මෙරි ආෂිකි තුම් සේ හි

විකිපීඩියා වෙතින්
මෙරි ආෂිකි තුම් සේ හි
ප්‍රභේදයඉන්දියානු සෝප් ඔපෙරා
නාට්‍ය
තැනුවේබාලාජි ටෙලිෆිල්ම්ස්
රචනය කලේකථාව
සොනාලි ජෆාර්
තිරරචනය
රිතු ගොයෙල්
දෙබස්
ධීරාජ් සර්නා
සහකාර රචකයින්
ප්‍රියාලි සක්සේනා
අරුන්දතී
අධ්‍යක්ෂණය කලේඅනිල් වී. කුමාර්
රිෂි ත්‍යාගි
රඟපෑමශක්ති අරෝරා
රාධිකා මදන්
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන446[1]
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)ඒක්තා කපූර්
ශෝභා කපූර්[2]
ස්ථානය(න්)මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
සිනෙමාරූපණයඅශිෂ් ෂර්මා
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයමිනිත්තු 30
නිෂ්පාදන සමාගමබාලාජි ටෙලිෆිල්ම්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවකලර්ස් ටීවී
රූප ආකෘතිය576i(SDTV)
1080i(HDTV)
මුල් ධාවනය24 ජුනි 2014 (2014-06-24) – 19 පෙබරවාරි 2016 (2016-02-19)[3]
බාහිර සබැඳි
වෙබ් අඩවිය
නිෂ්පාදන වෙබ් අඩවිය

මෙරි ආෂිකි තුම් ‍සේ හි (සිංහල: මා ආදරේ ඔබට පමණයි) යනුවෙන් හැඳින්වෙන්නේ 2014 ජූලි 24 දින විකාශය ඇරඹි ඉන්දියානු සෝප් ඔපෙරාවකි. මෙය සඳුදා සිට සිකුරාදා දක්වා සතියේ සෑම දිනකම ප.ව. 10:00ට කලර්ස් ටීවී නාළිකාව ඔස්සේ විකාශය කෙරිණි. මෙම කතාමාලාව නිෂ්පාදනය කරන ලද්දේ බාලාජි ටෙලිෆිල්ම්ස්හි ඒක්තා කපූර් විසිනි. ශක්ති අරෝරා සහ රාධිකා මදන් විසින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබයි. පොලිමර් ටීවී නාළිකාව ඔස්සේ මෙහි දෙමළ හඬකවන ලද සංසර්කණරය උරවේ උයිරේ ලෙස විකාශය වේ‍. එසේම ඕදියා බසින් මෝ මානා තෝරි පේන් නම්වූ මෙය කලර්ස් ඕදියා නාළිකාවෙන් විකාශය වේ. ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬකැවුණු මෙම කතාමාලාව සදහටම ඔබ මගේ යන නාමයෙන් විකාශය ඇරඹියේ ටීවී දෙරණ නාළිකාව ඔස්සේ ය.[4] මෙහි අවසන් කථාංගය 2016 පෙබරවාරි 19 දින විකාශය විය.[5]

කථාපුවත[සංස්කරණය]

ඉෂානි ධනවත් ව්‍යාපාරිකයකුගේ සුළු දියණියයි. ඉෂානිගේ සුළුපියාගේ පවුලේ සේවකයකු වන රන්වීර්, ඉෂානිට ප්‍රේම කරයි. නමුත් ඔහු ඇගෙන් මිත්‍රත්වයකට වැඩි යමක් බලාපොරොත්තු නොවේ. මේ නිසා ඔහු ඇයව චිරාග් හා මිත්‍ර කරවයි. ඉෂානිගේ සොයුරිය වන දිශා රන්වීර්ව වරදට පොළඹවා ගැනීමට තැත් කළ ද, රන්වීර් ඇයව ප්‍රතික්ෂේප කරයි. මේ නිසා සිය මිත්තණියගේ උපදෙස් පරිදි ඇය රන්වීර් තමන්ට අතවර කළේ යැයි චෝදනා නගයි. ඉන් පසුව, හෙළිවන්නේ රන්වීර් ඉෂානිට පෙම් කරන බවයි. නමුත් ඔහු තමන්ට ආලය කරන්නේ තණ්හාව නිසා යැයි වරදවා වටහාගන්නා ඉෂානි ඔහුට වෛර කරයි. ඔහුව සිරභාරයට පත්වේ.

වර්ෂ දෙකකට පසු, රන්වීර් සිරෙන් නිදහස් වන අතර ඔහු සාර්ථක ධනවත් ව්‍යාපාරිකයකු වන RV බවට පත්වේ. මේ අතර ඉෂානිගේ සුළු පියාගේ මරණින් පසු ඇගේ පවුල මුදල් අතින් දුෂ්කර තත්ත්වයකට පත්ව සිටියි. ඔවුනට වෙන්දේසියට යොමුවී ඇති සිය බංගලාව බේරාගැනීමට ද සටනක නිරත වීමට සිදුවේ. විවාහ දිනයේ චිරාග් ඉෂානිව අත්හැරීමෙන් පසු ඇගේ පවුල නඩුව පරාද වන විට රන්වීර් එම මන්දිරය මිලයට ගනියි. රන්වීර් සමග විවාහ ගිවිසගත් රිතිකාගේ විවාහය ද එදිනටම යෙදී ඇත. රිතිකා තමන් වෙනුවට ඉෂානිව විවාහ කරගන්නා මෙන් රන්වීර්ට පවසයි. විවාහයෙන් පසු ඉෂානි රන්වීර් වෙත ළං වන අතර, රන්වීර් ඇයව සතුටින් තබන්නට උත්සාහ ගනියි. අවාසනාවට, චිරාග් යළි පැමිණ විවාහක යුවළ අතර වැරදි වැටහීම් ඇති කරවයි. නමුත් පසුව ඉෂානි රන්වීර්ගේ ප්‍රේමය නැවත දිනාගන්නට සමත් වෙයි. රිතිකා සහ ඉෂානිගේ මස්සිනා වන ෂාමන් අතර විවාහය තීන්දු වේ. නමුත් රිතිකාගේ පියාගේ මරණයත් සමග ෂාමන් විවාහය අවලංගු කරන්නේ රිතිකා ගැබිනියක වීම නිසාවෙනි. හුදකලා පෙදෙසක චිරාග් සහ රන්වීර් අතර සටනක් ඇතිවෙයි. ඉෂානි එතැනට පැමිණෙන විට චිරා‍ග්ගේ නිසල දේහය රන්වීර්ගේ දෙපාමුළ තිබෙනු ඉෂානි දකියි. මිනීමරුවා රන්වීර් යැයි සිතන ඉෂානි එහි වරද තමන් හට පවරා ගනියි. ඇයව සිරභාරයට ගැනෙන අතර, මරණ දඬුවම නියම වේ.

මාස හයකට පසු, ඉෂානි මියගොස් ඇති බවට සැවොම විශ්වාස කරති. නමුත් රිතිකා සහ රන්වීර්ගේ මිතුරා වන නීතිඥ ෂිඛර් මෙහ්රා ඉෂානිගේ දිවි බේරයි. රිතිකා රන්වීර්ගේ භාර්යාව ලෙස වඝේලා පවුලේ දිවිගෙවයි. ඉෂානි තමන්ට පෙම් කරන ෂිඛර් සමග ජීවත් වේ. මඳ කලෙකින්, ඉෂානි ජීවත්ව සිටින බව සැවොම දැනගනිති. රන්වීර් ෂිඛර්හට පවසන්නේ ඉෂානි සිය භාර්යාව බවයි. නමුත් ඉෂානි ෂිඛර්ට පවසන්නේ තමන් රන්වීර්ව හැර ආ බවයි. ඇය තවමත් රන්වීර්ට පෙම්කළත්, රිතිකාගේ දරුවාගේ පියා රන්වීර් යැයි විශ්වාස කරන හෙයින්, රන්වීර් තමන් වෙත පැමිණීම වැළැක්වීමට ඇය ෂිඛර් සමග විවාහ වීමට තීරණය කරයි. රන්වීර් ෂිඛර්හට ඉෂානි සමග විවාහ නොවන ලෙස පවසන්නේ ඇය වෛශ්‍යාවකැයි සිතමිනි. නමුත් ඉෂානි මෙම විවාහයට සැබෑ හේතුව ෂිඛර්ට සැලකරයි. මේ අතර ඉෂානිගේ මව වන ෆල්ගුනි මියයන අතර, එම නිසා ඇගේ පවුල ෂිඛර්ගේ නිවසට පැමිණෙයි. එහිදී හෙළිවන්නේ රිතිකාගේ දරුවාගේ පියා ෂාමන් නොව චිරාග් වන බවයි. රිතිකා විසින් චිරාග්ව මරාදමා ඇත්තේ ඔහු ඇයව විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කොට දරුවාට ඔහුගේ නාමය ලබා දීමට අකමැති වූ හෙයිනි. මේ බව ඉෂානි දැනගනියි. රිතිකාගේ සත්‍යය හෙළිකිරීමේ අරමුණින් ඇය වඝේලා පවුල වෙතට පැමිණෙන්නේ ඇගේ මතකය නැතිව ගොස් ඇති බව අඟවමිනි. රිතිකා සහ රන්වීර්ගේ විවාහය අවලංගු කිරීමට සිදුවන්නේ ෂිඛර් විසින්, රන්වීර්ගේ සහ ඉෂානිගේ විවාහය තවමත් කටුගා නොමැති බව පැවසීම නිසායි. පොරොන්දු වූ පරිදි ෂිඛර් වෙත නොයන ඉෂානි සිය විවාහ දිවිය ගතකරයි. රිතිකා ඉෂානිව ඝාතනය කරවීමට ඝාතකයකු යොදවයි. නමුත් අනතුරකින් ඉෂානි වෙනුවට රිතිකාම ඝාතකයාගේ වෙඩිපහරට ලක්වීමෙන් ඇගේ දරුගැබ ගබ්සා වේ. ඇය තමන්ව මරාදැමීමට තැත් කළ බව පවසමින් ඉෂානිව හසු කරන්නට උත්සාහ දරයි. නමුත් ඉෂානිව ඝාතනයට තැත් කිරී‍ම වෙනුවෙන් ඉෂානිගේ ඥාති සොහොයුරා වන දේවාර්ශ් හසු වේ. රන්වීර් හැඟීම්බර අයුරින් ඉෂානිව දික්කසාද කරන්නේ රිතිකාව විවාහ කරගනු පිණිසයි. රන්වීර් රිතිකා සමග විවාහ වේ. නමුත් අවසානයේ, රිතිකාගේ සත්‍යය ඔහු විසින්ම අනාවරණය කරගැනීමත් සමග ඉෂානි පිළිබඳ විශ්වාසය යළි ගොඩනැගේ. රිතිකා ද්විත්ව ඝාතනයක් වෙනුවෙන් සිරභාරයට පත්වේ. චිරාග් මෙන්ම ෆල්ගුනිව ද ඝාතනය කර තිබුණේ ඇය විසිනි. රන්වීර් වෙත යාම පිණිස ඉෂානි ෂිඛර් හැර යයි. නමුත් ඔවුන්ගේ දික්කසාදය තවමත් පවතියි.

තවත් මාස හයකට පසු රන්වීර් සහ ඉෂානි විවාහ වේ. නමුත් වසර ගණනාවක සිට නොදැන සිටි තිබූ රන්වීර්ගේ නිවුන් සොයුරා වන මිලන් යළි පැමිණෙන්නේ සිය පවුලෙන් පලිගැනීමටයි. මිලන්ගේ දෙමව්පියන් ඔහුව කුඩාකල ධනවත් පවුලකට අලෙවි කොට තිබුණේ රන්වීර්ගේ රෝගය සුවකරගැනීමටයි. චිරාග්ගේ සොයුරිය වන නිමිෂා මිලන් පිළිබඳ හෙළිකරන්නට උත්සාහ ගනියි. නමුත් සියදිවි හානි කරගැනීමට පෙර මිලන්, නිමිෂා සහ ෂාමන්ව මරාදමන්නේ එම වරදට රන්වීර්ව හසු කරමිනි.

මාස හයකට පසු, ඉෂානි රිතිකාගේ මිතුරකු වන නිර්භයි සිං අහ්ලාවත් සමග ව්‍යාජ විවාහයක් අරඹයි. නිර්භයි හර්යානාහි සාර්ථක ව්‍යාපාරිකයෙකි. නිර්භයි රන්වීර්ට වෛර කරන්නේ ඔහුගේ පළමු භාර්යාව ඔහු විසින් මරාදැමූයේ යැයි සිතමිනි. ඔහු ඉෂානිට ද බැනවදියි. රන්වීර් නිර්භයිගේ සොයුරිය වන නෛනා සමග විවාහ ගිවිස ගනියි. නමුත් නිර්භායිගේ නිවසේ ප්‍රේමාලිගංනයේ යෙදෙමින් සිටිය දී ඉෂානි සහ රන්වීර් හසුවේ. අනතුරුව නිර්භයිගේ වැරදි වැටහීම නැතිව යන අතර, ඔහු ඉෂානි සහ රන්වීර්ව යළි එකතු කරයි.

චරිත නිරූපණය[සංස්කරණය]

  • ශක්ති අරෝරා, රන්වීර් කෛලාශ් වඝේලා / RV, සහ මිලන් කෛලාශ් වඝේලා ලෙස[6][7][8]
  • රාධිකා මදන්, ඉෂානි හර්ෂද් පරේඛ් / ඉෂානි නිර්භයි සිං අහ්ලාවත් / ඉෂානි රන්වීර් වඝේලා ලෙස[9][10][11]
  • ස්මෘති ඛන්නා, රිතිකා සංජීව් සාවේරි / රිතිකා රන්වීර් වඝේලා ලෙස; ෂාමන්ගේ හිටපු විවාහ ගිවසගත් තැනැත්තියයි. චිරාග්ගේ හිටපු පෙම්වතියයි. රන්වීර්ගේ හිටපු භාර්යාවයි.[12]
  • අර්ජුන් බිජ්පානි, ෂිඛර් රාජ් නාරායන් මෙහ්රා ලෙස; ඉෂානිගේ හිටපු විවාහ ගිවිස ගත් තැනැත්තායි.[13][14]
  • මෝහිත් ඒබ්‍රල්, නිර්භයි සිං ආහ්ලාවත් ලෙස; ඉෂානිගේ හිටපු සැමියායි.‍[15]
  • රාව්ජීත් සිං, චිරාග් කේතන් මෙහ්තා ලෙස; ඉෂානිගේ හිටපු ආදරවන්තයායි. රිතිකාගේ හිටපු පෙම්වතායි.[16][17]
  • අකාන්ක්ෂා ජුනේජා, නෛනා ලෙස; රන්වීර්ගේ හිටපු විවාහ ගිවිසගත් තැනැත්තියයි.
  • ෂහාබ් ඛාන්, කෛලාශ් වඝේලා ලෙස
  • උත්කර්ෂා නායික්, අම්බා කෛලාශ් වඝේලා ලෙස
  • හාර්දික් තක්කාර්, ප්‍රතීක් පරේඛ් ලෙස
  • දීප් ජායිතේලි, උත්තම් ලෙස
  • පරුල් චෞහාන්, ආර්ති ලෙස[18]
  • ඩොලී සෝහි, රාජේශ්වරී ලෙස
  • ගෞරව් සරෝදේ, ශිවම් ලෙස
  • [‍[ගෞතම් ගුප්තා]], ෂාමන් මිතේශ් පරේඛ් ලෙස; රිතිකාගේ හිටපු ආදරවන්තයායි. නිමිෂාගේ පෙම්වතායි.
  • ගෞරි ප්‍රධාන් තේජ්වානි, ෆල්ගුනි හර්ෂද් පරේඛ් ලෙස[19][20]
  • පෘථිවි සංඛාලා, හර්ෂද් ගෝවර්ධන්දාස් ‍පරේඛ් ලෙස
  • හිතෙන් තේජ්වානි, නිතින් ජෝෂි ලෙස[21][22]
  • මලීකා ආර්. ඝායි, මාධවී පරේඛ් ලෙස
  • අපර්ණා ඩික්සිත්, ගෞරි වඝේලා ලෙස[23]
  • සරිටා ‍ජෝෂි, හංසා ගෝවර්ධන්දාස් පරේඛ් ලෙස[24]
  • අන්මොල් පර්නාමි, දේවාර්ශ් මිතේශ් පරේඛ් ලෙස
  • පූනම් පාණ්ඩේ, ක්‍රිෂ්ණා දේවාර්ශ් පරේඛ් ලෙස
  • නිතින් වඛාරියා, මිතේශ් ගෝවර්ධන්දාස් පරේඛ් ලෙස
  • මනීෂා කනෝජියා/රෝමා නවානි, චෛතාලි මිතේශ් පරේඛ් ලෙස[25]
  • මිහිර් රායිදා, මනහර් පරේඛ් ලෙස
  • අමිතා චොක්සි, විශාකා පරේඛ් ලෙස
  • අනාස් ඛාන්, මනස් ෂා ලෙස
  • ටිෂා කපූර්, දිශා මනාස් ෂා; රිෂිගේ හිටපු පෙම්වතියයි.
  • ? කේතන් මෙහ්තා ලෙස
  • හේතල් යාදව්, ශ්වේතා කේතන් මෙහ්තා ලෙස[26]
  • පල්ලවි රාඕ, ලක්ෂ්මි ලෙස
  • උර්මිලා නිම්බල්කාර්/චාරු මෙහ්රා, පරුල් ලෙස[27]
  • දීපක් දත්තා, රාජ් නාරායන් මෙහ්රා ලෙස
  • ස්වීට්ලි වාලියා, ෂිඛර්ගේ නැන්දණිය ලෙස
  • දීපාලි කමත්, කාංචන් රාජ් නාරායන් මෙහ්රා ලෙස
  • සුප්‍රියා ශෛලාජා, නිමිෂා කේතන් මෙහ්රා ලෙස
  • මොහ්සින් ඛාන්, රෞමිල් ලෙස[28]
  • සාරා ඛාන්, රුචිකා ලෙස
  • නොහඳුනන අයෙක්, ෂෙනෙලා ලෙස
  • සංජේ ගාන්ධි, සංජීව් සාවේරි ලෙස
  • ගිරිරාජ් කබ්රා, රිෂි ව්‍යාස් ලෙස; දිශාගේ හිටපු පෙම්වතායි.[29]
  • කුනාල් භාටියා, මිතාලි නාග් ලෙස[30]
  • අභේ භාර්ගව, අධිනීතීඥ එම්. එෆ්. පුරෝහිත් ලෙස
  • ප්‍රිංකා සිදානා, ගරිමා ලෙස
  • සාහිල් මිග්ලානි, භාවේශ් ලෙස
  • රෝස් සර්දානා, ෂනායා ලෙස
  • ඉම්රාන් හස්නී, රාවල් ලෙස
  • නීල් මොත්වානි, ප්‍රාණව් ලෙස
  • අමිත් ටන්ඩන්, රජත් ලෙස[31]

ආරාධිත නිරූපණයන්[සංස්කරණය]

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Meri Aashiqui Tum Se Hi episodes". මෙරි ආෂිකි තුම් සේ හි. 14 නොවැම්බර් 2014. සම්ප්‍රවේශය 15 නොවැම්බර් 2014.
  2. "Ekta Kapoor: If viewers feel the pain, it will be an ultimate win for us". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  3. "Why 'Meri Aashiqui Tumse Hi' had to wrap up". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  4. http://www.derana.lk/Sadahatama-Oba-Mage&vid=16056&page=1
  5. "'Meri Aashiqui Tum Se Hi' wraps up shoot; fans brace for a dramatic ending". International Business Times India. 6 පෙබරවාරි 2016. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2016.
  6. "Shakti faces the pressure of playing a double role". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  7. "Shakti Arora performs his most daredevil stunt". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  8. "Shakti Arora likes playing complex characters". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  9. "Radhika Madan: I have slapped all my male co- stars". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  10. සලෝනි භාටියා (6 අප්‍රේල් 2015). "Radhika Madan: Delhi people still go 'OMG' when they see an actor". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  11. "Meri Aashiqui Tum Se Hi: Radhika Madan takes Gujarati lessons on the sets". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  12. "Meri Aashiqui Tum Se Hi: Smriti Khanna in a love triangle in the TV show". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  13. "Arjun Bijlani opposite Ishani in Meri Aashiqui". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  14. "Arjun Bijlani back to TV shows after a year". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  15. "Mohit Abrol is the new hero opposite Ishani in 'Meri Aashiqui Tum Se Hi'". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  16. "Meri Aashiqui's Chirag joins Zee TV's 'Pethawala'". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  17. "Ravjeet Singh a part of 'Meri Aashiqui Tum Se Hi'". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  18. "Parul Chauhan returns to fiction with Colors' Meri Aashiqui Tum Se Hi". tellychakkar.com. සම්ප්‍රවේශය 7 දෙසැම්බර් 2015.
  19. "Gauri Pradhan quits 'Meri Aashiqui Tum Se Hi'". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  20. "Gauri plays overtly practical woman in 'Meri Aashiqui...': Ekta". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  21. "Hiten Tejwani to do an item number!". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  22. "Hiten Tejwani: Acting with one's wife even more exciting". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  23. "Ankita Lokhande's sister bags Paridhi's role in Ekta's show". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  24. "Mother and daughter to compete as 'baa' on TV". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  25. "After Gauri, Manisha to return to TV with Ekta Kapoor's Meri Aashiqui Tum Se Hi". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  26. "Meri Aashiqui Tum Se Hi: Uttaran actress bags Ekta Kapoor's show". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  27. "RV's cousin replaced in Meri Aashiqui Tum Se Hi". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  28. "Arjun Bijlani back to TV shows after a year". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  29. "Giriraj Kabra enters Meri Aashiqui Tum Se Hi". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  30. "Meri Aashiqui Tum Se Hi: The mystery man who shoots RV is Kunal Bhatia!". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.
  31. "In & Out: TV celebs onboard, quit or kicked out". The Times of India. සම්ප්‍රවේශය 7 අප්‍රේල් 2016.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මෙරි_ආෂිකි_තුම්_සේ_හි&oldid=409928" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි