ටීවී දෙරණ
ටීවී දෙරණ TV DERANA | |
---|---|
දියත්කල දිනය | 2005 ඔක්තෝම්බර් 11 |
අයිතිකරුවෝ | Power House Ltd |
ප්‍රචාරණ උද්‍යෝග පාඨය | "අපේ දේ රැකගෙන, අළුත් දේ අරගෙන" "Ape De Rakagena, Aluth De Aragena" |
රට | ශ්‍රී ලංකාව |
භෘෂාව | සිංහල |
විකාශන සරිය | ශ්‍රී ලංකාව |
මූලස්ථානය | කොළඹ, ශ්‍රී ලංකාව |
වෙබ් අඩවිය | derana.lk |
ටීවී දෙරණ යනු ශ්‍රී ලංකාවේ සිංහල භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන වින්දනාත්මක රූපවාහිනී නාලිකාවකි. 2005 ඔක්තෝම්බර් 11 වන දින ඇරඹි මෙම නාලිකාවේ හිමිකාරීත්වය, Power House Ltd සමාගම සතු වෙයි. නාලිකාවේ ප්‍රධාන සම්ප්‍රේෂණ කුළුණ කොළඹ පිහිටුවා තිබෙන අතර, නුවරඑළිය, දෙණියාය, ගම්මාඩුව, මහනුවර සහ කළුතර යන ප්‍රදේශ වල ස්ථාපනය කොට තිබෙන අනෙකුත් සම්ප්‍රේෂණ උපපොළවල් හරහා, සිය විකාශනයන් දිවයින පුරා විසිරුවා හරියි.[1]
වැඩසටහන්
[සංස්කරණය]ටීවී දෙරණ නාලිකාව, දිනකට පැය 17 ක පමණ කාලයක් (පැය 0600-2300 අතර) තුල ටෙලි නාට්‍ය, රියලටි වැඩසටහන්, ලමා වැඩසටහන්, සංගීත සහ අනෙකුත් විවිධ වැඩසටහන් විකාශනය කරනු ලබයි.[2]
අද දෙරණ
[සංස්කරණය]අද දෙරණ යනු ටීවී දෙරණ නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රවෘත්ති සේවාව හඳුන්වනු ලබන නාමයයි. වර්ථමානයේදී අද දෙරණ පුවත් සේවාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වෙයි. Alexa Internet වර්ගීකරණය අනූව අද දෙරණ පුවත් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අවධානයක් සහිත ප්‍රවෘත්ති වෙබ් අඩවියකි.[3][4]
2007 වසරේ අග භාගයේදී, ඩයලොග් ටෙලිකොම් සමග සම්බන්ධ වූ අද දෙරණ පුවත් සේවාව, සිය ඩයලොග් ජංගම දුරකථන ප්‍රේක්ෂකයින් වෙනුවෙන්, පුවත් කෙටි පණිවිඩ සේවාවක් අරඹන ලදී.[5]
අද දෙරණ 24x7
[සංස්කරණය]2014 වර්ෂයේදී දෙරණ නාලිකාව විසින් අද දෙරණ 24x7 නමින් මෙරට ප්‍රථම 24 පැය පුරාම විකාශය වන ප්‍රවෘත්ති නාලිකාවක් ආරම්භ කරන ලදී.
තරඟ සහ රියැලිටි වැඩසටහන්
[සංස්කරණය]ශ්‍රී ලංකා රූ රැජින
[සංස්කරණය]ලෝක රූ රැජින තරඟය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබන ශ්‍රී ලංකා යුවතිය තෝරා ගන්නා, ශ්‍රී ලංකා රූ රැජින (Miss Sri Lanka) තරඟයට, 2007 වසරේ පටන් ටීවී දෙරණ නාලිකාව අනුග්‍රහය සපයයි.[6]
දෙරණ ඩ්‍රීම් ස්ටාර්
[සංස්කරණය]2009 වසරේ සිට දෙරණ ඩ්‍රීම් ස්ටාර් නමින් ගායන හැකියාව සහිත තාරකාවක් තෝරන රියැලිටි වැඩසටහනක්, ටීවී දෙරණ නාලිකාව ආරම්භ කරන ලදී.
දෙරණ ඩ්‍රීම් ස්ටාර් එක් එක් වාරයන්හී ජයග්‍රාහකයින්.
වාරය | පැවැත්වූ වසර | දෙරණ ඩ්‍රීම් ස්ටාර් | අනු ශූරයා |
---|---|---|---|
සීසන් 1 | 2009 | උදේශ් ඉන්දුල | මිලින්ද සඳරුවන් |
සීසන් 2 | 2010 | උපේඛා නිර්මාණි | උදේශ් මනෝජ් |
සීසන් 3 | 2011 | කේෂාන් ශෂින්ද්‍ර | ශානක උදීශ |
සීසන් 4 | 2012 | සසිඳු විජේසිරි | රවීන් කණිෂ්ක |
සීසන් 5 | 2014 | එම්. ජී. ධනුෂ්ක | විශ්මිත සචින්ත |
සීසන් 6 | 2015 | ජනිත් ඉද්දමල්ගොඩ | යශෝධා ප්‍රියදර්ශනී |
සීසන් 7 | 2016-17 | සුනීර සුමංග | ශලීන් ධනුෂ්ක |
සීසන් 8 | 2018 | තනුර මදුගීත් දිසානායක | |
සීසන්
9 |
2019 | ෆැල්න් ඇන්ඩ්‍රියා | නුවන්ධිකා සේනාරත්න |
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Derena celebrates Sixth anniversary", The Island Online, 1 October 2011
- ^ DeranaTV Program Schedule
- ^ Ada Derana News
- ^ Top sites in Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2011-11-15 at the Wayback Machine, Alexa
- ^ "Dialog Telekom launches Derana news alert service", Telecompaper, 13 November 2007
- ^ Derana Veet Miss Sri Lanka, http://derana.lk/misssrilanka/about.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-20