Jump to content

නාසි වාදය

විකිපීඩියා වෙතින්
(Nazism වෙතින් යළි-යොමු කරන ලදි)
ස්වස්ථිකය (නාසිවාදයේ ලාංඡනය)

නාසිවාදය, නට්සිවාදය, සහ ජාතික සමාජවාදය (ජර්මානු: Nationalsozialismus) යන නම් වලින් හැඳින්වෙන්නේ ඇඩොල්ෆ් හිට්ලර් සහ ඔහුගේ නාසි පක්ෂය සමග සබැඳි අන්ත-දක්ෂිණාංශික, ඒකාධිපතිවාදී දේශපාලනික මතවාදයකි. 1930 දශකයේදී යුරෝපයේ හිට්ලර්ගේ නැගී ඒමත් සමග මෙය “හිට්ලර්වාදය” ලෙසද හැඳින්විය. පසු කාලීනව ඇතිවූ “නව-නාසිවාදය” යන යෙදුම දෙවන ලෝක යුද්ධයෙන් පසු පිහිටවන ලද වෙනත් අන්ත-දක්ෂිණාංශික කණ්ඩායම් සඳහාද යොදාගැනුනි.

නාසිවාදය ෆැෂිස්ට්වාදයෙහි එක් ආකාරයක් වන අතර, එහිදී ලිබරල් ප්‍රජාත්‍රන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රමය ප්‍රතික්ෂේප කෙරෙයි. නාසිවාදයෙහි මූලාංග වන්නේ ඒකාධිපතීත්වය, උග්‍ර යුදෙවු විරෝධය, කොමියුනිස්ට් විරෝධය, ස්ලාව් විරෝධය, විද්‍යාත්මක වර්ගවාදය, සුදු ස්වෝත්තමවාදය, නෝඩික්වාදය, සමාජ ඩාවින්වාදය, සහ සුජනක විද්‍යාව යනාදියයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=නාසි_වාදය&oldid=733502" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි