සයිසියාත් ජනයා

විකිපීඩියා වෙතින්
(සයිසියත් ජනයා වෙතින් යළි-යොමු කරන ලදි)
සයිසියාත්
賽夏
තායිවානයේ මියාඕපිහි නැන්චුවෑංහි උත්සවයක් (පස්-තා'ආයි)
මුළු ජනගහනය
5,311 (2000)
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
තායිවාන
භාෂා
සයිසියාත්, මැන්ඩරින් චීන
ආගම
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම
ආශ්‍රිත මිනිස් ජාතීන්
තායිවාන ආදිවාසීන්

සයිසියාත් (චීන: 賽夏; පින්යින්: Sàixià; "සැබෑ ජනයා") හෙවත් සයිසියාට් යනුවෙන් හැඳින්වෙන්නේ තායිවානයේ ස්වදේශික ජන කොට්ඨාසයකි. 2000 වර්ෂයේ දී සයිසියාත්වරුන් සංඛ්‍යාව 5,311ක් විය. මෙය ආසන්න වශයෙන් තායිවානයේ සමස්ත ස්වදේශික ජන ගහනයෙන් 1.3%ක් පමණ වේ.[1] ඒ අනුව ඔවුන් රටේ කුඩාම ආදිවාසී ජන කොට්ඨාසය වේ. සයිසියාත් ජනයා බටහිර තායිවානයේ දිවිගෙවන අතර, හ්සින්චු ප්‍රාන්තය සහ මියාඕලි ප්‍රාන්තවල සීමා අතිපිහිත වන ප්‍රදේශයේ මොවුන් දැකගත හැක. මෙම ජනයා උතුරු ශාඛාව (කඳුකර හ්සින්චු ප්‍රදේශයේ වුෆොං) සහ දකුණු ශාඛාව (මියාඕලි උස්බිම්වල නන්යා සහ ෂිතාන්) ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙන අතර, ඔවුනට අනන්‍ය උපභාෂා ද දක්නට ලැබේ. මොවුන්ගේ භාෂාව සයිසියාත් ලෙස හැඳින්වේ.

‍නම්[සංස්කරණය]

සයිසියාත් යන්න ඇතැම් අවස්ථාවල දී සයිසෙත්, සෙයිසිරාත්, සයිටේ, සයිසියාට්, සයිසියෙට්, සයිසිරාට්, සයිස්‍යෙට්, සයිස්යෙත්, අමුතෞරා, හෝ බෞයොක් ලෙස ද හඳුන්වනු දැකිය හැක.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Directorate General of Budget, Accounting and Statistics, Executive Yuan, R.O.C. (DGBAS). National Statistics, Republic of China (Taiwan). Preliminary statistical analysis report of 2000 Population and Housing Census Excerpted from Table 28:Indigenous population distribution in Taiwan-Fukien Area. Accessed PM 8/30/06

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සයිසියාත්_ජනයා&oldid=410973" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි