ලේඛනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

රොසෙටා පාෂාණය භාෂාවේදීන්ට මෙය කියවා තේරුම් ගත හැකි විය.

චිත්‍ර ලිපි ලේඛන කලාව ක්‍රි.පු. 3200 වන ශ.ව. දී පමණ සිදු වී ඇති අතර ඊට සලකුණු 500 ක් පමණ යොදා ගෙන ඇත. එයින් වචනයක්, පණිවිඩයක් නියෝජනය කළ හැකිය; තවද එකම සලකුණු විවිධ සංදර්භ වල විවිධ අරමුණු වෙනුවෙන් පෙනී සිටිය හැකිය. චිත්‍ර ලිපි විධිමත් ශිලා ලේඛන වර්ගයකි. ඒවා නිර්මාණය කොට තිබුණේ සිහිවටන ගල් වල සහ සොහොන් ගෙවල් වලය. ඒවායෙහි තොරතුරු නිරූපණය කර තිබුණි. මෙම සෙල් ලිපි වල යොදා ගෙන තිබුණේ ලේසියෙන් හා ඉක්මනින් ලිවිය හැකි හයරටික් නම් වු වැල් අකුරුය. විධිමත් චිත්‍ර ලිපි පේලි හෝ තීරු වශයෙන් කියවිය හැකි ලෙස ලියා තිබුණු අතර (සාමාන්‍යයෙන් දකුණේ සිට වමට), හයරටික් නිතරම ලියා තිබුණේ දකුණේ සිට වමට සාමාන්‍යයෙන් සමාන්තර පේලී වශයෙනි. අළුතෙන් පැමිණි ලේඛන කලාවක් වු ඩෙමොටික් ක්‍රමය පසුව පිළිගත් ලේඛන ශෛලිය බවට පත්විය. රොසෙටා පාෂාණයේ ග්‍රීක වදනින් ඇත්තේ ද එවන් ලේඛන ශෛලියකි.

ක්‍රි.ව. 1 වන ශ.ව. දී පමණ සාම්ප්‍රදායික ඩෙමොටික අත් අකුරු වෙනුවට නවීකරණය වු ග්‍රීක හෝඩිය වු කොප්ටික් අක්ෂර මාලාව පැතිරෙන්නට විය. ක්‍රි.ව. 4 වන ශ.ව. දක්වා විධිමත් චිත්‍ර ශිත්‍ර ලිපි භාවිතා වුවද ඒවා කියවීමේ හැකියාව තිබෙන්නේ පුජකවරු අතලොස්සකට පමණි. සාම්ප්‍රදායික ආගමික ක්‍රම වේදයන් විසුරුවා හරින ලද නිසා, චිත්‍ර ලිපි ලේඛනය පිළිබද දැනුම බොහෝ දුරට අඩු වී ගියේය. ඊජිප්තුවේ බයිසන්ටයින් හා ඉස්ලාමික යුග වලට අයත් චිත්‍ර ලිපි කියවා තේරුම් ගැනීම අපහසු වුවද 1822 රොසෙටා පාෂාණය සොයා ගැනීමෙන් හා තෝමස් යන්ග්ගේ සහ ජීන් - ෂ්රැන්කිස් චැම්පෝලින්ගේ සමීක්ෂණ වලින් පසු බොහෝ දුරට චිත්‍ර ලිපි කියවා තේරුම් ගත හැකි විය.

සාහිත්‍යය ලේඛනය මුලින්ම දක්න‍ට ලැබෙන්නේ රාජකීය සොහොන් ගෙවල් වලින් සොයා ගන්නා ලද ලේබල හා ඇමුණුම් වලයි. එය මූලික ලෙස ප්ර ඇන්ක් ආයතනයේ හෙවත් ජීවන නිවාස වල වැඩ කළ ලේඛකයන්ට රක්ෂාව විය. පසුව පැමිණියන් කාර්යාල, පුස්තකාල (ග්‍රන්ථ නිවාස ලෙස හැදින්වූ), විද්‍යාගාර හා නිරීක්ෂණ මධ්‍යස්ථාන වලට අනුයුක්ත කරන ලදී. පිරමීඩය සහ කො‍ෆීන් ටෙක්ඩ්ස් වැනි පුරාණ ජනප්‍රිය ඊජිප්තියානු සාහිත්‍යමය කෘති ලියවුණේ ක්‍රි.පු. 1300 පමණ වන තෙක් ලිවිමට භාවිතා වු සම්භාවනීය ඊජිප්තුයානු භාෂාව නව රාජධානියට ඇති වු සමයේ සිට ඉදිරියට කතා මෙන්ම ඩෙමොයික් හා කොප්ටික් ග්‍රන්ථ වල ද නියෝජනය විය. මෙම කාල පරිච්ඡේදය අතරතුර ලිවීමේ සම්ප්‍රදාය, සොහොන් ගෙවල් වල තම ජීවිත කතාව ලිවීම දක්වා විකසනය විය. හර්ක්හෆ් සහ වෙනි න අයගේ සොහොන් ගෙවල් ඊට උදාහරණවේ. සො‍බාට් (උපදෙස්) ලෙස හැදින්වෙන රීතිය, ඉගැන්වීම් සහ ප්‍රසිද්ධ ප්‍රභූන්ගේ මාර්ගෝපදේශකත්වය සන්නිවේදනය කිරීම දක්වා වැඩි දියුණු විය; ඉපුවර් පපිරස් යනු ඊට ප්‍රසිද්ධ උදාහරණයකි. එය ස්වාභාවික විපත් සහ සමාජ විප්ලව විස්තර කරන අදෝනා ස්වරයෙන් ලියවුණු කාව්‍යයකි.

මධ්‍ය ඊජිප්තියානු යුගයේදී ලියවුණු ‘සිනුහිගේ කතාව’ ඊජිප්තියානු සම්භාව්‍ය සාහිත්‍යය නිරූපණය කරන්නක් විය හැක. මෙම කාලයේම ලිය වුණු අනෙක් ග්‍රන්ථය කියන ලද පුජකවරු කළ හාස්කම් ගැන කතාය. නව රාජධානියේ අග භාගය අතර එහි’වෙනමම් කතාව’ සහ ‘අනීගේ ඉගැන්වීම්’ වැනි ජනප්‍රිය කතා ලියවුණු අතර එහි භාවිතා වුයේ ස්වභාෂාවය. වෙනමම් කතාවේ කියවෙන්නේ, දේවදූර මියට ගැනීමට ලෙබනන් යන අතරමඟදී කොල්ල කෑමට ලක්වන වංශවතෙක් හා ඔහු නැවත ඊජිප්තුවට පැමිණීමට කරන අරගලයයි. ක්‍රි.පු. 700 පමණ සිට කතන්දර හා ‘ඔන්ච්ෂ්ඔනික්වි ගේ ඉගැන්වීම්’ වැනි ඉගැන්වීම් ද එමෙන්ම පුද්ලික සහ ව්‍යාපාර ලියකියවිලි ද ලියවුණේ ඊජිප්තියානු ඩෙමොටික් අකුරු වලිනි. ඩෙමොටික් වලින් ලියවුණු බොහෝ කතා (ග්‍රේකෝ - රෝමානු යුගය අතරතුර) කලින් ඓතිහාසික යුගවල සකසන ලද ඒවාය. ඒ ඊජිප්තුව, රාමසේස් II වැනි මහා පාරාවෝ විසින් නිදහස් ජාතියක් ලෙස පාලනය කළ කාලයයි.


Rosetta Stone BW.jpeg


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Ancient_Egypt#Writing

"https://si.wikipedia.org/w/index.php?title=ලේඛනය&oldid=133253" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි