එස්‌. මහින්ද හිමි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පූජ්‍ය එස්. මහින්ද හිමි
Venerable Tibet Sikkim Mahinda Thera (c.1901-1951).jpg
උපත පෙම්පා ටෙන්ඩුපි සර්කි චෙරින්
1901
ගංටොක්, සිකිම්
මරණය 1951 මාර්තු 16 දින
ලංකාවේ, පානදුරේ, මහ බෙල්ලන
නිවහන ලංකාව
අනෙකුත් නම් සිකිම් මහින්ද හිමි,
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
වාර්ගිකත්වය සිකිමියානු
අධ්‍යාපනය විද්‍යෝදය පිරිවෙන, මරදාන
ප්‍රසිද්ධ වන්නේ කවියා,
ගත් කතු වර,
ශ්‍රී ලාංකික නිදහස් ව්‍යාපාරය
සැලකිය යුතු කෘති(න්) නිදහසේ දැහැන,
නිදහසේ මන්ත්‍රය,
ලංකා මාතා,
ජාතික තොටිල්ල,
අද ලක් මාතාවගේ පුතු,
නිදහස,
විදේශිකයෙකුගෙන් ලක් මවට නමස්කාරයක්,
සිංහල ජාතිය
ආගම බෞද්ධ

එස්. මහින්ද හිමි හෝ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි ලෙසින් සාමාන්‍යයෙන් හැඳින්වෙන, සිකිම් මහින්ද හිමි යනු, සිකිම් රාජ්‍යයේ උපත ලබා බ්‍රිතාන්‍ය ලංකාවට සංක්‍රමණය වී මහණවූ බෞද්ධ භික්ෂුවකි. උන්වහන්සේ, කවියෙකු සහ ගත් කතු වරයෙකු වන අතර, සිංහල ජාතික වයාපාරයට සම්බන්ධ වී කටයුතු කර ඇත. උන්වහන්සේ පැමිණ ඇත්තේ සිකිම් වෙතින් වුවද, තමන් ටිබෙට් ජාතික යැයි එතුමන් විසින් පවසන්නට ඇත්තේ, බොහෝ විට ලංකාවේ ටිබෙටය බෙහෙවින් ජනප්‍රියව පැවති නිසා වන්නට ඇත.

තරුණ වියෙහි ලංකාවට (වර්තමානයෙහි ශ්‍රී ලංකාව) පැමිණි මහින්ද හිමි බෞද්ධ භික්ෂුවක් ලෙසින් පැවිදි බව ලැබීය. සිංහල භාෂාව ඉගෙනගත් උන්වහන්සේ, කවියෙකු වී, ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කරන මෙන් ලාංකිකයන් පොළඹවමින්, ස්වදේශාලය ඔවුන් සිත් වල කාවද්දමින් සාහිත්‍ය කෘතීන් කිහිපයක් බිහි කලේය. උන්වහන්සේ වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ ජාතික වීරයෙක් ලෙසින් සැලකෙයි.

මුල් දිවිය[සංස්කරණය කරන්න]

මධ්‍යම ආසියාවේ හිමාලය කඳුවැටියේ සීකිම් (SIKKIM) දේශයට උතුරු සීමාවේ ටිබෙටය නම් බෞද්ධ දේශයේ 1901 ජන්ම ලාභය ලද මහින්ද හිමියන්ට දෙමාපියන් විසින් එස්‌. කේ. තෂිනම්ගසල් ලෙස නම් තබන ලදී. එතුමාගේ පවුල ජීවත්වූයේ සිකිම් හී අගනුවර වන ගංටොක් නුවරය . කුඩා අවධියේම දෙමාපියන් අහිමි වූ තෂිනම්ගසල්ට සොහොයුරන් තිදෙනකු වූ බවට තොරතුරු හමු වේ. ඒ අතර තුන්වන සොයුරු සීකිම් පුණ්‌නජි හිමි නමින් පැවිදිව සිටි අතර කුඩා තෂිනම්ගසල් හට රැකවරණ සැපයූයේ උන්වහන්සේය. වැඩිමල් සොහොයුරා කල්කටා විශ්වවිද්‍යාලයෙහි ටිබෙට්‌ භාෂාව පිළිබඳව කථිකාචාර්යවරයකු ලෙස කීර්තිමත් සේවයක්‌ කළ අයෙකි. දෙවැනි සොයුරා ටිබෙට්‌ රජුගේ අගමැති ලෙස රාජ්‍ය පාලනයට සම්බන්ධ වී තිබේ.

සීකිම් පූණ්‌නජි හිමිගේ මිත්‍රයෙකු වූ ජර්මන් ජාතික ඥනාතිලෝක හිමිගේ අවශ්‍යතාව මත සීකිම් පූණ්‌නජි හිමියන්ට ද ලංකාවට වැඩම කිරීමට සිදුවිය. එසේ සීකිම් පුණ්‌නජි හිමියන් හා ජර්මන් ජාතික ඥනාතිලෝක හිමියන් සමගින් කුඩා තෂිනම්ගසල්ට ද ලංකාවට පැමිණීමට සිදුවිය. ඒ 1912 වර්ෂයේය. කුඩා තෂිනම්ගසල් ලංකාවට පැමිණීම සිදුවූයේ ඒ අයුරිනි. දොඩම්දූවේ පොල්ගස්‌දූව ආරාමය මෙම තිදෙනාගේම වාසස්‌ථානය විය. පසුව අධ්‍යාපනය ලැබීමට පුණ්‌නජි හිමියන් සමගින් මරදාන මාලිගාකන්ද විෙද්‍යාදය පිරිවෙනට ගිය තෂිනම්ගසල් එහිදී සිංහල, පාලි, සංස්‌කෘත ආදි භාෂාද බුදුදහම හා නක්‍ෂත්‍රය වැනි විෂයන් ද ඉගෙන ගත්තේය. පසුව දොඩංදූව ශෛලබිම්බාරාමයේදී තෂිනම්ගසල් පැවිදි භාවයට පත්වන්නේ ටිබෙට්‌ එස්‌. මහින්ද හිමි නමිනි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් රත්ගම සිරි චූලසුමන හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස උන්වහන්සේ එදා පැවිදිව දොඩංදූවේ වාසය කරන අතර තම සද්ධිවිහාරික දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ඇසුරින් තම සහජ කවිත්වය ඔප්නංවා ගත්තේය. ටිබෙට්‌ එස්‌. මහින්ද හිමියන් මහා කවියකු බවට පත්කරන ලද්දේ දොඩංදූවේ ජිනරතන හිමියන්ගේ ගුරු හරුකම් මගිනි. ජිනරතන හිමියන් අප්‍රකට වුවත් දක්‍ෂ කවියෙකි.[1][2]

බෞද්ධ භික්ෂුභාවය සහ ලංකාවේ ජීවිතය[සංස්කරණය කරන්න]

දකුණු ලංකාවේ, පොල්ගස්දූවේ පන්සලක නවාතැන් ගත් සොහොයුරන් දෙදෙන ඥානාලෝක නමැති භික්ෂුවක් යටතේ බුද්ධාගම උගෙන ගත්හ. ඉන්පසු උන්වහන්සේව මරදානේ, විද්‍යෝදය පිරිවෙන වෙත යැවුණු අතර ඉංග්‍රීසි ඉගෙනගැනීම සඳහා පාසැලකට ඇතුළු කරන ලදි. ඉන් අනතුරුව, පොල්ගස්දූවේ පන්සල වෙත යළි පැමිණි උන්වහන්සේ, සිංහල සහ පාලි භාෂා ඉගෙන ගත්හ. [2] පළමුවන ලෝක යුද්ධය ඇරඹෙත්ම, ජර්මන් ජාතිකයෙක් වූ, උන්වහන්සේගේ උපාධ්‍ය ඥානාලෝක හිමියන්, අත්අඩංගුවට පත් විය. මෙම කාලය වන විට උන්වහන්සේගේ සොහොයුරු සිකිම් පුන්නජි හිමියන් අපවත්ව සිටි බවක් පෙනෙන අතර,[2] රජය විසින් මහින්ද හිමියන් දෙවරක් සිර අඩස්සියේ ලන ලදි.[3]

උන්වහන්සේ පසු කලෙක සිකිම් මහින්ද ලෙසින් අමරපුර නිකායේ පැවිදි බව ලැබූ මුත් එස්. මහින්ද (ඇස්. මහින්ද)ලෙසින් සිය නම භාවිතා කල සේක. ටිබෙට්‌ එස්‌. මහින්ද හිමියන් ප්‍රාචීන මධ්‍යම විභාගයන් ද සමත් වී ඇත. 1930 ජුනි 16 දින පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද නාහිමි වෙතින් සියම් මහා නිකායේ පැවිදි භාවය ලබාගන්නා ලදී. තමන්වහන්සේ ටිබෙට් ජාතිකයෙක් ලෙසින් හඳුන්වාගන්නට ඇත්තේ, එම රට ආසියාවේ ප්‍රමුඛ බෞද්ධ රටක් ලෙස එකල ලංකාවේ ප්‍රසිද්ධව පැවතීම නිසා විය හැක. [2] 1934 සිට 1936 දක්වා එස්. මහින්ද හිමියෝ කොළඹ, නාලන්දා විද්‍යාලයේ ගුරුවරුයෙකුව සේවය කළහ.[4]

සාහිත්‍යමය කර්තව්‍යයන් සහ ජාතිකවාදය[සංස්කරණය කරන්න]

ඇස්. මහින්ද හිමියන් ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබාගත් අතර කවියෙකු මෙන්ම කතුවරයෙකු ලෙසද සිය ස්ථාවරත්වය ගොඩ නගා ගත්තේය. උන්වහන්සේ පොත් 40කටත් වඩා රචනා කර ඇති අතර ඉන් බොහොමයක්ම දේශානුරාගය වඩවන ඒවා විය. මහින්ද හිමියන්ගේ පළමු පොත 'ඔවා මුතු දම වන අතර අවසන් පොත ලෙස 'ශ්‍රී පාද' විශ්වාස කෙරෙයි. [2] උන්වහන්සේ බොහෝවිට ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය සහ වර්තමාන ජනයාගේ දුර්වලකම් වෙත අවධානය යොමු කරමින් ඔවුන් නිදහස උදෙසා වැඩ කිරීමට පෙළඹවීම කෙරෙහි සිය අවධානය යොමු කළේය. මහින්ද හිමියන් ළමා පොත් කිහිපයක්ද රචනා කර ඇත. [5] [3] [2]

ඇස්. මහින්ද හිමියන්ගේ ප්‍රසිද්ධ කෘති [6]

  • නිදහසේ දැහැන
  • නිදහසේ මන්ත්‍රය
  • ජාතික තොටිල්ල
  • අද ලක් මවගේ පුත්තු
  • විදේශිකයකුගෙන් ලක් මවට නමස්කාරයක්
  • සිංහල ජාතිය
  • ලංකා මාතා
  • නිදහස


මහින්ද හිමියන් ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ පදනම වූ අමද්‍යප ව්‍යාපාරයේ සාමාජිකයෙකුද විය. 1948 දී නිදහස ලබා ගැනීමෙන් අනතුරුව එතුමන්ගේ නිදහස් ව්‍යාපාරය උදෙසා වූ සාහිත්‍යමය දායකත්වය සලකා ජාතික වීරයෙක් ලෙස ප්‍රකාශ කරන ලදී. [2]අති පූජ්‍ය ඇස්. මහින්ද හිමියෝ 1951 මැයි 16 වන දා අපවත් වී වදාළහ. [6]

මිහින්ද හිමිගේ කවි[සංස්කරණය කරන්න]

තුම් නිදහස් රුකෙහී සෙවනැල්ලෙහි සිංහලයෝ සැතපෙත්වා!

ගම් බිර දම් සහ පෙම් සමගී රස කා අතරත් පැතිරේවා!

හිම් කොට සිව් සයුරත් සුනෙරත් රුදු දෑ කුල බේ දුරුවේවා!

පෙම් බර ලක්මව සව් සැපතින් වැජඹේ! වැ ජඹේ! වැජඹේවා



කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට

කිසිවක්‌ නොසැලකේ යන මහ මුසා බස

පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා

යන දරුමයේ සැබවක්‌ නැත දැන ගල්ලා

ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා

බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා.

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

  1. එදිරිසිංහ, පද්මා (20 මැයි 2009). "කර්ටන් ඕපන්ස් ඔන් වෙන් ටිබෙට් එස් මහින්දස් චයිල්ඩ්හුඩ්". ඩේලි නිව්ස්. http://www.dailynews.lk/2009/05/20/fea30.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 ජනවාරි 2010. 
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 ආරියරත්න, සුනිල් (1989) (සිංහලයෙන්). පූජිත ජීවිත. ශ්‍රී ලංකාවේ සංස්කෘතික, අධ්‍යාපන සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශය. පිටු. 155–160. 
  3. 3.0 3.1 Gunatilaka, Kumudu (14 September 2006). Ven. S. Mahinda Patriot of Literary Fame (PDF). Budusarana. සම්ප්‍රවේශය 29 January 2010. 
  4. "රිලිජස් ඉන්ස්ට්‍රක්ටර්ස්". නාලන්දා විද්‍යාල බෞද්ධ සංගමය - NCBA. http://ncba.nalanda.sch.lk/?page_id=76. සම්ප්‍රවේශය කෙරුණු දිනය 7 අගෝස්තු 2012. 
  5. Herath, R. B. (2002). Sri Lankan Ethnic Crisis: Towards a Resolution. Trafford Publishing. පිටු 101. ISBN 978-1-55369-793-0. http://books.google.lk/books?id=Aqcqn6M18TwC&pg=PA101#v=onepage&q=&f=false. 
  6. 6.0 6.1 "S. Mahinda Thera: Poet and freedom fighter". Sunday Observer. 25 May 2008. http://www.sundayobserver.lk/2008/05/25/jun03.asp. ප්‍රතිෂ්ඨාපනය 29 January 2010. 
"https://si.wikipedia.org/w/index.php?title=එස්‌._මහින්ද_හිමි&oldid=366880" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි