රෙහිව නඩුවක් ගොනු කරන ලද්දේ 2009 මාර්තු වන තෙක් තමන් සතුව ගිවිසුමක් පැවති බවත්, ආයතනය විසින් තමන්ට සුදුසු ප්‍රවර්ධනයක් ලබානොදුන් බවත් පවසමිනි. මෙම ප්‍රකාශ 2008 නොවැම්බර් මස නිෂ්ප්‍රභ කෙරිණි.[16][17][18]

කථා සාරංශය

[සංස්කරණය]

තුල්සි විරානි (ස්මෘති ඉරානි) ව්‍යාපාරික ‍ගෝවර්ධන් විරානිගේ මුණුපුරා වන මිහිර් විරානි සමග ප්‍රේමයෙන් බැ‍ඳෙයි. ඔවුහු විවාහ වෙති. ඔහුගේ පවුල විසින් මිහිර්ට පායල්ව විවාහ කරදීමට තෝරාගෙන තිබුණත්, තුල්සි පවුලේ ලේලිය ලෙස පිළිගැනේ.

ඇය ගෞතම් නම් පුතකුට උපත ලබා දෙයි. ඇගේ දෙවන ගර්භනී සමයේ දී සිය නෑනණ්ඩිය (ආර්ති) හට දරුවන් ලැබිය නොහැකි බව ඇය දැනගනියි. තුල්සි ඔවුනට ගෞතම්ව හදාවඩා ගනීමට ලබාදෙන්නට තීරණය කළ ද, ආර්තී සහ ඇගේ සැමියා වන කිරාන් දරුවාව පැහැර ගනියි. තුල්සිට විලි රුදා පහළ වන අතර, ඇය ශෝභා නම් දියණියක බිහි කරයි.

මිහිර්ට මස්සිනාවරුන් සිව්දෙනකු වේ. චිරාග් (රූපවාහිනී කර්මාන්තයේ නියැළෙන) සිය මව වන දක්ෂාගේ විරෝධතා මධ්‍යයේ ප්‍රජක්තා විවාහ කරගනියි. සේජල් සහ සුහානි ද විවාහ වන අතර, හේමන්ත් විවාහ කරගන්නේ සිය සහායිකාව වන පූජා ය.

වසර විස්සකට පසු, තුල්සි සහ මිහිර් දියණිය ශෝභා සහ හර්ෂ් නම් පුත්‍රයකුට දෙමාපියන්ව සිටියි. සාහිල් සහ තරුන් හේමන්ත් සහ පූජාගේ දරුවන් ය. සිය සැමියාව දික්කසාද කරන සේජල් විරානි නිවසේ සිය දියණිය වන ඉන්දු සමග දිවි ගෙවයි. චිරාග් හට නිවුන් දියණියන් දෙදෙනකු සිටියි. තුල්සි හට ගෞතම් මගහැරේ. හේමන්ත්, පූජා සහ තරුන් ඕස්ට්‍රේලියාව බලා යති. මුම්බායේම දිවිගෙවන සාහිල් පවුලේ ව්‍යාපාරය මෙහෙයවයි. රැකියාව පිණිස චිරාග් එක්ස්ත ජනපදය බලා පිටත්වන අතර, සුහානි නිවසේ ප්‍රීතියෙන් පසුවෙයි. ගෞතම් යළි පැමිණෙන අතර, කිරාන් හට කරිෂ්මා නම් දියණියක වේ. සිය සැබෑ දෙමාපියන් පිළිබඳ දැනගන්නා ගෞතම් විරානි මැඳුර වෙත යළි පැමිණෙයි. ඔහු ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සාහිල් සමග ආරවුල් ඇති කරගනියි. තුල්සි ඔහු‍ගේ විවාහ ගිවිස ගැනීම ගංගා සමග සිදුකරයි. ගෞතම් ටීෂාට පෙම් කරන අතර, සාහිල් පෙම් කරන්නේ ගංගාටයි. නමුත් සාහිල් සහ ගංගා සිය ‍ප්‍රේමය අත්හැර දමන අතර, ගෞතම් සිය මවට අමනාපය දක්වයි. ගංගාව දික්කසාද කරන ඔහු ටීෂා සමග විවාහ වේ. ගංගා සාහිල් සමග විවාහ වේ. ශෝභා ද විවාහ වී සිටියි. ටීෂා සහ ගෞතම් රිය අනතුරකට මුහුණ පාන අතර, එහි දී ටීෂා මියයයි. ගෞතම් දාමිනී සමග විවාහ වේ; දාමිනී සහ ගංගා යන දෙදෙනාම මේ වනවිට ගැබිනියන්ව සිටියි. ගංගාගේ දරුවා උපන් විගස මියයන අතර, දාමිනී ඇයට සිය නිවුන් පුතුන් දෙදෙනාගෙන් අයකු ලබා දෙයි. ගැබිනියකව සිටින ශෝභා මේ වනවිට වැන්දඹුවක බවට පත්ව සිටියි. තුල්සිගේ සොයුරිය වන කේසර් තුල්සි පවසන්නේ හර්ෂ් යනු තුල්සිගේ පුත්‍රයා බවයි. කේසර් තුල්සිගේ දරුවාව වඩාගෙන සිටින විට, ඇගේ සරුවාගේ පියා විසින් දරුවාව පැහැරගෙන තිබිණි. තුල්සිහට හර්ෂ්ව ලබාදෙන කේසර් පවසන්නේ තමන්ගේ දරුවා මියගිය බවයි. තුල්සිගේ පුත්‍රයා වන අංශ් ගුජරාල් අපරාධ ව්‍යාපාරිකයකු වන ආදිත්‍ය ගුජරාල්ගේ (රාජ් මල්හෝත්‍රාගේ අපරාධ සහායකයායි. කේසර්ගේ දරුවාගේ පියායි.) පුත්‍රයා ලෙස හැදී වැඩෙයි. සිය මරණයට පෙර ඔහු සිය පුත්‍රයාව ගුජරාල්ට ලබාදී තිබූ අතර, ඔහු දරුවාව හදාගත්තේ ය. ආදිත්‍ය ගුජරාල් සහ අංශ් එක්ව විරානි පවුලේ දේපළ පැහැර ගැනීමට කුමන්ත්‍රණය කරයි. කරන්ගේ (මන්දිරා කපාඩියා සමග මිහිර්ගේ පුත්‍රයා) මිතුරියක වන නන්දිනීව දැක අංශ් ඇය වෙත ආකර්ෂණය වෙයි. වසර 20කට පසු, සිය සුළු පුත්‍රයා පිළිබඳ දැනගන්නා තුල්සි ඔහුව භාරගනියි. කරන් සිය සැබෑ මවටත් වඩා, තුල්සිට සෙනෙහස දක්වයි. න්නදිනී සහ කරන් පෙම් කළ ද, කරන් ඇයව තුල්සිගේ සැබෑ පුත්‍රයා හට ලබා දෙයි. නන්දිනී නීතියේන බැහැරව අංශ් සමග විවාහ වන අතර, ඔහු ඇයව දූෂණය කරයි. වෛවාහික දූෂණයක් සම්බන්ධයෙන් අංශ්හට ‍චෝදනා නැගේ. නීතීඥ මීරා සිංහානියා තුල්සිගේ මිතරියක බවට පත්වන අතර, ඇය මිහිර්ට ද ප්‍රිය කරයි. පලායන අංශ් නන්දිනීව මරාදැමීමට තැත් කරයි. තුල්සි ඔහුට වෙඩ්තබා මරාදමන අතර, තුල්සිව සිරභාරයට ගැනෙයි. අංශ්ගේ දරුවා දරාසිටින අතරතුර න්නදිනී අනතුරකට මුහුණ දෙයි. එහි දී ඇයව භූමි නම් දියණියක උපත ලබන නමුත්, නන්දිනී කෝමා තත්ත්වයට පත්වේ. භූමි පිළිබඳ බලාගැනීමට සිතා කරන් නන්දිනීගේ සිතුරිය වන ටානියා සමග විවාහ වේ. ගංගාහට ලක්ෂ්‍ය නම් බිළිඳු පුත්‍රයකු සිටියි. වසර තුනකට පසු, ටානියා ගැබ්ගෙන සිටින විට නන්දිනී කෝමා තත්ත්වයෙන් සුවය ලබයි. කරන් සහ නන්දිනී එක්ව ජීවත්වෙති. ඔහු සහ ටානියා විවාහ වී සිටින බව දැනගැනීමෙන් පසු, ඇය ටානියා සහ ඇගේ දරුවාව පිළිගනියි. අද්භූත අයුරින් ආදිත්‍ය ගුජරාල් මියයන අතර, එහි වරද කරන් මත පැටවේ. නන්දිනී මිනීමැරුම පිළිබඳ පාපොච්චාරණය කරයි‍. ඔහු භූමිව පැහැර ගන්නට උත්සාහ දරා තිබිණි. අංශ්හට බිරිඳක (ශ්‍රද්ධා ) සහ පුත්‍රයකු (ඒක්ලව්‍ය) සිට ඇත. ශ්‍රද්ධා මියගොස් ඇති හෙයින් ගෞතම් ඒක්ලව්‍ය හදා ගනියි. සාහිල් සිය විද්‍යාල මිතුරියක වන ත්‍රිප්ති සමග සම්බන්ධයක් ඇති කරගෙන ඇයව විවාහ කරගන්නා නිසා ගංගාට නිවෙසන් පිටව යාමට සිදුවේ. මිහිර්ට පෙම් කරන මීරා මන්දිරා සමග එක්ව තුල්සිට එරෙහිව කුමන්ත්‍රණය කරයි. මිහිර්ගේ මව වන සවිතා මෙම කුමන්ත්‍රණය හෙළි කිරීමට ඉටා ගනියි. මීරා සහ මන්දිරා එක්ව සවිතාව මරණයට පත් කරයි. මීරා තුල්සිට දෝෂාරෝපණය කරන අතර ඇයව නිවසෙන් පලවා හැරෙයි.

තවත් වසර විස්සකට පසුව, තුල්සිගේ මුණුපුරු මිණිපිරියෝ වැඩී සිටිති. සිරභාරයෙන් අතුරුදන්ව සිටින නන්දිනී මියගොස් ඇතැයි විශ්වාස කෙරේ. ගංගා පුවලේ අය අතර ආරවුල් ඇති කරවයි. හරිද්වාර්හි සිය හදාගත් දියණිය වන ක්‍රිෂ්ණ තුල්සි සමග සිටින තුල්සි නැවත මුම්බායි වෙත පැමිණෙයි. මීරාගේ වැරදි වැටහීම පහව යන අතර, තුල්සි සිය පවුල සමග නැවත එක්වෙයි. සවිතාව ඝාතනය කිරීම වෙනුවේන මීරාව සිරභාරයට ගැනෙයි. අවසන් කථාංගයෙහි, කහානි ඝාර් ඝාර් කී කතාමාලාවේ පාර්වතී (සාක්ෂි තන්වාර්) පවසන්නේ තුල්සිගේ මුණුපුරා වන පර්ත් (කරන් සහ නන්දිනීගේ දිගු කාලයක් අතුරුදන්ව සිටි පුත්‍රයා) සිටින්නේ තමන් සමග බවයි.[19]

චරිත නිරූපණය

[සංස්කරණය]
2

සම්මාන

[සංස්කරණය]

ඉන්දියානු ටෙල්ලි සම්මාන
වර්ෂය ප්‍රවර්ගය ලාභියා චරිතය
2002 වසරේ හොඳම නිළිය[20] ස්මෘති ඉරානි තුල්සි විරානි
හොඳම රූපවාහිනී පෞරුෂත්වය[20] අමර් උපධ්‍යායි මිහිර් විරානි
වසරේ හොඳම රූපවාහිනී වැඩසටහන[20] ඒක්තා කපූර්
හොඳම අඛණ්ඩ රූපවාහිනී වැඩසටහන[20] ඒක්තා කපූර්
2003 වසරේ හොඳම නිළිය[21] ස්මෘති ඉරානි තුල්සි විරානි
හොඳම රූපවාහිනී පෞරුෂත්වය[21] ස්මෘති ඉරානි තුල්සි විරානි
හොඳම දිනපතා කතාමාලාව[21] ඒක්තා කපූර්
හොඳම අඛණ්ඩ රූපවාහිනී වැඩසටහන[21] ඒක්තා කපූර්
2004 වසරේ හොඳම නළුවා[22] හිතේන් තේජ්වානි කරන් විරානි
හොඳම අඛණ්ඩ රූපවාහිනී වැඩසටහන[22] ඒක්තා කපූර්
2005 හොඳම ළමා ශිල්පියා (කාන්තා)[23] චින්කි ජයිස්වාල් භූමි විරානි
සහාය චරිතයක හොඳම නළුවා[23] හිතේන් තේජ්වානි කරන් විරානි
සහාය චරිතයක හොඳම නිළිය[23] ගෞරි ප්‍රධාන් තේජ්වානි නන්දිනී විරානි
‍ඍණාත්මක චරිතයක හොඳම නළුවා[23] ආකාශ්දීප් සායිඝාල් අංශ් ගුජ්රාල්
හොඳම අඛණ්ඩ රූපවාහිනී වැඩසටහන[23] ඒක්තා කපූර්
2006 සහාය චරිතයක හොඳම නිළිය[24] හිතේන් තේජ්වානි කරන් විරානි
හොඳම නැවුම් නවක මුහුණ (පිරිමි)[24] පුල්කිත් සම්රාට් ලක්ෂ්‍ය විරානි
හොඳම රූපවාහිනී පෞරුෂත්වය[24] රෝනිත් රෝයි මිහිර් විරානි
හොඳම අඛණ්ඩ රූපවාහිනී වැ‍ඩසටහන[24] ඒක්තා කපූර්
2007 සහාය චරිතයක හොඳම නළුවා (විචාරක)[25] හිතේන් තේජ්වානි කරන් විරානි
සහාය චරිතයක හොඳම නිළිය (ජනප්‍රිය)[25] ගෞරි ප්‍රධාන් තේජ්වානි නන්දිනී විරානි
හොඳම අඛණ්ඩ කතාමාලාව[25] ඒක්තා කපූර්
2010 දශකයේ හොඳම නළුවා[26] රෝනිත් රෝයි මිහිර් විරානි

ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන
වර්ෂය ප්‍රවර්ගය ලාභියා චරිතය
2001 හොඳම නළුවා (ජනප්‍රිය)[27] අමර් උපධ්‍යායි මිහිර් විරානි
හොඳම නිළිය (ජනප්‍රිය)[27] ස්මෘති ඉරානි තුලිසි විරානි
හොඳම කතාමාලාව (ජනප්‍රිය)[27] ඒක්තා කපූර්
හොඳම තරු නළු කැළ[27] ඒක්තා කපූර්
2002 හොඳම නිළිය (ජනප්‍රිය)[28] ස්මෘති ඉරානි තුල්සි විරානි
හොඳම කතාමාලාව (ජනප්‍රිය)[28] ඒක්තා කපූර්
2003 හොඳම නළුවා (ජනප්‍රිය)[29] රෝනිත් රෝයි මිහිර් විරානි
හොඳම නිළිය (ජනප්‍රිය)[29] ස්මෘති ඉරානි තුල්සි විරානි
හොඳම කතාමාලාව (ජනප්‍රිය)[28] ඒක්තා කපූර්
හොඳම ශ්‍රව්‍ය සංකලනය විකාස් පටිල්
2004 හොඳම නළුවා (ජනප්‍රිය)[30] රෝනිත් රෝයි මිහිර් විරානි
හොඳම නිළිය (ජනප්‍රිය)[30] ස්මෘති ඉරානි තුල්සි විරානි
හොඳම කතාමාලාව (ජනප්‍රිය)[30] ඒක්තා කපූර්
2005 හොඳම නළුවා (ජනප්‍රිය)[31] හිතේන් තේජ්වානි කරන් විරානි
හොඳම නිළිය (ජනප්‍රිය)[31] ස්මෘති ඉරානි තුල්සි විරානි
හොඳම කතාමාලාව (ජනප්‍රිය)[31] ඒක්තා කපූර්
හොඳම සහාය නිළිය (ජූරියේ)[31] ශිල්පා සක්ලානි ගංගා විරානි
2006 හොඳම ටෙලිනාට්‍යය (ජූරියේ)[32] අනිල් නාග්පාල්
2010 ITA Milestone Award[33] සුධා ශිව්පූරි
අපාරා මෙහ්තා
ස්මෘති ඉරානි
හිතේන් තේජ්වානි
සුමීත් සච්දේව්
බා
සවිතා
තුල්සි
කරන්
ගෞතම්

ස්ටාර් පරිවාර් සම්මාන
වර්ෂය ප්‍රවර්ගය ලාභියා චරිතය
2003 ප්‍රියතම දාදි[34] සුධා ශිව්පූරි බා
ප්‍රියතම පත්නි[34] ස්මෘති ඉරානි තුල්සි විරානි
ප්‍රියතම පති[34] රෝනිත් රෝයි මිහිර් විරානි
2004 ප්‍රියතම දාදි[35] සුධා ශිව්පූරි බා
ප්‍රියතම බේටා[35] හිතේන් තේජ්වානි කරන් විරානි
ප්‍රියතම යෝග්‍යා දාමද්[35] හිතේන් තේජ්වානි කරන් තේජ්වානි
ප්‍රියතම යෝග්‍ය බාහු[35] ගෞරි ප්‍රධාන් තේජ්වානි නන්දිනී විරානි
ප්‍රියතම සාස්[35] ස්මෘති ඉරානි තුල්සි විරානි
2005 ප්‍රියතම චෝටා බචා[36] චින්කි ජයිස්වාල් භූමි විරානි
ප්‍රියතම බේටා[36] හිතේන් තේජ්වානි කරන් විරානි
ප්‍රියතම ජේතනි[36] රිවා බබ්බර් දාමිනී විරානි
ප්‍රියතම නානාන්ද්[36] රිතූ චෞධරි සෙත් ශෝභා විරානි
ප්‍රියතම සෞත්[36] රක්ෂන්ධා ඛාන් ටානියා විරානි
ප්‍රියතම සාස්[35] ස්මෘති ඉරානි තුල්සි විරානි
ප්‍රියතම ඛාල්නායක්[36] ආකාශ්දීප් සයිඝාල් අංශ් විරානි
ප්‍රියතම ජෝඩි[36] හිතේන් තේජ්වානි සහ ගෞරි ප්‍රධාන් තේජ්වානි කරන් සහ නන්දිනී විරානි
ප්‍රියතම උණුසුම් ජෝඩි[36] හිතේන් තේජ්වානි සහ ගෞරි ප්‍රධාන් තේජ්වානි කරන් සහ නන්දිනී විරානි
2006 ප්‍රියතම චෝටා බචා[37] චින්කි ජයිස්වාල් භූමි විරානි
ප්‍රියතම බේටා[37] හිතේන් තේජ්වානි කරන් විරානි
ප්‍රියතම ජේතනී[37] රිවා බබ්බර් දාමිනී විරානි
ප්‍රියතම නානාන්ද්[37] රිතු චෞධරි සෙත් ශෝභා විරානි
ප්‍රියතම සෞත්[37] රක්ෂන්ධා ඛාන් ටානියා විරානි
ප්‍රියතම බාහු[37] ගෞරි ප්‍රධාන් තේජ්වානි නන්දිනී විරානි
ප්‍රියතම සාස්[37] ස්මෘති ඉරානි තුල්සි විරානි
ප්‍රියතම සාසුර්[37] රෝනිත් රෝයි මිහිර් විරානි
ප්‍රියතම ජෝඩි[37] රෝනිත් රෝයි සහ ස්මෘති ඉරානි මිහිර් සහ තුල්සි විරානි
2007 ප්‍රියතම නායා සදස්‍යා (පිරිමි)[38] පුල්කිත් සම්රාට් ලක්ෂ්‍ය විරානි
ප්‍රියතම බේටා[38] හිතේන් තේජ්වානි කරන් විරානි
ප්‍රියතම දේව්රාණි[38] ශිල්පා සක්ලානි ගංගා විරානි
ප්‍රියතම සෞත්[38] රක්ෂන්ධා ඛාන් ටානියා විරානි
ප්‍රියතම බාහු[38] ගෞරි ප්‍රධාන් තේජ්වානි නන්දිනී විරානි
ප්‍රියතම සාස්[38] ස්මෘති විරානි තුල්සි විරානි
ප්‍රියතම සාසුර්[38] රෝනිත් රෝයි මිහිර් විරානි
ප්‍රියතම ජෝඩි[38] හිතේන් තේජ්වානි සහ ගෞරි ප්‍රධාන් තේජ්වානි කරන් සහ නන්දිනී විරානි
ප්‍රියතම උණුසුම් ජෝඩි[38] හිතේන් තේජ්වානි සහ ගෞරි ප්‍රධාන් තේජ්වානි කරන් සහ නන්දිනී විරානි
2008 ප්‍රියතම බේටා[39][විශ්වසනීය මූලාශ්‍රය?] හිතේන් තේජ්වානි කරන් විරානි
ප්‍රියතම දේව්රාණි[39] ශිල්පා සක්ලානි ගංගා විරානි
ප්‍රියතම ජේතානි[39] රිවා බබ්බර් දාමිනී විරානි
ප්‍රියතම සෞත්[39] අචින්ත් කොවුර් මන්දිරා
ප්‍රියතම ඛාල්නායක්[39] සුවර්ණා ජා තෘප්ති විරානි
ප්‍රියතම බාහු[39] ගෞරි ප්‍රධාන් තේජ්වානි නන්දිනී විරානි
ප්‍රියතම ජෝඩි[39] හිතේන් තේජ්වානි සහ ගෞරි ප්‍රධාන් තේජ්වානි කරන් සහ නන්දිනී විරානි
ප්‍රියතම උණුසුම් ජෝඩි[39] හිතේන් තේජ්වානි සහ ගෞරි ප්‍රධාන් තේජ්වානි කරන් සහ නන්දිනී විරානි

වෙනත්

[සංස්කරණය]
වර්ෂය සම්මානය ප්‍රවර්ගය ‍ලාභියා චරිතය
2002 කලාකාර් සම්මාන හොඳම නළුවා (ජනප්‍රිය)[40] අමර් උපාධ්‍යායි මිහිර් විරානි
2004 කලාකාර් සම්මාන හොඳම නළුවා (ජනප්‍රිය)[40] රෝනිත් රෝයි මිහිර් විරානි
හොඳම නිළිය (ජනප්‍රිය)[40] ජයා භට්ටාචාර්ය පායල් මෙහ්රා
හොඳම කතාමාලාව[40] ඒක්තා කපූර්
හොඳම තේමා ගායකයා[40] ප්‍රියා භට්ටාචාර්ය

මේවාත් බලන්න

[සංස්කරණය]
  • Star India v Leo Burnett: වානිජමය අනුකරණය තුළින් වැඩසටහන ප්‍රකාශන හිමිකම උල්ලංඝනය කොට ඇති බව පැවසෙන අධිකරණ නඩුව

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "TAM ratings for week 35 ending 1 September 2001". සම්ප්‍රවේශය 11 February 2017.
  2. ^ "The rise and rise of Ekta Kapoor". සම්ප්‍රවේශය 11 February 2017.
  3. ^ "How Sameer Nair turned around Star Plus". සම්ප්‍රවේශය 11 February 2017.
  4. ^ "Kyunki dubbed in Sri Lanka also holds top position in Sri Lanka".
  5. ^ "The Telegraph - Calcutta : Nation". සම්ප්‍රවේශය 11 February 2017.
  6. ^ Tulsi, the most popular ‘bahu’ of Afghanistan, http://ibnlive.in.com/news/tulsi-the-most-popular-bahu-of-afghanistan/60685-8.html, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25 
  7. ^ Indian soaps stir outrage in Afghanistan due to their rising popularity
  8. ^ "Tulsi, Mihir 'win hearts' in Afghanistan". 2 May 2006. සම්ප්‍රවේශය 11 February 2017.
  9. ^ "Afghanistan set to ban Indian TV serials - Times of India". සම්ප්‍රවේශය 11 February 2017.
  10. ^ "Star Plus Still Going Strong with Kyunki".
  11. ^ "Post-IPL, soaps back on top of TRP charts - Times of India". සම්ප්‍රවේශය 11 February 2017.
  12. ^ "What next on Kyunki Saas Bhi Kabhi Bahu Thi? - Times of India". සම්ප්‍රවේශය 11 February 2017.
  13. ^ Nation wants Mihir Virani back in Kyunki alive, http://articles.timesofindia.indiatimes.com/2001-07-13/mumbai/27229406_1_mihir-virani-television-serial-kyunki-saas-amar-upadhyay, ප්‍රතිෂ්ඨාපනය 2017-11-25 
  14. ^ "Kyunki Saas gets 22.4 TVR".
  15. ^ "Kyunki Saas Bhi Kabhi Bahu Thi Still Reigning Indian Television".
  16. ^ Rediff (7 November 2008). "Court says no to Kyunki". Rediff. සම්ප්‍රවේශය 21 October 2014.
  17. ^ "Kyunki Saas Bhi Kabhi Bahu Thi comes to a tragic end". 7 November 2008. සම්ප්‍රවේශය 11 February 2017.
  18. ^ "Strike off but channels hold back fresh episodes - Livemint". සම්ප්‍රවේශය 11 February 2017.
  19. ^ "Kyunki comes to a tragic end!". 2012-10-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-04-26.
  20. ^ a b c d "Winners of Indian Telly Awards 2002".
  21. ^ a b c d "Winners of Indian Telly Awards 2003".
  22. ^ a b "Winners of Indian Telly Awards 2004".
  23. ^ a b c d e "Winners of Indian Telly Awards 2005".
  24. ^ a b c d "Winners of Indian Telly Awards 2006".
  25. ^ a b c "Winners of Indian Telly Awards 2007".
  26. ^ "Winners of Indian Telly Awards 2010".
  27. ^ a b c d "Winners of Indian Television Academy Awards 2001". 29 May 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  28. ^ a b c "Winners of Indian Television Academy Awards 2002". 29 May 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  29. ^ a b "Winners of Indian Television Academy Awards 2003". 4 May 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  30. ^ a b c "Winners of Indian Television Academy Awards 2004". 26 May 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  31. ^ a b c d "Winners of Indian Television Academy Awards 2005". 4 May 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  32. ^ "Winners of Indian Television Academy Awards 2006". 10 February 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  33. ^ "Kyunki team honoured at ITA Milestone Awards". 2 April 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  34. ^ a b c "Winners of Star Parivaar Awards 2003".
  35. ^ a b c d e f "Winners of Star Parivaar Awards 2004".
  36. ^ a b c d e f g h "Winners of Star Parivaar Awards 2005".
  37. ^ a b c d e f g h i "Winners of Star Parivaar Awards 2006".
  38. ^ a b c d e f g h i "Winners of Star Parivaar Awards 2007".
  39. ^ a b c d e f g h "Winners of Star Parivaar Awards 2008".
  40. ^ a b c d e "Winners of Kalakar Awards" (PDF).

බාහිර සබැඳි

[සංස්කරණය]