චෙස්

විකිපීඩියා වෙතින්
චෙස්
A selection of black and white chess pieces on a chequered surface.
වමේ සිට, සුදු රජු, කළු මාළිගාව, කළු රැජින, සුදු පෝන්, කළු නයිට්වරයා, සහ සුදු දේවගැති
ක්‍රීඩකයන් ගණන2
සූදානම්වීමේ කාලයමිනිත්තු 1ක් පමණ
තරඟ කාලයකාල පාලනයක් රහිත සාමාන්‍ය තරඟයක් සාමාන්‍යයෙන් මිනිත්තු 10 – 60 ත් පවතී
අහඹු සම්භාවිතාවකිසිසේත් නැත
අවැසි කුසලතාක්‍රමවේද හා ක්‍රියා පිළිවෙලවල් සේනා හැසිරවීමේ විද්‍යාව, යුද්ධ ශිල්පය

චෙස් (ඉංග්‍රීසි:  Chess) යනු තරඟකරුවන් දෙ‍දෙනෙක් අතර සිදු වන ප්‍රතිනිර්මාණකාරී හා තරඟකාරී ක්‍රීඩාවකි. එහි මුල් කාලීන ආකාරවලින් හා අනෙකුත් චෙස් ආකාරවලින් එය වෙන් කර හඳුනාගැනීම සඳහා සමහරක් විට බටහිර චෙස් හෝ ජාත්‍යන්තර චෙස් ලෙස හඳුන්වනු ලැබේ. දැනට භාවිතා වන ක්‍රීඩා ආකාරය දකුණු දිග යුරෝපයෙහි ඉන්දියානු හා පර්සියානු මූල ඇති වඩා පැරණි ක්‍රීඩා ඇසුරින් පහලොස්වන සියවසේ දෙවන භාගයේ දී නිර්මාණය විය. වර්තමානයේ දී චෙස් ලෝකයේ වඩාත්ම ප්‍රචලිත ක්‍රීඩා අතරින් එකක් බවට පත්ව ඇති අතර එය ලොව පුරා මිලියන ගණනක් මිනිසුන් විසින් සමාජය තුළ දී හෝ අන්තර්ජාලය හරහා සදෘශ්‍යව තරඟාවලි ලෙස හෝ අවිධිමත් ලෙස ක්‍රීඩා කරනු ලබයි. මෙම ‍ක්‍රීඩාව ක්‍රීඩා කරනු ලබන්නේ හතරැස් කොටුවලින් යුක්ත චෙස් පුවරුවකය. එම පුවරුවෙහි සමචතුරස්‍ර 64ක් අඩංගු වන අතර පැත්තකට 8ක් වන පරිදි සකසා ඇත.

චෙස් ඉත්තන්
රජු
රැජිණ
මාළිගාව
දේවගැති
නයිට්වරයා
සොල්දාදුවා

ක්‍රීඩාවේ ස්වභාවය[සංස්කරණය]

සංවිධානාත්මක තරඟකාරී චෙස් සම්ප්‍රදාය 16 වන සියවසේ දී ආරම්භ වූ අතර ඉතා පුළුල් ලෙස වර්ධනය විය. වර්තමානයේ දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් චෙස් ක්‍රීඩාවක් ලෙස පිළිගෙන ඇත. ප්‍රථම වෘත්තීයමය ලෝක චෙස් ශූරයා, විල්හෙල් ස්ටේයිනිට්ස් ඔහුගේ ජයග්‍රහණය 1886 දී තහවුරු කළේය. වර්තමාන ලෝක ශූරයා වන්නේ මැග්නස් කාර්ල්සන්ය. ක්‍රීඩාවේ ආරම්භයේ සිට සෛද්ධාන්තිකයන් විසින් පුළුල්ව ක්‍රමවේද හා ක්‍රියා පිළිවෙත් වර්ධනය කර ඇත. චෙස් නිර්මාණයේ දී කලා සංකල්ප හමු වී ඇත. ක්‍රීඩාව ආරම්භ කරන ක්‍රීඩකයා සුදු පැහැති වර්ණයද අනෙකා කළු පැහැති වර්ණයද භාවිතා කළ යුතුය.

ඉත්තන් ප්‍රමාණ[සංස්කරණය]

ආරම්භයේදී ක්‍රීඩාවට යොදා ගන්නා මුළු ඉත්තන් ප්‍රමාණය 32ක් වේ. මෙයින් 16ක් එක් අයෙකුටද අනෙක් 16 ප්‍රතිවාදියාටද අයිති වේ. මෙම ඉත්තන් 16 වර්ග 6කින් සමන්විත වේ.

  • රජ
  • රැජිණ
  • රුක් දෙදෙනෙක්
  • නයිට්වරු දෙදෙනෙක්
  • බිෂොප්වරු දෙදෙනෙක් හා
  • පෝන්ස්ලා 8 එයට අයත් වේ.

ක්‍රීඩාවේ අභිමතාර්ථය වන්නේ , ප්‍රතිවාදී රජු ස්තම්භනය (චෙක් මේට්) කිරීමයි. එනම් රජු ප්‍රහාරයක් (චෙක්) යටතේ ඇති අතර ඊළඟ චලනයේ දී එය ඉවත් කර ගැනීමට ඉඩක් නොමැති වීමයි.


මුල් කාලීන පරිගණක විද්‍යාඥයන්ගේ එක් අරමුණක් වූයේ චෙස් ක්‍රීඩා කරන යන්ත්‍රයක් තැනීමය. වර්මානයේ දී චෙස් ක්‍රමලේඛවල හැකියාව හා අන්තර්ජාලය හරහා ක්‍රීඩා කිරීමට ඇති හැකියාව හරහා අතිශයින් බලපෑමකට ලක්ව ඇත. 1996 දී ලෝක ශූර ගැරී කැස්පරෝ හා පරිගණකය අතර තරඟය යන්ත්‍රවලට ප්‍රබලතම මිනිස් තරඟකරුවන් පවා පැරදවිය හැකි බව ප්‍රථම වරට ඔප්පු කරලීය.

ඉතිහාසය[සංස්කරණය]

ආරම්භය[සංස්කරණය]

වසර දහස් ගණනකට පෙර දකුණු ආසියාවේ චතුරංග නමින් මෙම ක්‍රීඩාව ආරම්භ වූ බව සැලකේ. චතුරංග ක්‍රීඩාවේ ආරම්බය සිදු ව ඇත්තේ රාවණා රජ සමය තුලදීය ඉන්දියාවේ පාලනය කල එක්තරා රජ පෙලපතක කුමාරවරු දෙදෙනෙක් වූහ.ගෞ සහ ටකාන් එම කුමාරවරුය.පියරජු මරණයට පත් වුවිට රජකම සදහා දෙදෙනාම සිය අභිලාෂය පලකල බැවින් මව් බිසව ඒ සදහා උපායක් යෙදීය. එනකුමාරවරු අතර දක්ෂතාවය මැන බැලීමේ පරික්ෂනයකි. කොදේසිය වූයේ කිසිවෙකු මරණයට පත් නොකලයුතු බවයි එහෙත් සටනේදී ටකාන්කුමරු මියගොස් සිටි අතර එය තමා විසින් සිදු නොකල බව ගෞ පැවසුවද මව් රැජිණ එය පිලි නොගත් බැවින් පුවරුවක සෙබලුන් ප්‍රතිනිර්මාණය කර පෙන්වීමට සිදුවිය. එය පසුව ක්‍රිඩාවක් ලෙස විකාශනය විය.


නීති රීති[සංස්කරණය]

The official rules of chess are maintained by the World Chess Federation. Along with information on official chess tournaments, the rules are described in the FIDE Handbook, section Laws of Chess.[1] For a demonstration of the gameplay, see a sample chess game.




මුල් පිහිටීම[සංස්කරණය]

Start of chess board.
a8 black rook b8 black knight c8 black bishop d8 black queen e8 black king f8 black bishop g8 black knight h8 black rook
a7 black pawn b7 black pawn c7 black pawn d7 black pawn e7 black pawn f7 black pawn g7 black pawn h7 black pawn
a6 black king b6 black king c6 black king d6 black king e6 black king f6 black king g6 black king h6 black king
a5 black king b5 black king c5 black king d5 black king e5 black king f5 black king g5 black king h5 black king
a4 black king b4 black king c4 black king d4 black king e4 black king f4 black king g4 black king h4 black king
a3 black king b3 black king c3 black king d3 black king e3 black king f3 black king g3 black king h3 black king
a2 white pawn b2 white pawn c2 white pawn d2 white pawn e2 white pawn f2 white pawn g2 white pawn h2 white pawn
a1 white rook b1 white knight c1 white bishop d1 white queen e1 white king f1 white bishop g1 white knight h1 white rook
End of chess board.
ආරම්භක පිහිටීම: පළමු පෙළ: මාළිගාව, නයිට්වරයා, දේවගැති, රැජින, රජු, දේවගැති, නයිට්වරයා, සහ මාළිගාව; දෙවන පෙළ: පෝන් ඉත්තන්


  • පළමු වැනි පේළිය : රුක්, නයිට්, බිෂොප්, රැජිණ, රජ, බිෂොප්, නයිට්, රුක්
  • දෙවන පේළිය : පෝන්වරු,

චෙස් ක්‍රීඩාව සිදු කරනු ලබන්නේ පේළි 8කින් (1සිට 8ට අංක යොදා ඇති) හා තීර අටකින් (a සිට h දක්වා) යුත් සමචතුරස්‍රවලින් යුත් පුවරුවක් මතය. සමචතුරස්‍ර 64හි වර්ණ හුවමාරු වන අතර ඒවා අඳුරු කොටු හා ආලෝකමත් කොටු ලෙස හඳුන්වනු ලැබේ. චෙස් පුවරුව තබනු ලබන්නේ ක්‍රීඩා කරන්නාගේ දකුණු පස ආලෝකමත් හතරැස් කොටුවක් පැමිණෙන ලෙස වන අතර ඉත්තන් තැබීම සිදු කරන්නේ රූප සටහනේ දක්වා ඇති පරිදි එක් එක් රැජිණ තමන්ගේම පැහැයේ කොටුවක තිබෙන පරිදිය. සාම්ප්‍රදායිකව ඉත්තන් සුදු හා කළු කණ්ඩායම්වලට බෙදනු ලැබේ. එක් එක් ක්‍රීඩකයා ඔහුගේ ඉත්තන්ගේ වර්ණයෙන් හැඳින්වෙන අතර ක්‍රීඩාව ආරම්භ කරනු ලබන්නේ ඉත්තන් 16කිනි. මෙයට එක් රජෙක්,රැජිණක්,රුක්වරු දෙදෙනෙක්, බිෂොප්වරු දෙදෙනෙක්, නයිට්වරු දෙදෙනෙක් හා පෝන්වරු 8ක් ඇතුළත් වේ. සුදු ක්‍රීඩකයා විසින් පළමු ඇදීම සිදු කරනු ලබයි. එක් වරකට එක් ඉත්තෙක් බැඟින් ක්‍රීඩකයන්දෙදෙනා මාරුවෙන් මාරුවට ඇදීම සිදු කරනු ලබයි. (කාස්ලින් කිරීමේදී පමණක් මෙය වෙනස් වේ. එහිදී ඉත්තන් දෙදෙනෙක් අදිනු ලබයි.) ඉත්තන්, වෙනත් ඉත්තන් මඟින් අත්පත් නොකර ගන්නා ලද කොටුවකට හෝ ප්‍රතිවාදී ඉත්තෙකු රැදී සිටින කොටුවකට එම ඉත්තා ග්‍රහණය කර එය තරඟයෙන් ඉවත් කරමින් අදිනු ලැබේ. එක් අවස්ථාවක් හැරුණු කොට අනෙක් සියළු අවස්ථාවන්වල දී ප්‍රතිවාදී ඉත්තන් ග්‍රහණය කර ගනු ලබන්නේ එම ඉත්තන් රැදී සිටින කොටුවලට තමන්ගේ ඉත්තන් යොමු කිරීමෙනි. රජවරයෙකු යම් ප්‍රතිවාදී ඉත්තෙකුගේ ප්‍රහාරයක් යටතේ සිටින විට රජු චෙක් අවස්ථාවේ සිටී යයි කියනු ලැබේ. එවිට අනිවාර්යෙන්ම රජු චෙක් අවස්ථාවෙන් ඉවතට ගැනීම සඳහා ඇදීමක් සිදු කළ යුතුය. සෑම ක්‍රීඩකයෙක්ම ඔහුගේ රජු චෙක් අවස්ථාවේ පවතින විට වෙනත් ඉත්තන් ඇදීම සිදු නොකළ යුතුය. ක්‍රී‍ඩ‍ාවෙහි අවසානය ළඟා වන්නේ ප්‍රතිවාදියාගේ රජු චෙක් මේට් කිරීමෙනි. මෙය සිදු වන්නේ ප්‍රතිවාදී රජු චෙක් අවස්ථාවේ සිටිය දී එම රජුට ප්‍රහාරයෙන් ඉවතට යාමට කිසිදු මාර්ගයක් නොමැති විටය.



ඉත්තන්ගේ ගමන් මාර්ග[සංස්කරණය]

ක්‍රීඩාරම්භයේදී ඉත්තන්ගේ පිහිටීම
කාසලින් කිරීමේ උදාහරණය

ක්‍රීඩකයින්ට එක් වරකට එක් ඉත්තකු එහා මෙහා කිරීමට අවස්ථාව ලැබේ. කාසලින් කරන් අවස්ථාවේදී පමණක් එක් වර ඉත්තන් දෙදෙනෙකු එහා මෙහා ගෙන යා හැකිය. පින්තූරය බලන්න. ඉත්තකුට තමන්ට ගමන් කල හැකි මාර්ගය ඔස්සේ ගමන් කල හැකි අතර නවතින තැන කොටුව එක්කෝ නිදහස් කොටුවක් හෝ ප්‍රතිවාදියාගේ ඉත්තකු සිටිය යුතුය. නයිට්වරායා හැරුණුකොට අනෙක් සියළුම ඉත්තන් රේඛාවල ගමන් කරයි. පෝන් ඉත්තා ගමන් ගන්නේ ඉදියට උවත් ආක්‍රමණය කළ හැක්කේ විකර්ණ ඔස්සේ පමණි. රජුට 8 දිසාවකට ගමන් කළ හැකි අතර යා හැකි දුර ප්‍රමාණය 1 කොටුවකි. මෙසේ ගමන් කිරීමට එම කොටුව හිස්ව තිබිය යුතුය. නැත්හොත් ප්‍රතිවාදියාගේ ඉත්තකු සිටිය යුතු අතර එම ඉත්තා නිදහසේ ආක්‍රමණය කල හැකි විය යුතුය. එක් එක් ඉත්තාගේ ගමන් විලාසය පහත පින්තූර වලින් දැක්වේ.


රජුගේ ගමන් මග
a b c d e f g h
8 a8 __ b8 __ c8 __ d8 __ e8 __ f8 __ g8 __ h8 __ 8
7 a7 __ b7 __ c7 __ d7 __ e7 __ f7 __ g7 __ h7 __ 7
6 a6 __ b6 __ c6 __ d6 __ e6 cross f6 cross g6 cross h6 __ 6
5 a5 __ b5 __ c5 __ d5 __ e5 cross f5 white king g5 cross h5 __ 5
4 a4 __ b4 __ c4 __ d4 __ e4 cross f4 cross g4 cross h4 __ 4
3 a3 __ b3 __ c3 __ d3 __ e3 __ f3 __ g3 __ h3 __ 3
2 a2 __ b2 __ c2 __ d2 __ e2 __ f2 __ g2 __ h2 __ 2
1 a1 __ b1 __ c1 __ d1 __ e1 __ f1 __ g1 __ h1 __ 1
a b c d e f g h


රුක්ගේ ගමන් මග
a b c d e f g h
8 a8 __ b8 __ c8 __ d8 cross e8 __ f8 __ g8 __ h8 __ 8
7 a7 __ b7 __ c7 __ d7 cross e7 __ f7 __ g7 __ h7 __ 7
6 a6 __ b6 __ c6 __ d6 cross e6 __ f6 __ g6 __ h6 __ 6
5 a5 cross b5 cross c5 cross d5 black rook e5 cross f5 cross g5 cross h5 cross 5
4 a4 __ b4 __ c4 __ d4 cross e4 __ f4 __ g4 __ h4 __ 4
3 a3 __ b3 __ c3 __ d3 cross e3 __ f3 __ g3 __ h3 __ 3
2 a2 __ b2 __ c2 __ d2 cross e2 __ f2 __ g2 __ h2 __ 2
1 a1 __ b1 __ c1 __ d1 cross e1 __ f1 __ g1 __ h1 __ 1
a b c d e f g h


බිෂොප්ගේ ගමන් මග
a b c d e f g h
8 a8 cross b8 __ c8 __ d8 __ e8 __ f8 __ g8 cross h8 __ 8
7 a7 __ b7 cross c7 __ d7 __ e7 __ f7 cross g7 __ h7 __ 7
6 a6 __ b6 __ c6 cross d6 __ e6 cross f6 __ g6 __ h6 __ 6
5 a5 __ b5 __ c5 __ d5 white bishop e5 __ f5 __ g5 __ h5 __ 5
4 a4 __ b4 __ c4 cross d4 __ e4 cross f4 __ g4 __ h4 __ 4
3 a3 __ b3 cross c3 __ d3 __ e3 __ f3 cross g3 __ h3 __ 3
2 a2 cross b2 __ c2 __ d2 __ e2 __ f2 __ g2 cross h2 __ 2
1 a1 __ b1 __ c1 __ d1 __ e1 __ f1 __ g1 __ h1 cross 1
a b c d e f g h



රැජිණගේ ගමන් මග queen
a b c d e f g h
8 a8 __ b8 __ c8 __ d8 cross e8 __ f8 __ g8 __ h8 cross 8
7 a7 cross b7 __ c7 __ d7 cross e7 __ f7 __ g7 cross h7 __ 7
6 a6 __ b6 cross c6 __ d6 cross e6 __ f6 cross g6 __ h6 __ 6
5 a5 __ b5 __ c5 cross d5 cross e5 cross f5 __ g5 __ h5 __ 5
4 a4 cross b4 cross c4 cross d4 black queen e4 cross f4 cross g4 cross h4 cross 4
3 a3 __ b3 __ c3 cross d3 cross e3 cross f3 __ g3 __ h3 __ 3
2 a2 __ b2 cross c2 __ d2 cross e2 __ f2 cross g2 __ h2 __ 2
1 a1 cross b1 __ c1 __ d1 cross e1 __ f1 __ g1 cross h1 __ 1
a b c d e f g h


නයිට්වරයකුගේ ගමන් මග
a b c d e f g h
8 a8 __ b8 __ c8 __ d8 __ e8 __ f8 __ g8 __ h8 __ 8
7 a7 __ b7 __ c7 __ d7 __ e7 __ f7 __ g7 __ h7 __ 7
6 a6 __ b6 __ c6 cross d6 __ e6 cross f6 __ g6 __ h6 __ 6
5 a5 __ b5 cross c5 __ d5 __ e5 __ f5 cross g5 __ h5 __ 5
4 a4 __ b4 __ c4 __ d4 black knight e4 __ f4 __ g4 __ h4 __ 4
3 a3 __ b3 cross c3 __ d3 __ e3 __ f3 cross g3 __ h3 __ 3
2 a2 __ b2 __ c2 cross d2 __ e2 cross f2 __ g2 __ h2 __ 2
1 a1 __ b1 __ c1 __ d1 __ e1 __ f1 __ g1 __ h1 __ 1
a b c d e f g h


පෝන්ගේ ගමන් මග
a b c d e f g h
8 a8 __ b8 __ c8 __ d8 white circle e8 cross f8 white circle g8 __ h8 __ 8
7 a7 __ b7 __ c7 __ d7 __ e7 white pawn f7 __ g7 __ h7 __ 7
6 a6 __ b6 __ c6 __ d6 __ e6 __ f6 __ g6 __ h6 __ 6
5 a5 white circle b5 cross c5 white circle d5 __ e5 __ f5 __ g5 __ h5 __ 5
4 a4 __ b4 white pawn c4 __ d4 __ e4 __ f4 cross g4 __ h4 __ 4
3 a3 __ b3 __ c3 __ d3 __ e3 white circle f3 cross g3 white circle h3 __ 3
2 a2 __ b2 __ c2 __ d2 __ e2 __ f2 white pawn g2 __ h2 __ 2
1 a1 __ b1 __ c1 __ d1 __ e1 __ f1 __ g1 __ h1 __ 1
a b c d e f g h

* පෝන් ඉත්තාට පලමු වාරයේ දී පමණක් කොටු 2ක් පැණීමේ අවසරය ඇත.


  1. "Laws of Chess". FIDE. සම්ප්‍රවේශය 2008-11-26.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=චෙස්&oldid=575913" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි