සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්

විකිපීඩියා වෙතින්
සිග්මන්ඩ් ප්‍රොයිඩ්
සිග්මන්ඩ් ප්‍රොයිඩ්, by Max Halberstadt, 1921
උපත
සිග්මන් ස්කෝල්මෝ ෆ්‍රොයිඩ්

6 මැයි 1856(1856-05-06)
ප්‍රියිබර්ග්, මොරාවියා, Austrian Empire (වර්තමානයේ චෙක් රෙපබ්ලික්)
මියගිය දිනය23 September 1939(1939-09-23) (වයස 83)
ලන්ඩන්, එංගලන්තය, එක්සත් රාජධානිය
නිවහනඕස්ට්‍රියා, එක්සත් රාජධානිය
ජාතිකත්වයඕස්ට්‍රියානු
උගත් ශාස්ත්‍රාලයUniversity of Vienna
ප්‍රසිද්ධව ඇත්තේPsychoanalysis
සම්මානGoethe Prize
Scientific career
ක්ෂේත්‍රයNeurology
Philosophy
Psychiatry
Psychology
Psychotherapy
Psychoanalysis
Literature
ආයතනUniversity of Vienna
බලපෑමBreuer, Charcot, Darwin, Dostoyevsky, Goethe, Haeckel, Hartmann, Jackson, Kant, Mayer, Nietzsche, Shakespeare, Schopenhauer, Sophocles, J.P. Jacobsen
ආභාෂය ලැබුවේJohn Bowlby
Viktor Frankl
Anna Freud
Ernest Jones
Carl Jung
Melanie Klein
Jacques Lacan
Fritz Perls
Otto Rank
Wilhelm Reich
Stanley Kubrick
අත්සන

සිග්මන්ඩ් ප්‍රොයිඩ් යනු ඕස්ට්‍රියානු ජාතික ස්නායු විද්‍යාඥ සහ මනෝ චිකිත්සකයෙකි. මොහු විසින් මනෝ විද්‍යාවේ සඳහා වූ මනෝ විශ්ලේෂණ ක්ෂේත්‍රය සඳහා පුරෝගාමී විය. ප්‍රොයිඩ් ආවේනික මනස සහ අවරෝධනය සඳහා ආරක්ෂණ යාන්ත්‍ර සඳහා වන න්‍යායන්වලට ප්‍රසිද්ධාත්වයක් උසුලයි. තවද ලිංගිකත්වය සඳහා ආශාවන් මිනිසාගේ ප්‍රාථමික අභිප්‍රේරණ ශක්තියක් ලෙස ද ප්‍රකාශ කොට ඇත. තවද මොහු රෝග ප්‍රතිකර්ම සම්බන්ධතාවයක් තුළ ඇතිවිය හැකි සංක්‍රමණය පිළිබඳ ද, සිහිනයන් අචේතනික මනස තුළ ඇති ආශාවන් පිළිබඳ තොරතුරු පෙන්වන දර්ශනයක් ලෙස ද සෛද්ධාන්ත බිහි කරන ලදී.

ප්‍රොයිඩ් මනෝ විශ්ලේෂණයේ පියා ලෙස ප්‍රසිද්ධ වී ඇති අතර තවද ඔහුගේ කාර්යයන් නිසා අචේතනික මනස , ඉඩිපස් සංකීර්ණය , ආරක්ෂණ යාන්ත්‍රණ , ප්‍රොයිඩිය Slips, ඔහු විසින් සාහිත්‍යය, සිනමාකරණය, මාක්ස්වාදය සහ ස්ත්‍රිත්වය පිළිබඳ න්‍යායන් සහ මනෝ විද්‍යාව යන විවිධ ක්ෂේත්‍රයන් හි දිගු කල් පවත්නා බලපෑම් ඇති කොට ඇත. ඔහුගේ ජීවිත කාලය තුළ බොහෝ ලෙස විවේචනාත්මක චරිතයක් වූ ප්‍රොයිඩ් තවදුරටත් විවාදාත්මක චරිතයක් වෙමින් ඔහුගේ මතයන් මතභේදයන්ට තුඩු දෙමින් පවතී.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ මතවාදයන් වැඩි වශයෙන් ජනප්‍රිය වන්නේ අමරිකානු සමාජයේ වන අතර එවක සාම්ප්‍රධායික වික්ටෝරියානු සංස්කෘතිය තුල සමාජානුයෝජනයට ලක්වූ යුරෝපීයයන් ගේ දැඩි දෝෂාරෝපනයන්ට ප්‍රතික්ෂේප කිරීම් වලට ලක්වේ.එයට හේතුව වික්ටොරියානු සංස්කෘතිය විසින් මිනිසාගේ ජීව විද්‍යාත්මක ආශයන් සැගවීමට යටපත් කිරීමට පුරුදු කර තිබීමයි.ෆ්‍රොයිඩ් විසින් ලිංගිකත්ව සාධකය පිළිබද එළිපිට කරුණු පෙන්වාදීම නිසා වික්ටොරියානු සංස්කෘතිය තිගැස්මකට ලක්කළේය.සංස්කෘතිය හා ආගම මගින් අමානුෂික ලෙස සිර කොට තැබූ මානව ලිංගිකත්වයේ යථාර්තය පෙන්වා දීමත් සමග ෆ්‍රොයිඩ්ට සිදුවූයේ අන්තවාදීන්ගේ අනේකවිද හිරිහැරයන්ට ගොදුරු වීමටයි.

ළමා කාලය හා අධ්‍යාපනය[සංස්කරණය]

ෆ්‍රොයිඩ් තම මව සමග

සිග්මන් ෆොයිඩ් 1856 මැයිමස 6 වන දින ඔස්ට්‍රියාවේදී උපත ලැබීය ඔහුගේ පියා ජැකොබ් ෆොයිඩ් නම් විය ඔහු නූල් වෙළෙන්දෙකු විය ෆ්‍රොයිඩ්ගේ මව අමාලියා නම් වූවාය ඇය ෆ්‍රොයිඩ්ගේ පියාට වඩා වසර 20 කින් ළාබාල වූවාය අමාලියා ෆොයිඩ්ගේ පියාගේ දෙවන විවාහයේ බිරිදවිය

ෆොයිඩි තම මූලික අධ්‍යපනය කටයුතු ඉතා සාර්ථකව නිම කළේය පාසැල් අධ්‍යපනය ලබන කාලය තුල ඔහු පාසැලේ දීප්තිමත්ම සිසුවා විය ෆොයිඩ්ට වසර 17 දී වියානා විශ්ව විද්‍යාලයට ඇතුලවිය ඔහු අරමුණු කරගෙන සිටියේ නීති පීඨයට ඇතුලත්වී නීතිය හැදෑරීමටයි එහෙත් එම අදහස වෙනස් කරන ඔහු වෛද්‍ය පීඨයට අතුලත් වෙයි දර්ශනය කායික ව්‍යවච්ඡෙද විද්‍යාව සත්වවිද්‍යාව ඔහුගේ උපාධි පාඨමාලාවට ඇතුලත්විය ඔහු විටින් විට පාඨමාලාවන් වෙනස් කරමින් ඉගෙනුම ලැබීය කෙස් වෙතත් ෆොයිඩි තම වෛද්‍ය උපාධිය ප්‍රථම පංති සාමාර්ථයක් සහිතව ඉතා උසස් ලෙස සමත් වුද ඔහුට ආධුනික කතිකාචාර්‍යවරයෙකු ලෙස වියානා විශ්ව විද්‍යාලයට ඇතුලත්වීමට සුදුසුකම් ලැබුවද ඔහු යුදෙවු ජාතිකයෙකු වූ බැවින් විශ්ව විද්‍යාල පාලනාධිකාරය විසින් ඔහුගේ අවස්ථාව අහිමි කළහ එකළ යුදෙයු ජාතිකයන්ට තිබුනේ ඉතා පහළ පිළිගානීමකි

රැකියාව හා විවාහය[සංස්කරණය]

1882 දී ෆොයිඩ් වියානා ජාතික රෝහලේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයට බැදුනේය එහිදී ඔහු මොළය ව්‍යවච්ඡේදනය කොකේන් වේදනා නාශකයක් ලෙස ශාවිතා කිරීම ආදී නොයෙක් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂන රැසක් සිදුකරන ලදී 1891 දී ෆොයිඩ් තම ප්‍රතම කෘතිය ලෙස On the Aphasias: a Critical Study ප්‍රකාශයටපත් කළේය. වසර තුනක් පමණ වියානා රෝහලේ විවිධ අංශයන්හි සේවයේ නිරතවිය.1886 දී ඔහු වියානා රෝහලෙන් ඉවත්ව පෞද්ගලික වෛද්‍ය ආයතනයක් ආරම්භ කළේය. මෙම වසරේ දීම ඔහු මාර්තා බර්නාස් නම් තරුණිය සමග විවාහ විය. ඔවුන් දෙදෙනාට දරුවන් සය දෙනකු විය. මෙම පවුලේ ලාබාල ම සාමාජිකයා වූ ඇනා ෆ්‍රොයිඩ් තම පියාගේ අඩිපාරේ යමින් මනෝවිද්‍යා විෂය පෝෂණය කිරීමට දායක විය.

ෆ්‍රොයිඩ්ට වයස 24 වන විට ඔහු දැඩිලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටියේය.ඔහුගේ මරණයට පවා හේතුවූයේ අධික දුම්පානය නිසා ඇතිවූ මුඛ පිළිකාවක් නිසාය.ඔහු දක්වන පරිදි ඔහුගේ මෙම ඇබ්බැහිවීම් වලට හේතුව මුඛ ලිංගික අවධියේ ඇතිවූ ගැටළුය.මුඛ ලිංගික අවධිය යනු මනෝ ලිංගික සංවර්ධන අවදීන්හි ප්‍රමුඛ අවධියකි.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ට එවක ප්‍රකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුවූ ජෝසප් බෘෘවර් මුණගැසින.එවක යුරෝපා සමාජයට මහත් හිසරදයක් වූ මායා රෝගය(hysteria) පිළිබද පර්යේෂණ රැසක් මොවුන් දෙදෙනා එක්ව සිදුකළහ.මෙම රෝගයට වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාරයක් සොයා ගැනීමට කිසිවෙකුට නොහැකිවිය.මෙම අවධියේ දී මොවුන් දෙදෙනාට ස්වාප්නවෙදය හෙවත් මෝහන නිද්‍රාව පිළිබද අසන්නට ලැබීණ. මෝහනය මගින් ඉතා සාර්ථකව මෙම මායා රෝගය සුවකලහැකි බව ඔවුන්ට දැනගන්නට ලැබිණි.ඒ අනුව මොවුන් දෙදෙනා 1885 දී පැරීසියට ගොස් එහි ප්‍රකට ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ජීන් මාටීන් චාගොට් ගෙන් මෝහනය පිළිබද පුහුනුව ලබා ගත්තෝය.ඉන් පසු මොවුන් දෙදෙනා එක්ව මායා රෝගය පිළිබද පර්යේෂණ සිදු කළහ.ෙම් අතර ඔහු තම ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කිරීම සදහා නැවත ඔට්‍රියාවට පැමිණේ.ඔහු එහිදී ඉතා පහසුවෙන් තම ආචාර්‍ය උපාධිය සම්පූර්ණ කළේය.ඒ 1891 දීය.මෙයින් පසු බෘෘවර හා එක්ව ඇනා නමින් හදුන්වනු ලැබූ මායා රෝගී කාන්තාවක් මෝහන ප්‍රතිකාරයද සමගින් ප්‍රතිකාර කිරීම ආරම්භ කළෝය.

මනෝ විශ්ලේෂණවාදය බිහිවීම[සංස්කරණය]

මූලික ලිපිය මනෝ විශ්ලේෂණවාදය

ඇනා ජොෂප් බෘෘවර් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි තරුණියකවූවාය.ඇයට නිතර ඇතිවන කැස්සක්.අයට කතාකිරීමේ අපහසුතාව විවිධ ශාරීරික වේදනා ශරීරයේ අංශයක් පණ නැතිවීම අසාමාන්‍ය දර්ශන මැවී පෙනීම(තම මියගිය පියා ඇය ඉදිරියේ පෙනී සිටීම)ආහර අරුචිය ආදී විවිධ ශරීරික හා මානසික අපහසුතාවයන් පවතිනබව ඇය බෘෘව වෙත දන්වා තිබිණි.ෆ්‍රොයිඩ් හා බෘෘව එක්ව ඇයට ප්‍රතිකාර ඇරඹු අතර ටික කළක් ප්‍රතිකාර කරගෙනයාමේ දී ජොසප් බෘෘවර් ගේ අදහස වූයේ නොබෝ දිනකින් ඇය මියයන බවයි.බෘෘවර් තම ප්‍රතිකාර අතරමග නවතා මෙම පරීක්ෂණයෙන් ඉවත්විය.කෙසේ වෙතත් තව දුරටත් ප්‍රතිකාර කළ ෆොයිඩ් ඇගේ මායා රෝගයට හේතුව ශරීරික හේතුවක් නොවන බවත් මානසික හේතුවක් බවත් සොයාගත්කේය.මෙය විඝටන ආබාධයක් නිසා සිදු වූබව ප්‍රත්‍යක්ෂ කරගත්තේය.ඇගේ අවිඥානය තුල සැගවී තිබුන රෝග බීජය ඉවත් කර පුර්ණ සුවය ලබා දීමට ෆ්‍රොයිඩ්ට හැකිවිය.මෙහි දී ඔහු නිදහස් සංඝටණය නම් ප්‍රතිකාර ක්‍රමය ප්‍රථම වරට අත්හදා බැලීය.

ඇනා හෙළිකල අයුරින් ඇගේ නව යොවුන් අවධිය ගෙවුනේ තම ආබාධිත පියාට උවටැන් කිරීමටයි.ඇය තම පියාට දැඩිව ආදරය කල අතර වරෙක ඇයට මෙය කරදරකාරී ක්‍රියාවක් යැයි ඇයට හැගුනි.තම පියා ඉක්මනින් මියයනවානම් හොදයැයි වරෙක සිතුනි.තවත් වරෙක මෙම අදහස ඉතා වරදකාරී හැගීමක් යැයි සිතමින් ආත්ම අවලාදයක යෙදුනි.මේ අතර ඇය තම පියාට ආහාර කවමින් සිටියදී ආහාර සිරවී ඔහු මිය ගියහ.එයින්පසු මෙම රෝග තත්වයන් ඇයට උරුමවිය.මෙවැනි ආබාධ ෆොයිඩ් විසින් විඝටන ආබාධ ලෙස හදුන්වනු ලැබුවේය.මෙම සිද්ධි අධ්‍යනය ඇනා ඕ නමින් නම්කළේ්ය.මෙම අධ්‍යනයෙන් පසුව තවදුරටත් පර්යේෂණය කළ ඹහු මෙම රෝග මූලයන්ට හේතුව යටපත්වූ ලිංගික ආශයන් බව ප්‍රත්‍යෂකර ගත්තේය.මායා රෝගය යනු ශරීරික ආබාධ නිසා හටගන්නක් නොව මානසික හේතුමත එනම් යටපත් වූ ලිංගික ආශයන් නිසාබව ඔහු දැක්වීය.

නිදහස් සංඝටනය[සංස්කරණය]

මායා රෝගයට හේතුව යටපත්වූ ලිංගික ආශයන් බවත් අවිඥානය තුල සැගවුක මෙම ආශයන් ඉවතට ඇදැමීහ සදහා මෝහන ක්‍රමය ප්‍රමාණවත් නොවන බව ෆොයිඩ්ට වැටහින.එයට හේතුව ඇතැම් පුද්ගලයන් මෝහන නිද්‍රාවට පත්කිරීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවීමත් ඇමුන් කෙසේවත් මෝහන නිද්‍රාවට පත් නොවීමත් යන කරුණුය.වරෙක ඔහු සදහන් කරන ආකාරයට එක් රෝගියකු මෝහනයට පත් කරනු ලැබුවේ සිය වතාවකටත් වඩා වාර ගණනක් උස්සාහ කිරීමෙන් පසුවය.මෙම කරුණු පාදක කරගනිමින් ෆ්‍රොයිඩ් නිදහස් සංඝටන ක්‍රමය සොයාගත්තේය.

මෙම ප්‍රතිකාරය සිදු කරන්කේ මෙසේය.මුලින්ම රෝගියා කවිච්චියක හෝ සෝපාවක පහසු ඉරියවුවකින් හිදීමට සලස්වනු ලබයි.මනෝ චිකිත්සකවරයා රෝගියාට නොපෙනෙන ලෙස පිටුපසින් හෝ පැත්තකින් හිදගනී.අනතුරුව රෝගියාට තම ශරීරය සැහල්ලුවෙන් තබා ගන්නා ලෙස උපදෙස් දෙයි.අවශ්‍යනම් අැස්පියාගන්නා ලෙස උපදෙස් දෙයි.ඊලගට තමා දන්නා සියල්ල පවසන ලෙස මනෝ චිකිච්චකයා ගෙන් උපසේ ලැබේ.මෙහි දී රෝගියා තම සිතට නැගෙන සියල්ල පාලනයකින් තොරව කියාගෙන යනු ලබයි.මෙහි දී මනෝ චිකිස්සකයා රෝගියාට බාධා කිරීමකින් තොරව අදහස් පළ කිරීමට ඉඩදෙයි.එහෙත් රෝගියා පිළිබද ඉතා සූක්ෂම අවධානයෙන් සිටිමින් ඔහු ගේ අදහස් දැක්වීම් වල ස්වභාවය චිත්තවේග ක්‍රියාකාරීත්වය මාතෘකාව වෙනස් කරන ආකාරය ආදීය අවධානය කරමින් රෝගියා අපේක්ෂිත දිශාවෙන් වෙනතකට යනවිට ඔහු නිවැරදි කරමින් ද තමා රෝගියාට සවන් දෙන බව අගවමින් රෝගියා නිවැරදි මගට ගෙන එයි.මෙහි දී රොගියා විසින් අදහස් දක්වීමේ දී ඇතැම් කරුණු සැගවීමට කතාව දිගු කිරීමට නිහඩව සිටීමට හැඩීමට හා නොයෙක් භාවමය ආවේග ඉස්මතු කිරීම ද රෝගියා විසින් සිදු කරනු ලැබේ.මේවා චිකිස්සකයා ගේ ඍජු නිරීක්ෂණයට හසුවෙයි.මෙමගින් අවිඥානය තුල සැගවුන රෝග බීජයන් ඉවත් කිරීමට හැකිවේ.

මෙම ප්‍රතිකාර ක්‍රමය සොයා ගැනීම කෙරේ ෆ්‍රොයිඩ්ට කතෝලික හා යුදෙවු ආගමේ පවතින පවු සමා කිරීමේ චාරිත්‍රය ඉවහල් වන්නට ඇතැයි මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි.

සිද්ධි අධ්‍යන[සංස්කරණය]

ෆ්‍රොයිඩ් විසින් ප්‍රතිකාර කළ රෝගීන් රැසකගේ සිද්ධි අධ්‍යනයන් ව්‍යාජ නම් යොදා ගනිමින් සටහන් කළේය.කැසිලි එම් ඩෝරා එළිසබෙත් වොන් ආර් ලිට්ල් හෑන්ස් රැට් මෑන් වුල්ෆ් මෑන් වැනි අධ්‍යන ඉතා ප්‍රකටය.මෙම අධ්‍යන රැසක් හිස්ටීරියා හෙවත් මායා රෝගයෙන් පෙළුන රෝගීන් පිළිබදවය.වර්තමානය මෙන් නොව එකල බටහිර සමාජය වික්ටොරියානු සංස්කෘතියේ දැඩි ග්‍රහණයට ලක්ව තිබිණ.විශේෂයෙන් ලිංගික ආවේගයන් දැඩි ලෙස යටපත් කරගැනීමට වික්ටෝරියානු සංස්කෘතිය මගින් බලකිරීම සිදුවිය.මෙහි ප්‍රතිපලයක් ලෙස අවිඥානගත යටපත්වූ ලිංගික අවේගයන් මගින් විඥ්ඥානය වෙත ඍණාත්මක යොජනා යොමු කිරීම මගින් හිස්ටීරියාව හෙවත් මායා රෝගයට පුද්ගලයන් ගොදුරු විය.

ඩෝරා[සංස්කරණය]

මුලින්ම ඩෝරා නම්වූ සිද්ධි අධ්‍යනය සලකා පලමු.මෙය ෆ්‍රොයිඩ් ගේ ප්‍රථම දීර්ඝ ප්‍රත්‍යක්ෂ අධ්‍යනයවේ.ෆ්‍රොයිඩ් විසින් 1901 දී රචිත Psychophalogy of everyday life යන කෘතියේ මෙම සිද්ධි අධ්‍යනය පිළිබද විස්තරය ඇතුලත්වේ ඩෝරා යනු ඉතා සුන්දර බුද්ධිමත් තරුණියක වූවාය.ඇයට කෙරවලක් නැති රෝගාබාධ රැසකින් පීඩාවින්දාය.හිසරදය උගුරේ වේදනාව දිගින් දිගටම පවතින කැස්ස ආදී එකිනෙකට සම්භප්ධ නැති රෝග රැසක් අයට නිබුණි.ෆ්‍රොයිඩ් හමුවට පැමිණි ඇය පරික්ෂා කළ ඇයට කිසිම කායික ආබාධයක් නැති බවත් ඇයට වැළදී ඇත්තේ මායා රෝගය බවත් ෆ්‍රොයිඩ් ප්‍රත්‍යක්ෂ කරගත්තේය.පසුව ඇයව මනෝ චිකිස්සනයට භාජනය කල ෆ්‍රොයිඩ් රෝග නිධානය සොයා ගත්තේය.

ඩෝරා තම ප්‍රතිකාර සදහා ෆ්‍රොයිඩ් හමුවීමට යනවිට ඇයට වයස අවුරුදු 18 ක තරුණියක වූවාය.ඇයව ෆ්‍රොයිඩ් වෙත රැගෙන ආවේ ඇගේ පියා විසිනි.කලකට පෙර ඩෝරාගේ පියාට හදිසි ස්නායු රෝගයක් වැළදීමෙන් ඔහු එවක අප්‍රකට තරුණ වෛද්‍යවරයෙකුවූ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගෙන් ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලත් අයකු විය.ෆ්‍රොයිඩ් පිළිබද අසීමිත විශ්වාසයකින් ඩෝරාගේ පියාට ඇතිවන්නේ එම නිසාය.එසේවෙතත් ඔහුට කාලයක් තිස්සේ පැවති ක්ෂය රොගයකින් නිරන්තර පීඩාවට පත්වූබව පැවසේ.ඩෝරා පරීක්ෂාකල ෆ්‍රොයිඩ්ට ඇය තම පියාට මහත් සේ ආදරය නල බවත් දැන් ඇගේ සිතේ තම පියා කෙරේ ඇත්තේ කෝපයක් කළකිරීමත් දැනගත්තේය.වරෙක ඇය සියදිවි නසාගන්නා බව ලියා තිබූ අයුරු අගේ දෙමාපියන්ගෙන් දැනගත්තේය.තවදුරටත් ඇයව පරික්ෂාකල ෆ්‍රොයිඩ් ඇයට ඇත්තේ හිස්ටීරියා රෝගයක් බවත් එය මානසික කම්පනය චිත්තවේගී ව්‍යාකූලතාව හා ලිංගික අකර්මන්‍යතාවය හේතුවෙන් සිදුවූබව ප්‍රත්‍යක්ෂකරගත්තේය.

ඩෝරා පවුල වියානාවේ සිටින කාලයේදී k නමින් හැදින්වූ පවුලක් සමග සඹිප අසුරක් ගොඩනගාගෙන තිබිණි.ඩෝරාගේ මව හා පියා අතර සමීබ බවක් නොතිබූ අතර මෙම k පවුලේ අඹුසැමියන් අතරද සමීප බවක් නොතිබින.ඔවුනොවුන් අතර ලිංගික ගැලපීමක් නොතිබූ බව පැවසේ.ඩෝරාගේ මවගෙන් නිසි ලිංගික තෘප්තියක් නොලැබූ ඩෝරාගේ පියා k මහතාගේ බිරිද සමග අනියම් ඇසුරක් පැවැත්වීය.මෙය k මහතාත් දැනුවත්ව සිදුවූ අතර ඔහු තම බිරිද වෙනුවට ඩෝරාව ලබාගැනීමට උස්සාහ කළේය.ඩෝරාට වයස 14 දී පමණ k මහතා ඩෝරාව සිපගැනීමට උස්සහ කළේය.මෙම අවස්තාවේ කෝපයටපත් ඩෝරා ඔහුගෙන් ඇත්ව පලාගියාය.තවත් වරෙක ඔහු ඇගෙන් ආලය ඉල්ලා සිටියේය.මෙම අවස්තාවේ ඩෝරා ඔහුට අතුල් පහරක් දී තම කෝපය පල කළාය.මෙම අවස්තාවේ නිහඩ නොවු ඇය තම දෙමාපියන්ට මේබව සැල කළාය.මෙහිදී ඇගේ පියා ඇගේ පැත්ත නොගෙන k මහතා වෙනුවෙන් පෙනී සිටියේ ඇයට චොදනා දකරමින්ය.මෙහිදී ඇය දැඩිලෙස මානසිකව බිදවැටින පසුව තමපියා හා k මහතාගේ අඹුව සමග ඇති අනියම් සබදතාව දැනගත්තාය.මෙයින් පසු ක්‍රමයෙන් ඇගේ රෝග තත්වයන් වර්ධනයවූබව ෆ්‍රොයිඩ් සනාතකරගත්හ.

ඇගේ රෝගයට මූලය සොයාගත් ෆ්‍රොයිඩ් දිගටම ප්‍රතිකාර කරගෙන ගියාය.මේ අතර ඇයදුටු සිහින 3ක් මෙම ප්‍රතිකාරයේ හැරවුම් ලක්ෂයක්වූහ.ඇය පළමුවර දුටු සිහිනය මෙසේය.ඇගේ නිවස ගිනිගනිමින් තිබූ අතර ඇගේ පියා ඇගේ යහන අසළ සිටගෙන සිටියාය.ඇගේ මවට අගේ ආභරණ බේරාගැනීමට අවශ්‍යවී තිබින.එත් අගේ පියා එය ප්‍රතික්ෂේප කළේය.ඇය වහා පහත මාලයට ගොස් ඉක්මනින් නිවසින් ඉවතට ගියාය.ඒ සමගම ඇය අවදිවිය.

මේම සිහින විශ්ලේෂණය කල ෆ්‍රොයිඩ් මෙම සිහින තුල සැගවුන අරුත විග්‍රහ කළේය.ඔහු එහි දී මෙම සිහින යටපත්වූ ලිංගික ආශයන්ගේ බලපෑමෙන් සිදුවන බව පෙන්වා දුන්නේය.ඩෝරාට ප්‍රතිකාර කිරීමේ දී නිදහස්සංඝටණය මෙන්ම සිහින විශ්ලේෂණ ක්‍රමයද යොදාගත්තේය.තමා බෙහෙවින් ආදරය කලපියා වෙනත් ස්ත්‍රියක් සමග අනාචාරයේ හැසිරීම හා කේ මහතා තම බිරිද ඩොරාගේ පියාට ලපා දී ඒවෙනුවට ඩොරා ලබාගැනීමට උස්සාස කිරීම.මේ සදහා ඩෝරාගේ පියා අකමැත්තක් ප්‍රකාශ නොකිරීම.තම සිතතුල වූ ලිංගික ආශාව හා තම ගෞරවය පිළිබද උභතෝකොටිකයකට ඇය මැදිවීම යන කරුණු නිසා ඇයට ඇතිවූ විඝටණ ආබාධ තත්වය හිසිටීරියාව දන්ටා වර්ධනය වීම සිදුවි ඇතිබව ෆ්‍රොයිඩ් පෙන්වා දුන්නේය.කෙසේ වෙතත් තම පියාගේ අනාචර හැසිරීම දැකීමත් මහළු කේ මහතාගේ අශීලාචාර ලිංගික ඇරයුම් හමුවේ පුරුෂයන් කෙරේ පිළිනුලක් ඇතිවී තිබූ ඩෝරාගේ සිත යළි යතාතත්වයට පත්කර ගැනීමට ෆ්‍රොයිඩ්ට අපහසු වූබව දැක්වේ.මනෝචිකිස්සනයේ මුල් අවධියේ එවක පසුවූ ෆ්‍රොයිඩ් ගේ රැඩිකල් ආකල්ප හමුවේ ඩෝරා තම ප්‍රතිකාර අතරමග නවතා ඉවත්වීයයි.මෙහිදී ෆ්‍රොයිඩ් තමා අතින් සිදුවූ වරද තම මිතුරකුට ලියා යැවුවේ මෙසේය.“ඇය මගෙන් කුමක් බලාපොරෝත්තු වීදැයි නොදනිමි.එහෙත් ඇගේ ගැටළුව විසදා ගැනීමට මා කළ රැඩිනල්වාදී යොජනා සම්බන්ධයෙන් උරණවීම ගැන ඇයට සමාව දීමට මම පොරොන්දු වුනෙමි ”

පිළිකාවක් වැළදීම[සංස්කරණය]

ෆ්‍රොයිඩ්ගේ අධික දුම්පානය නිසා ඔහුට මුඛ පිළිකාවක් වර්ධනය වනබව ඔහු දැනගන්නේ 1923 දීයˑඑහෙත් ඔහු මේබව කිසිවකුට නොකියා රහසක් ලෙස තබාගන්නට වෑයම් කලේය.එහෙත් මෙය ඔහුගේ සමීපතම මිතුරකුවූ අර්නස් ජොන්හට දැනුම් දෙන්නට පසුබට නොවීය.ඔහුගේ බලකිරීම නිසාම මැක්සිමිලන් ස්ටෙයිලර් නම්වූ චර්මරෝග විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමුවිය.ෆ්‍රොයිඩ්ව පරීක්ෂා කළ ස්ටෙයිලර් ඔහුට වහාම දුම්පානය නවත්වා දමන ලෙස දැනුම් දුන්නේය.ඔහුගේ පිළිකා තත්වය ක්‍රමයෙන් වර්ධනය වූ අතර එය ඉතා දරුණු අතට හැරිනි.කෙසේ නමුත් අවසානයේ ඔහු දුම්පානය සම්පූර්ණයෙන් නවතා දැමීය.ඔහු වෛද්‍යවරු කිහිප දෙනකුගෙන්ම ප්‍රතිකාර ලබාගත්තද ඔහුට වැළදී තිබූ මුඛ පිළිකාව සුවකර ගැනීමට නොහැකිවියˑවරක් ඔහු එක්සත් රාජධානියේ BBC ගුවන් විදුලි සේවයේ පැවති වැඩසටහනකට සහභාගී වූ අතර එහදී ශ්‍රාවකයන්ට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ හඩ හදුනා ගැනීමට නොහැකිවූ බවත් දැක්වේ.එයට හේතුව එම අවධිය වනවිට ඔහුගේ රෝග තත්වය ඉතා බැරෑරුම් ලෙස වර්ධනය වී තිබූ නිසාය.ඔහු මෙලෙස අධික දුම්පානයට අබ්බැහිවීමට හේතුව මුඛ ලිංගික අවධියේ ඇතිවූ අක්‍රමිකතාවක් නිසාබව ඔහු පවසා ඇත.

නසිවාදීන්ගෙන් මිදී පලායාම[සංස්කරණය]

ෆ්‍රොයිඩ් ගේ ලන්ඩන්හි පිහිටි නිවස(වර්තමානයේ දී මෙය කෞතුකාගාරයකි)

1930 දී ෆ්‍රොයිඩ්ට Goethe Prize නම වූ සම්මානය ඔහු විසින් මනෝ විද්‍යාවට සිදුකල මෙහෙය උදෙසා ප්‍රධානය කෙරිණි.එකල ෆ්‍රොයිඩ් ගේ පොත් ඉතා ප්‍රකට වූ අතර ආදායම් වාර්තා තබමින් අලෙවිවිය.1933 දීනාසිවාදීන් විසින් ජ්මනිය අල්ලා ගැනීමත් සමග ෆ්‍රොයිඩ් ගේ පොත් රැසක්ම ගිනිතබා විනාශ කළහ.ෆ්‍රොයිඩ් එවිට පැවසුයේ මධ්‍යන යුගයේ මෙවන් දෙයක් සිදුවූවානම් අන්තවාදීන් තමාව පුළුස්සා මරා දමනු ඇති බවති දැන් ඔවුන් මගේ පොත් පුළුස්සා දමන බවත්ය.සාම්ප්‍රධායික ගතානුගතික ආකල්ප දරනවුන් කිසිසේත් නවීන මත පිළි නොගනී.එය ඔහුගේ කියමනෙන් සනාතවේ.එකල මධ්‍යතන යුගයේ දී සාම්ප්‍රධායික අදහස් මතවාද පළකල උගතුන්ට සිදුවූයේ පණපිටින් ගිනිමැලයක තම අවසන් හුස්ම හෙලීමටයි.

මෙම අවදියේ නාසිවාදීන් විසින් දැඩි යුදෙවු විරෝධී ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමින් පැවතින.ඔවුට ෆ්‍රොයිඩ් ද එක් ඉලක්කයක් විය ඒ ෆ්‍රොයිඩ්ගේ යුදෙවු සමභවය නිසාය.එසෙම ඔහුගේ සාම්ප්‍රධායික විරෝධී මතවාද හේතුවෙන් අන්තවාදීන්ගේ දැඩි වෛරයට ඔහු ලක්විය.මෙම දැඩි බලපෑම් හමුවේ ඔහු 1933 දී වියානාව අතහැර එංගලන්තයට සංක්‍රමණයවිය.එංගලන්තයේ ස්තීර පදිංචියට ගිය ඔහු සිටි නිවස වර්තමානයේ ෆ්‍රොයිඩ් කෞතුකාගාරය ලෙස ප්‍රකටය.ඔහු මෙහිදී තමාගේ අවසන් ශ්‍රාස්ත්‍රීය තෘතිය ලෙස 1938 දී Moses and Monotheism කෘතිය ජ්ර්මන් බසින් ලියා පළතලහ.

විපත[සංස්කරණය]

සිග්මන්ඩ් ෆ්‍රායිඩ් ගේ භෂ්මාව ශේෂ තැන්පත් කළඇති අයුරු

1939 සැප්තැම්බර් වනවිට ඔහුගේ මුඛ පිළිකාව නිසා ඇතිවූ වේදනාවන් උස්සන්නවිය.ක්‍රමයෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහෙමින් පැවතිණ.තම පියාගේ රෝගී තත්වය හමුවේ දැඩිලෙස කම්පාවට පත්වූයේ ඇගේ ලාබාළම දියණියවූ ඇනා ෆ්‍රොයිඩ්ය.ඇත තම පියාව සුවකරගැනීමට දැඩි උස්සාහයක යෙදී සිටියාය.ඔහු තම වෙදනාවන් නැතිකර ගැනීමට නිතර මොෆීන් නම්වූ වෙදනා නාශකය ගත්බවත් ඔහු එය පමණ ඉක්මවා භාවිත කර ඇති බවත් දැක්වේ.1933 සැප්තැම්බර් මස 23 වන දින මධ්‍යම රාත්‍රී යාමයේ දී ලොව පහළවූ විශිෂ්ටතම මනෝ විද්‍යාඥයා වූ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තම අවසන් හුස්ම වාතලයට මුසු කළේය.

මරණයෙන් දින තුනකට පසු ඔහුගේ දේහය උතුරු ලන්ඩනයේ පිහිටි Golders Green Crematorium නම්වූ ආදාහනාගාරයේ දී ආදාහනය කරනලදී.ෆ්‍රොයිඩ් ගේ භෂ්මාවශේෂ මෙම ආදාහනාගාරයේම තැන්පත් කර ඇත.ෆ්‍රොයිඩ්ගේ බිරිදවූ මාර්තාගේ ආදාහනය හා භෂ්මාසශේෂ ද මෙහිම තැන්පත් කරඇත.


බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සිග්මන්ඩ්_ෆ්‍රොයිඩ්&oldid=624678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි