මූර්ති ශිල්පය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. |
මූර්ති ශිල්පය යනු ත්‍රිමාණ කලා ශිල්පයක් වන අතර හැඩ කැපීමෙන් හෝ ප්ලාස්ටික් වැනි මාධ්‍යයක් යොදා නිමැවුම් කරයි. බහුලව ගල්, යකඩ හෝ ලී යොදා ගනී. බොහෝ මූර්ති කැටයම් කැපීම මඟින් නිපදවයි. තවද කොටස් එකතු කිරීමෙන් සහ අච්චු යොදා ගනිමින් ද මෙම නිර්මාණකරණය සිදු කරයි. මෙම මූර්ති ශිල්පයේ යෙදෙන්නන් මූර්ති ශිල්පීන් ලෙස හඳුන්වයි.
බොහෝවිට මූර්තිකරණයේ දී ඇඹීමට යොදාගත හැකි අමුද්‍රව්‍ය යොදා ගනිමින් මූර්ති නිර්මාණයේ යෙදෙන්නේ ඒවා අවශ්‍ය ලෙස සකසා ගත හැකි නිසාමය. එබැවින් එය ඇඹීම් කලාවක් ලෙසින්ද සැලෙකේ. මහජන කලාවන් හි බහුතරය ලෙස දැක්වෙන්නේ ද මූර්ති ශිල්පය වේ. බොහෝ රූප නෙලීම් උද්‍යාන අලංකරණයට යොදා ගන්නා අතර එම නිසා නූතනයේ මූර්තිමත් උද්‍යාන වැඩි වී ඇත.
මූර්ති වර්ග[සංස්කරණය කරන්න]
සුලභ මූර්ති ආකාරයන් පහත දැක්වේ.
- පූර්ණ උන්නත මූර්ති : මූර්තියේ පාදම හැරෙන්නට අන් සියලූ පැති නෙලා ඇත. මෙය ඕනෑම කෝණයකින් නිරීක්‍ෂණය කළහැක.
- ආභරණ
- උන්නත : මූර්තිය පසුතලයක් හා සම්බන්ධිතව ඇත.
- පිහිටන ස්ථානයට විශේෂිත කෘති
- චාලක මූර්ති : භෞතික චලනයක කිසියම් පැතිකඩක් හෙළදරව් කරයි. වතුර මල - ජලය ගලායන ආකාරයෙන් නිමවන මූර්තිය.
- පිළිමය : පුද්ගලයෙක්, අවස්ථාවක්, සතෙක් හෝ වස්තුවක් නිරූපනය කරන සංදර්ශකවාදී මූර්තියකි.
- ඌර්ධවකාය - කෙනෙකුගේ පපුවේ සිට ඉහල කොටස දැක්වෙන මූර්තියකි.
- අශ්වාරෝහක පිළිම - සුවිශේෂී තැන්තකු අවශ්වයකු පිට සිටින ආකාරය දක්වයි.