Jump to content

හබේමුස් පාපම්

විකිපීඩියා වෙතින්
කොන්ස්ටන් කවුන්සිලයේ පස්වන මාටින් පාප්තුමාගේ තේරී පත්වීම පිළිබඳ නිවේදනය

හබේමුස් පාපම් හෝ පාපම් හබේමුස් ('අපිට පාප් වහන්සේ කෙනෙක් ඉන්නවා') යනු සාම්ප්‍රදායිකව කාදිනල් විද්‍යාලයේ ප්‍රොටෝඩීකන් (විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කාදිනල් උපස්ථායකයා) විසින් හෝ පාප්තුමාගේ සමුළුවට සහභාගී වන ජ්‍යෙෂ්ඨ කාදිනල් උපස්ථායකයා විසින් කතෝලික සභාවේ නව පාප්වහන්සේ වරයෙකු තෝරා පත් කර ගැනීමේදී ලතින් භාෂාවෙන් ලබා දෙන නිවේදනයයි.[1]

මෙම නිවේදනය වතිකානුවේ සාන්ත පීතර බැසිලිකාවේ මධ්‍යම බැල්කනියේ ("ලොජියා") සාන්ත පීතර චතුරශ්‍රය දෙසට සිට සිදු කෙරේ. නිවේදනයෙන් පසුව, නව පාප් වහන්සේ ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන අතර එහිදී ඔහු සිය පළමු ඌර්බි එත් ඕර්බි ආශිර්වාදය ලබා දෙයි.

ආකෘතිය

[සංස්කරණය]

කාදිනල්වරයෙකු පාප් වහන්සේ ලෙස තේරී පත් වූ විට නිවේදනය සඳහා ආකෘතිය වන්නේ:[a][2]

Annuntio vobis gaudium magnum;
habemus Papam:

Eminentissimum ac Reverendissimum Dominum,
Dominum [මුල් නම]
Sanctae Romanae Ecclesiae Cardinalem [වාසගම]
qui sibi nomen imposuit [පාප්වහන්සේ ලෙස දරන නාමය].

සිංහලෙන් එය මෙසේ පරිවර්තනය කළ හැක (ආසන්න වශයෙන්):

මම ඔබට මහත් ප්‍රීතියක් ප්‍රකාශ කරමි;
අපට පාප්වරයෙක් සිටී:

අති කීර්තිමත් හා අති ගෞරවනීය ස්වාමියා,
අති උතුම් [මුල් නම]
ශුද්ධවූ රෝමානු සභාවේ කාදිනල් [වාසගම]
[පාප්වහන්සේ ලෙස දරන නාමය] යන නම ගත්.[b]

දහසයවන බෙනඩික්ට් පාප් වහන්සේ තේරී පත්වීමෙන් පසු 2005 අප්‍රේල් 19 වන දින ජෝර්ජ් කාදිනල් මෙඩිනා විසින් නිකුත් කරන ලද හබේමුස් පාපම් නිවේදනයේ, නිවේදනයට පෙර පිළිවෙළින් ඉතාලි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ජර්මානු සහ ඉංග්‍රීසි යන භාෂා කිහිපයකින් සමාන ආචාරයක් නිකුත් කරන ලදී:[3][4]

Fratelli e sorelle carissimi,
Queridísimos hermanos y hermanas,
Bien chers frères et sœurs,
Liebe Brüder und Schwestern,
Dear brothers and sisters.

නිවේදනය ලබා දුන් කාදිනල්වරුන්ගේ ලැයිස්තුව

[සංස්කරණය]
කාදිනල් පාප් වහන්සේ වසර
15 වන සියවස
Francesco Piccolomini අටවන ඉනසන්ට් පාප්වහන්සේ 1484
හයවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ 1492
16 වන සියවස
Raffaele Riario Pope Pius III 1503
Pope Julius II
Alessandro Farnese Pope Leo X 1513
Marco Cornaro Pope Hadrian VI 1522
Pope Clement VII 1523
Innocenzo Cibo Pope Paul III 1534
Pope Julius III 1550
Francesco Pisani Pope Marcellus II 1555
Pope Paul IV
Alessandro Farnese Pope Pius IV 1559
Giulio Feltre della Rovere Pope Pius V 1566
Girolamo Simoncelli Pope Gregory XIII 1572
Luigi d'Este Pope Sixtus V 1585
Francesco Sforza di Santa Fiora Pope Urban VII 1590
Andreas von Österreich Pope Gregory XIV 1590
Pope Innocent IX 1591
Pope Clement VIII 1592
17 වන සියවස
Francesco Sforza di Santa Fiora Pope Leo XI 1605
Pope Paul V
Andrea Baroni Peretti Montalto Pope Gregory XV 1621
Alessandro d'Este Pope Urban VIII 1623
Francesco Barberini Pope Innocent X 1644
Giangiacomo Teodoro Trivulzio Pope Alexander VII 1655
Rinaldo d'Este Pope Clement IX 1667
Francesco Maidalchini Pope Clement X 1670
Pope Innocent XI 1676
Pope Alexander VIII 1689
Urbano Sacchetti Pope Innocent XII 1691
18 වන සියවස
Benedetto Pamphilj Pope Clement XI 1700
Pope Innocent XIII 1721
Pope Benedict XIII 1724
Lorenzo Altieri Pope Clement XII 1730
Carlo Maria Marini Pope Benedict XIV 1740
Alessandro Albani Pope Clement XIII 1758
Pope Clement XIV 1769
Pope Pius VI 1775
19 වන සියවස
Antonio Doria Pamphili Pope Pius VII 1800
Fabrizio Ruffo Pope Leo XII 1823
Giuseppe Albani Pope Pius VIII 1829
Pope Gregory XVI 1831
Tommaso Riario Sforza Pope Pius IX 1846
Prospero Caterini Pope Leo XIII 1878
20 වන සියවස
Luigi Macchi Pope Pius X 1903
Francesco Salesio Della Volpe Pope Benedict XV 1914
Gaetano Bisleti Pope Pius XI 1922
Camillo Caccia Dominioni Pope Pius XII 1939
Nicola Canali විසිතුන්වන ජුවාම් පාප්වහන්සේ 1958
Alfredo Ottaviani හයවන පාවුළු පාප්වහන්සේ 1963
Pericle Felici පළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ 1978
දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ
21 වන සියවස
Jorge Medina දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ 2005
Jean-Louis Tauran ෆ්‍රැන්සිස් පාප්වහන්සේ 2013

සටහන්

[සංස්කරණය]
  1. ^ While every pope after Urban VI (රා. 1378 – 1389) has been a cardinal, this is not a strict requirement; the conclave is capable of electing any Catholic male, even a layman.
  2. ^ මෙය පේළියෙන් පේළි පරිවර්තනයයි. ව්‍යාකරණමය වශයෙන් නිවැරදි කරන විට නිවැරදි අනුපිළිවෙල: [පාප්වහන්සේ ලෙස දරන නාමය] යන නම ගත්, අති කීර්තිමත් හා අති ගෞරවනීය ස්වාමියා, අති උතුම් [මුල් නම], ශුද්ධවූ රෝමානු සභාවේ කාදිනල් [වාසගම].

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ (February 22, 1996). "Universi Dominici Gregis" (Apostolic constitution). Libreria Editrice Vaticana. August 26, 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය February 23, 2019 – via the ශුද්ධාසනය.
  2. ^ "L'annuncio dell'elezione del Papa" [Announcement of the election of the Pope]. Sala Stampa della Santa Sede. 13 මාර්තු 2013. 4 ඔක්තෝබර් 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 අප්‍රේල් 2020.
  3. ^ NBC News Coverage of the Election of Pope Benedict XVI YouTube. Accessed February 2, 2013
  4. ^ 19 Aprile 2005 – Elezione di Papa Benedetto XVI YouTube. Accessed March 16, 2013
Listen to this article (8 minutes)
noicon
Spoken Wikipedia icon
This audio file was created from a revision of this article dated 26 ජනවාරි 2009 (2009-01-26), and does not reflect subsequent edits.
"https://si.wikipedia.org/w/index.php?title=හබේමුස්_පාපම්&oldid=721469" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි