Jump to content

එන්සයිම

විකිපීඩියා වෙතින්
මානව glyoxalase I. එහි ප්‍රතික්‍රියාකාරීත්වය උත්ප්‍රේරණය කිරීමට එන්සයිමය සඳහා අවශ්‍ය සින්ක් අයන දෙකක් දම් ක්ෂේත්‍රයන්හි ලෙස දක්වා ඇත, 'S-hexylglutathione' නම් එන්සයිම නිෂේධකය ක්‍රියාකාරී ස්ථාන පිරවුම්, අගුලු-යතුරු යාන්ත්‍රනය ලෙස පෙන්වා ඇත.

ජිවින්ගේ දේහ තුල විවිධ පරිවෘත්තිය ක්‍රියාවලියන් සිදු වේ.එවා සංවෘත්තිය (සංස්ලේෂණ) හෝ අපවෘත්තිය (බිඳ හෙලිමේ) ප්‍රතික්‍රියා සිදු වේ. නමුත් මෙම ජෛවීය ක්‍රියාවලි දේහ උෂ්ණත්ව යටතේ කාර්යක්ෂමව සිදු කරගත යුතුය. මේ සදහා දායක වන ජිවි දේහ තුල පවත්නා වැදගත් මෙවලම වන්නේ එන්සයිමයි (Enzyme).[1][2]

එන්සයිම යනු

[සංස්කරණය]

ජීවීන් තුළ සිදු වන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීමට (උත්ප්‍රේරණය කිරීමට) අවශ්‍ය වන, ජීවී දේහ තුල ස්වාභාවිකව නිපදවෙන, විශේෂිත ත්‍රිමාණ ගෝලීය ප්‍රෝටීනමය කාබනික රසායනික උත්ප්‍රේරක ´´එන්සයිම`` ලෙස හැදින්වේ.(නමුත් සමහරක් RNA වර්ගද එන්සයිම ලෙස ක්‍රියා කරයි) මේවා ජිවි දේහ තුලදි ප්‍රතික්‍රියාවට අවශ්‍ය සක්‍රියන ශක්තිය අඩුකොට ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනු ලබයි.

  • බොහෝ එන්සයිම ත්‍රිමාණ ගෝලීය ප්‍රෝටීන වේ.(ඇතැම් RNA අණු වලටද එන්සයිම ලෙස ක්‍රියාකිරීමේ හැකියාව පවතියි.~උදා.-: රයිබොසයිම්)
  • සජීවී සෛල තුළ නිපදවේ.
  • සජීවී සෛල තුළ සිදුවන අපවෘත්තීය ප්‍රතික්‍රියා හා සංවෘත්තීය ප්‍රතික්‍රියා/ පරිවෘත්තීය ප්‍රතික්‍රියා/ ජෛව ප්‍රතික්‍රියා (සාමාන්‍යයෙන්) උත්ප්‍රේරණය කරන්නේ ප්‍රතික්‍රියා සඳහා අවශ්‍ය සක්‍රියන ශක්තිය අඩු කිරීම මගිනි. (සක්‍රියන ශක්තිය යනු ප්‍රතික්‍රීයක ඵල බවට පත් කිරීමට දිය යුතු අවම ශක්තියයි)
  • ප්‍රතික්‍රියාවේ දී එන්සයිම වැය නොවේ.
  • එන්සයිම ක්‍රියා කිරීමේ දී උපස්ථර සමග බැඳී එන්සයිම - උපස්ථර සංකීර්ණය සාදයි.
  • එය කෙටි කාලීන ය/ අස්ථායී ය.
  • ඵල බවට බිඳ වැටේ.
  • එන්සයිම වල කියාව ඉදිරි අතට මෙන්ම පසු අතට සිදුවේ(ප්‍රත්‍යාවර්තව)
  • එන්සයිම එයට සුවිශේෂී වූ ප්‍රතික්‍රියා පමණක් උත්ප්‍රේරණය කරයි. (එන්සයිම විශිෂ්ට ය/ එක් ප්‍රතික්‍රියාවක් පමණක් උත්ප්‍රේරණය කරයි.)එනම් උපස්ථර විශිශ්ටයි.

එන්සයිම ක්‍රියාකාරීත්වයේ යාන්ත්‍රණ

[සංස්කරණය]

එන්සයිම ක්‍රියාකාරීත්වයේ යාන්ත්‍රණය පහදා දීම සඳහා කල්පිත දෙකක් යෝජනා කර ඇත.

  1. අගුළු - යතුරු යාන්ත්‍රණය (උපස්ථර අණු සවිවීමට එන්සයිමයේ නිශ්චිත හැඩයක් පවතී.)
  2. ප්‍රේරිත - සීහුම් යාන්ත්‍රණය (එන්සයිම සහ සක්‍රිය ලක්ෂ්‍ය (භෞතිකව) වඩාත් නම්‍යශීලි ව්‍යුහයන් ය. එන්සයිමය සමග උපස්ථර සම්බන්ධ වන විට ප්‍රේරණය වී එන්සයිමයේ හැඩය වෙනස් වේ. එමගින් එන්සයිමයට වඩාත් සාර්ථක ලෙස ක්‍රියා කිරීමට හැකි වේ.)

සහ-සාධක

[සංස්කරණය]

බොහෝ එන්සයිමවල ක්‍රියාකාරීත්වය සඳහා සහ-සාධක නම් කොටස් අවශ්‍ය වේ.(පොටින් +සහ-සාධකය=හොලො එන්සයිම/holoenzyme/පුර්ණ එන්සයිමය)

(පොටින් =ඇපෝඑන්සයිම/apoenzyme)

  • අකාබනික අයන - උදා: Cl- අයන මගින් ඛේට ඇමයිලේස් ක්‍රියාව වේගවත් කරයි.
  • සංලග්න කාණ්ඩ - උදා : FAD/ FMN/බයොටින්/හීම්(කාබනික සංයෝගයන් ය. ඒවා එන්සයිමයට තදින් බැඳී ඇත. ඒවා ඉලෙක්ට්‍රෝන වාහක/ ඔක්සිජන් වාහක ලෙස ක්‍රියා කරයි.)
  • සහ - එන්සයිම - උදා : NAD/ NADP/සහ - එන්සයිම A(කාබනික සංයෝගයන් ය. ඒවා එන්සයිම සමග ලිහිල්ව සම්බන්ධ වී ඇත. ඒවා හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහක ලෙස ක්‍රියා කරයි.) ඒවා එන්සයිමයේ ක්‍රියාව සක්‍රිය කරයි.

නිශේධක

[සංස්කරණය]
  • තරඟකාරි ප්‍රත්‍යාවර්ත නිශේධක
    • ඒවා උපස්ථරවලට ව්‍යූහයෙන් සමාන නිසා එන්සයීමයේ සක්‍රිය ලක්ෂ්‍ය සමඟ බැදේ.

උදා :- සල්ෆොනැමයිඩ්

  • තරඟකාරි නොවන ප්‍රත්‍යාවර්ත නිශේධක
    • ඒවා එන්සයිමයේ සක්‍රිය ලක්ෂ්‍ය නොවන ස්ථානයකට බැදේ.

උදා:- සයනයිඩ් අයන එන්සයිමයේ ලෝහ අයන සමඟ බැදේ./ සයිටක්‍රෝම් ඔක්සිඩේස්වල කොපර් අයන සමඟ බැදේ.

  • අප්‍රවර්ත නිශේධක
    • බැර ලෝභ අයන Hg2+/ Ag+/ As/ Cu. එන්සයිමයේ -SH කාණ්ඩය සමඟ ස්ථිරව බැදේ

එන්සයිම වල ක්‍රියාකාරීත්වයට බලපාන සාධක

[සංස්කරණය]
  • එන්සයිම ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව කෙරෙහි විවිධ සාධක බලපායි.
  • pHI, උෂ්ණත්වය, උපස්තර සාන්ද්‍රණය, එන්සයිම සාන්ද්‍රණය, නිශේධක, සක්‍රීයක ආදිය.
  • එන්සයිම ක්‍රියාකාරිත්වයේ සීඝ්‍රතාවය කෙරෙහි pH බලපායි./ වෙනස් එන්සයිම ප්‍රශස්ථ pH අගයන්වලදී උපරිම ක්‍රියාකාරිත්වයක් පෙන්වයි./ වෙනස් ප්‍රශස්ථ pH අගයන් පවතී.
  • එන්සයිම ක්‍රියාකාරිත්වයේ සීඝ්‍රතාවය කෙරෙහි උෂ්ණත්වය බලපායි. ප්‍රශස්ථ උෂ්ණත්වයට ළගාවන තුරු උෂ්ණත්වය වැඩිවන සෑම 10oC කටම එන්සයිම ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය දෙගූණ වේ.
  • උපස්ථර සාන්ද්‍රණය වැඩිවන විට එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි වේ.
  • නිශේධක (විවිධාකාර කුඩා අණු) එන්සයිම ක්‍රියාකාරිත්වය නිශේධනය කරයි

එන්සයිම ක්‍රියාකාරීත්වය ආදර්ශනය කිරීම සහ එන්සයිමීය ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව නිර්ණය කිරීම සඳහා විද්‍යාගාර පරීක්ෂණ (පිෂ්ටය - ඇමයිලේස්)

[සංස්කරණය]
  • ද්‍රව්‍ය හා උපකරණ :
    • පැය 30 ක් ප්‍රරෝහණයට සැලැස්වූ මුං බීජවලින් ලබා ගත් සංශුද්ධ නො වන (Crude) ඇමයිලේස් නිස්සාරකයක්
    • උෂ්ණත්වමානයක්
    • පිපෙට්ටු
    • ජලතාපකයක්
    • [w/v] පිෂ්ට ද්‍රාවණය
    • අයඩීන් ද්‍රාවණයක්
    • කැකෑරුම් නළ හා පරීක්ෂා නළ
    • විරාම ඝටිකාවක්
    • සුදු පෝසිලේන් තහඩුවක්
  • උපදෙස් :
    • පහත දැක්වෙන පරිදි පරීක්ෂණය සැකැසීමට උපදෙස් දෙන්න.
    • වෙන් වෙන් පරීක්ෂා නළවලට නිවැරැදි පරිමාවලින් ඇමයිලේස් 5 ml හා පිෂ්ට ද්‍රාවණය 10 ml ද මැන ගන්න.
    • මැන ගත් ද්‍රාවණ එක ම උෂ්ණත්වයක පවත්වා ගන්න.
    • ද්‍රාවණ මිශ්‍ර කර විරාම ඝටිකාව ක්‍රියාත්මක කරන්න.
    • සෑම මිනිත්තු දෙකකට ම වරක් මිශ්‍රණයෙන් බිංදුවක් හා අයඩීන් ද්‍රාවණයෙන් බිංදුවක් බැගින් පෝසිලේන් තහඩුව මත තබා පරීක්ෂා කරන්න.
    • කළු/නිල් පැහැය සිට ලා තැඹිලි/දුඹුරු(අයඩීන් ද්‍රාවණයේ වර්ණය) පැහැයකට හැරෙන වර්ණ විපර්යාස ලැබෙන තෙක් පරීක්ෂණය කර ගෙන යන්න.
    • වර්ණ විපර්යාසය ලැබීමට ගත වූ කාලය නිර්ණය කරන්න.
    • ගත වූ කාලය හා වර්ණ විපර්යාසය වගුගත කරන්න.
    • 5oC, කාමර උෂ්ණත්වය, 40 oCක්, 60oC යන උෂ්ණත්ව යටතේ ඉහත ක්‍රියා පටිපාටිය වෙන වෙන ම සිදු කරන්න. (උෂ්ණත්වය නියත ව පවත්වා ගැනීම සඳහා අයිස් කැට හෝ උණු වතුර හෝ භාවිත කිරීම)
    • ලබා ගත් ප්‍රතිඵල පිළිබඳ අර්ථකථනය කරන්න.
  1. ^ Smith AL (Ed) (1997). Oxford dictionary of biochemistry and molecular biology. Oxford [Oxfordshire]: Oxford University Press. ISBN 0-19-854768-4. {{cite book}}: Invalid |display-authors=1 (help); Unknown parameter |author-separator= ignored (help)
  2. ^ Grisham, Charles M.; Reginald H. Garrett (1999). Biochemistry. Philadelphia: Saunders College Pub. pp. 426–7. ISBN 0-03-022318-0.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
"https://si.wikipedia.org/w/index.php?title=එන්සයිම&oldid=496516" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි