ඔලිම්පික් ක්‍රීඩා
Wikipedia වෙතින්
ඔලිම්පික් ක්‍රීඩා ගිම්හාන ක්‍රීඩා ඉසව් හා ශීත ක්‍රීඩා ඉසව් ලෙස උපකොටස් 2 කට බෙදා වෙන් කර ඇති අන්තර් ජාතික බහු ක්‍රීඩා තරඟයකි. ගිම්හාන හා ශීත ක්‍රීඩා එක එකක් සෑම අවුරුදු 4 කට ම වරක් පවත්වන ලදී. 1992 වර්ෂය වන තෙක් මෙම ක්‍රීඩා තරඟ වර්ග 2ම එකම අවුරුද්දේ පැවතුණි. එම අවුරුද්දේ සිට ඒවා වෙනස් අවුරුදු 2 කදී පවත්වන ලදී.
මුල්ම ඔලිම්පික් ක්‍රීඩා (ග්‍රීක Olympiakoi Agones) පළමු වෙන්ම වාර්තා වන්නේ ක්‍රී.පූ. 776 දී ග්‍රීසියේ ඔලිම්පියා නගරයෙන් වන අතර එය ක්‍රි.ව. 393 වනතෙක් උත්සවාකරයෙන් පවත්වා ඇත.
1833 දී ග්‍රීක කවියෙක් හා පුවත්පත් සංස්කාරවරයෙක් වන පැනජිඔටිස් සවුට්සස් විසින් රචනා කරන ලද “මලගිය අයගේ කතා බහ” නම් කවිය ඔලිම්පික් ක්‍රීඩා නියම ලෙස නැවත උද්යෝගිමත් කිරීමේ උනන්දුවක් ප්‍රථම වරට පෙන්ණුම් කරයි. 1859 දී එවන්ජලොස් සැපාස් විසින් ප්‍රථම නූතන අන්තර්ජාතික ඔලිම්පික් ක්‍රීඩා තරඟයට අනුග්‍රාහකත්වය සපයන ලදී. 1870 සහ 1875 වර්ෂවලදී ඔලිම්පික්4 ක්‍රීඩා පැවැත් වුණු පැනතිනයිකෝ ක්‍රීඩාංගනය නැවත සකස් කිරීම සඳහා ඔහු ගෙවීම් කරන ලදී. මෙම පුවත ලොව වටා ‘ලන්ඩන් රිවීම්’ ඇතුළු පුවත් පත් හා ප්‍රකාශනයන්හි පලවිය. ‘ලන්ඩන් රිවීම්’ හි දැක්වෙන පරිදි “ශත වර්ෂ ගණනාවක් තිස්සේ අත්හිටුවා තිබුණු ඔලිම්පියානු ක්‍රීඩා මෑතකදී නැවත ආරම්භ කරන ලදී. මෙය ඇත්තෙන්ම පුදුම පුවතකි. පුරාතන සම්භාවනීය ක්‍රීඩා ඇතින්ස් නගරය ආසන්නයේ නැවත ආරම්භ කරන ලදී” ලෙස සටහන් වී ඇත.
අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රංශ වංශාධිපතියෙකු වන පියරෙ ෆ්‍රෙඩි, බැරන්ඩි කව්බර්ටින් ගේ මූලිකත්වයෙන් 1894 දී පිහිටු වන ලදී. 1896 ග්‍රීසියේ, ඇතින්ස් නගරයේ පැවැත්වුණු IOC ඔලිම්පික් ක්‍රීඩා උත්සවයේ ප්‍රථම අංගය වූයේ ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩාය. ලොව පුරා සිටින හැම ජාතියකින්ම වාගේ ක්‍රීඩකයන් ඇතුළත් කර ගන්නා තරමට ඔලිම්පික් ක්‍රීඩා සඳහා නොනවත්වාම ක්‍රීඩා සහභාගීත්වය වර්ධනය විය.චන්ද්‍රිකා තාක්ෂණයේ හා ලොවපුරා තරඟ විකාශයේ වර්ධනයත් සමඟ ඔලිම්පික් ක්‍රීඩා සඳහා අනුග්‍රාහකයන් ඉදිරිපත් වෙමින් සිටිති. ඉතාම මෑතකදී පවත්වනු ලැබූ ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා වන්නේ 2004 වර්ෂයේදී ඇතන්ස් නගරයේ පැවැත්වුණු ක්‍රීඩා වන අතර, ශීත ඔලිම්පික් ක්‍රීඩා වන්නේ 2006 වර්සයේදී ටියුරින් නගරයේ පැවැත්වුණු ක්‍රීඩාය. මීළඟට බීජින් නගරයේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උත්සවය ක්‍රීඩා 28 කට අයත් තරඟ ඉසව් 302 කින් සමන්විත විය. 2006 වර්ෂය වන විට ශීත ඔලිම්පික් ක්‍රීඩා ක්‍රීඩා 7 කට අයත් තරඟ ඉසව් 84 ක් සම්පූර්ණ කරන ලදී.
[සංස්කරණය] References
http://en.wikipedia.org/wiki/Olympic_Games
"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."