හයිඩ්‍රොක්ලෝරික් අම්ලය

විකිපීඩියා වෙතින්
හයිඩ්‍රොක්ලෝරික් අම්ලය
Sample of hydrochloric acid in a bottle
Names
IUPAC name
වෙනත් නාම
Muriatic acid
Spirit of salt
Identifiers
CAS number 7647-01-0 YesY
ChemSpider 307 YesY
UNII QTT17582CB YesY
ChEBI CHEBI:17883
Hazards
Flash point {{{value}}}
Related compounds
Related hydrohalic acids Hydrobromic acid

Hydrofluoric acid
Hydroiodic acid

Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa).

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යනු ජලයේ දියවූ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් ද්‍රාවණයකි. එය බොහෝ කාර්මික අවශ්‍යතා සදහා යොදා ගන්නා ප්‍රබල ,අකාබනික, විකාදක අම්ලයකි.එය ස්වාභාවිකව ආමාශයික අම්ලය ලෙසින් හමුවේ.අතීතානුකූලව මියුට්‍රියක් අම්ලය,සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රිතය ලෙස හැදින්වු මෙය සල්පියුරික් අම්ලය හා සාමාන්‍ය ලුනු යොදා නිපදවයි. මෙය පලමු වරට දක්නට ලැබුනේ පුනරුදය කාලයේය .ඉන් පසු එය ග්ලෝබර් ,ප්‍රියෙස්ට්ලි, ඩේවි යන රසායනඥයන් විසින් විද්‍යාත්මක පර්යේෂණ සදහා යොදා ගන්නා ලදී . හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ අධික නිෂ්පාදනය සිදුවුයේ කාර්මික විප්ලවය තුලදීය.හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ,රසායනික ප්‍රතිකාරකයක් ලෙස මහා පරිමාණයෙන් විනිල් ක්ලෝරයිඩ් නිෂ්පාදනයට ගන්නා ලදී.මෙම විනිල් ක්ලෝරයිඩ් PVC ප්ලාස්ටික් ,පොලියුරෙතේන් සඳහා MDI/TDI නිෂ්පාදනයට යොදා ගන්නා ලදී.එයට බොහෝ කුඩා පරිමාණ භාවිත ඇත.ඒවා නම් ගෘහස්ථ පිරිසිදු කිරීම ජෙලටීන් නිෂ්පාදනය , ආහාර සංකලන ද්‍රව්‍ය නිෂ්පාදනය , තුලිතකාරකයක් ලෙස,සමින් නිමවුණු දෑ සකස් කිරීමවේ. වාර්ෂිකව හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මෙට්රික් ටොන් මිලියන 20 නිපදවයි.

නිරුක්තිය[සංස්කරණය]

යුරෝපීය රසායනඥයන් විසින් ක්ෂාර අම්ලය සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රිතය ලෙස මෙය හදුන්වන ලදී. මෙම නම් 2ම තවම භාවිතාවේ. විශේෂයෙන්ම ඉංග්‍රීසි නොවන භාෂාවලදී එනම් ජර්මන් වලදී සෝල්සෝ ලෙසද ලන්දේසි වලදී සෝවුටෙර් ලෙසද හැදින්වේ. වායුමය HCl නාවික අම්ල වායුව ලෙස හැදින්වේ .පැරණී (පූර්ව වර්ගීකරණය) නම වන මියුට්‍රියක් අම්ලයට ද ඇත්තේ සමාන සම්භවයකි."මියුට්‍රියක් යනු අති ක්ෂාර හෝ ලුණුවලටසම්බන්ධකමක් තියනවා යන්නයි").මෙම නම තවම භාවිතාවේ


ඉතිහාසය[සංස්කරණය]

ඇක්වා රෙජීයා යනු හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය හා නයිට්‍රික් අම්ලය අඩංගු මිශ්‍රණයකි.මෙය නයිට්‍රික් අම්ලය හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ දියකර සාදා ගෙන ඇති බව මුල්වරට විස්තර කරන ලද්දේ යුරෝපීය රසායනඥයකු වු සුවුඩෝ ගෙබර් විසිනි.අනික් සටහනක් ඉදිරිපත් කරනුයේ පළමු සඳහන් කිරීම කර ඇත්තේ නැගෙනහිර රෝම අධිරාජ්‍යයට අයත් 13 වන සියවසේ අත් පිටපතකින් බවය .කලින්ම කරන ලද අනාවරණයකින් ඉදිරිපත් කරනුයේ ජබීර් ඉබ් හයාන් යන රසායනඥයකු විසිනි .


නිදහස් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ගැන මුල්වරට රූපාත්මකව ඉදිරිපත් කලේ 16 වන සියවසේ විසූ ලිබවියස් විසිනි. ඔහු එය මැටි කෝවක ලුනු දමා රත් කිරීම මගින් පෙන්වීය.අනිකුත් උත්පාදකයන් අයිතිවාසිකම් කියනුයේ ජර්මන් බෙනඩික්ට් පියතුමකු වන බැසිල් වැලන්ටයින් විසින් ලුනු සහසල්පියුරික් අම්ලය රත් කිරීමෙන් 15 වන සියවසේදී මෙය සොයා ගන්නා බවය.අනික් අය පවසනුයේ පිරිසිදු හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සොයාගැනීම සම්බන්දයෙන් පැහැදිලි සඳහන් කිරීමක් 16 වන සියවස අවසානය දක්වා නොමැති බවය 17 වන සියවසේදී, ජර්මනියේ කර්ස්ටඩ් ඇඩ් මේන් සිට පැමිනි ජෝන් රුඩොල්ප් ග්ලෝබර් ,සෝඩියම් ක්ලෝරයිඩ් සහ සල්පියුරික් අම්ලය යොදා මැන්හෙමින් ක්‍රියාවලිය තුලින් සෝඩියම් සල්පේට් සෑදීමේදි හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් නිදහස් වන බව සොයාගන්නා ලදී .එංගලන්තයේ ලීඩ්ස් සිට පැමිනි ජෝෂෆ් ප්‍රියෙස්ලි පිරිසිදු හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් 1772 දී සාදන ලදී.1918දී එංගලන්තයේ පෙන්සැන්ස් සිට පැමිනි හම්ප්‍රී ඩ්‍රේව් විසින් හයිඩ්‍රජන් හා ක්ලෝරයිඩ් අතර රසායනික සංයෝජනය ඔප්පු කරන ලදී.කාර්මික විප්ලවය තුලදී ක්ෂාරමය ද්‍රව්‍යය සදහා ඉල්ලුම වැඩිවිය.නිකොලස් ලෙබනැක්(ඉසෝඖඩම්, ප්‍රංශය) විසින් නව කර්මාන්ත ක්‍රියවලියක් ,මහා පරිමාණයෙන් සෝඩියම් කාබනේට් (සෝඩා අලු)නිපදවීම සදහා ආරම්භ කරන ලදී.මෙහිදී සාමන්‍ය ලුනු, හුණු ගල් හා ගල් අඟුරුයොදා ගෙන සෝඩා අලු බවට පරිවර්තනය කරන අතර අතුරු පලයක් ලෙස හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් නිදහස්වේ.බ්‍රිතාන්‍ය ක්ෂාරමය පනත සහ අනෙකුත් රටවල නීති සම්පාදනය වනතුරු අතිරික්ත HCl වාතයට විවර කරන ලදී. පනත සම්මත කිරීමෙන් පසු සෝඩා අලු නිපදවන්නන් අපතේ යන වායුව ජලයේ අවශෝෂණය කර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කාර්මිකව නිපදවීමට පෙලඹුණි. 21 වන සියවසේදි [[ලෙබනැක් ක්‍රියවලිය ,සොල්වේ ක්‍රියාවලිය මගින් ප්‍රතිස්ථාපනය කරන අතර මෙමගින් අතුරු පලයක් ලෙස හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් ලබා නොදේ.හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඒ වන විටත් සම්පූර්ණයෙන්ම වැදගත් රසායනික ද්‍රව්‍යයක් ලෙස බොහෝ යෙදීම් වල භාවිතාවූ නිසා , වාණිජ ප්‍රයෝජනය සදහා අනික් නිෂ්පාදන විධික්‍රම අරඹන ලදී.තවමත් ඒවායින් සමහර ක්‍රම භාවිතවේ .2000 න් පසු හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වැඩිපුරම නිපදවනු ලැබුයේ ,කාර්මික කාබනික සංයෝග නිපදවීමේදී සිත් ගන්නා අතුරුපලයක් ලෙස මුදා හැරෙන හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අනුසාරයෙන්ය ඊට පසු ව 1988, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ,වගුව II යටතේ ලේඛනයට ඇතුළත් කරන ලද්දේ එක්සත් ජාතීන්ගේ නීති විරෝධී දේවල් ගනුදෙනු කිරීම හා මත් කාරක හා මානසික රෝග වලට එරෙහි සම්මුතිය මගිනි.එනම් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් හෙරොයින්, කොකේන් ,මෙදම්පීටැමින් නිපදවීමට යොදා ගන්නා බැවිනි

රසායන විද්‍යාව[සංස්කරණය]

හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අම්ලය මොනොප්‍රොට්‍රික් අම්ලයකි. එනම් විකණ්ඩනයේදි (අයනීකරණය) එක H+ අයනයක් පමනක් නිදහස් කරන බැවිනි.(ප්‍රෝටෝන්) ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේදී H+ , ජලීය අණුවක් සමග එක්වී හයිඩ්‍රෝනියම් අයනය සාදයි H3O+

HCl + H2O → H3O+ + Cl−

අනික් අයනය Cl− සාදයි ,ක්ලෝරයිඩ් අයනයවේ.එම නිසා හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අම්ලය, සෝඩියම් ක්ලෝරයිඩ් වැනි ලවණ ක්ලෝරයිඩ් සෑදීමට ගනී.හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අම්ලය විකණ්ඩනයේදි ජලය තුල සම්පූර්ණයෙන්ම විඝටනය වන නිසා එය ප්‍රබල අම්ලයකි.මොනොප්‍රොට්‍රික් අම්ලයට අදාල විඝටන නියතයක් ඇතka.එමගින් පෙන්වනුයේ ජලය තුල විඝටනය වන මට්ටමය.ප්‍රබල අම්ල සදහා එය විශාල අගයකි.සිද්ධාන්තමය ලෙස Ka ,සැදූ HCl වලට යෙදිය හැක.ජලීය HCl වලට .NaCl ලවණ එක් කළ විට ප්‍රායෝගිකව pH අගයට බලපෑමක් නැත.සම්පූර්ණයෙන් විඝටිත ජලීය ද්‍රාවණය තුල .Cl− අයන අධික ලෙස දුර්වල ව පවතින බැවිනි.අතරමැදි ප්‍රබල හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් ද්‍රාවණ සදහා, H+ මවුලිකතාව (ඒකීය සාන්ද්‍රණය) HCl මවුලිකතාවට සම බව උපකල්පනය කරනුයේ සැලකිය යුතු සංඛ්‍යාංක හතරකට එකඟ වීම තුලින්ය. රසායන විද්‍යාවේ පොදු ප්‍රබල ඛණිජමය අම්ල හය අතුරෙන් , අවම හිරිහැරයට පත් විය හැකි ඔක්සිකරණ-ඔක්සිහරණ ප්‍රතික්‍රියා දක්වන මොනොප්‍රොට්‍රික් අම්ලය වනුයේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අම්ලයයි.එය ආම්ලිකතාව තිබියදීත් ,හසුරුවන විට අඩු ම උපද්‍රව සහිත ප්‍රබල අම්ලයකි . හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අනර්ඝ ආම්ලික ප්‍රතිකාරක බවට හරවන පිරිසිදු ප්‍රතිකාරක ඇත.එය ප්‍රතික්‍රියාවක් නොකරන විෂ නොමැති ක්ලෝරයිඩ් අයනයෙන් සමන්විත වෙයි.අතරමැදි හයිඩ්‍රොක්ලෝරික් ද්‍රාවණ මතුපිට ගබඩා කිරීමේදී, ඔවුන්ගේ සාන්ද්‍රණය කාලය සමග පවත්වා ගනිමින් බොහෝ සෙයින් ස්ථායි වේ.

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ,භස්ම ප්‍රමාණය ස්ථිරව සොයා ගැනීමට අනුමාපනය කිරීමේදී යොද ගැනේ.ප්‍රබල අම්ල අනුමාපන ඉතා නිවැරදි බොහෝ පැහැදිලි අන්තලක්ෂයක් ලබා දෙයි.. එසියෝට්‍රොපික් නොහොත්"අඛණ්ඩ-නැටැවීමකල" හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (දළ වශයෙන් 20.2%) ,ප්‍රාථමික සම්මතයක් ලෙස ප්‍රමාණාත්මක විශ්ලේෂණයයේදි යොදා ගත හැකිය, එනමුත් එහි නිවැරදි සාන්ද්‍රණය , එය සාදන ලද වායුගෝලීය පීඩනය මත රඳා පවතියි . හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිතර රසායනික විශ්ලේෂණය සඳහා යොදා ගැනෙන්නේ "පැසවුම් " නියැදි විශ්ලේෂණය සඳහාය . සාන්ද්‍රිත හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, බොහෝ ලෝභ සහ ඔක්සිකරණයවු ලෝහ ක්ලෝරයිඩ් දිය කරන අතර හයිඩ්‍රජන් වායුව නිපදවයි. එය මූලික සංයෝග සමග එනම් කැල්සියම් කාබනේට් හෝ තඹ(II) ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා වෙමින්,විශ්ලේෂණය කල හැකි ද්‍රාවිත ක්ලෝරයිඩ් නිපදවයි.

භෞතික ගුණ[සංස්කරණය]

සාන්ද්‍රණය ඝනත්වය මවුලිකතාවය pH දුස්ස්‍රාවිතාවය විශිෂ්ට
තාපය
වාෂ්ප
පීඩනය
තාපාංකය ද්‍රවාංකය
කිග්‍රෑ HCl/කිග්‍රෑ  කිග්‍රෑ HCl/මී3 Baumé කිග්‍රෑ/ලී මවුල/ඩෙමී3 mPa·s kJ/(කිග්‍රෑ·K) kPa °C °C
10% 104.80 6.6 1.048 2.87 −0.5 1.16 3.47 1.95 103 −18
20% 219.60 13 1.098 6.02 −0.8 1.37 2.99 1.40 108 −59
30% 344.70 19 1.149 9.45 −1.0 1.70 2.60 2.13 90 −52
32% 370.88 20 1.159 10.17 −1.0 1.80 2.55 3.73 84 −43
34% 397.46 21 1.169 10.90 −1.0 1.90 2.50 7.24 71 −36
36% 424.44 22 1.179 11.64 −1.1 1.99 2.46 14.5 61 −30
38% 451.82 23 1.189 12.39 −1.1 2.10 2.43 28.3 48 −26
ඉහත වගුව සඳහා සමුද්දේශ උෂ්ණත්වය හා පීඩනය පිළිවෙලින් 20 °C සහ වායුගෝල 1 (101.325 kPa) කි.
වාෂ්ප පීඩනය International Critical Tables වෙතින් රැගෙන ඇති අතර, ද්‍රාවණයෙහි මුළු වාෂ්ප පීඩනය වෙත යොමු වන්න.

හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ භෞතික ගුණ තාපාංක හා සහ ද්‍රවාංක, ඝනත්වය, pH අගය, HCl අම්ල ද්‍රාවණයේ සාන්ද්‍රණය හෝ මවුලිකතාව මත රඳා පවති .එම අගයන් ජලය ඉතා අඩු සාන්ද්‍රණය 0% HCl අගයන් සිට සධූම හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ (අධිකව 40% )HCl.අගයන් දක්වා පෙළ ගැස්විය හැක. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ද්විමය (සංඝටක දෙක) මිශ්‍රණය ,එනම් HCl සහ H2O වලට ස්ථීර-තාපාංක ඇති ඒසියෝට්‍රොප් මිශ්‍රණය (සරල ආසවනය කිරීම මගින් එහි සංයෝජන අනුපාතය වෙනස් කල නොහැකිය ) ඇත්තේ 20.2% HCl and 108.6 °C (227 °F) . හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ, ස්ථීර ස්ඵටිකීකරණ සුද්‍රාව්‍ය ලක්ෂයන් හතරක් පවතී.ඒවා නම් (ස්ඵටික ආකාර) HCl·H 2O(68% HCl), HCl·2H2O (51% HCl), HCl·3H2O (41% HCl), HCl·6H2O (25% HCl), සහ අයිස්වලින් ආවරණයවූ (0% HCl)වේ.අයිස් සහ HCl·3H2O අතර ස්ඵටිකීකරණයේදී , මිතස්ථායී සුද්‍රාව්‍ය ලක්ෂ්‍යයක් 24.8% දී පවතී

ජලය තුල HCl සාන්ද්‍රණය, විලයන උෂ්ණත්වයේ ශ්‍රිතයක් ලෙස .[1][2]

නිෂ්පාදනය[සංස්කරණය]

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් ජලයේ දිය කිරීමෙන් සාදා ගනු ලැබේ. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් බොහෝ ක්‍රම වලින් නිපදවිය හැක.මන්ද යත් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් විවිධ අයුරින් පවතී. විශාල-පරිමාණයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ල නිෂ්පාදනය, සැමවිට සම්පූර්ණයෙන්ම වාගේ කාර්මික පරිමාණයේ වෙනත් රසායන ද්‍රව්‍ය.නිෂ්පාදනය සමග බැදී පවතී.

කාර්මික වෙළඳ පොල[සංස්කරණය]

හයිඩ්‍රොක්ලෝරික් අම්ල නිෂ්පාදනයේදි ,ද්‍රාවණය 38% HCl (සාන්ද්‍රිත ශ්‍රේණිය) දක්වා නිපදවනු ලැබේ. සාන්ද්‍රණය 40% වඩා රසායනිකව වැඩි කල හැකි වුවද එවිට වාෂ්පීකරණය අනුපාතය වැඩිවේ.එවිට ගබඩා කිරීම සහ පරිහරණය සදහා අතිරේක පූර්වෝපායයන් එනම් පීඩනය සහ අඩු උෂ්ණත්වය අවශ්‍ය වේ. කාර්මික-ශ්‍රේණියේ වැඩි කොටසක් එම නිසා 30% to 34%, වඩා යහපත් දේ ඵලදායී ප්‍රවාහනය සදහා තෝරාගන්නා අතර HCl වාෂ්පය නිසා නිෂ්පාදිත නැති වීම සීමා කරනු ලැබේ. ඇමරිකාව තුල ගෘහස්ථ අරමුණ සදහා (වැඩි වශයෙන් පිරිසිදු කිරීම)යොදා ගන්නා ද්‍රාවණය සාමාන්‍යයෙන් 10% -12%, අතර වන අතර පාවිච්චියට පෙර තනුක කලයුතු බවට නිර්දේශ කර තිබේ. එක්සත් රාජධානිය තුල "ලුණු සාන්ද්‍රිතය " ලෙස විකුණන ලබනුයේ ගෘහස්ථ පිරිසිදු කිරීම සඳහාය , විභවය ඇමරිකාව තුල කාර්මික ශ්‍රේණිය හා සමානවේ.

ලෝකය පුරා ප්‍රධාන නිෂ්පාදකයන් සැලකූ විට ඩෝ කෙමිකල්ස් , වාර්ෂිකව ගණනය කල විට මෙට්‍රික් ටොන් මිලියන 2 (2 මෙටොන් /වසරකට ) HCl වායුව ද සහFMC, ජෝර්ජියා ගල්ෆ් සංස්ථාව, ටොසෝ සංස්ථාව, අක්සෝ නෝබෙල් සහ ටෙස්සෙන්ර්ලො යන නිෂ්පාදකයන් සැලකූ විට මෙට්‍රික් ටොන් 0.5 සිට 1.5 දක්වා නිපදවයි.

මුළු ලෝක HCl නිෂ්පාදනය සංසන්දනය කල විට ප්‍රකාශිත තක්සේරුව වනුයේ 20 මෙටොන් /වසරකට . මෙහිදී මෙටොන් 3 වසරකට කෙළින්ම සංශ්ලේෂණය කරන අතර ඉතිරිය කාබනික සහ සමාන සංශ්ලේෂණවල අතුරු නිෂ්පාදිත ලෙස සපුරා ගනී.බොහෝ දුරට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පරිභෝජනය කරනු ලබන්නේ නිශ්පාදකයා විසින්මය . විවෘත ලෝක වෙළඳ පොල ප්‍රමාණය ලෙස තක්සේරුව වනුයේ 5 මෙටොන් /වසරකට වේ.

භාවිතයන්[සංස්කරණය]

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යනු ප්‍රබල අකාබනික අම්ලයක් වන අතර එය බොහෝ කාර්මික ක්‍රියාවලි සදහා යොදා ගැනේ. භාවිතයට අනුව බොහෝ විට අවශ්‍ය නිෂ්පාදිත තත්ත්වය තීරණය කරනු ලැබේ

වානේ පිරිසිදු (Pickling)කිරීම[සංස්කරණය]

හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ වැදගත් භාවිතයක් වනුයේ වානේ පිරිසිදු (Pickling) කිරීමය.මෙහිදී පසුව සිදුවන සැකසීමට පෙර යකඩ හෝ වානේ තුලින්, මලකඩ හෝ යකඩ ඔක්සයිඩ් පොත්ත ඉවත් කරනු ලැබේ .
නිරසනය, රෝල් කිරීම, ගැල්වනී කිරීම, සහ අනික් ශිල්ප ක්‍රම මෙයට යොදා ගනු ලැබේ.කාබන් වානේ පිරිසිදු කිරීම සදහා 18% සාන්ද්‍රණය සහිත තාක්ෂණික වර්ගයේ HCl , pickling කාරකය ලෙස සාමාන්‍යයෙන් යොදා ගනී.
හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ වැදගත් භාවිතයක් වනුයේ වානේ පිරිසිදු pickling කිරීමය.මෙහිදී යකඩ හෝ වානේ පසුව සිදුවන සැකසීමට පෙර ඒවා තුලින් මලකඩ හෝ යකඩ ඔක්සයිඩ ඉවත් කරනු ලැබේ.
නිරසනය, රෝල් කිරීම, ගැල්වනී කිරීම සහ අනික් ශිල්ප ක්‍රම මෙයට යොදා ගනු ලැබේ.කාබන් වානේ පිරිසිදු pickling කිරීමට සාන්ද්‍රණය 18% වන තාක්ෂණික වර්ගයේ HCl, සාමාන්‍යයෙන් pickling කාරකය ලෙස භාවිතාවේ.

Fe2O3 + Fe + 6 HCl → 3 FeCl2 + 3 H2O

ගෙවුණු අම්ලය, යකඩ(II) ක්ලෝරයිඩ් ( ෆෙරස් ක්ලෝරයිඩ් ලෙසද හදුන්වයි) ද්‍රාවණ සදහා නැවත භාවිතා කරනු ලැබේ, ඒ නමුත් ඉහල බැර-ලෝහ වලදී , මද්‍යසාර මගින් මේ ක්‍රියාව අඩු කරනු ලැබේ.
වානේ pickling කර්මාන්තය මගින් හයිඩ්‍රොක්ලෝරික් අම්ල ප්‍රතිජනනය ක්‍රියාවලිය වැඩි දියුණු විය. රෝස්ටරය තුල බින්දු වේගයෙන් විසිරීම හෝ පත්ල තරලතාව යන ක්‍රියාවලි එවැනි HCl ප්‍රතිජනන ක්‍රියාවලිවේ මෙමගින් භාවිතා කල මද්‍යසාර වලින් HCl ආපසු ලබාගැනීම සදහා ඉඩ ලබාදේ . ඉතාමත් ම පොදු ප්‍රතිජනන ක්‍රියාවලිය වන්නේ ෆයිරෝහයිඩ්‍රෝලිසිස් ක්‍රියාවලියයි, පහත සඳහන් වන සුත්‍රය අදාලවේ.

4 FeCl2 + 4 H2O + O2 → 8 HCl+ 2 Fe2O3

භාවිතා කල අම්ලය නැවත ලබා ගැනීමට සංවෘත අම්ල ලුපයක් ස්ථාපිත කර ඇත.ප්‍රතිජනන ක්‍රියාවලිය තුල නිපදවන යකඩ(III) ඔක්සයිඩ් විවිධ ද්විතීයික කර්මාන්ත වල යොදා ගන්නා වටිනා අතුරු ඵලයකි.

කාබනික සංයෝග නිෂ්පාදනය[සංස්කරණය]

හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ අනෙක් ප්‍රධාන භාවිතයක් වනුයේ කාබනික සංයෝග නිෂ්පාදනයවේ. එනම් විනිල් ක්ලෝරයිඩ් සහ PVC සදහා ඩයික්ලෝරෝඑතේන් වැනි සංයෝගවේ . මෙය බොහෝ විට දේශීයව පරිභෝජනය කිරීමට නිපදවන අතර ඒවා සැබවින්ම කවරදාකවත් විවෘත වෙළඳ පොල වෙත පැමිණෙන්නේ නැත. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යොදා ගෙන සාදන කාබනික සංයෝග වන්නේ බිස්පීනෝල්, පොලිකාබනේට්, සක්‍රිය කළ කාබන්, ඇස්කෝර්බික් අම්ලය සහ බොහෝ ඖෂධ සම්බන්ධ නිපැයුම්වේ.

2 CH2=CH2 + 4 HCl + O2 → 2 ClCH2CH2Cl + 2 H2O (ඩයික්ලෝරෝඑතේන් ඔක්සික්ලෝරිනිකරනය)
දැව + HCl + තාපය → සක්‍රිය කළ කාබන් (රසායනික සක්‍රියනය)

අකාබනික සංයෝග නිෂ්පාදනය[සංස්කරණය]

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග සාමාන්‍ය අම්ල භෂ්ම ප්‍රතික්‍රියා මගින්, ප්‍රතිඵලය ලෙස බොහෝ අකාබනික සංයෝග නිපදවිය හැක.ජලීය ප්‍රතිකාරක රසායන ද්‍රව්‍ය වන යකඩ(III) ක්ලෝරයිඩ් සහ පොලිඇලුමිනියම් ක්ලෝරයිඩ් (PAC)එවැනි ද්‍රව්‍යවේ.

Fe2O3 + 6 HCl → 2 FeCl3 + 3 H2O (යකඩ(III) මැග්නටයිට් වලින් ගත් ක්ලෝරයිඩ් )

යකඩ(III) ක්ලෝරයිඩ් සහ පොලිඇලුමිනියම් ක්ලෝරයිඩ් යන සංයෝග සම්පිණ්ඩන සහ කැටි ගැසීම් කාරක ලෙස , පානීය ජලය නිෂ්පාදනයේදි සහ කඩදාසි නිෂ්පාදනයේදි ද ඊට අමතරව අපද්‍රව්‍ය ප්‍රතිකාරයක් ලෙසද යොදා ගැනේ. අනික් අකාබනික සංයෝග , හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කොට මාර්ග සදහා අවශ්‍ය ලුණු සහිත කැල්සියම් ක්ලෝරයිඩ්, විදයුත් ලෝහාලේපනය සඳහා නිකල් (II) ක්ලෝරයිඩ් සහ ගැල්වනී කිරීමේ කර්මාන්තය සහ බැටරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය සින්ක් ක්ලෝරයිඩ් නිපදවයි.

CaCO3 + 2 HCl → CaCl2 + CO2 + H2O (හුණු ගල් වලින් ලබා ගත් කැල්සියම් ක්ලෝරයිඩ් )

pH අගය පාලනය කිරීම සහ උදාසීන කිරීම[සංස්කරණය]

ද්‍රාවණයක ආම්ලිකතාව (pH) නියාමනය කිරීමට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය යොදා ගත හැකිය.

OH− + HCl → H2O + Cl−

අම්ලයේ පවිත්‍රතාව සදහා ඉල්ලුම ඇත්තේ(ආහාර, ඖෂධ සම්බන්ධ, පානීය ජලය)කර්මාන්තවලය.උසස් තත්වයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, ජලය ධාරාවක pH අගය පාලනය කිරීමේ ක්‍රියාවලියට යොදා ගනී .එතරම් ඉල්ලුමක් නොමැති කර්මාන්තවලදී තාක්ෂණික වර්ගයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අපද්‍රව්‍ය ධාරා උදාසීන කිරීමට සහ පිහිනුම් තටාක සදහා ප්‍රමාණවත්වේ.

අයන හුවමාරුකාරක වල ප්‍රතිජනනය[සංස්කරණය]

උසස් තත්වයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, අයන හුවමාරු රෙසීන ප්‍රතිජනනය කිරීමට යොදා ගනී .කැටායන හුවමාරුව පුළුල් ලෙස යොදා ගැනෙනුයේ ජලීය ද්‍රාවණය තුලින් Na+ ,Ca2+ වැනි අයන ඉවත් කිරීම සහ ඛනිජ බවනය නොකල ජලය උත්පාදනය සදහාය. අම්ලය යොදා ගැනෙනුයේ කැටායනය මැලියම් වලින් සේදීම සදහාය .

Na+ ප්‍රතිස්ථාපනය කරනවා H+විසින්
Ca2+ ප්‍රතිස්ථාපනය කරනවා 2 H+විසින්

අයන හුවමාරුකාරක සහ ඛනිජ බවනය නොකල ජලය ,පානීය ජලය නිෂ්පාදනය සහ ආහාර කර්මාන්ත වැනි සියලු රසායනික කර්මාන්තවලදී යොදා ගැනේ .

වෙනත්[සංස්කරණය]

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ,කුඩා පරිමාණයේ යෙදීම් විශාල ප්‍රමාණයක යොදා ගනු ලැබේ .එනම් පදම් කළ සම් සැකසීම, සාමාන්‍ය ලුණු පවිත්‍රීකරණය, ගෘහස්ථ පිරිසිදු කිරීම සහ ගොඩනැගිලි නිර්මාණයවේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තෙල් ලිං වල පාෂාණ වලට එන්නත් කිරීම මගින් තෙල් නිෂ්පාදනය උත්තේජනය කල හැක.මෙහිදී පාෂාණකොටස දියකර,විශාල-විවරයක් සහිත ව්‍යුහයක් සාදනු ලැබේ. උතුර මුහුදේ තෙල් නිෂ්පාදන කර්මාන්තය තුල තෙල් ලිං ආම්ලිකකරනය සාමාන්‍ය ක්‍රමයයි .

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා සම්බන්ධ බොහෝ රසායනික ප්‍රතික්‍රියා ,ආහාර නිෂ්පාදනය, ආහාර අමුද්‍රව්‍ය සහ ආහාර සංකලන ද්‍රව්‍ය නිෂ්පාදනය තුලදී යොදා ගැනේ. නිපැයුම් වන ඇස්පර්ටේම් (කෘත්‍රිමරසගන්වන දෙයකි) , ෆෲක්ටෝස්,සිට්‍රික් අම්ලය, ලයිසීන්, ජලවිච්ඡේදනය කරන ලද එළවලු ප්‍රෝටීන ආදිය ආහාර උසස් කිරීමට යොදා ගැනේ. එමෙන්ම ජෙලටින් නිෂ්පාදනයටද මෙය යොදා ගැනේ. ආහාර-ශ්‍රේණියේ(අතිරේක-ශුද්ධ) හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අවසාන නිෂ්පාදන සදහා අවශ්‍ය විට යොදා ගැනේ

ජීවවස්තූන්වල පැවතීම[සංස්කරණය]

ආමාශයේ ක්ෂාරමය සොටුවලින් වැසුන ස්තරය තුල ආරක්ෂක යන්ත්‍රණය


ආමාශයික අම්ලය යනු ආමාශය තුල නිපදවන ප්‍රධාන ස්‍රාවයකි.එහි ප්‍රධාන වශයෙන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා ආම්ලික දෑ අඩංගු වන අතර ආමාශය තුල pH අගය 1ත් 2ත් අතරවේ.

ක්ලෝරයිඩ් (Cl−) සහ හයිඩ්‍රජන් (H+) අයන වෙන වෙනම ස්‍රාවය වන අතර ආමාශයේ වම් කොටසේ ඉහල ප්‍රදේශයේ ඇති පාර්ශ්වික සෛල මගින් ආමාශ කුහරයට ස්‍රාවය වීමට පෙර බහිස්‍රාවී පද්ධතියට ස්‍රාවයවේ. ආමාශයික අම්ලය ආසාදන වැලක්වීමට බාධකයක් ලෙස ක්‍රියා කරයි. එමෙන්ම ආහාර ජීරණය සදහාද වැදගත් වේ.එහි අඩු pH අගය නිසා ප්‍රෝටීනවල ස්වාභාවික ලක්ෂණ වෙනස් වෙයි.ඒ අනුව එහි ප්‍රතිඵලයක් වශයෙන් ඒවා පහසුවෙන් පෙප්සීන වැනි පාචකඑන්සයිම බවට පත්වේ . අඩු pH අගය නිසා පුර්ව පෙප්සීන එන්සයිම සක්‍රිය වන අතර ,ඒවා ස්වයං-ස්ඵුටනය මගින් ක්‍රියාශීලී පෙප්සීන එන්සයිම බවට පත් වෙයි. ආමාශයයෙන් පිටවීමෙන් පසු, ආමාශයේ සිට ග්‍රහණියට යැවෙන ජීර්ණය කළ ආහාර සමග ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සෝඩියම් බයිකාබනේට් මගින් ග්‍රහණිය තුලදි උදාසීන කරනු ලැබේ.

ප්‍රබල අම්ල වල ස්‍රාවයෙන් ආරක්ෂිත වීම සදහා ආමාශය විසින්ම උකු, ආරක්ෂක තරල ස්තරයක් ස්‍රාවය කරයි.එමෙන්ම ප්‍රේරිත ස්වාරක්ෂක සෝඩියම් බයිකාබනේට් සමග ස්‍රාවයවේ. මෙම යාන්ත්‍රණය අසාර්ථක වූ විට අම්ල අජීර්ණ හෝ ජීර්ණයට අදාළ පිළිකා වර්ධනය විය හැක . හිස්ටමින් විරෝධක සහ ප්‍රෝටෝන නිෂේධක වර්ගයේ ඖෂධ වලට අම්ල නිෂ්පාදනය නිෂේධ කල හැක.පවතින අම්ලය උදාසීන කිරීමට ප්‍රත්‍යාම්ලය යොදා ගැනේ.

ආරක්ෂාව[සංස්කරණය]

A rhombic-shaped label with letters 8 and "corrosive", indicating that drops of a liquid corrode materials and human hands. A square orange label indicating that drops of a liquid corrode materials and human hands.

Concentration
by weight
Classification[3] R-Phrases
10–25% Irritant (Xi) සැකිල්ල:R36/37/38
> 25% Corrosive (C) සැකිල්ල:R34 R37

සාන්ද්‍රිත හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (සධූම හයිඩ්‍රොක්ලෝරික් අම්ලය) ,ආම්ලික වාෂ්පයක ආකාර ගනී. වාෂ්ප සහ ද්‍රාවණය යන දෙකම මානව පටක දියකරවන (දිරාපත්) සුලු ප්‍රතිඵල ඇති කරයි.ශ්වසන අවයව, ඇස, සම, සහ අන්ත්‍රය යන අවයවයන්ට හානිවීමේ හැකියාවක් ඇත. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය , සාමාන්‍ය ඔක්සිකාරක රසායන ද්‍රව්‍ය, එනම් සෝඩියම් හයිපොක්ලෝරයිට් (විරංජක, NaClO) හෝ පොටෑසියම් පර්මැන්ගනේට්(KMnO4) වැනි දේ සමග එක්වී විෂ ක්ලෝරීන් වායුව සාදයි.

NaClO + 2 HCl → H2O + NaCl + Cl2
2 KMnO4 + 16 HCl → 2 MnCl2 + 8 H2O + 2 KCl + 5 Cl2

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පරිහරණය කිරීමේදි ඇතිවන හානි අවම කිරීමට පුද්ගලික ආරක්ෂක උපකරණ , රබර් හෝ PVC අත් මේස්, ආරක්ෂක අක්ෂි ආරක්ෂක කන්නාඩි, සහ රසායනික-ප්‍රතිරෝධක ඇඳුම් පැලඳුම්, සපත්තු භාවිතා කරනු ලැබේ. ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂණ නියෝජිත ආයතනය හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ විෂ පාලනය කිරීමට නියෝග පනවනු ලැබේ. UN ඉලක්කම නොහොත් DOT ඉලක්කම (උපද්‍රව සහිත ද්‍රව්‍ය හදුනා ගැනීමට යොදන ඉලක්කමකි) වනුයේ1789. මේ ඉලක්කම බහාලූව මත අලවා ඇති දැන්වීමක ප්‍රදර්ශනය කරනු ලැබේ.


මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Systemnummer 6 Chlor". Gmelins Handbuch der Anorganischen Chemie. Chemie Berlin. 1927.
  2. "Systemnummer 6 Chlor, Ergänzungsband Teil B – Lieferung 1". Gmelins Handbuch der Anorganischen Chemie. Chemie Weinheim. 1968.
  3. "Council Directive 67/548/EEC of 27 June 1967 on the approximation of laws, regulations and administrative provisions relating to the classification, packaging and labelling of dangerous substances". EUR-lex. සම්ප්‍රවේශය 2 September 2008.

බාහිර සබැඳි[සංස්කරණය]

General safety information
Pollution information
Demonstration