නාම්කරණ්

විකිපීඩියා වෙතින්
නාම්කරණ්
ප්‍රභේදය
තැනුවේධවල් ඇන්ඩ් ගුරුදේව් ප්‍රොඩක්ෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්
මත පදනම්වසාඛ්ම්
රචනය කලේසන්ජේ කුමාර්
ශිප්‍රා අරෝරා
අධ්‍යක්ෂණය කලේමහේෂ් භාට්
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු)ඉෂිකා පරම්ජීත් සහානි
රඟපෑම
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)
කථාවාර සංඛ්‍යාව1
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)
  • ගුරූදේව් භල්ලා
  • ධවල් ගාඩා
සංස්කාරක(යන්)ශුහාස් සුධිර්
ධාවන කාලයමිනිත්තු 21
නිෂ්පාදන සමාගමධවල් ඇන්ඩ් ගුරුදේව් ප්‍රොඩක්ෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ්
ප්‍රචාරණය
මුල් නාලිකාවස්ටාර් ප්ලස්
රූප ආකෘතිය
මුල් ධාවනය12 සැප්තැම්බර් 2016 (2016-09-12) – වර්තමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය

නාම්කරණ් (සිංහල: නාමකරණය) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු හින්දි ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. 2016 සැප්තැම්බර් 12වන දින විකාශය ඇරඹි මෙම කතාමාලාව මේ වන විට ඉන්දියාවේ ස්ටාර් ප්ලස් රූපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය කෙරෙමින් පවතියි. සඳුදා සිට සෙනසුරාදා දක්වා ඉන්දියානු සම්මත වේලාවෙන් ප.ව. 9:00ට මෙම කතාමාලාව විකාශය වේ. මේ සඳහා පාදක වී ඇත්තේ මහේෂ් භාට්ගේ ජීවන කථාව ඇසුරෙන් නිමවූ 1998 චිත්‍රපටයක් වූ සාඛ්ම් චිත්‍රපටයයි.[1][2]

කථා පුවත[සංස්කරණය]

මෙම කථාව ආව්නි නැමැති නීත්‍යානුකූල නොවන දැරියකගේ කථාවයි. ඇගේ පියා වන අශිෂ් සහ මව වන ආශා/අයේෂා විවාහ වී නොමැති මුත්, ඔවුන් සැමියා සහ බිරිඳ ලෙස සලකති. විවාහ වී නොමැති මුත්, සමාජයේ ප්‍රශ්නවලින් බේරීම සඳහා ආශා සිය න‍ළලේ සින්දූර් තවරන්නී ය. ආශා සහ අශිෂ් තවමත් එකට ජීවත් වුවත්, මේ පිළිබඳ සෙසු ලෝකයා නොදනී. විශේෂයෙන්ම අශිෂ්ගේ පවුලේ සාමාජිකයන් සහ මව ද මේ පිළිබඳ නොදනී. කෙසේනමුත්, ඇගේ පියාගේ නොපැමිණීම හේතුවෙන් පුංචි ආව්නිට සෙස්සන්ගේ උසුළු විසුළුවලට ලක් වන්නට සිදු වේ. ඇයට අවශ්‍ය වන්නේ සිය පවුල 'සාමාන්‍ය' පවුලක් වනු දැකීමටයි. නමුත්, ඇගේ පියාට නිතරම නිවසින් පිට රැඳී සිටීමට සිදු වන්නේ, ඇගේ මිත්තණිය වන දයාවන්කි ඇගේ පුත්‍රයාට තවත් පවුලක් සිටින බව නොදත් නිසායි. අශිෂ් මේ පිළිබඳ මුහුණලා හෙළි කිරීමට බිය වන හෙයින්, දයාවන්ති ඊමේල් පණිවිඩයක් මාර්ගයෙන් සිය පුත්‍රයා සහ අයේෂාගේ සම්බන්ධය පිළිබඳ දැන ගනියි. නමුත් මේ වන විටත් දයාවන්ති සිය පුත්‍රයාව සිය මිතුරකු වූ හේමන්ත්ගේ දියණිය වන නීලාට විවාහ කරදෙන බවට වචනයක් ලබා දී තිබිණි. නීලා ද රහසේම අශිෂ්ට ප්‍රිය කරන අතර, පසුකලෙක ඇය දුරකථනයෙන් ඔහුට මේ පිළිබඳ හෙළි කරයි. කෙසේනමුත් පසුව හේමන්ත් (භායි) හට මොළයේ ගෙඩියක් හට ගෙන ඇති බව දැන ගැනීමෙන් පසුව සිය වචනය ඉල්ලා අස් කර ගැනීමට නොහැකි වන දයාවන්ති අශිෂ්හට නීලා සමග විවාහ ගිවිස ගන්නා ලස බල කරයි. එපමණක් නොව පසුගිය කාලයේ මුස්ලිම්වරුන් පිරිසක් විසින් සිය පැරණි නිවස ගිනිබත් කොට විනාශ කළ හෙයින්, දයාවන්ති මුස්ලිම්වරුන් කෙරෙහි පිළිකුලක් දක්වයි. එසේම අයේෂා යනු මුස්ලිම් කාන්තාවක බැවින් ඇය, අයේෂාව සිය ලේලිය ලෙස පිළිගැනීමට මැලි වෙයි. අශිෂ්ට අවශය වන්නේ සිය මවගේ ආශිර්වාදය ඇතිව විවාහය සිදු කර ගැනීමටයි. ඔහු පසුගිය වසර 11 පුරාවටම අවිවාහකව සිටියේ ද මේ නිසායි. සිය මව දිගින් දිගටම ආශා සහ අව්නිට අපහාස සිදු කිරීම හේතුවෙන් කෝපයට පත් වන අශිෂ් නිවසෙන් පිට වී ආශා සහ අව්නි සමග ජීවත් වීමට තීරණය කරයි. සිය පවුල නැවත 'සාමාන්‍ය' පවුලක් බවට පත් වීම පිළිබඳ අව්නි දැඩි සතුටකින් පසු වෙයි. අශිෂ් පෞද්ගලික කාර්යයක නියුතුව සිටින විට ඔහුට නීලාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙයි. මෙයට ප්‍රතිචාර දක්වන්නේ අව්නියි. නීලා සමග කුඩා සංවාදයකින් පසු නීලා සහ අශිෂ් විවාහ ගිවිසගෙන ඇති බව අව්නිට දැන ගන්නට ලැබෙයි. මෙය වැරදි අංකයක් බව පවසන ඇය දුරකථනය තබයි. මේ අතර නිවාස සංකීර්ණයේ ටියා සහ ඇගේ මව සිය ව්‍යාජ දියණියට අඬ ගසයි. අශිෂ්, ආශාව විවාහ කරගැනීමට තීරණය කරයි.

චරිත නිරූපණය[සංස්කරණය]

ශබ්දපථය[සංස්කරණය]

පථය # තේමාව ගායක(යන්) ගීත රචකයා සංගීත නිර්මාණ ශිල්පී(න්)
1 "නාම්කරණ් තේමා පථය" ශ්‍රේයා ඝෝෂාල් ප්‍රභේදය කෞසර් මුනිර් අනු මලික්
2 "නාම්කරණ් තේමා පථය" මොනාලි තාකුර් ප්‍රභේදය කෞසර් මුනිර් අනු මලික්
3 "ආජ් ජානේ කි සිද්" අර්ජිත් සිං ඊ. එම්. අයි. පාකිස්ථාන් පුන්සුර්ජන් ආර්යන්
4 "ආ ලෙකේ චාලු තුජ්කෝ" පාලක් මුච්ඡාල්, ස්නේහා ෂංකර් වි‍ජයි විජාවාත් ජීත් ගංගුලි
5 "චාල් මෙරි ජාන්" ආර්යන් ආර්යන් ආර්යන්
6 "චාල් මෙරි ජාන්" ඉවත් කළ සංස්කරණය පාලක් මුච්ඡාල් ආර්යන් ආර්යන්
7 "ධාල් ගයා චාන්ද්"... අශෝ ඝෝසාලා කතිල් ෂුෆායියේ ආර්යන්
8 "ධූප් කා ඒක් තුක්ඩා" අනුරාධ පෞඩ්වාල්, කුමාර් සානු විජයි විජාවාත් සමිධ්

මේවාත් බලන්න[සංස්කරණය]

මහේෂ් භාට්‍ගේ විශේෂ් ෆිල්ම්ස් ඊළඟ නිෂ්පාදිත හින්දි චිත්‍රපටය බෙගම් ජාන්.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "විරාෆ් පටෙල් ඇන්ඩ් බර්ඛා බිෂ්ත් ටු ස්ටාර් ඉන් මහේෂ් භාට්'ස් ෂෝ 'නාම්කරණ්'". මිඩ් ඩේ. 28 ජූලි 2016. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2016.
  2. සංරක්ෂිත පිටපත, http://www.justbollywood.in/namkaran/, ප්‍රතිෂ්ඨාපනය 2016-11-30 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නාම්කරණ්&oldid=592396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි