ඇඩොල්ෆ් හිට්ලර්ගේ බලප්‍රාප්තිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
අර්න්ස්ට් හැන්ෆ්ට්ස්ඩෙන්ග්ල් සහ හරිමන් ගර්රින් සමග හිට්ලර් සංවාදයක නිරත වෙමින් සිටි අයුරු, 21 ජූනි 1932.

1919 සැප්තැම්බරයේදී [lower-alpha 1]ජර්මනියේදී ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි (කෙටි නම ඩීඒපී – ජර්මානු කම්කරු පක්ෂය) නම් දේශපාලන පක්ෂයට හිට්ලර් බැඳීමක් හා සමගම; ඇඩොල්ෆ් හිට්ලර්ගේ බලප්‍රාප්තිය ඇරඹුනු අතර, වසර 1920 දී මෙම පක්ෂයෙහි නම නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි – එන්එස්ඩීඒපී (ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය, පොදුවේ ව්‍යවහාර නම නාසි පක්ෂය) වෙත වෙනස් කෙරිණි. මෙම දේශපාලන පක්ෂය සංස්ථාපනය කොට දියුණු කරනු ලැබුවේ පහ්චාත්-පඵමුවන ලෝක යුද්ධ යුගයෙහිදීය. එම පක්ෂය මාක්ස්වාදී-විරෝධි වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදි පශ්චාත්-යුද්ධ වයිමාර් ජනරජ රජයට සහ වර්සේල්ස් ගිවිසුමට විරුද්ධවූ එය, අත්‍යන්ත ජාතිකවාදය සහ සමස්ත-ජර්මානුවාදය මෙන්ම උග්‍ර යුදෙව්-විරෝධිතාව නිර්දේශනය කලහ. රයිස්ටාග් විසින් 1933 බලදායි පණත එම මාසයේදී සම්මත කිරීමෙන් පසුව, හිට්ලර්ගේ "බලප්‍රාප්තියේ" උච්චතම අවධිය 1933 මාර්තු මසදී එළඹුනු බවක් සැලකෙයි; පාර්ලිමේන්තු මැතිවරණ මාලාවක් සහ ඒවා හා බැඳි තිරයෙන් පසුපස කූටෝපායයන් වලින් පසුව, ජනාධිපති පෝල් ෆන් හින්ඩ්න්බර්ග් විසින් 1933 ජනවාරි 30 වත්ම චාන්සලර් ලෙසින් හිට්ලර් පත් කර තිබුණි. නෛතික විරෝධයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක ලෙසින් ඒකාධිපති බලය පවත්වාගෙන යෑමේ වරය, බලදායි පණත—නිර්දය ලෙසින් සහ අධිකාරයක් සහිතව භාවිතා කල විට—විසින්, හිට්ලර් වෙත,අතථ්‍ය ලෙසින් සහතික කර ප්‍රදානය කොට තිබුණි.

ඇඩොල්ෆ් හිට්ලර්, ප්‍රමුඛ තලයකට පිවිසුනේ, පක්ෂයෙහි මුල් අවධියෙහිය. පක්ෂය තුල සිටි දක්ෂතම කථිකයා වූ හෙතෙම, අනෙකුත් පක්ෂ සමාජිකයන්ට කියා සිටියේ තමා පක්ෂ නායකත්වයට පත් කරන ලෙස හෝ ඔහු පක්ෂය හැර යන බවය. ඔහුගේ දේශපාලන අභිමතාර්ථයන් මුදුන් පමුණුවාගැනුම පිණිස, ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමට ඔහු තුල වූ රුචිය සහ එවැනි රුචිකත්වයක් ඇත්තන් පක්ෂයට බඳවා ගැනුම, ඔහු හට අර්ධ වශයෙන් සහය වූ බව පෙනෛයි. 1923 නොවැම්බරයෙහි පැවති බියර් හල් පුච් සහ පසුව නිකුත්වූ ඔහුගේ ග්‍රන්ථය මයින් කම්ෆ් (මගේ අරගලය ලෙසින් සාමන්‍යෙයෙන් පරිවර්තනය කෙරෙයි) විසින් හිට්ලර් පුළුල් ග්‍රාහක පිරිසක් වෙත නිරාවරණය කෙරිණි. 1920 ගණණ් වල මැද භාගයෙහිදී, පක්ෂය මැතිවරණ සටන් කිහිපයකට මුහුණ දුන් අතර, එහිදී කථිකයෙක් සහ‍ සංවිධායකයෙන් ලෙසින් මෙන්ම,[lower-alpha 2] රෝට්ෆ්‍රොන්ට්කෙම්ෆර්බුන්ඩ් සහ නාසි පක්ෂයේ ස්ටූමබ්ටයිලුන් (SA) අතර වීදි සටන් සහ ප්‍රචණ්ඩත්වය සඳහාද හිට්ලර් දායකත්වය සැපයීය. 1920 ගණන් වල අග භාගයෙහිදී මෙන්ම 1930 ගණන් වල මුල් භාගයෙහිදී, අවශ්‍ය තරමේ මැතිවරණ සහාය ලැබූ නාසිහූ රයිස්ටාග් තුල විශාලතම දේශපාලන පක්ෂය බවට පත්වූ අතර, හිට්ලර්ගේ ‍දේශපාලන තික්ෂණතාව, වංචකභාවය සහ කපටබව යන්නන්ගේ සංකලනය තුලින්, පක්ෂයේ බහුතර-නොවන වුවද බහුත්ව තත්ත්වය, 1933 වසරෙහිදී පැවැති ආබාධිත වෙයිමාර් ජනරජය තුල කාර්යසාධක රාජ්‍ය පාලන බලයක් බවට පෙරලා ගැනුමට සමත් විය.

බලයට පත්වූ පසුව, නාසිවරුන් බලප්‍රාප්තිය පිළිබඳව මිථ්‍යා ප්‍රවාදයක් තැනූ අතර, දළ වශයෙන් මෙම ලිපියෙහි විෂය පථයය අදාළ කාල පරිච්ඡේදය, ඔවුන් විසින් හැඳින්වුනේ කැම්ප්ෆ්සයිට් (අරගල කාලසීමාව) හෝ කැම්ෆියාරර් (අරගල වසර ගණන) ලෙසිනි.

ඇරඹුම (1918–1924)[සංස්කරණය]

පළමුවන ලෝක යුද්ධයට පසුව ඌන සංවර්ධිත නාසි පක්ෂය හා සමග හිට්ලර් සම්බන්ධවූ අතර, මෙම ව්‍යාපාරයේ ප්‍රචණ්ඩ තානය මුලදීම සකස් කලේ, ස්ටූමබ්ටයිලුන් (SA) උපහමුදාව ස්ථාපනය කිරීමෙනි.[1] ප්‍රොතෙස්තන්ත බර්ලිනය වෙතින් පාලනය පිළිබඳ කතෝලික බැවේරියාව ප්‍රතිවිරෝධය දැක්වූ අතර, හිට්ලර් විසින් බැවේරියාවේ විප්ලවය දුටුවේ බලයට පැමිණීමේ අවස්ථාවක් ලෙසින් වුවද, මුල් ප්‍රයත්නය ඵලරහිත වූ අතර, 1923 මියුනික් බියර් හල් පුච් වලින් පසුව ඔහු සිරගත කරන ලදි. මෙම කාලය ඔහු විසින් භාවිතා කලේ මයින් කම්ෆ් නිමැවීමට වන අතර, එය තුල ඔහු තර්ක කලේ, ලලනාතාර යුදෙව්-ක්‍රිස්තියානි සදාචාර ප්‍රතිපත්තිය විසින් යුරෝපය බෙලහීන කරන අතර, ජර්මනියේ විභූතිය යලි ස්ථාපනය කිරීමට සහ අධිරාජ්‍යයක් ගොඩ නැගීමට දැඩි තැනැත්තෙක් අවශ්‍ය බවයි.[2] "නෛතික" ක්‍රම උපයෝගී කරගනිමින් බලය ලුහුබැඳීමේ ප්‍රයෝගය අනුගමනය කල යුතු බව ඔහු තීරණය කලේය.[3]

යුද විරාමයෙහි (නොවැම්බර් 1918) සිට පක්ෂ සාමාජිකත්වය (සැප්තැම්බර් 1919) වෙත[සංස්කරණය]

එතෙක් ඔහු ජර්මානු පුරවැසියෙක් නොවුවද, බැවේරියාවේ තුන්වන ලුඩ්විග් රජ විසින් අවසරය ලබා දීමෙන් පසුව, ඕස්ට්‍රියාවේ උපත ලද 25-වියැති හිට්ලර්, ජර්මානු හමුදාවේ බැවේරියානු බල ඇණිය වෙත බඳවාගැනුනි. වසර සතරක් තිස්සේ (අගෝස්තු 1914 – නොවැම්බර් 1918), පළමුවන ලෝක යුද්ධයෙහි,[lower-alpha 3] බටහිර පෙරමුණෙහි ප්‍රධාන යුද්ධාවතීරණයා වූයේ ජර්මනිය විය. 1918 නොවැම්බරයේදී පෙරමුණෙහි සටන් අවසන් වූ විගසින්,[lower-alpha 4] යුද විරාමයෙන් පසුව, මියුනික් වෙත හිට්ලර් යළි-පැමිණියේ [lower-alpha 5] රැකියාවක් විරහිතව, සිවිල් රැකියාවකට නිපුණතාවක් හා මිතුරන් නොමැතිවය. රයිස්වියා තුල ඔහු රැඳී සිටි අතර, 1918–1919 ශිශිර සෘතුවෙහිදී, සාපේක්ෂ වශයෙන් අර්ථ-විරහිත පැවරුමක් ඔහුට ලබාදුන්නද, [lower-alpha 6] අත්‍යන්තයේදී යුද්ධහමුදාවේ දේශපාලන දෙපාර්ත්මේන්තුව (පුවත්පත් සහ ප්‍රවෘත්ති කාර්යාංශය)විසින් බඳවාගැනුමට , බැවේරියානු සෝවියට් ජනරජයේ අවාසනාවන්ත බවට වගකිය යුත්තේ කුමක්ද යන්න විමර්ශනය කිරීමට යුද්ධ හමුදාවට ඔහු ලබා දුන් සහාය බොහෝ දුරට හේතු වන්නට ඇත.[4][lower-alpha 7] කපිතාන් කාල් මයර් යටතේ "ජාතික චින්තන" පාඨමාලා වලට ඔහු සහභාගී විය.[5] වාග්චතුර්යය පිළිබඳ ඔහුගේ නිපුණතා මෙන්ම, ඔහුගේ අන්තවාදී සහ විවෘත යුදෙව්-විරෝධිතාව, එම අදහස්ම දරණ යුද්ධ හමුදා නිලධාරියෙකුගේ අවධානයට යොමු වන්නට ඇති අතර, "අධ්‍යාපන නිලධාරියෙකු"ලෙසින් උසස්වීම් ලැබූ ඔහු හට ප්‍රසිද්ධ වේදිකාවන්හී කථනය සඳහා අවස්ථාව උදා විය.[6][lower-alpha 8][lower-alpha 9]

ආශ්‍රිත[සංස්කරණය]

අධෝසටහන්[සංස්කරණය]

  1. The dates chosen for such periods can be somewhat arbitrary. It was starting with Hitler's decision in the Pomeranian hospital to enter politics, and only concluding with (for example) his removal of Röhm (1934) or his "bloodless" conquest of Czechoslovakia (1937) or even his military conquest of France (1940). The article simply uses Hitler's decision to join the party as the start date of the "rise" and the adoption of the Enabling Act as its completion. While that is not the only possible interpretation, it is certainly a reasonable one.
  2. මෙම කාල සීමාවෙහිදී, ඔහුට ජර්මනිය තුල දේශපාලන ධූරයක් සඳහා තරග වැදිය නොහැකි වූයේ, ඔහු එකල ජර්මානු පුරවැසියෙකු නොවූ හෙයිනි. Shirer 1960, පිටු. 130–131.
  3. ඔහු හට පදක්කම් සහ භූෂණ කිහිපයක් ලැබුණද (දෙවරක් ඔහු ලද, පළමු හා දෙවන පංතියේ, ගෞරවණීය අයන් ක්‍රොස් පදක්කම ඇතුළුව), පදවියෙහි උසස්වීම් හිට්ලර් ලැබුවේ එක් වරක් පමණක් වන අතර, එය කෝප්‍රල් පදවිය (ගෆ්‍රයිටර්) දක්වා විය. Toland 1976, පිටු. 84–88.
  4. සක්‍රීය එදිරිවාදිකම් නවතන යුද-විරාමය, 1918 නොවැම්බර් 11 දින සිට බල පවත්වන පරිදී අත්සන් කෙරිණි. එවිට රෝහල්ගතව සිටි හිට්ලර් හට, නොවැම්බර් 10 වන ඉරිදා දිනයෙහි, රෝගීන් වෙත පැමිණි පාදිලිවරයෙක් වෙතින් දැනගන්නට ලැබුණේ, ඉදිරියේ සිදුවීමට නියමිත සටන්-විරාමය සහ යුද පිටියේදී ජර්මනියේ පරාජය සහ යටත්වීම නිසා විඳිමට සිදුවූ අනෙකුත් ප්‍රතිවිපාක —කයිසර් දෙවන විල්හෙල්ම්ගේ සිහසුන අත්හැරීම සහ, සියවස් ගණනක්-පැරණි හෝහන්සොලාන් රාජාණ්ඩුව ප්‍රතිස්ථාපනය කරමින් බර්ලිනයේ ජනරජයක් ප්‍රකාශයට පත් කීරිම දක්වා මෙහෙයවෙන විප්ලවයක් ඇකුළු —පිළිබඳවය. මෙම අප්‍රසන්න පුවත් ඉවසා ධාරණය කර දින ගණනකින්, හිට්ලර් විසින්ම තීරණය කලේ: "... මගේ ස්වීය දෛවය කුමක්දැයි මට පැහැදිලි විය  ... මම ... දේශපාලනයට අවතීර්ණ වීමට තීරණය කලෙමි." Hitler 1999, පි. 206.
  5. අභාවගත ඔස්ට්‍රො-හන්ගේරියානු අධිරාජ්‍යය තුල ඔස්ට්‍රියානු දෙමව්පියන්ට දාව උපන් හෙයින්, හිට්ලර් ජර්මානු පුරවැසියෙක් නොවුවද, බැවේරියානු බල ඇණියකට බැඳීමට සමත්වූ අතර, ඉදිරි වලලු වල පණිඩුවකරුවෙකු ලෙසින් සේවය කලේය. ක්‍රියාන්විතයෙහි යෙදී සිටියදී ඔහු දෙවරක් තුවාල ලදි; යුද-විරාමය සිදු වන විට, ඔහු සිටියේ ජර්මානු රෝහලක ( බර්ලිනයට ඊසාන දිගින් වූ පමරේනියාහී) වන අතර, අවසන් ඊපා සටනෙහිදී ඔක්තොම්බර් මස මැද භාගයේදී සිදුවූ බ්‍රිතාන්‍ය වායු ප්‍රහාරයක් නිසා ඇතිවූ තාවකාලික අන්ධභාවයක් වෙතින්, සුවය ලබමින් සිටියේය. Shirer 1960, පිටු. 28–30; Toland 1976, පි. 86.
  6. ඔස්ට්‍රියානු දේශ සීමාව අසබඩ, නැගෙනහිර දිශාවට වන්නට, යුද සිරකරු කඳවුරක මුරකිරීම් රාජකාරිය. සික් දනවන සුළු කරුණක් වූයේ, මෙම සිරකරුවන් රුසියානුවන් වූ අතර, හිට්ලර් මෙම පත්කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමයි. Shirer 1960, පි. 34; Toland 1976, පි. xx.
  7. ටෝලන්ඩ් යෝජනා කර සිටින්නේ, මෙම අංශයට හිට්ලර්ගේ කාර්ය පැවරුම, අර්ධ වශයෙන්, ඉදිරි වලලු වල ඔහුගේ "ආදර්ශවත්" සේවාව නිසා ප්‍රදානයක් වූ බවට සහ, අර්ධ වශයෙන්, මිතුරන් කිසිවෙක් නොවූ නමුදු යුද්ධ හමුදාව බලාපොරොත්තු වන ඕනෑම කාර්යයක් ඉටු කිරීමට සැදි පැහැදී සිටීම නිසා වගකිය යුතු නිලධාරියාට හිට්ලර් පිළිබඳ කණගාටු සිතිවිලි පහලවීම නිසා වූ බවයි. Toland 1976, පි. xx.
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; public speaking 1 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; public speaking 2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

සටහන්[සංස්කරණය]

  1. Shadows of the Dictators 1989, පි. 25.
  2. Shadows of the Dictators 1989, පි. 27.
  3. Shadows of the Dictators 1989, p. 28.
  4. Shirer 1960, පි. 34.
  5. Kershaw 2008, පිටු. 72–74.
  6. Shirer 1960, පි. 35.