මේරි දුර්ගා

විකිපීඩියා වෙතින්
මේරි දුර්ගා
මේරි දුර්ගා තේමා පාඨය
ප්‍රභේදයසෝප් ඔපෙරා
නාට්‍ය
තැනුවේපේපර්බැක් ෆිල්ම්ස්
රචනය කලේපංඛූරි ජයින්
ලක්ෂ්මී ජයකුමාර්
රඝුවීර් ශෙඛාවත්
අධ්‍යක්ෂණය කලේරවීන්ද්‍ර ගෞතම්
භූපේෂ් කුමාර්
රඟපෑමවිකී අහූජා
ශ්‍රීෂ්ති ‍ජයින්
අනන්‍යා අගර්වාල්
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන203
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)
ස්ථානය(න්)හර්යානා
මුම්බායි
නිෂ්පාදන සමාගමපේපර්බැක් ෆිල්ම්ස්
ප්‍රචාරණය
මුල් නාලිකාවස්ටාර් ප්ලස්
මුල් ධාවනය26 ජනවාරි 2017 (2017-01-26) – වර්තමානය
බාහිර සබැඳි
[1]

මේරි දුර්ගා යනු ස්ටාර් ප්ලස් නාළිකාව ඔස්සේ විකාශය වන නිෂ්පාදකවරයකු බවට පත් අධ්‍යක්ෂක රවීන්ද්‍ර ගෞතම් සහ නිෂ්පාදක ප්‍රදීප් කුමාර් විසින් සිය “පේපර්බැක් ෆිල්ම්ස්” සන්නාමය යටතේ නිර්මාණය කරන ලද ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි. මෙම කතාමාලාව විකාශය ඇරඹූයේ 2017 ජනවාරි 26 දින ය.[1][2][3]

කථාපුවත[සංස්කරණය]

මෙම කථාව ගලායන්නේ ධාවන ශිල්පිනියක වීමට සිහින මවන දැරියකගේ (දුර්ගා) අත්දැකීම් ඔස්සේ ය. මෙමගින් පියකු සහ දියණියකගේ අලංකාර සහ සංවේදී සම්බන්ධතාව නිරූපණය වේ. ජීවිතයේ සැබෑ අත්දැකීම් ඉස්මතු කරමින් යෂ්පාල් චෞධරි (පියා) හර්යානාහි පාසලක ලිපිකරුවකු ලෙස සේවය කරයි. ඔහුගේ එකම සිහිනය වන්නේ සිය දියණිය වන දුර්ගාගේ අනාගතය උදෙසා ඇයට අධ්‍යාපනය ලබා දීමයි. කැපවී ඉගෙනුම ලැබුව ද, දුර්ගාට යෂ්පාල්ගේ අරමුණු වෙත ළඟා විය නොහැකි වේ. සිය අනෙකුත් ඥාතීන් මෙන් නොව පාසල් ලිපිකරුවකු වන යෂ්පාල් පිරිමි දරුවකු වුව ද, ගැහැනු දරුවකු වුව ද අධ්‍යාපනයෙන් ඉදිරියට යා යුතු බවට ප්‍රගතීශීලී මත දරන්නෙකි. අනෙක් අතින්, 12 වියැති ක්‍රියාශීලී දැරියක වන දුර්ගා හර්යානාවේ සැමතැනම සැරිසරයි. සරුංගල් පසුපස දිවීම, අඹ ගස් මතට නැගීම සහ ගංගාවේ පිහිනීමට ඇය ප්‍රිය කරයි. ළමාවියේ සොඳුරු බව අත්වින්ද ද, දුර්ගාට සිය පියාගේ අපේක්ෂා සැබෑ කළ නොහැකි වේ. ඇයට ගණනය කිරීම් නොවැටහෙන අතර, අකුරු සහ ඉලක්කම් අතර ඇය අතරමං වේ. අනතුරුව කථාව වසර කිහිපයක් ඉදිරියට දිව යයි.

වසර 5ක ඉදිරිය[සංස්කරණය]

වසර 5කට පසු, දුර්ගා වැඩී සිටින අතර, සිය පවුල රැක බලාගැනීම මෙන්ම සිය සිහින ඉටු කරගැනීමේ ද වගකීම ඇයට පැවරී ඇත. ඇයට සිය සිහින ඉටු කරගැනීමට අවැසි ය. පසුව ඇයට සංජේ ප්‍රින්ස් හෙවත් එස්පී නම් ඇගේ පාසල් වියේ මිතුරාව හමුවේ.

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන[සංස්කරණය]

ප්‍රතිවර්තී චරිත[සංස්කරණය]

හිටපු චරිත[සංස්කරණය]

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මේරි_දුර්ගා&oldid=593010" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි