වර්ග සංහාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

විසි වන ශත වර්ෂය තුළ මෙම "වර්ග සංහාරය" ප්‍රබල ප්‍රශ්නයක් බවට පත් විය. එය අද ලෝකය පිළිගනු ලබන්නා වූ ශිෂ්ට සම්පන්න සමාජයකට පටහැනි වන්නා වූ අපරාධයකි. රුවන්ඩාවේ ටුට්සි ජාතිකයන් ඝාතනය මෑත කාලිනව සිදු වූ එවැනි එක් ඛේදවාදකයක් පමණි. අනෙකුත් යුධමය තත්වයන් මෙන් නොව වර්ග

පටුන

GENOCIDE පදයේ මූලාරම්භය[සංස්කරණය කරන්න]

Raphael Lemkin(1900- 1959) නම් පෝලන්ත - යුදෙව් ජාතික නීති විශාරද විසින් "Genicide" යන පදය මුල් වරට ප්‍රකාශ කරන ලදී. "genos" යන ග්‍රීක වචනයෙන්ද (ග්‍රීක භාෂාවෙන් එහි අර්ථය පවුල, ගෝත්‍රය,ජාතිය වේ.) "cide" යන ලතින් වචනයෙන්ද (ලතින් භාෂාවෙන් cide යනු යනු සමූල ඝාතනයයි.) සෑදුන ලද්දකි. මෙය යුදෙව් ජන සංහාරය සමයේ නිර්මාණය කරන ලද්දක් බැවින් ඔහුගේ අර්ථ නිරූපණය පටු එකකි. නට්සීන්ගේ යුදෙව් ජන සංහාරය හා ආමේනියානු ජන සංහාරය යන සිද්ධීන්ට පමණක් සිමා වූවකි. නමුත්වර්ග සංහාරය යන්න භෞතික වශයෙන් සිදු වන හානියට පමණක් සීමා නොවේ. යම් ජන සමූහයකගේ සංස්කෘතිය,ජීවන පැවැත්ම අහිමි කිරීමද ඊට අයත් වේ. ස්විට්සර්ලන්ත ජාතික මහාචාර්යය Julia Fribourg අනුව වර්ග සංහාරය යන්නට යම් ජන කොට්ඨාශයකගේ සංස්කෘතිය වාසස්ථාන භූමි අහිමි කිරිමේ අරමුණින් ඔවුන් අවතැන්භාවයට පත් කිරිමද ඇතුළත් වේ.

වර්ග සංහාරය යන්නෙහි අදහස[සංස්කරණය කරන්න]

වර්ග සංහාරය යනු කුමක්ද යන්න සළකා බැලීමේදී වර්ග සංහාරය යන අපරාධය වැළැක්වීමේ හා දඬුවම් පැමිණවීම පිළිබඳ සම්මුතියේ දෙවන ව්‍යවස්ථාව දක්වන ලෙසට යම් ජන වර්ගයක් ,ජාතියක් ,ආගමික කණ්ඩායමකට අයත් පිරිසක් මරා දැමීම, බරපතළ ලෙස ශාරීරික හා මානසික හානි සිදු කිරීම, හිතාමතාම ඔවුන්ගේ ජීවන තත්ත්වයට හානි කිරීම,ශාරීරික වශයෙන් දුබලතාවයට පත් කිරීම,උපත් පාලනය කිරීම, බලහත්කාරයෙන් ළමුන් එක් ජන කොට්ඨාශයකින් තවත් ජන කොට්ඨාශයකට මාරු කිරීමයි. මෙහිදි එක් ජන කොට්ඨාශයක් යන්නෙහිදි මුළුමනින්ම ජන කොටස හෝ එහි කොටසක්ද සංහාරයට ලක් කිරිම අදහස් වේ.
Rome statute of the International Criminal Court හි 06 වන ව්‍යවස්ථාව මඟින්ද මේ හා සමාන අර්ථ නිරූපණයක් ඉදිරිපත් කර තිබේ. Helen Fein අර්ථ දක්වන ආකාරයට ජන සංහාරය යන්න තුළ ජීව විද්‍යාත්මක වශයෙන් මෙන්ම සමාජමය වශයෙන්ද අදාළ පුද්ගල කොට්ඨාශය නැවත බිහි කිරිම වළක්වාලනු ලබයි.Lemkin නම් නීති විශාරදයා දක්වන පරිදි වර්ග සංහාරයේදි ක්ෂණිකව යම් ජාතියක් විනාශ වීම අදහස් වන්නේ නැත. එය අදාළ පුද්ගල කොට්ඨාශයේ පදනම විනාශ කිරිම අරමුණු කර ගත් යම් සැකැස්මක් සේම ඒ තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය විනාශ කර දැමීමක් ද සිදු විය හැකිය.
වර්ග සංහාරය තුළ දේශපාලන, සමාජීය ආයතන තුළ සංස්කෘතිය, භාෂාව, ජාතික හැඟීම්,ආගම, ආර්ථික තත්ත්වයන් බිඳී යාමද පුද්ගල ආරක්ෂාව, නිදහස, ගෞරවය මෙන්ම තනි පුද්ගල ජීවිත විනාශ වී යාමද එම සැළැස්ම තුළ අන්තර්ගත විය හැකිය. ජන කොටසක් යන්න පිළිබඳව සළකා බැලීමේදී International Tribunal for the Former Yugoslovia මඟින් තීරණය කරන ලද prosecuter v Radislav Kristic හිදී "කොටස"(part)යන්න අර්ථ නිරූපණය කරයි. ඒ අනුව "කොටසක්" යන්න අදාළ ජන කොට්ඨාශවයන් සැළකිය යුතු කොටසක් විය යුතු බව තීරණය කරන ලදි.

වර්ග සංහාරය යනු අපරාධයකි[සංස්කරණය කරන්න]

Genocide.jpg


මනුෂ්‍යන් උත්පත්තියෙන්ම යම් අයිතිවාසිකම් සමූහයකට උරුමකම් කියයි. එම අයිතිවාසිකම් අද වන විට ලෝකයේ විවිධ සම්මුති මඟින් තව දුරටත් සුරක්ෂිත කර තිබේ.නමුත් වර්ග ඝාතනය තුළින් මිනිසුන්ගේ ජීවිතයට ඇති අයිතිය, ජාතිකත්වයට ඇති අයිතිය, කෲර හා අමානුෂික වධ හිංසාවන්ට ලක් නොවි සිටිමේ අයිතිය ද බරපතළ ලෙස උල්ලංඝනය කරයි. අප සියල්ලෝම මනුෂ්‍යන් වශයෙන් උපත ලබා ඇත්තෙමු. ජාතිය,වර්ගය, ආගම, කුලය අනුව කිසිම අයෙක් වෙනස් කොට නොසැළකිය යුතුය.වර්ග සංහාරයේදී යම් ජන කොට්ඨාශයක ඉදිරි පැවැත්ම අහිමි කරනු ලබයි. ළමුන්ගේ ජීවිත පවා විනාශ කර දැමීම ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රඥප්තිය මඟින්ද බැහැර කර තිබේ. එම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සියළු රාජ්‍යයන් බැඳී සිටී.


ජාත්‍යන්තර නීතිය තුළ වර්ග සංහාරය වැළැක්වීම[සංස්කරණය කරන්න]

ජාත්‍යන්තර සම්මුති නීතිය[සංස්කරණය කරන්න]

මෑත කාලීන ලෝක ප්‍රවණතාව අනුව පෙනී යන්නේ ජාත්‍යන්තර ප්‍රජාව අමානුෂික ගණයේ අපරාධයක් ලෙස සළකන වර්ග සංහාරය විවිධ සම්මුති ඔස්සේ ප්‍රකාශිතවම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

  • convention on the prevention and punishment of the crime genocide 1948

ජන සංහාරය මනුෂ්‍යත්වයට එරෙහි වු අපරාධයක් ලෙස දක්වා තිබේ. එහි පළමු වගන්තිය මඟින් ජන සංහාරය යන්න යුධ සමයේ සිදු වුවත් සාමකාමි කාලයක සිදු වුවත් අන්තර්ජාතික නීතිය යටතේ අපරාධයක් බව දක්වා ඇත. එහි දෙවන වගන්තිය මඟින් දක්වා ඇති පරිදි එය ජාතියක, ජන වර්ගයක හෝ ආගමික කොට්ඨාශයක් වැනි ජන සමූහයක් හෝ කොටසක් විනාශ කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් විය යුතුය. මෙම සම්මුතිය 1951 සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ විය.

