ඉෂ්ක්බාස්

විකිපීඩියා වෙතින්
ඉෂ්ක්බාස්
ප්‍රභේදයනාට්‍ය
රචනය කලේ
  • හර්නීත් සිං
  • දිවී ෂර්මා
  • අපරාජිතා ෂර්මා
  • මෘනාල් ජා
  • අභිජිත් සිංහා
අධ්‍යක්ෂණය කලේලලිත් මෝහන්
රඟපෑමපහත බලන්න
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන343 (2017 අගෝස්තු 11 වන විට)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)
සිනෙමාරූපණයරාජන් සිං
ධාවන කාලයමිනිත්තු 20-40
නිෂ්පාදන සමාගම4 ලයන්ස් ෆිල්ම්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවස්ටාර් ප්ලස්
රූප ආකෘතිය
මුල් ධාවනයජුනි 27, 2016 (2016-06-27) – වර්තමානය

ඉෂ්ක්බාස් (සිංහල: පෙම්වතුන්) යනු ස්ටාර් ප්ලස් ඔස්සේ විකාශය වන ඉන්දියානු නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. 2016 ජූනි 27 දින විකාශය ඇරඹි මෙය සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව.10:00ට (IST) විකාශය වේ. නකූල් මෙහ්තා, කුණාල් ජායිසිං සහ ලීනේශ් මටූ විසින් මෙහි ප්‍රධාන චරිත වන ඔබරෝයි පවුලේ ශිවායි, ඕම්කාර සහ රුද්‍ර යන උරුමකරුවන් තිදෙනාගේ චරිත නිරූපණය කරනු ලබයි.[1][2][3][4][5] මෙම වැඩසටහන මගින් මුලින් සොහොයුරන් තිදෙනාගේ කථාව නිරූපණය වුව ද, පසුව එහි තේමාව බවට පත්වූයේ ශිවායි සහ අනිකා (සූර්භි චාන්ද්නා) අතර ඇතිවන ප්‍රේම වෘත්තාන්තයයි; ඕම්කාර සහ රුද්‍රගේ කථාපුවත මෙහි අතුරු කතාමාලාවක් වන දිල් බොලේ ඔබරෝයි සමග සංයුක්ත කොට ඇත.[6][7] 2017 ජූලි මස දිල් බොලේ ඔබරෝයි කතාමාලාව අවසන් වූ අතර, එහි කථාපුවත නැවත ඉෂ්ක්බාස් හා ඒකාබද්ධ කළ අතර, එමගින් එහි ධාවන කාලය දෙගුණ කෙරිණි.[8]

කථාපුවත[සංස්කරණය]

මෙමගින් කියැවෙන්නේ මුම්බායිහි ධනවත් වයාපාරික පවුලක් වන ඔබරෝයි පවුල මුහුණදෙන අභියෝගයන් ය.

පවුලේ මූලිකාවිය වන කල්‍යාණි ඔබරෝයි සිය පුත්‍රයින්, ලේලියන් සහ මුණුපුරන් සමග ඔබරෝයි මන්දිරයේ වාසය කරන්නී ය.

වැඩිමහල් පුත්‍රයා වන තේජ් ජාන්වි සමග විවාහ වී ඇති අතර, ඔවුනට ඕම්කාර, රුද්‍ර සහ ප්‍රියංකා ලෙස දරුවන් තිදෙනකු වේ. තේජ් සිය ලේකම්වරිය වන ස්වෙට්ලානා සමග සම්බන්ධයක් පවත්වයි. මේ නිසා ජාන්වී බීමතට ඇබ්බැහි වේ. ප්‍රතිමා ශිල්පියකු වන ඕම්කාර ස්වෝත්සාහයෙන් දියුණු වූ බිලියනපතියකු වන අතර, ඔහු අතීතයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියෙකි. ඕම්කාර සිය පියාට වෛර කරයි. රුද්‍ර සෙල්ලක්කාර චරිතයකි. හැමදෙනාම "ප්‍රින්කු" ලෙස හඳන්වන ප්‍රියංකා ඉක්මණින බියපත් වන තැනැත්තියකි.

තේජ්ගේ බාල සොහොයුරා වන ශක්ති පිංකි සමග විවාහ වී ඇත. ඔවුනට ශිවායි න්ම පුත්‍රයකු වේ. පවුලේ වැඩිමහල්ම පුත්‍රයා වන ඔහු ඔබරෝයි ව්‍යාපාරයේ ප්‍රමුඛත්වය ගනියි. දැඩි ‍පෞරුෂයක් සහිත ව්‍යාපාරිකයකු වන ශිවායි සිය මාමණ්ඩිය වන තේජ්ටම ගැළපෙන අයෙකි. උඩඟු, මාන්නාධික අයකු වන මොහු පුද්ගලයන් මනින්නේ ඔවුන්ගේ පෙළපත හා සමාජ තත්ත්වය අනුව මිස පෞරුෂත්වය හෝ සේවය අනුව නොවේ. ඔහු ටියා සමග විවාහ වන්නේ ඇගේ ඉහළ සමාජ තත්ත්වය නිසා වන අතර ප්‍රේමය නිසා නොවේ.

තේජ් සහ පින්කි සිය පුත්‍රයින් හට ව්‍යාපාරය උරුම විය යුතු යැයි සිතන අතර, මේ නිසා ඔවුන් අතර ගැටුම් ඇතිවේ. මේ සෑමදෙයකින්ම පසුව පවා ඥාති සොහොයුරන් අතර ඇත්තේ දැඩි බැඳීමකි.

ශිවායිට අනිකා නම් මධ්‍යම පාන්තික තරුණියක මුණගැසෙයි. ඇය සිට හදාගත් සොයුරා වන සාහිල්ට දැඩිව සෙනෙහස දක්වයි. සාහිල්ගේ නැන්දණිය වන සුන්දරී මුදල් පිළිබඳ පමණක් සිතන්නියකි.

ශිවායි සහ අනිකා නිතරම ගැටුම් ඇති කරගන්නේ ඔවුන්ගේ වෙනස් මතයයන් සහ පන්ති හේතුවෙනි. කල්‍යාණි විසින් අනිකාව කැඳවන්නේ ශිවායිගේ විවාහය සැලසුම් කිරීමටයි. එහිදී ද ඔවුන් අතර ගැටුම් ඇතිවන නමුත්, ඒවා නිරාකරණය වේ. තේජ්ගේ සොයුරිය වන රූප සහ අශෝක්ගේ බිරිඳ වන ගායත්‍රි විසින් සිදුකරන කුමන්ත්‍රණවලින් අනිකා පවුල බේරාගනියි.

ශිවායිගේ ළමා වියේ මිතුරා වන දක්ෂ් ද කථාවට පිවිසෙයි. දක්ෂ් තෙවරක්ම අනිකාට විවාහ යෝජනා කරන අතර, තෙවන වර ඇය ඔහුව පිළිගනියි. දක්ෂ් කටයුතු කරන ආකාරය දැක අනිකා යනු වෛශ්‍යාවකැයි ශිවායි සිතයි. පසුව, ශිවායි අනිකාට තමන් සමග විවාහ වන ලෙස බලකරන්නේ ටියා, දුෂ්‍යන්ත් හෙවත් රොබින් සමග පැන යාම නිසායි. විවාහ දින රාත්‍රියේ, ශිවායි සහ අනිකාගේ සත්‍යය හෙළිවේ. පසු දිනයේ, ටියා නැවත පැමිණෙන්නේ තමන්ව පැහැරගත් බවට මුසා පවසමිනි. ශිවායි මාධ්‍ය ඉදිරියේ සිය බිරිඳ ලෙස ටියාව ඉදිරිපත් කරයි.

දක්ෂ් නැවත පැමිණෙයි. ඔහු අනිකාව පැහැරගන්නා නමුත්, ශිවායි ඇයව මුදාගන්නේ සිය වැරදි වැටහීම් දුරු කරගනිමිනි. ශිවායි සහ අනිකා සමීප වන නමුත්, තමන් ගැබිනියක බැව් ටියා පවසයි. තරුණු ඔබරෝයිවරුන් වන ශිවායි, ඕම්කාර, රුද්‍ර සහ අනිකා එම දරුවා ශිවායිගේ නොවන බව සනාථ කිරීමට ප්‍රයත්න දැරුව ද එය අසාර්ථක වන්නේ ස්වෙට්ලානා සහ රොමී එම වාර්තා දෙවරක්ම වෙනස් කරන නිසායි.

පසුව ශිවායි සමග ගැටුමක දී, අනිකා ඇද වැටෙන අතර ඇගේ මතකය අහිමි වේ. නමුත් එය ඔබරෝයිවරුන්ගේ සැලසුමකි. ටියා මියගියේ යැයි සිතා සිටි දුෂ්‍යන්ත් හෙවත් රොබින් නැවත පැමිණෙයි. කපූර්ගේ සත්‍යය හෙළි වේ.

ප්‍රියංකා රන්වීර් සමග විවාහ වීමට සූදානම් වේ. ප්‍රියංකා අතින් සිදුවූ අනතුරකින් ර්නවීර්ගේ සොයුරිය මියගොස් ඇත. උත්සවයක දී, දක්ෂ් ශක්තිගේ හිටපු පෙම්වතිය වන කාමිනී සමග පැමිණෙන්නේ කාමිනීගේ සොහොයුරා ලෙසිනි. මාධ්‍ය සහ පවුල ඉදිරියේ ශිවායි අනිකා සිය බිරිඳ ලෙස පිළිගනියි. රන්වීර් සමග සම්බන්ධය බිඳවැටීමත් සමග ප්‍රයිංකා තරමක් දැඩි වී සිටියි.

පසුව, කාමිනීගේ පුත්‍රයා වූ ශිවායිගේ නිවුන් සොහොයුරා වූ මහී කතාවට පිවිසෙයි. ශිවායිව පැහැරගෙනන අතර, මහීට අවශ්‍ය වන්නේ ඔබරෝයිවරුන් සතු ධනය පැහැරගැනීමටයි. යම් දෙයක් වැරදී ඇති බැව් වටහාගන්නා අනිකා ශිවායි පිළිබඳ සොයාබලයි.

ප්‍රියංකා රන්වීර් සමග විවාහ වන අතර, කාමිනී ඇගේ සියලු දේපළ පැහැර ගනියි‍. රන්වීර් සහ ප්‍රියංකා සමීප වන විට, කාමිනීට අනාරක්ෂිත බවක් දැනෙන අතර ඇය ප්‍රියංකාට උන්මන්තක ස්වභාවයක් ඇති බව පෙන්වීමට ප්‍රයත්න දරයි.

පිංකි අනිකාට හෙළිකරන්නේ ශිවායි යනු ශක්ති සහ කාමිනීගේ අවජාතක පුත්‍රයා බවයි. ඔහු අනිකාට තර්ජනය කරයි. ශිවායිට තමන්ට අප්‍රිය කරවීමට අනිකා ප්‍රයත්න දරන නමුත්, ශිවායි උත්සාහ දරන්නේ ඇයව නැවත විවාහ කරගැනීමටයි. සිය තීරණය රුද්‍ර සහ ඕම්කාරට දැනුම් දෙන අනිකා ඔවුන්ගෙන් පොරොන්දුවක් ලබාගනියි. ටියාගේ උපකාර ඇතිව අනිකා සිය සැලැස්ම සාර්ථක කරගනියි.

මාස තුනකට පසු[සංස්කරණය]

ශිවායි සම්පූර්ණයෙන්ම වෙනස් වී සිටින අතර, ඔහුට රාගිනී මල්හෝත්‍රා නම් මිතුරියක ද වේ. රාගිනීට ශිවායි අවශ්‍ය වන අතර, සිය සොයුරා වන සමර්ගේ උදව් ඇතිව ඇය සීමාව ඉක්මවා කටයුතු කරයි. ශිවායි යථා තත්ත්වයට පත් කරගැනීමට රුද්‍ර සහ ඕම්කාර අනිකාව නැවත ඔබරෝයි මන්දිරය වෙත කැඳවති. අනිකාගේ මංගල සැලසුම්කරු වීමට ශිවායි තීරණය කරයි.

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

ආවර්තී චරිත[සංස්කරණය]

ආරාධිත තරු[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "I will not play a maakhi's boyfriend in a serial:Nakuul Mehta". The Times of India. සම්ප්‍රවේශය 28 June 2016.
  2. "Star Plus' 'Silsila Pyar Ka' and 'Dahleez' to be replaced by new shows". International Business Times. 1 June 2016. සම්ප්‍රවේශය 1 June 2016.
  3. "Nakuul Mehta back on small screen as Shivaay in Ishqbazz". The Times of India. සම්ප්‍රවේශය 6 June 2016.
  4. "Leenesh Mattoo felt shy while flaunting six pack abs". The Indian Express. සම්ප්‍රවේශය 4 June 2016.
  5. "Never though I would be sporting a stubble look onscreen, says Mahesh Thakur". The Indian Express. සම්ප්‍රවේශය 22 June 2016.
  6. "Dil Bole Oberoi is Ishqbaaz's spin-off; 5 TV characters that deserve their own series : My View, News - India Today". India Today. සම්ප්‍රවේශය 14 February 2017.
  7. "The first promo of Dil Bole Oberoi is here and it looks very promising - Times of India". The Times of India. සම්ප්‍රවේශය 27 January 2017.
  8. "Ishqbaaz and Dil Bole Oberoi will be merging, both shows need each other: Producer Gul Khan". Pinkvilla. සම්ප්‍රවේශය 2017-07-09.
  9. "ISHQBAAZ: Shivaay PLANS to get close to Anika!". ABP News. 7 October 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 7 October 2016.
  10. "Surbhi Jyoti's painting bond with Surbhi Chandna". The Times of India. සම්ප්‍රවේශය 12 September 2016.
  11. "Things to get intense with this NEW ENTRY in ISHQBAAZ". ABP News. 28 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 October 2016.
  12. "Vrushika Mehta to enter 'Ishqbaaz'". The Times of India. සම්ප්‍රවේශය 1 July 2016.
  13. "Vrushika Mehta no more a part of Ishqbaaz". The Times of India. සම්ප්‍රවේශය 28 September 2016.
  14. "Ishqbaaz: This new entrant to bring huge twist in Anika and Shivaay's life!". ABP News. 11 July 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 November 2016.
  15. "Ishqbaaz: Karanvir Bohra and Surbhi Jyoti to enter the show". Bollywoodlife. සම්ප්‍රවේශය 12 August 2016.
  16. 16.0 16.1 "Ishqbaaz: Surbhi Jyoti and Surbhi Chandna paint the sets PINK!". Bollywoodlife. සම්ප්‍රවේශය 12 September 2016.
  17. 17.0 17.1 "ISHQBAAZ: 3 new actors set to enter in the show". ABP News. 1 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 October 2016.
  18. "Anika to again create 'troubles' for Shivaay in Ishqbaaaz". Indo American News. සම්ප්‍රවේශය 7 October 2016.
  19. "New Entry: Hiten Meghrajani in Star Plus Ishqbaaaz". Tellychakkar. සම්ප්‍රවේශය 5 October 2016.
  20. Maheshwri, Neha (9 June 2017). "Ankit Raj enters 'Ishqbaaaz' as the new hero". The Times of India. සම්ප්‍රවේශය 29 June 2017.
  21. 21.0 21.1 "Kriti Sanon comes with Ayushmann Khurrana and Rajkummar Rao to promote Bareilly Ki Barfi". Bollywoodlife. සම්ප්‍රවේශය 16 August 2017.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඉෂ්ක්බාස්&oldid=596610" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි