ප්‍රංශ භාෂාව
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ප්‍රංශ භාෂාව (français, la langue française) ලතින් භාෂාවෙන් බිඳුණු භාෂා සමූහයෙන් එකකි. එම භාෂාවන් රොමැන්තික භාෂා යැයි ද නම් වෙයි. මෙය ප්‍රංශයේ පළමු භාෂාවයි. එසේම ස්විට්ස්සර්ලන්තයේ රොමැන්ඩි පෙදෙසේ, බෙල්ජියමේ වැලෝනියා සහ බ්‍රසල්ස් හි සහ මොනාකෝ යන යුරෝපා රටවල් වල භාවිතා වෙන්නකි. කැනඩාවේ ඇකේඩියා පළාතේ හා කුවෙබෙක් ප්‍රාන්තයේ ද භාවිතා වන ප්‍රංශ බස ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග මේන් ප්‍රාන්තයේ පිහිටි ඇකේඩියා පළාත් හි ද පාවිච්චි වෙන්නකි. ඊට අමතර ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිසියානා ප්‍රාන්තයේ ද එරට තුල හයිතිය වැනි ප්‍රංශ කතා කරන සුළු ජාතික ජන සමාජ වල ද භාවිතා වන්නකි.