සැල්වදෝ්ර් ඩාලි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සැල්වදෝර් ඩාලි
1939 දී කාල් වෑන් වෙච්ටන් විසින් ගන්නා ලද
ඩාලිගේ ඡායාරූපයක්
උපතේදී නමසැල්වදොර් ඩොමින්ගෝ ෆලිපේ ජසින්ටෝ ඩාලි අයි ඩොමිනික්
උපත11 මැයි 1904(1904-05-11)
ෆිගාරෙස්, කැටලෝනියාව, ස්පාඥ්ඥය
මරණය23 January 1989(1989-01-23) (වයස 84)
ෆිගාරෙස්, කැටලෝනියාව, ස්පාඥ්ඤය
කලත්‍රයාගාලා ඩාලි (එලීනා ඉවානොව්නා දියකනෝවා) (වි. 1934; d. 1982)
ජාතිකත්වයස්පාඥ්ඤ
ක්ෂේත්‍රයචිත්‍ර කලාව,ඡායාරූප ශිල්පය, මූර්ති ශිල්පය, ලේඛනය, සිනමාව
පුහුණුවReal Academia de Bellas Artes de San Fernando|San Fernando School of Fine Arts, මැඩ්රිඩ්, ස්පාඥ්ඥය
ව්‍යාපාරයඝනකවාදය, ඩාඩාවාදය, අධිතාත්විකවාදය
කෘතීන්
  • The Persistence of Memory (1931)
  • Soft Construction with Boiled Beans (Premonition of Civil War) (1936)
  • Dream Caused by the Flight of a Bee Around a Pomegranate a Second Before Awakening (1944)
  • Galatea of the Spheres (1952)
  • Crucifixion (Corpus Hypercubus) (1954)

සැල්වදෝර් ඩාලි යනුවෙන් නිල වශයෙන් හඳුන්වන Salvador Domingo Felipe Jacinto Dalí i Domènech, Marqués de Dalí de Púbol (11 May 1904 – 23 January 1989) යනු ස්පාඥ්ඥයේ කැටලෝනියාවේ උපන් ප්‍රමුඛ අධිතාත්විකවාදී චිත්‍ර ශිල්පියෙකි.

මනා කුසලතාවකින් යුතු චිත්‍රශිල්පියෙක් වූ ඩාලි වඩාත් ප්‍රකට වූයේ සිය අධිතාත්වික කලාකෘතීන්හි යොදාගත් මනහර වූද අද්භූත වූද හැඩතලයන් නිසාවෙනි. ඔහුගේ චිත්‍රශිල්පීය කුසලතාවය පුනරුද සමයට අයත් මහා කලාකරුවන්ගේ ආභාෂයෙන් ඇතිවූවක් ලෙස සැලකේ. [1][2]ඔහුගේ වඩාත් ප්‍රචලිත වු කෘතිය වන ද පර්සිස්ටන්ස් ඔෆ් මෙමරි නිම කෙරුනේ 1931 අගෝස්තුවේ දි ය. ඩාලිගේ පුළුල් ව පැතිරුණු කලා කුසලතාවය තමා තුළ සිටි විවිධ මාධ්‍යයන්ට අයත් කලාකරුවන් රැසක් විද්‍යාමාන කරමින් සිනමාව, මූර්ති කලාව සහ ඡායාරූප ශිල්පය වැනි ක්ශේත්‍රයන් රැසක පැතිරුණකි.

රන් ආලේපිත සහ අධිකතර වු සෑමදෙයක් වෙත ම වූ සිය ඇල්ම, සුඛෝපභෝගීත්වයට වූ යටපත් කළ නොහෙන ආශාව සහ පෙරදිග රෙදිපිළි වෙත වූ ආකර්ෂණය අරාබි පෙළපතක් වෙතින් උරුම වූවක් බව ඩාලි පැවසූ අතර සිය ආදිතමයන් මුස්ලිම්වරුන්ගෙන් පැවතෙන බවට එමගින් ඔහු ඉඟි කළේ ය. [3]

ඉතා උසස් පරිකල්පනයකින් යුතු වූ ඩාලි අසාමාන්‍ය සහ කැපී පෙනෙන හැසිරීම් පවත්වා ගැනීමෙන් ද සතුටු විය. ඔහුගේ විකේන්ද්‍රීය චර්යා රටාව සහ මහජන අවධානය දිනාගැනීමට සමත් ප්‍රසිද්ධ ක්‍රියාවන් ද ඇතැම්විට ඔහුගේ කෘතීන් දැඩි ලෙස අගය කළ අය ව කම්පාවටත් විවේචනය කළ අය ව ප්‍රකෝපනයටත් ලක් කරමින් ඹහුගේ කලාකෘතීන් අභිබවමින් අවධානයට පාත්‍ර විය. [4][5]

ජීවන චරිතය[සංස්කරණය]

මුල් අවධිය[සංස්කරණය]

සැල්වදෝර් ඩොමින්ගෝ ෆිලිපේ ජසින්ටෝ ඩාලි අයි ඩොමිනික් 1904 මැයි 11 ග්‍රිනිච් වේලාවෙන් 8: 45ට[6] කැටලෝනියාවේ ප්‍රංශ දේශසීමාවට ආසන්නයේ ස්පාඥ්ඥයේ එම්පොර්දා ප්‍රදේශයේ පිහිටි ෆිගරෙස් නම් නගරයේ දී [7] උපත ලැබීය. සැල්වදෝර් නමින් ම නම්කර සිටි (1901 ඔක්තෝබර් 12 උපත ලැබූ) ඩාලිගේ වැඩිමල් සොයුරා නවමසකට පෙර, එනම් 1903 අගෝස්තු 1 ජඨර අන්තදාහයෙන් මියගොස් තිබුණි. ඔහුගේ පියා වූ සැල්වදෝර් ඩාලි අයි කුසි, මධ්‍යම පාංතික නීතීඥයකු සහ නොතාරිස්වරයකු විය.[8]පියාගේ දැඩි ශික්ෂණාත්මක ආකල්පය මව වූ Felipa Domenech Ferrés විසින් මොළොක් කළ අතර ඇය ඔහුගේ කලා ඇසුර දිරිමත් කළා ය.[9] ඔහුට වයස අවුරුදු පහේ දී ඩාලි ව ඔහුගේ මියගිය වැඩිමල් සහෝදරයාගේ සොහොන වෙත ගිය විටක මව්පියන් විසින් ඔහු සිය සොහොයුරාගේ පුනරුත්පත්තියක් බව ඩාලිට පවසනු ලැබු අතර [10] එම විශ්වාසය ඔහු දැඩි ව වැළදගන්නා ලදී.[11] Portrait of My Dead Brother (1963) වැනි ඩාලිගේ පසුකාලීන සිතුවම් කීපයක ම සිය ස්මරණ තලයට පූර්ව ව මියගිය සහෝදරයාගේ සංකල්පීය සිතුවම් ඔහු විසින් ඇතුළත් කර ඇත. චිත්‍ර පාසැලක ඉගෙනුම ලබමින් සිටි ඩාලිට නවීන චිත්‍ර ශිල්පය හදුනා ගන්නට අවස්ථාව සැලසෙන්නේ 1916 දී සිය පවුලේ අයත් සමග කළ සංචාරයක දී මුණගැසෙන Ramon Pichot නම් සිත්තරා වෙතිනි.[8] ඊළග වසරේ දී ඔවුන්ගේ නිවහනේ දි ඩාලි විසින් අදින ලද අගුරු සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කළේ ය. 1919 දී Figueres හි Municipal Theatre ශාලාවේ ඔහු සිය පළමු ප්‍රසිද්ධ සිතුවම් දැක්ම පැවැත්වී ය. 1921 පෙබරවාරි මස ඩාලිගේ මව පියයුරු පිළිකාවකින් මිය ගියා ය. ඒ වනවිට 16වන වියේ පසු වූ ඩාලි පසුකලෙක සිය මවගේ මරණය පිළිබද ව මෙසේ පවසන ලදී. එය මා අත්විදි ප්‍රබල ම කම්පනය විය. මම ඇය ව දේවත්වයෙන් සැලකුවෙමි. මගේ නොවැළැක්විය හැකි පළුදු ලොවට අදෘෂ්‍යමාන කළා වූ පැවැත්මක අහිමි වීම මා කෙසේ දරාගන්න ද ?[5][12] ඩාලිගේ මව මිය යාමෙන් පසුව ඩාලිගේ පියා සිය මියගිය බිරිදගේ සොයුරිය ව විවාහ කරගත්තේ ය. සිය නැන්දණිය කෙරෙහි ඩාලි තුළ දැඩි ආදර භක්තියත් තිබුණු හෙයින් ඩාලි මේ විවාහය පිළිබද කිසිදු සෘණාත්මක ප්‍රතිචාරයක් නො දක්වන ලදී.[8]

මැඩ්රිඩ් සහ පැරිස්හි ගත කළ සමය[සංස්කරණය]

Dalí (left) and fellow surrealist artist Man Ray in Paris on June 16, 1934

1922 දි ඩාලි මැඩ්රිඩ් වෙත ගිය අතර එහි Real Academia de Bellas Artes de San Fernando හි අධ්‍යාපනය ලැබී ය.[8] එහි දී පෙපින් බෙලෝ, ලුවිස් බනියල් සහ ෆෙඩ්රිකෝ ගාර්සියා ලෝකා ඔහුට මුණගැසුණු අතර සමීප මිතුරන් බවට පත්විය. The friendship with Lorca had a strong element of mutual passion,[13] but Dalí rejected the poet's sexual advances.[14]

ඔහුගේ මිතුරන් අතර ඔහුට ප්‍රසිද්ධියක් අත්කර දීමට සමත් වූයේ ඔහු විසින් ගණකවාදී සම්ප්‍රදාය (cubism) අත්හදා බලමින් කළ සිතුවම් ය. ඒ වනවිට ගණකවාදය අනුගමනය කළ කිසිම සිත්තරකු මැඩිරීඩ්හි නොවූ හෙයින් ඔහු ගණකවාදී චිත්‍ර කලාව පිළිබද උගෙන තිබුණේ හුදෙක් සගරා ලිපිවලින් සහ පිචොට් විසින් ඔහුට ලබාදුන් නාමාවලියකින් පමණි. 1924 දී තවමත් අප්‍රකට සිත්තරකු වූ ඩාලිට පොතක් සදහා සිතුවම් නිර්මාණය කිරීමට අවස්ථාව උදා විය. ඒ ඔහුගේ පාසල් සගයෙකු වූ ෆැජෙස් ඩි ක්ලෙමන්ට් කවියාගේ Les bruixes de Llers ("The Witches of Llers") නම් කැටලන් බසින් කළ කාව්‍යය උදෙසා ය. ඩාලි ඩාඩාවාදය සමග ද අත්හදාබැලීම් කළ අතර එකී සම්ප්‍රදායේ බලපෑම් ඔහුගේ සමස්ත කලා දිවිය පුරා ම දක්නට ලැබේ.

1926 දී සිය අවසන් විභාගයට ඉතා ආසන්න ව තිබිය දී ඩාලි ව පාසලින් ඉවත් කරනු ලැබේ. ඒ කලහකාරී තත්ත්වයක් ඇතිකිරීමට උත්සහ ගැනීමේ චෝදනාව මත ය.[5][15] මේ කාලය තුළ ඔහු සිතුවම් කළThe Basket of Bread නම් යථාර්ථවාදී සිතුවම විසින් ඔහුගේ කලා කෞෂල්‍යය මැනවින් පෙන්නුම් කෙරේ. [16] එම වසරේ ම පැරීසිය බලා යන ඔහුට තමන් බෙහෙවින් ගරු කළ සිත්තරෙකු වන පැබ්ලෝ පිකාසෝ ව මුණගැසීමට අවස්ථාව සැලසෙයි.[5] සිය සගයන් වූ බොහෝ අධිතාත්විකවාදී සිත්තරුන් වෙත ඩාලි ව හදුන්වා දුන් තවත් කැටලෝනියානු සිත්තරෙකු වූ ජෝන් මීරෝ වෙතින් පිකාසෝට ඩාලි සම්බන්ධයෙන් ප්‍රශංසාත්මක ඇගයීමක් ඒ වනවිටත් ලැබී තිබුණි.[5] ඊළග වසර කිහිපය තුළ තමාගේ ම සිතුවම් ශෛලියක් ගොඩනගා ගන්නා ඩාලිගේ එකී අත්හදා බැලීම් තුළ පිකාසෝගේත් මීරෝගේත් ආභාෂය ප්‍රබල ලෙස දැකගැනීමට හැකි ය.

ඩාලිගේ කලා ජීවිතයේ අවසානය දක්වා ම විද්‍යමාන වූ ඇතැම් ලක්ෂණ 1920 ගණන්වල ඔහු විසින් කළ කලා කෘති තුළ ද හදුනාගත හැකි ය. විදග්ධ ශාස්ත්‍රීය ප්‍රවණතාවන්ගේ සිට පර්යේෂණාත්මක පෙරටුගාමී කලාව දක්වා වූ පුලුල් පරාසයක ශෛලීන්ගෙන් ඔහු සිය නිර්මාණාවේශය ලබා ගත්තේ ය. [17] ඔහුගේ සම්භාව්‍ය ආදර්ශයන්ට රෆායෙල්, බ්‍රොන්සිනෝ, Francisco de Zurbarán, වර්මියර් සහ Velázquez ඇතුළත් විය. [18]

හෙතෙම සම්භාව්‍ය මෙන් ම නවීන යන ශිල්ප ක්‍රම ද්වයෙන් ම කලා කෘති නිම වූ අතර ඇතැම් විට ඒවා තනි කෘතියක් පිණිස සංකලනය කරමින් ද යොදාගත්තේ ය. බාසිලෝනා හි පැවති ඔහුගේ ප්‍රදර්ශන මහත් පැසසුමකට උරුමකම් කීමට මෙන් ම විචාරකයන් අර්බුදයට ලක්කරන විවාද ඇතිකිරීමට ද හේතු විය.

17වැනි සියවසේ සිටි සම්භාවනීය ස්පාඤ්ඤ සිත්තරෙකු වූ දියේගෝ වෙලස්ක්වියස් අනුකරණය කරමින් ඔහු ද ආකර්ෂණීය උඩු රැවුළක් වැවීමට පෙළඹුණි. ඔහුගේ අනන්‍යතා ලාංඡනය බවට පත් වූ මේ උඩුරැවුළ සමස්ත දිවිය තුරා ම පවත්වා ගත්තේ ය.

1929 සිට දෙවන ලෝක යුද්ධය දක්වා කාලය[සංස්කරණය]

1929 අගෝස්තුවේ දී ඩාලිට සිය එකම සහ යාවජීව මිතුරියත් නිර්මාණ උල්පතත් අනාගත බිරිදත් වූ ගාලා ව මුණ ගැසුණි.[19] සංක්‍රමණය වූ රුසියානු කතක් වූ ඇගේ මුල් නම එලීනා ඉවානොව්නා දියකොනෝවා විය. ඩාලිට වඩා දසවසකින් වැඩිමල් වූ ඇය ඩාලි ව හමුවන විට අධිතාත්විකවාදී කවි Poal Eluard සමග විවාහ වී සිටියා ය. එම වසරේ දී අතිශය වැදගත් චිත්‍ර ප්‍රදර්ශන කීපයක් පැවැත් වූ ඩාලි පැරීසියේ මොන්ට්පර්නස්සේ ක්වාටර්හි අධිතාත්විකවාදී කවයට නිළ වශයෙන් එක්විය.

ඒ වනවිත් ඔහුගේ කෘති වසර දෙකක් තිස්සේ අධිතාත්විකවාදයට ආභාෂය සපයා තිබිණි. උසස් නිර්මාණාවේශයක් උදෙසා උපවිඥාණාත්මක සිතුවිලි මතුකරගැනීමට ඩාලි යොදාගත් බවට පැවසූ පීඩනෝන්මාදී-විවේචන ක්‍රමය (paranoiac critical method) අධිතාත්විකවාදීන් විසින් සාදරයෙන් පිළිගනු ලැබිණ.[8][9]

මේ අතර ඩාලි සහ ඔහුගේ පියා අතර සබදතාවය බිදී යාමට සමීප තත්ත්වයක් උද්ගත විය. දොන් සැල්වදෝර් ඩාලි අයි කුසී සිය පුතු ගාලා සමග ඇතිකරගත් ප්‍රේම සබදතාය කිසිසේත් අනුමත නොකළ අතර අධිතතාවිකවාදය කරා වූ ඔහුගේ නැමියාව තම සදාචාර ගුණධර්මවලට හානිකර විය හැකි බවද විශ්වාස කළේ ය. මේ අතර ඩාලි Sacred Heart of Jesus Christ නම් සිතුවම පැරීසියේ දී ප්‍රදර්ශනය කළේ ය. ඒ "Sometimes, I spit for fun on my mother's portrait" යන පාඨයත් සමග ය. ඩාලිගේ පියාට මේ බව පුවත්පතකින් කියවන්නට ලැබීමත් සමග ඒ වනවිටත් නූලෙන් එල්ලෙමින් තිබූ සබදතාවය නැත්තට ම නැති වී ගියේ ය.[5][20]

එය දැකීමෙන් දැඩිලෙස කෝපයට පත් වූ දොන් සැල්වඩෝර් සිය පුතු එම ප්‍රකාශය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කරගත යුතු බව කියා සිටියේ ය. අධිතාත්විකවාදී කණ්ඩායමේ සාමාජිකත්වය අහිමි වේ යැයි බියෙන් දෝ ඩාලි එසේ කිරීම ප්‍රතික්ෂේප කළ අතර 1929 දෙසැම්බර් 28 ඔහු ව පියාගේ ගෘහයෙන් බලහත්කාරයෙන් ම නෙරපනු ලැබිණ. ඔහුට කිසිදු දේපලක් උරුම නොකරනු ලබන බවටත් ඔහු නැවත කිසිදා කැඩකේස් වෙත නොපැමිණිය යුතු බවටත් පියා පවසා සිටියේ ය. එයින් පසු එළඹුණු ගිම්හානයේ දී ඩාලි සහ ගාලා පෝට් ලිගාට් බොක්ක අසල පිහිටි කුඩා ධීවර කුටියක් කුලියට ගෙන එහි පදිංචි විය. පසුව එය මිලට ගත් ඔහු අසල්වැසි කුටි ද මිලට ගනිමින් ඒ සියල්ල බද්ද කරමින් ක්‍රමයෙන් සිය සයුර තෙර පිහිටි නිවහන ගොඩනැංවී ය. එම නිවහනට ඔහු දැඩි සේ ඇලුම් කළේ ය. ඩාලිගේ පියා හදිසියේ ම සිය දැඩි බව අත්හරිමින් සිය පුතු ගාලා සමග ඇතිකරගත් සබදතාවය අනුමත කළේ ය.[21]

1931 දී ඩාලි සිය ලෝකප්‍රසිද්ධ The Persistence of Memory නම් සිතුවම නිම කළේ ය.[22] එය වූ කලී රෙදි මෙන් එල්ලා වැටෙන ස්වභාවයක් තිබූ ඔරලෝසු ඇතුළත් අධිතාත්වික දර්ශනයක් විය. මෙම සිතුවම අර්ථකතනය කර ඇත්තේ මෙවැනි ස්වභාවයකින් යුතු ඔරලෝසු විසින් කාලය ස්ථාවර හෝ නිශ්චිත යමක් බවට වන අදහස ප්‍රතික්ශේප කිරීමක් වශයෙනි. පුලුල් ව පැතිරුණු භූමිදර්ශනය මෙන් ම කූඹින් විසින් ආහාරයට ගනිමින් ඇති සේ ඇද ඇති අනෙකුත් ඔරලෝසු වැනි සිතුවමේ දක්නට ඇති අනෙකුත් රූප ද මෙම අදහස තහවුරු කරයි.[23]

1929 සිට එක් ව ජීවත් වූ ගාලා හා ඩාලි 1934 දී විවාහ වූයේ අඩ වශයෙන් රහසිගත වූ සිවිල් උත්සවයකිනි. පසුව 1958 දී ඔවුහු යළි කතෝලික උත්සවයක් පවත්වා විවාහ වූහ. [24] ඇගේ ජීවිතය පුරා ම ඩාලිගේ බොහෝ කලා කෘතිවලට ආභාෂාත්මක වූ ගාලා, ඩාලිගේ ව්‍යාපාරික කළමණාකාරවරිය ලෙස ද කටයුතු කළේ ඔවුන්ගේ වියදම්කාර ජීවිතය පවත්වා ගන්නා අතර ම බංකොලොත් නොවීමට ද ශූර ලෙස වගබලා ගනිමිනි. ඩාලි ලාබාල යුවතියන් සමග පැවැත් වූ ඇසුරවල් ද ඇගේ විරෝධයට හේතු වූ බවක් නොපෙනුණි. ඒ සියල්ල මැද ඔහුගේ ප්‍රධාන ආධ්‍යාත්මික සබදතාවය ලෙස සිය පැවැත්ම රැකගැනීමට ඇය උත්සුක වූවා ය. ඩාලි සිය ආදරවන්තිය සහ තමන් යන දෙදෙනා ම වයස්ගත ලෙසින් සිතුවම් කළ අතර ඇය පිළිබද ප්‍රශංසාපූර්වක සානුකම්පිතබවක් පළකරන සිතුවම් ද නිතර නිම කළේ ය. ඔවුන් දෙදෙනාගේ “ආතිතකාරී, සංකීර්ණ සහ නොපැහැදිලි” සබදතාවය වසර 50කට වැඩි කලක් තිස්සේ පැවති අතර ඔපෙරාවකට ද වස්තු විය. ඒ කැටලෝනියානු සංගීතවේදී Xavier Benguerel ගේ Jo, Dalí (මම, ඩාලි) ය. [25]

1934 දී කලාකෘති අලෙවිකරුවෙකු වූ ජුලියන් ලෙවී ඩාලි ව ඇමරිකා එක්සත් ජනපදය වෙත හදුන්වා දෙන ලදී. Persistence of Memory ද ඇතුළත් ව එක්සත් ජනපදයේ දී පැවැත්වුණු ඩාලිගේ සිතුවම් දැක්ම ක්ෂණික ව කලා ක්ෂේත්‍රයේ අවධානය දිනා ගැනීමට සමත් විය. Social Register listees විශේෂයෙන් සංවිධානය කරන ලද "Dalí Ball" උළෙල මගින් ඇගයීමට ලක් කළේ ය. ඔහු එයට පැමිණියේ සිය පපුවේ, බ්‍රෙසියරයක් අඩංගු වූ වීදුරු කුටීරයක් ද පැළද ය.[26]නිව්යෝර්ක්හි පැවති කැරේස් ක්‍රොස්බි විසින් සත්කාරකත්වය දැරූ වෙස්-ගත්තන්ගේ සාදයකට ද ඩාලි සහ ගාලා සහභාගී වූ අතර එහි දී ඔවුහු ලින්ඩ්බර්ග් දැරිය සහ ඇය පැහැරගත් පුද්ගලයා ලෙසින් වෙස්ගෙන පැමිණීම නිසා ඇති වූ මාධ්‍ය ආන්දෝලනය හේතුවෙන් ඩාලිට ඒ ගැන සමාව අයැදීමට ද සිදුවිය. ඔහු යළි පැරීසියට පැමිණි විට අධිතාත්විකවාදී ක්‍රියාවක් ගැන සමාව අයැදීම සම්බන්ධයෙන් අධිතාත්විකවාදීහු ඔහුගෙන් සමාවට කරුණු විමසා සිටියහ.[27]

අධිතාත්විකවාදී කලාකරුවන් බහුතරයක් වාමාංශික දේශපාලනය සමග සබදතා පැවැත්වුවත් ඩාලි කලාව සහ දේශපාලනය අතර සබදතාවය විෂයෙහි ලා දැරුවේ උභයාවේගී ආස්ථානයකි. ප්‍රමුඛ අධිතාත්විකවාදියකු වූ ආන්ද්‍ර බ්‍රෙතෝන් නැගී එන හිට්ලර් ප්‍රපංචයේ ප්‍රතිගාමීත්වයට අනුබල දෙන්නකු බව පවසමින් ඩාලිට චෝදනා කළ මුත් ඩාලි එය එකහෙළා ප්‍රතික්ෂේප කළේ තමන් ගතිසිරිත්වලින්වත් අදහස්වලින්වත් හිට්ලර්වාදියකු නොවන බව පවසමිනි.[28] අධිතාත්විකවාදය පවතින්නේ දේශපාලනීකරණය නොවූ සන්දර්භයක් තුළ යැයි කියා සිටි ඩාලි ෆැසිස්ට්වාදය විවෘත ව හෙළාදැකීම ප්‍රතික්ෂේප කළේ ය.[තහවුරු කරන්න] මෙය ද ඇතුලු ව තවත් හේතු මත ඩාලිට සිය කලා සගයන්ගේ නොමනාපයට ලක්වන්නට සිදු විය. පසු කලෙක 1934 දී ඩාලි ව විභාගයකට ලක් කෙරුණු අතර ඉන් ඔහු ව අධිතාත්විකවාදී කණ්ඩායමෙන් නිල වශයෙන් නෙරපා හැරුණි.[19] “එයාලා කොහොමද අධිතාත්විකවාදෙන් මාව පන්නන්නේ? අධිතාත්විකවාදෙයි කියන්නේ මම නේන්නං...” යැයි කියමින් ඩාලි මෙයට පිළිතුරු දුන්නේ ය.[15]

1936 දී ලන්ඩන්හි ජාත්‍යයන්තර අධිතාත්වික ප්‍රදර්ශනයේ දී Fantômes paranoiaques authentiques මැයෙන් දෙසුමක් පැවැත් වූ ඩාලි එයට පැමිණියේ හිස්වැස්ම ද ඇතුලු ව සම්පූර්ණ කිමිදුම් ඇදුම් කට්ටලයකින් සැරසීගෙන ය.[29] අතකින් බිලියඩ් යෂ්ටියක් ගෙන පැමිණි ඔහු රුසියානු වුල්ෆ්හවුන්ඩ් බල්ලන් දෙන්නෙක් ද කැටුව පැමිණ සිටියේ ය. නිතර නිතර ආශ්වාසට තැත් කරන පරිද්දෙන් හිස්වැස්ම විවර කළ ඔහු එමගින් තමා උත්සහ කළේ තමන් මිනිස් මනසේ පතුල කරා ගමන් කරන බව පෙන්වීමට යැයි පැවසුවේ ය.[30] In 1936, Dalí, aged 32, was featured on the cover of Time magazine.[5] 1986 දී ඒ වනවිටත් වයස අවුරුදු 32ක් වූ සැල්වදෝර් ඩාලි ටයිම් සගරාවේ කවරයේ පෙන්නුම් කෙරිණි.

1936 දී ජෝසෆ් කෝර්නෙල්ගේ Rose Hobart චිත්‍රපටයේ ආරාධිත දර්ශනයක් නිව්යෝර්ක් සිටි හි ජුලියන් ලෙවීගේ ශාලාවේ පැවැත්වුණු අවස්ථාව ද ඩාලි සිය සුවිශේෂී හැසිරීම් නිසා ප්‍රසිද්ධියට පත් වූ අවස්ථාවක් විය. ලෙවීගේ අධිතාත්වික කෙටි චිත්‍රපට දැක්ම පැවැත්වුණේ ද මියුසියම් ඔෆ් මොඩර්න් ආර්ට් හිදී ඩාලිගේ සිතුවම්ද ඇතුළත්ව ප්‍රථම අධිතාත්විකවාදී ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත ව තිබුණු මොහොතේ ම ය. ඩාලි ඒ මොහොතේ ලෙවීගේ සිනමා දැක්මේ ප්‍රේක්ෂකාගාරයේ සිටි අතර කෝර්නෙල්ගේ චිත්‍රපටයෙන් අඩක් පමණ යත් ම ඔහු දිගින් දිගට ම කෝපයෙන් යුතු ව දර්ශනය පැවැත්වීමට බාධා කරන්නට විය. “මම හිටියෙත් මේ චිත්‍රපටය ම හදන්නයි. ඇත්තට ම මම ඒකට ගෙවන්න කෙනෙක් හොයමිනුයි හිටියේ” ඔහු පවසන්නට විය. “මම ඒක ලිව්වෙවත්, කාටවත් කිව්වෙවත් නැහැ. ඒත් එයා ඒක කොහොමහරි හොරකම් කරගෙන වගෙයි පේන්නේ” ඔහු වැඩිදුරටත් කියන්නට විය. ඔහු සිය චෝදනාව ඉදිරිපත් කළ ඇතැම් ආකාරයන් මීටත් වඩා සිත්ගන්නාසුලු විය. “එයා ඒක මගේ අවිඥානයෙන් පැහැර ගත්තා” “එයා මගේ හීන හොරකං කරගෙන” ඔහු කියන්නට විය.[31]

මෙ සමයේ ඩාලිගේ ප්‍රධාන අනුග්‍රාහකයා වූයේ ලන්ඩනයේ සිටි ධනවතකු වූ එඩ්වර්ඩ් ජේම්ස් ය. ඔහු ඩාලිගේ කෘති රැසක් මිලට ගනිමින් ඔහුට කලා ලෝකයට පිවිසීමට අතහිත ලබා දුන්නේ ය. ඩාලිට වසර දෙකක් තිස්සේ මුදලින් ද උපකාර කළ ඔහු අධිතාත්විකවාදී ව්‍යාපාරයේ නොමැකෙන සලකුණු දෙකක් වූ 'Lobster Telephone සහ Mae West Lips Sofa යන කෘති නිර්මාණයේ දීද ඩාලි සමග එක් ව කටයුතු කළේ ය.[තහවුරු කරන්න]

මේ අතර ස්පාඥ්ඥ සිවිල් යුද්ධය (1936-1939) හේතුවෙන් බොහෝ කලාකරුවෝ කිසියම් දේශපාලන පාර්ශ්වයක් වෙනුවෙන් කටයුතු කිරීම හෝ පලායාම සිදුවිය.

ස්ටෙෆන් ස්වෙයිග්ට පින්සිදුවන්නට1938 දී ඩාලිට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ව මුණගැසිණි. ඩාලි ෆ්‍රොයිඩ්ගේ ආලේඛ්‍යයක් අදින්නට පටන් ගත් අතර 82 වියැති සුප්‍රසිද්ධ මනෝවිශ්ලේෂකයා “මේ කොල්ල අවේසකාරයෙක් වගේ” (this boy looks like a fanatic) යැයි සෙසු අයට පැවසුවේ ය. පසු කලෙක මේ ගැන ඇසූ ඩාලි සිය විරුවාගෙන් තමන් ගැන ලත් ප්‍රතිචාරය ගැන ඉමහත් සතුටට පත් විය.[5]

1938 සැප්තැම්බර් හි දී ගැබ්‍රියෙල් කොකෝ චැනල්, ඩාලිට Roquebrune හි සිය La Pausa නම් නිවහනට පැමිණෙන ලෙස ඇරයුම් කළ අතර එහි දී ඔහු සිතුවම් රැසක් නිම කළේ ය. පසුව ඔහු ඒවා නිව්යෝර්ක්හි ජුලියන් ලෙවී ශාලාවේ එළිදක්වන්නට යෙදුණි.[32][33]

තවද 1938 දී ඩාලි Rainy Taxi නම් සිය ත්‍රිමාණ කලාකෘතිය නිරාවෘත කළේ ය. සැබෑ මෝටර් රථයක් යොදාගනිමින් නිමවා තිබූ ඒ තුළ ප්‍රදර්ශනාත්මක මගීන් දෙදෙනෙක් ද විය. පැරීසියේ Galerie Beaux-Arts හි පැවති Exposition Internationale du Surréalisme හි දී මෙය මුල්වරට ප්‍රදර්ශනය කෙරුණි. එම ප්‍රදර්ශනය සංවිධානය කළේ ආන්ද්‍ර බ්‍රෙතෝන් සහ Poal Eluard විසිනි. විස්තර ප්‍රකාශය එහි සත්කාරකත්වය දැරූ මාර්සෙල් ඩුෂෑම්ප් කලාකරුවා විසින් ම නිර්මාණය කර තිබුණි.[34][35][36]

1939 නිව්යෝර්ක් වර්ල්ඩ්ස් ෆෙයාර් හි දී ඩාලි Dream of Venus යනුවෙන් නම් කරන ලද සිය අධිතාත්විකවාදී කලා අංගනය එහි ඇමියුස්මන්ට් ඒරියා හි පැවැත්වී ය. එහි අද්භූතජනක මූර්ති, පිළිම සහ අලුත් ම මුහුදු ආහාරවලින් තැනුණු ඇදුම්වලින් සැරසුණු නිරුවත් නිරූපිකාවෝද පෙනීසිටියහ. එය හෝර්ස්ට් පී. හෝර්ස්ට්, ජෝර්ජ් ප්ලැට් ලයිනස් සහ මුරේ කොර්මන් විසින් ඡායාරූපගත කරන්නට ද යෙදුණි. ඇමියුස්මන්ට් ඒරියා හි පැවති බොහෝ විනෝද අංශයන්ට මෙන් මෙයට ද ඇතුළත් වීමට මුදලක් අයකෙරුණි.[37]

1939 දී ආන්ද්‍ර බ්‍රෙතෝන් සැල්වදෝර් ඩාලිට "Avida Dollars" යනුවෙන් අපහාසාත්මක අන්වර්ථ නාමයක් පටබැන්දේ ය. ඒ නම ඔහු සැකසුවේ ඩොලර් ගිජුවා යන අරුත් දෙන avide à dollars යන ප්‍රංශ යෙදුම ඇසුරිනි.[38] ඩාලි ප්‍රසිද්ධිය සහ ධනය වෙනුවෙන් ගිජු වූ වාණිජ කලාකරුවකු බව හැගවීම ඔහුගේ අදහස විය. ඒ වනවිට අධිතාත්විකවාදීන්ගෙන් බොහෝදෙනෙක් ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය සමග සමීප ව කටයුතු කළ අතර ඔවුහු ඩාලි ව සිය කලා ව්‍යාපාරයෙන් නෙරපා දැමූහ.[5] සමහර අධිතාත්විකවාදියෝ එතැන් සිට ඔහු ව මියගියාක් සේ සලකා ඔහු ගැන අතීත කාලයෙන් ද කතා කළහ. [තහවුරු කරන්න] අධිතාත්වික ව්‍යාපාරය සහ එහි බොහෝ සාමාජිකයෝ (ටෙඩ් ජෝන්ස් වැනි අය) ඩාලි මිය යන තුරු පමණක් නොව පසුව පවා ඔහුට දැඩි ලෙස පහර ගැසූ ලේඛන පළ කළහ.

දෙවන ලෝක යුධ සමය[සංස්කරණය]

ස්පාඥ්ඥයේ නැවත ගතකළ සමය[සංස්කරණය]

අවසන් කාලය සහ මරණය[සංස්කරණය]

සංකේත භාවිතය[සංස්කරණය]

ඩාලිගේ සිතුවම්වල සංකේත භාවිතය ඉතා පුළුල් දෘෂ්ටියකින් සහ යටිපෙළකින් යුතු විය. නිදසුනක් ලෙස The Persistence of Memory හි වනා දමා සහ අතුරා තිබෙන ඔරලෝසු තුළින් කාලය සාපේක්ෂ වූවක් මිස ස්ථාවර වූවක් නොවන බවට වූ අයින්ස්ටයින්ගේ ප්‍රවාදය ඉදිරිපත් කෙරේ. [23]Salvador Dalí, La Conquête de l'irrationnel (Paris: Éditions surréalistes, 1935), p. 25.</ref>ඔහුට මේ අදහස පෙන්නුම් කිරීම සදහා දිය ව යන ඔරලෝසු පිළිබද සිතුවිල්ල පැමිණියේ උණුසුම් දිනක මෙළෙක් වී ගලා යන කැමෙම්බර්ට් චීස් පෙති කීපයක් දක්නට ලැබීමෙනි. [39]

අලියන් ද ඩාලිගේ සිතුවම් තුළ යළි යළිත් මතුවන රූපයකි. 1944 දී ඇදි Dream Caused by the Flight of a Bee Around a Pomegranate a Second Before Awakening නම් සිතුවම තුළ මෙය යොදාගැනුණි. ගියන් ලොරෙන්සෝ බර්නිනිගේ මූර්ති පාදකයක් වන පුරාණ ශිලාස්ථම්භයක් පිට හිදුවාගත් හස්තියකුගේ රූපයකින් ආභාශය ලැබූ [40]ඩාලිගේ අලියන් සිතුවම් කර ඇත්තේ "ඉතා දිගු, පුරුක් එක් වී තැනුණු, මුළුමනින් ම වාගේ අදෘෂ්‍යමාන වූ ආශාවේ පාදයන් සහිත ව" [41]පිට මත ශිලාස්ථම්භ දරා සිටින අයුරිනි. සිහින් දුර්වල පාදයන් සමග එක් වූ විට මෙම ෆැලිකමය බව විසින් කැපී පෙනෙන ස්කන්ධයන් අද්භූත යථාර්ථයක් පිළිබද සංවේදනයක් මවයි. "අලියන් දිස්වන්නේ අවකාශයේ ඇති විකෘතියක් පරිද්දෙනි" යැයි එක්තරා විචාරයක කියැවේ. "ඔවුන්ගේ දුර්වල කෙට්ටු දිගු පාද උපරිසැහැල්ලුබවේ සහ ව්‍යුහයේ අසමානතාවය පෙන්නුම් කරයි.” [41]

"I am painting pictures which make me die for joy, I am creating with an absolute naturalness, without the slightest aesthetic concern, I am making things that inspire me with a profound emotion and I am trying to paint them honestly."

—Salvador Dalí, in Dawn Ades, Dalí and Surrealism.

බිත්තරය ද තවත් ඩාලිනියානු රූපයකි. ඔහු බිත්තරය පූර්වප්‍රසූතිකත්වය සහ අන්තර්ගර්භාෂකත්වය සමග සම්බන්ධ කරමින් බලාපොරොත්තුව සහ ආදරය සංකේතවත් කිරීමට යොදාගනී. [42]The Great Masturbator හි සහ The Metamorphosis of Narcissus හි ඒ දිස් වේ. The Metamorphosis of Narcissus මරණය සහ පාෂාණීභවනය ද සංකේතවත් කරයි.

තවත් විවිධ සත්ව රූප ඔහුගේ සිතුවම් තුළ සංකේතාත්මක ව නිරන්තර ව භාවිත වේ. කූඹින් මරණය, වියැකීම සහ අසීමාන්තික ලිංගික ආශාව දැක්වීමට යොදාගැනෙන අතර මිනිස් හිසට සම්බන්ධ වුණු ගොලුබෙල්ලන්ගේ රූප ද භාවිත කරයි. (ඔහු ෆ්‍රොයිඩ් ව මුනගැසුණු මුල් අවස්ථාවේ ෆ්‍රොයිඩ්ගේ නිවසින් පිටත බයිසිකලයක් තුළ සිටි ගොලුබෙල්ලකු නෙත ගැටුණි.) පළගැටියන් ද නාස්ති වීමේ සහ භීතියේ සංකේතයක් ලෙස භාවිත වේ. [42]

ඩාලි සහ ඔහුගේ පියා කැඩකේස් සමීපයේ මුහුදින් අල්ලාගත් අලුත මුහුදු ඉකිරියන් ආහාරයට ගැනීමට ප්‍රිය කළ අතර ඉකිරියන්ගේ සමමිතික බවින් වසග වූ ඔහු එය ද සිතුවම් රැසක යොදාගත්තේ ය. [43]

ඩාලි සහ විද්‍යාව[සංස්කරණය]

20 වන සියවසේ දී ක්වොන්ටම් භෞතිකයේ උපතත් සමග ඇති වූ සුසමාදර්ශ වෙනස කෙරෙහි ඩාලි දැක්වූ වශීකෘත හැගීම විද්‍යාව කෙරෙහි ඔහු තුළ පැවති සවිඥානක බවට නිදසුනකි. වර්නර් හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූලධර්මයෙන් (uncertainty principal) ආභාෂය ලැබ 1958 දී සිය Anti-Matter Manifesto නම් ලියැවිල්ල තුළ ඔහු මෙසේ රචනා කළේ ය. “මගේ කලා දිවියේ අධිතාත්විකවාදී සමයේ දී මට අවශ්‍ය වූයේ එකල මගේ පියා වූ ෆ්‍රොයිඩ් විසින් හදුන්වා දුන් ඒ විස්මිත වූ ලෝකය, අපේ අභ්‍යයන්තර ලෝකය සිතුවම් හරහා පිළිබිඹු කිරීම යි. නමුත් අද මගේ චිත්‍රවලින් පිළිබිඹු වන්නේ අපේ අභ්‍යයන්තර ය නොව අපට බාහිර වූ ලෝකය වන අතර මනෝවිද්‍යාවේ අතික්‍රමණය කරමින් භෞතික විද්‍යාව කරා මා පැමිණ ඇත. අද මගේ වන්නේ ආචාර්ය හයිසන්බර්ග් ය.”[44] මේ අනුව 1954 දී The Persistence of Memory සිතුවම කැබලිවලට බිදී ගොස් වෙන් ව පවතින (painting in fragmentation and disintegration) ස්වභාවයකින් The Disintegration of the Persistence of Memory නමින් නැවත සිතුවම් කිරීම නැගී එමින් පැවති විද්‍යාව කෙරෙහි ඩාලි තුළ වූ අවබෝධයේ කැඩපතක් වෙයි. [44]

ආශ්‍රිත නාමාවලිය[සංස්කරණය]

  1. "Phelan, Joseph, ',The Salvador Dalí Show". Artcyclopedia.com. Retrieved August 22, 2010.
  2. Dalí, Salvador. (2000) Dalí: 16 Art Stickers, Courier Dover Publications. ISBN 0-486-41074-9.
  3. Ian Gibson (1997). The Shameful Life of Salvador Dalí. W. W. Norton & Company. https://www.nytimes.com/books/first/g/gibson-dali.html.  Gibson found out that "Dalí" (and its many variants) is an extremely common surname in Arab countries like Morocco, Tunisia, Algeria or Egypt. On the other hand, also according to Gibson, Dalí's mother's family, the Domènech of Barcelona, had Jewish roots.
  4. Saladyga, Stephen Francis. "The Mindset of Salvador Dalí". lamplighter (Niagara University). Vol. 1 No. 3, Summer 2006. Retrieved July 22, 2006.
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 5.6 5.7 5.8 Meisler, Stanley (April 2005). "The Surreal World of Salvador Dalí". Smithsonian.com. Smithsonian Magazine. Retrieved 2014-07-12. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Meisler" defined multiple times with different content
  6. Birth certificate and "Dalí Biography". Dalí Museum. Dalí Museum. Retrieved August 24, 2008.
  7. Dalí recupera su casa natal, que será un museo en 2010
  8. 8.0 8.1 8.2 8.3 8.4 Llongueras, Lluís. (2004) Dalí, Ediciones B – Mexico. ISBN 84-666-1343-9.
  9. 9.0 9.1 Rojas, Carlos. Salvador Dalí, Or the Art of Spitting on Your Mother's Portrait, Penn State Press (1993). ISBN 0-271-00842-3.
  10. Salvador Dalí. SINA.com. Retrieved on July 31, 2006.
  11. Salvador Dalí biography on astrodatabank.com. Retrieved September 30, 2006.
  12. Dalí, Secret Life, pp.152–153
  13. For more in-depth information about the Lorca-Dalí connection see Lorca-Dalí: el amor que no pudo ser and The Shameful Life of Salvador Dalí, both by Ian Gibson.
  14. Bosquet, Alain, Conversations with Dalí, 1969. p. 19–20. (PDF format) (of García Lorca) 'S.D.:He was homosexual, as everyone knows, and madly in love with me. He tried to screw me twice ... I was extremely annoyed, because I wasn’t homosexual, and I wasn’t interested in giving in. Besides, it hurts. So nothing came of it. But I felt awfully flattered vis-à-vis the prestige. Deep down I felt that he was a great poet and that I owe him a tiny bit of the Divine Dalí's asshole. He eventually bagged a young girl, and she replaced me in the sacrifice. Failing to get me to put my ass at his disposal, he swore that the girl's sacrifice was matched by his own: it was the first time he had ever slept with a woman.'
  15. 15.0 15.1 Salvador Dalí: Olga's Gallery. Retrieved on July 22, 2006.
  16. "Paintings Gallery No. 5". Dali-gallery.com. Retrieved August 22, 2010.
  17. Hodge, Nicola, and Libby Anson. The A–Z of Art: The World's Greatest and Most Popular Artists and Their Works. California: Thunder Bay Press, 1996. Online citation.
  18. "Phelan, Joseph". Artcyclopedia.com. Retrieved August 22, 2010.
  19. 19.0 19.1 Shelley, Landry. "Dalí Wows Crowd in Philadelphia". Unbound (The College of New Jersey) Spring 2005. Retrieved on July 22, 2006.
  20. Gibson, Ian (1997). The Shameful Life of Salvador Dalí. London: Faber and Faber. පිටු 238–9. ISBN 0-571-19380-3. 
  21. "Gala Biography". Dalí. Gala-Salvador Dalí Foundation. Retrieved 27 May 2012.
  22. Clocking in with Salvador Dalí: Salvador Dalí's Melting Watches (PDF) from the Salvador Dalí Museum. Retrieved on August 19, 2006.
  23. 23.0 23.1 Salvador Dalí, La Conquête de l'irrationnel (Paris: Éditions surréalistes, 1935), p. 25.
  24. Carré d'Art, Jean-Pierre Thiollet, Paris, Anagramme, 2008, p. 212
  25. Amengual, Margalida (14 December 2016). "An opera on the relationship between Salvador Dalí and Gala arrives at Barcelona's Liceu". Catalan News Agency (CNA). Intracatalònia, SA. Retrieved 27 May 2012.
  26. Current Biography 1940, pp. 219–220
  27. Luis Buñuel, My Last Sigh: The Autobiography of Luis Buñuel, Vintage 1984. ISBN 0-8166-4387-3
  28. Greeley, Robin Adèle (2006). Surrealism and the Spanish Civil War, Yale University Press. p. 81. ISBN 0-300-11295-5.
  29. Jackaman, Rob. (1989) The Course of English Surrealist Poetry Since the 1930s, Edwin Mellen Press. ISBN 0-88946-932-6.
  30. Current Biography 1940, p219
  31. "Program Notes by Andy Ditzler (2005) and Deborah Solomon, Utopia Parkway: The Life of Joseph Cornell (New York: Farrar, Straus, and Giroux, 2003)". Andel.home.mindspring.com. Retrieved August 22, 2010.
  32. Salvador Dalí Exhibition, Exhibition Catalogue – February 16 through May 15, 2005
  33. Salvador Dali Exhibition - Philadelphia Museum of Art - February 16 through May 15, 2005. Philadelphia.about.com (2005-05-15). Retrieved on 2014-05-12.
  34. "Salvador Dalí's Biography - Gala - Salvador Dali Foundation". salvador-dali.org. Retrieved February 14, 2015.
  35. "Paris 1937". google.com. Retrieved February 14, 2015.
  36. "Leo and His Circle". google.com. Retrieved February 14, 2015.
  37. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; DrmVns නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  38. Artcyclopedia: Salvador Dalí. Retrieved September 4, 2006.
  39. Salvador Dalí, The Secret Life of Salvador Dalí (New York: Dial Press, 1942), p. 317.
  40. Michael Taylor in Dawn Adès (ed.), Dalí (Milan: Bompiani, 2004), p. 342
  41. 41.0 41.1 Dalí Universe Collection. County Hall Gallery. Retrieved on July 28, 2006.
  42. 42.0 42.1 "Salvador Dalí's symbolism". County Hall Gallery. Retrieved on July 28, 2006
  43. "Salvador Dali: Liquid Desire". ngv.vic.gov.au. Retrieved February 14, 2015.
  44. 44.0 44.1 Dalí: Explorations into the domain of science. The Triangle Online. Retrieved August 8, 2006.
"https://si.wikipedia.org/w/index.php?title=සැල්වදෝ්ර්_ඩාලි&oldid=446231" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි