සිනමාව

විකිපීඩියා වෙතින්
මිලිමීටර් 16 දුනු එතුම් බොලෙක්ස් H 16 Reflex කැමරාවක් මෙහි දැක්වේ. මෙය සිනමා කර්මාන්තය ඉගැන්වන පාසැල් වලදී හඳුන්වාදීම් අවධියෙදී ප්‍රචලිතව භාවිතා වේ.


සිනමාව යන පදය මගින් චිත්‍රපටි, කලාවක් ලෙස චිත්‍රපටි ක්ෂේත්‍රය සහ චිත්‍රපට කර්මාන්තය යන සියල්ල හැඳින්විය හැක. සිනමා නිර්මාණයන් සිදු කිරීමේදී විවිධ රූපරාමු කැමරා මගින් පටිගත කිරීම් නැතහොත් සජීවි කරණ ක්‍රම භාවිතය මගින් රූපරාමු නිර්මාණය හෝ විශේෂ ප්‍රයෝග භාවිතා කිරීම සිදුකෙරේ.

චිත්‍රපට නිශ්චිත සංස්කෘතීන් මගින් නිර්මාණය කෙරුණු සංස්කෘතිකමය මානවකෘතීන් ලෙස සැලකිය හැකි අතර පෙරලා ඒවා මගින් සංස්කෘතිය වෙත ද බලපෑම් ඇති වේ. ප්‍රචලිත විනෝදාස්වාද ක්‍රමයක්, පුරවැසි අධ්‍යාපනය (හෝ අධිශික්ෂණය) සැපයීම සඳහා ප්‍රබල ක්‍රම වේදයක් සහ කලාත්මක නිර්මාණයක් ලෙස චිත්‍රපට සැලකිය හැක. සිනමාවෙහි දෘෂ්‍ය ගුණය හේතුවෙන් එය සතුව විශ්වීය සංනිවේදක හැකියාවක් පවතියි. ඇතැම් චිත්‍රපට හඬකැවීම් හෝ උපසිරැසි (මෙහිදි සංවාද පරිවර්තනය කොට ඉදිරිපත් කෙරෙයි) යෙදාගැනීමෙන් ලොව පුරා ප්‍රසිද්ධ නිර්මාණ බවට පත්ව ඇත.

සාම්ප්‍රදායික ක්‍රමයේදී චිත්‍ර පටයක් තනිතනි රූපරාමු රැසකින් යුක්ත වේ. මෙම රූපරාමුව එකදිගට වේගවත්ව ප්‍රදර්ශනය කරන විට නිරීක්ෂකයා හට චලනයක් සිදුවේ යැයි හැ‍ඟේ. මෙහිදී රූපරාමු මාරුවීම නිරීක්ෂකයා හට දැකිය නොහැකි අතර ඊට ‍හේතුව ඇස තුළ අපට පෙනෙන යම් වස්තුවක රූපය එම වස්තුව මුල් පිහිටුමෙන් ඉවත් වු පසුව ද තත්පරයකින් කුඩා කාලයක් දක්වා ඇස තුළ පැවතීමේ ආචරණයයි. (Persistence of Vision) ඒ අනුව නිරීක්ෂකයන් චලනයක් සිදුවේ යැයි තීරණය කරන අතර ඒ සඳහා බීටා චලනය නම් මානසික ආචරණය හේතුවේ.

චිත්‍රපටි හැඳින්වීමටත් භාවිතා වන ඉංග්‍රීසි වචනය “Film” නම් වන අතර අතීතයේදී චිත්‍රපටි පටිගත කිරීම සහ ප්‍රදර්ශනය සඳහා භාවිතා කළ මූලික මාධ්‍ය වන ඡායාරූප පටල (Photographic film – Film Stock) හැදින්වීම සඳහා භාවිතා වූ ඉංග්‍රීසි වචනයෙන් බිඳී ආ පදයකි. චිත්‍ර පටියක් හැඳින්වීම සඳහා ඉංග්‍රීසි බසින් විවිධ නම් භාවිතා කළ හැක. (picture, picture show, photo play, flick සහ වඩාත් පොදුවේ movie) මෙම ක්ෂේත්‍රය හැඳින්වීමට භාවිතා වන අනෙකුත් පදයන් අතරට රිදී තිරය වැනි යෙදුම් පෙන්වා දිය හැක. (the big screen, the silver screen, the cinema, the movies)

ආචාර්ය, ඩී. බී. නිහාල්සිංහයන්[සංස්කරණය]

ඩී බී නිහාල්සිංහ' ආචාර්ය, ඩී. බී. නිහාල්සිංහයන් - 1939 - මැයි - 27දා ඉපදුනේය.ආදි ආනන්දයෙකු මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන නිහාල්සිංහ මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සමාරම්භක සාමාන්‍යාධිකාරීවරයා ද වේ.වැලි‍කතර නමින් පුළුල් තිරයේ මුල්ම සිනමා ස්කෝප් චිත්‍රපටය හා ශ්‍රී ලංකාවේ පළමු ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍ය ද ඔහුගේ නිර්මාණ අතරින් වැඩි ජන ප්‍රසාධයක් ලැබූ නිර්මාණ අතර වේ.දිමුතු මුතු ටෙලි නාට්‍ය ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේද ප්‍රථම වර්ණ ටෙලි නාටීය වේ. එමෙන්ම, විප්ලවවාදී සිනමාරූපී බවක්‌ ඉදිරිපත් කරමින් සිංහල සිනමාවට හස්‌ත ගත කැමරා කරණය' (HAND HELD CAMERA OPERATING) වෘත්තිය මට්‌ටමින් නිර්මාණාත්මකව - හඳුන්වා දෙනු ලබන්නේද - වැලිකතරෙනි.ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතා මිය යනවිට 77 වන වියේ පසුවූ අතර හෙතේම ශ්‍රී ලාංකීය සිනමාවේ විප්ලවීය සලකුණ වශයෙන් හැඳින්විය හැක.හෙතේම 2016-04-21 වැනි දින කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රිප්ත විය

"https://si.wikipedia.org/w/index.php?title=සිනමාව&oldid=363699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි