Jump to content

දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ

විකිපීඩියා වෙතින්
ශුද්ධෝත්තම පාප්වහන්සේ

දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ
පාප්වහන්සේ (රෝමයේ රාජගුරුප්‍රසාදීන් වහන්සේ යනාදිය)
දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ 2007 වසරේදී
සභාවකතෝලික සභාව
ඇරඹුනේ19 අප්‍රේල් 2005 (&0000000000000020.00000020 years, &0000000000000305.000000305 days)
ධූර කාලය අවසන28 පෙබරවාරි 2013
පූර්වප්‍රාප්තිකයාදෙවන ජුවාම් පාවුළු
අනුප්‍රාප්තිකයාෆ්‍රැන්සිස්
ධූර තොරතුරු
ප්‍රව‍්‍රජ්‍යාව29 ජූනි 1951
by මයිකල් වොන් ෆෝල්හේබර්
අභිෂේකය28 මැයි 1977
by ජෝසෆ් ස්ටැන්ග්ල්
කාදිනල් ධූරයට පත් කරනු ලැබුවේ27 ජූනි 1977
by හයවන පාවුළු
පුද්ගලික විස්තර
උපන් නමජොසෆ් ඇලොයිස් රැට්සින්ගර්
උපත16 අප්‍රේල් 1927(1927-04-16)
විපත31 දෙසැම්බර් 2022(2022-12-31) (වයස 95)
මාටර් එක්ලෙසියා ආරාමය, වතිකානුව
ජාතියජර්මානු සහ වතිකානුමය
Signatureදහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ's signature
බෙනඩික්ට් නමැති අනෙකුත් පාප්වහන්සේලා

දහසයවන බෙනඩික්ට් පාප්වහන්සේ (ලතින්: Benedictus XVI; ඉතාලි: Benedetto XVI); ජර්මන්: Benedikt XVI, උපතේදී නම ජෝසප් ඇලෝසියස් රැට්සින්ගර් (16 අප්‍රේල් 1927 – 31 දෙසැම්බර් 2022), යනු 19 අප්‍රේල් 2005 සිට 28 පෙබරවාරි 2013 දක්වා කතෝලික සභාවෙහි පාප්වහන්සේ සහ වතිකානු රාජ්‍යයේ රාජ්‍ය නායකයා විය.

අවමංගල්‍යොත්සවය

[සංස්කරණය]

2023 ජනවාරි 2 වනදා සිට, බෙනඩික්ට් තුමාගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවෙහි ගෞරව සම්ප්‍රයුක්තව වැඩ සිටුවන ලදි.[1] එතුමාගේ අවමංගල්‍යය 2023 ජනවාරි 5 දිනදී ශාන්ත පීතර චතුරස්‍රයෙහිදී පෙ.ව. 9:30 ට සිදුකෙරුණු අතර අවමංගල්‍යොත්සවය සිද්ධ කරන ලද්දේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ ජොවාන්නි බැටිස්ටා කාදිනල් රේ විසිනි.[2] 2003 වසරෙහි සිට එතුමාගේ පුද්ගලික ලේකම් ජියෝග් ගැන්ස්වයින් රදගුරුතුමා, සහ ජනවන්දනාමය උත්සව පිළිබඳ උපදේශක දියෑගො රවෙල්ලි රදගුරුතුමාද අවමංගල්‍යොත්සවයට සහභාගි වූහ.[3] පාප්වහන්සේ කෙනෙක් එතුමාගේ පූර්වප්‍රාප්තිකයාගේ අවමංගල්‍යොත්සවයට සහභාගිවූ පළමු අවස්ථාව මෙය විය.[4][5] එතුමාගේ අවමංගල්‍යොත්සවයට ඇස්තමේන්තුගත ජනයා 50,000 සහභාගි වූහ.[6]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ෆෙයාර්වෙල් ටු බෙනඩික්ට් XVI: 'හම්බල් වර්කර් ඉන් විනියඩ් ඔෆ් ද ලෝඩ්' – වැටිකන් නිවුස්". vaticannews.va (ඉංග්‍රීසි බසින්). 31 දෙසැම්බර් 2022. සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2022.
  2. ^ "පෝප් බෙනඩික්ට් ලේටස්ට්: පීඑම් සුනාක් ලීඩ්ස් ට්‍රිබියුට්ස් ටු 'ග්‍රේට් තියෝලොජියන්' ෆෝමර් පොන්ටිෆ්". ස්කයි නිවුස් (ඉංග්‍රීසි බසින්). 31 දෙසැම්බර් 2022. සම්ප්‍රවේශය 31 දෙසැම්බර් 2022.
  3. ^ "ෆියුනරල් ඔෆ් XVI: එවිරිතිං යූ නීඩ් ටු නෝ". කතෝලික පුවත් කාර්යාංශය. 3 ජනවාරි 2023. සම්ප්‍රවේශය 3 ජනවාරි 2023.
  4. ^ හෙරොවිට්ස්, ජේසන්; පොවොලෙඩො, එලිසබෙටා (31 දෙසැම්බර් 2022). "විත් බෙනඩික්ට්ස් ඩෙත්, ඇන් අන්ප්‍රසිඩෙන්ටඩ් මෝමන්ට් ෆො මොඩර්න් චර්ච්". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2022/12/31/world/europe/pope-benedict-funeral.html. 
  5. ^ "වැටිකන් ෆේසර්ස් ඇන් අන්ප්‍රසිඩෙන්ටඩ් චැලෙන්ජ්: හව් ටු හෝල්ඩ් අ ෆියුනරල් පෝප් එමරිටස් බෙනඩික්ට්".
  6. ^ "බෙනඩික්ට් XVI ෆියුනරල් ඩ්‍රෝස් එස්ටිමේටඩ් 100,000 කැතලික්ස් ටු සෙන්ට් පීටර්ස් ස්ක්වයාර්". ද ගාර්ඩියන් (ඉංග්‍රීසි බසින්). 2023-01-05. සම්ප්‍රවේශය 2023-01-05.