මෙම සම්මුතියේ දුර්වලතා[සංස්කරණය කරන්න]

මෙහිදි ජන සංහාරය යන්නට ලබා දි ඇති අර්ථ නිරූපණය ප්‍රමාණවත් වන්නේ නැතැයි චෝදනා නැඟේ. M.Hassan Kakar ඔහුගේ The Soviet Invasion and the Afghan Response (1979- 1982) ග්‍රන්ථයේ තර්ක කරන පරිදි වර්ග සංහාරය සඳහා වූ අර්ථ නිරූපණය තුළට දේශපාලන කණ්ඩායමක් යන්න ඇතුළත් නොවීම අඩුපාඩුවකි.

  • Rome Statute of International Criminal Court

දෙවන වගන්තිය: වර්ග සංහාරය මනුෂයත්වයට එරෙහි අපරාධයක් බව පිළිගනී.

මෑතකාලීන ඉතිහාසය තුළ අත්දැකීම්[සංස්කරණය කරන්න]

Genocide world map3.gif

  • The Aghet : 1914 - 1923 කාලයේ ආමේනියානුවන්ට එරෙහි තුර්කි වර්ග සංහාරය
  • The Holocaust : 1933 - 1945 කාලයේ ජර්මනියේ ඒකාධිපති පාලක ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි හමුදාව යුදෙව්වන්,රෝම, රුසියානුවන් හා වහල් ජනයාටත් විරුද්ධ දේශපාලන මතධාරීන්ටත් එරෙහිව සිදු කරන ලද වර්ග සංහාරය
  • The Kluner Rouge Genocide : 1975 - 1979 කාලයේ කාම්පූචියාවේ වියට්නාම, මුස්ලිම්, චීන සුළුතරයට එරෙහිව සිදු කරන ලද ජනසංහාරය
  • The Hutu : 1994 රුවන්ඩාවේ ටුට්සි (Tutsi) සුළුතරයට හා හුටු (Hutu) විරෝධීන්ට එරෙහිව සිදු කරන ලද වර්ග සංහාරය

20 වන ශත වර්ෂය තුළ ප්‍රධාන වශයෙන් සිදු වු මෙම ජන සංහාරයන්ට අමතරව මෑත කාලීන ඉතිහාසය තුළ තවත් උදාහරණ කිපයකි.

  • 1971 බංගලාදේශ (නැගෙනහිර පාකිස්ථාන) සමූල ඝාතන
  • සෝවියට් කොමියුනිස්ට් රජය දේශපාලන,ආර්ථික හේතු මත කොමියුනිස්ට් විරෝධි ජාතික හා ආගමික කොටස් ඝාතනය
  • චින කොමියුනිස්ට් රජය විසින් කරන ලද ටිබෙට් ජාතින් ඇතුළු සුළුතර කොටස් ඝාතනය
  • නැමීබියාවේ හෙරෝරෝ ඝාතන
  • බොස්නියාවේ මුස්ලිම් ඝාතන
  • ඩාෆූර්හි කළු අප්‍රිකානු ඝාතන
  • ඉරාකයේ කුර්දි ජනයා ඝාතනය
  • ඇතමුන් ඕස්ට්‍රේලියානු රජය විසින් ඇබොර්ජියන් පවුල් වෙතින් ඔවුන්ගේ ළමුන් ඉවත් කිරීමට පියවර ගැනීමද සමූල ඝාතනයක් ලෙස දකී.

වර්ග සංහාරය අපරාධයක් ලෙස ජාත්‍යන්තර අධිකරණය තුළ සාකච්ඡා වීම[සංස්කරණය කරන්න]

අද වර්ග සංහාරය හුදෙක් අන්තර්ජාතික නීතිය යටතේ වූ අපරාධයක් ලෙස සළකා බලන්නේ නැත. එය අද අනුලංඝනීය නියමයක් ලෙස ( jus cogens) සැවොම අනිවාර්යයෙන්අනුගමනය කළ යුතු "erga omnes" වගකීමක් බවට පත්ව තිබේ. ඒ අනුව සම්මුති නීතිය මඟින් පමණක් නොව චාරිත්‍රානුකූල නීතිය යටතේ පවා වර්ග සංහාරය ප්‍රතික්ෂේප කරනු ලැබේ. මේ අනුව අධිකරණ පර්ශද මඟින් මෙන්ම ජාත්‍යන්තර අධිකරණය යටතේ පවා ජන සංහාරය පිළිබඳ සළතා බැලූ අවස්ථා ඇත.

අධිකරණ පර්ශද ( ad hoc tribunals)[සංස්කරණය කරන්න]

නියුරම්බර්ග් අධිකරණ පර්ශදය[සංස්කරණය කරන්න]

දෙවන ලෝක යුද්ධ සමයේ නාසි හමුදාව විසින් ජර්මනියේ සිදු කරන ලද වර්ග සංහාරය පිළිබඳ කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සිදු කරන ලදී.

පැරණි යුගෝස්ලෝවියානු අධිකරණ පර්ශදය[සංස්කරණය කරන්න]

1991 සිට බොස්නියාවේ සිදු කරන ලද ජන සංහාරය පිළිබඳ දඬුවම් නියම කරන ලදී. Republic Srpska Krajma හි අගමැති ඇතුළු පිරිසකට වසර 13 සිර දඬුවම් ද බොස්නියාවේ Serb හමුදා නිලධාරියෙකු වූ Vidoje Blagojevic වසර 18 සිර දඬුවම් සමඟ වර්ග සංහාරය පිළිබඳ දඬුවම් නියම කරන ලදී.

රුවන්ඩා අධිකරණ පර්ශදය[සංස්කරණය කරන්න]

1994 රුවන්ඩාවේ සිදු වූ සමූල ඝාතන පිළිබඳ නඩු විභාග කරන ලදී.Prosecutor v Jean Paul Akayesu හිදි පර්ශදය මඟින් අන්තර්ජාතික නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳ වගකීම පවරන ලදී.

අන්තර්ජාතික අධිකරණය[සංස්කරණය කරන්න]

අධිකරණ පර්ශද මඟින් පමණක් නොව අන්තර්ජාතික අධිකරණය පිහිටුවීමෙන් පසු වර්ග සංහාරය බරපතළ ගණයේ අපරාධයක් ලෙස සළකා එමඟින්ද මේ පිළිබඳ නඩු පැවරීමේ හැකියාව ඇත.

Icj.jpg

Reservation to the Convention on the Prevention and Punishment of Genocide Case[සංස්කරණය කරන්න]

වර්ග ඝාතනය යන්න අද අන්තර්ජාතික නිතිය යටතේ අපරාධයක් වශයෙන් පමණක් නොව අනිවාර්යෙන් අනුගමනය කළ යුතු යයි බැඳීමක් ඇති කරවන ලද අනුලංඝනීය නියමයක් වශයෙන්ද පිළිගන්නා ලදි.

Genocide in Dafur[සංස්කරණය කරන්න]

සුඩානය තුළ මනුෂ්‍යත්වයට එරෙහි වු අපරාධයන්, යුධ අපරාධයන් ආදිය සිදු වු බවට තීරණය කළ නමුත් වර්ග සංහාරය සිදු වූ බව ඔප්පු කළ නොහැකි විය.

Bosnian Genocide Case[සංස්කරණය කරන්න]

සර්බියානු හමුදා විසින් අටදහසක් පමණ වු බොස්නියානු ජනයා ඝාතනය කිරිම, කෲර වධහිංසා පැමිණවීම ආදි අපරාධ අපරාධ රැසක් සිදු කර තිබුණි. නමුත් අවාසනාවන්ත ලෙස අධිකරණය ප්‍රකාශ කර සිටියේ වර්ග සංහාරය කිරීමට තරම් අවශ්‍ය වූ චේතනාව පෙන්විමට මෙහිදි හැකියාවක් ලැබි නොමැති බවයි.

දේශීය නීති තත්ත්වයන් යටතේ වර්ග සංහාරය යන්න අපරාධයක් ලෙස[සංස්කරණය කරන්න]

කැනඩාව[සංස්කරණය කරන්න]

War Crimes against Humanity Act මඟින් වර්ග සංහාරය යන්න කැනඩාව තුළ සිදු කරනු ලැබුවද (කැනඩා දේශ සීමාවට පැමිණි පිටස්තරයෙකු සිදු කළද) කැනඩා දේශ සිමාවෙන් පිටතදී සිදු කරනු ලැබුවද කැනේඩියානු ජාතිකයෙක් විසින් සිදු කරනු ලැබුවද ඔහුට එරෙහිව නඩු පැවරීමේ හැකියාව ඇති බව පිළිගනී.

නෙදර්ලන්තය[සංස්කරණය කරන්න]

2005 දෙසැම්බර් මස ඕලන්ද අධිකරණය මඟින් Frans Van Anraut ට එරෙහිව ඉරාකයේ කුර්දි ජනයා ඝාතනය වූ සමයේ ඉරාකයට රසායනික අවි සැපයීම පිළිබඳ නඩු පවරන ලදී. නමුත් ඔහුට වර්ග සංහාරය යටතේ නොව යුධ අපරාධයක් ලෙස සළකා ඒ පිළිබඳ වගකීම පවරන ලදි.

ස්පාඤ්ඤය[සංස්කරණය කරන්න]

2005 වර්ෂයේ චීන ජාතිකයන් පිරිසකට එරෙහිව ටිබෙටයෙහි වර්ග ඝාතනය කිරීමට සහභාගි වීම පිළිබඳ නඩු පවරන ලද්දේ වර්ග ඝාතනය පිළිබඳ විශ්වමය අධිකරණ බලය තිබූ බැවිනි.

ඇමරිකා එක්සත් ජනපදය[සංස්කරණය කරන්න]

ඇමරිකාවේ ෆෙඩරල් නිතිය තුළ ඇමරිකානුවකු කරන ලද වර්ග සංහාරයක් අපරාධයක් ලෙස හඳුනා ගනී. ඊට වරදකරුවකු වන වන අයකුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ හැකිය.

එක්සත් රාජධානිය[සංස්කරණය කරන්න]

International Criminal Court Act මෙහිදී බලපැවැත්වේ. එංගලන්ත සාමි මන්ත්‍රී මණ්ඩලය විසින් තීරණය කරන ලද පිනෝචේ නඩු තීන්දුව (pinochet case) වැදගත් සංදිස්ථානයකි. චිලි දේශයේ පිනෝචේ රාජ්‍ය සමයේ සිදු කරන ලද වර්ග සංහාරයන් හා අනෙකුත් යුධ අපරාධ පිළිබඳ පිනෝචේ උදර්පණය කරන ලෙස ඉල්ලා ස්පාඤ්ඤය නඩු පවරන ලදී. සාමි මන්ත්‍රී මණ්ඩලය තිරණය කරන ලද්දේ රාජ්‍යය නායකයෙකු වුවත් මනුෂයත්වයට එරෙහි අපරාධයක් වන වර්ග සංහාරය යන්නේ නායකයෙක්ට වගකීමෙන් මිදිය නොහැකි බවයි.

මීට අමතරව බෙල්ජියම,ෆිජී ඇතුළු රටවල් වර්ග සංහාරය පිළිබඳව විශ්වමය අධිකරණ බලය පිළිගනී.

වර්ග සංහාරය වැළැක්විමේ අභියෝග[සංස්කරණය කරන්න]

  • ජාත්‍යන්තර නීතිය බලාත්මක කිරිමේදී මතුවන ප්‍රායෝගික ගැටළු
    Stop genocide.jpg
  • නිරන්තර අවධියෙන් සිටීමේ හැකියාව අඩු වීම
  • දේශීය නීතිය මෙන්ම ජාත්‍යන්තර නීතියේ අර්ථ නිරූපණයේ පවතින දුර්වලතා

Stages of Genocide and efforts to prevent[සංස්කරණය කරන්න]

1996 හිදී "Genocide Watch" හි නිර්මාතෘ Gregory Stanton වර්ග සංහාරය පිළිබඳ පියවර 8ක් යෝජනා කර තිබේ(at United States Department of state). ඔහු යෝජනා කරන පරිදි වර්ග සංහාරය පියවර 8ක් ඔස්සේ වර්ධනය වන අතර එය කළින් අනාවැකි පළ කරන්නක් මිස ස්ථිර එකක් නොවේ.

පියවර ලක්ෂණ වැළැක්වීම
1 වර්ගීකරණය මිනිසුන් අපි හා ඔවුන් යනුවෙන් වෙන් කිරීමකට ලක් වේ. පළමු පියවරේදී ප්‍රධාන වැළැක්වීමේ විධිවිධාන නම් බෙදිම ඉක්මවා ගිය විශ්ව ව්‍යාප්ත ආයතන වර්ධනයයි.
2 සංකේතකරණය වෛරය සමඟ මුසු වූ විට ප්‍රචණ්ඩත්ව කණ්ඩායම් වල සාමාජිකයන් බලකිරීම් මත සංකේතවත් වේ. සංකේතකරණය සමඟ සටන් කිරීමට වෛරයේ සංකේත නීතියෙන් තහනම් කළ යුතු වේ.
3 පුද්ගලත්වය සිඳීයාම එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කරයි. එම ජන කොටෙස් මිනිසුන් සතුන් , පළිබෝධකයන් , කෘමීන් හෝ විෂබීජ ලෙසට සමාන කොට සළකයි. වෛරය පතුරුවන රේඩියෝ විකාශන වසා දැමිය යුතුය. වෛරකාරි ප්‍රචාරණ තහනම් කළ යුතුය. වෛරකාරි අපරාධ හා කෲරකම් වලට දඬුවම් පැමිණවිය යුතුය.
4 සංවිධානය වීම වර්ග සංහාරය යන්න හැම විටම සංවිධානය වූවකි. විශේෂ හමුදා කොටස් හා මිලිටරි ඒ සඳහා පුහුණු කරයි. මේ පියවර වැළැක්වීම සඳහා එවැනි මිලිටරිවල සාමාජිකත්වය නීතියෙන් තහනම් කළ යුතුය.
5 දෙකඩ වීම වෛරකාරි කොටස් දෙකඩ වන ප්‍රචාරණ විකාශනය කරයි. මැදිහත් නායකත්වයෙන් හෝ මානව හිමිකම් කණ්ඩායම් වල සහායෙන් ආරක්ෂා කිරිම
6 හඳුනා ගැනිම වින්දිතයන් හඳුනා ගත යුතුය. ඔවුන්ගේ ජාතිකත්වය හා ආගමික හඳුනා ගැනිම මඟින් මෙම වෙන් කිරිම කළ හැකිය. වර්ග සංහාර අනතුරු හැඟවීම Genocide Alert යන්න ප්‍රකාශයට පත් කිරිම.
7 සම්පූර්ණ විනාශය මරා දමන්නනන් සඳහා මෙය මුලිනුපුටා දැමීමකි. මන්ද යත් ඔවුන් මෙම වින්දිතයන් සම්පූර්ණ මිනිසුන් ලෙස නොසළකන බැවිනි. මේ පියවරේදි ඉතා ඉක්මන් හා සම්පූර්ණ විනාශයක් වන නිසා එය හමුදාවකට පමණක් වැළක්විය හැක. සැබෑ ආරක්ෂිත ප්‍රදේශ හා සරණාගතයන් බේරි යන පටු ආලින්ද (refugee escape corridors)ඇති කළ යුතුය.එසේම ඒවා ජාත්‍යන්තර හමුදාවේ තද ආරක්ෂාව යටතේ පිහිටවිය යුතුය.
8 ප්‍රතික්ෂේප කිරීම අපරාධකරු තමන් අපරාධයක් කළ බව පිළි නොගනි මීට දැක්විය හැකි ප්‍රතිචාරය නම් ජාත්යැන්තර අධිකරණ පර්ශද / දේශීය අධිකරණ තුළින් ඔවුන්ට දඬුවම් පැමිණවීමයි.

 


පරිශීලනය කළ මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

  • www.wekipedia.com
  • www.preventgenocide.com
  • Sri Lanka Journal of International Law (2006 - vol 18)

මේ අඩවිත් බලන්න[සංස්කරණය කරන්න]

ජාත්‍යන්තර අපරාධ අධිකරණය
වර්ග ඝාතනය
මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ
විවිධ රටවල් තුළ සිදු වූ වර්ග සංහාරයන්

"https://si.wikipedia.org/w/index.php?title=වර්ග_සංහාරය&oldid=290694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි