සමනල කන්ද

විකිපීඩියා වෙතින්
(ශ්‍රී පාද කන්ද හෙවත් සමනල කන්ද වෙතින් යළි-යොමු කරන ලදි)
සමනල කන්ද
ඇඩම්ස් පීක් (Adam's Peak)
සමනල කන්ද ඈතට දිස්වෙන අයුරු
Highest point
උන්නතාංශය2,243 මීටර (7,359 ft)
ඛණ්ඩාංක6°48′35″N 80°29′58″E / 6.8096°N 80.4994°E / 6.8096; 80.4994ඛණ්ඩාංක: 6°48′35″N 80°29′58″E / 6.8096°N 80.4994°E / 6.8096; 80.4994
Naming
ස්වදේශික නාමයසිංහල: ශ්‍රී පාදය, දෙමළ: சிவனொளிபாதமலை
Geography
Parent rangeසමනල

සමනල කන්ද ‍‍‍‍‍‍යනු මධ්‍යම ශ්‍රී ලංකාවේ පිහිටා ඇති 2,243 m (7,359 ft) උස කේතුකාකාර කන්දකි. එය බෞද්ධ සම්ප්‍රදායට අනුව බුදුන් වහන්සේගේ පාද සටහන ලෙස සැලකෙන ශ්‍රී පාදය, එනම්, "පූජනීය පාද සටහන" නම් කඳු මුදුන ආසන්නයේ පිහිටි 1.8 m (5 ft 11 in) පාෂාණ සැකැස්ම සඳහා ප්‍රසිද්ධය. හින්දු සම්ප්‍රදායට අනුව හනුමාන් හෝ ශිව, එනම්, "ශිවගේ ආලෝකයේ කන්ද", ලෙස සැළකේ. මේ සියලු විශ්වාස ලිඛිත මූලාශ්‍ර මත පදනම්ව ඇතත් කිසිඳු විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මකතහවුරු කිරීමක් නැත.[1][2]

දේශගුණය සහ කාලගුණය

සමනල කන්ද, මස්කෙළියට දිස්වන අයුරු.

සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලිමීටර් 5000 කි. වසරේ මාස හයක්‌ පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක්‌ මෙහි පවතී. නිරිතදිග මෝසම පවතින මැයි - ජුනි - ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනය සමනල අඩවියට ලැබේ. දෙසැම්බර් - ජනවාරි - පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුය. එබැවින් කාලගුණික බාධා මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක්‌ පොහොය දක්‌වා පවතී. නිරිතදිග මෝසම් සමයේදී ගණ, තද මිහිදුම් පතනයක්‌ද සමනල අඩවියට තිබේ. මෙනිසා මෙම සමයේදී අධික සීත දේශගුණයක්‌ සමනල අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තාවේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටි්‍රග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි - ජුනි - ජූලි සමයේදී අංශක - 5-10 දක්‌වා වුවද උෂ්ණත්වය පහළ බැසිය හැකිය.

පාරසරික හා වන ජීවීන්

ලංකාවෙහි නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌

රක්ෂිතයේ ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත හැකි . බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.

එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය. තවද ශ්‍රි පා සමය උදාවීමත් සමගම විවිධාකරයේ සමණලුන් දැකගත හැකි අතර බොහෝ පිරිස් පවසනුයේ සමණලුන් ශ්‍රිපා වන්දනා කරන බවයි.

අදවන විට පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය හා බොහෝ පිරිස් ගේ ක්‍රියා කලාප හේතුවෙන් මෙම පාරසරික පද්ධතිය විනාශ විමට ලක්ව ඇති බව ශ්‍රි පාද සමයේදී දැකගත හැක.

ශ්‍රී පාද ලාංඡනය

 බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී, බුදුන්වහන්සේ ලංකාවට තෙවන වරට වැඩම කලේ කැළණියේ නා රජුගේ ආරාධනයක් අනුව ය. එම ගමනේ දී සුමන සමන් දෙවියන් ගේ ආරාධනයෙන් සමනොළ ගිර සිරිපද සළකුණ පිහිටුවන්නට ඇතැයි ‍බෞද්ධයෝ විශ්වාස කරති. ඒ අනුව වන්දනාමාන පූජෝපහාර දක්වති.

සම්බුදු සිරිපා වන්දනා කිරීමට යන සැදැහැවතුන් පසු කළ යුතු ස්ථාන කීපයකි. මකර තොරණ, ශීත ගඟුල, අහස් ගව්ව, හැර මිටි පාන, ඉදිකටුපාන, ගෙත්තම්පාන, ධර්මරාජගල, ගෝන තැන්න, ඇහැතු කණුව, මහගිරි දඹය, සිරිපා මළුව හා සිරිපා පද්මය හා‍ දොලොස් මහේ පහන ආදියයි. සිරිපා මළුවට යන බැතිමත්හු සම්බුඳු සිරිපා වන්දනයෙන් පසු තමන් ගිය වාර ගණන අනුව ඝණ්ටාව නාද කිරීමට මහත් උනන්දුවක් දක්වති. එසේම හිරු සේවය නැරඹීමටද කවුරුත් දක්වන්නේ මහත් උනන්දුවකි.

රොබට් නොක්ස්ගේ විස්තරය

රොබට් නොක්ස්ගේ ග්‍රන්ථයේ මෙම ලාංඡනය "ආදම්" ගේ පා සටහන ලෙස වරදවා හඳුන්වා ඇත. බටහිර ජාතීන් ඒ නිසා සමනොළ ගිර "ඇඩම්ස් පීක්" (Adam's peak) යනුවෙන් හැඳින්වයි. නමුත් එය ආදම්ගේ පිය සටහනක් බව ලෝකයේ කිතුනුවෝ විශ්වාස නො කරයි. මුස්ලිම් භක්තික‍යෝ සමනළ සිරසේ "බබාද මලෙයි /ආදම් මලෙයි" යනුවෙන්ද භාවිතා කරති.

ශිව භක්තිකයෝ ශිව දෙවියන්ගේ පා සළකුණ එහි පිහිටා ඇතැයි විශ්වාස කරති. ඔවුන් එය හඳුන්වන්නේ "ශිවන් ඔලි පාදම්"යනුවෙනි.

නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයින් සතු බවට ඔවුන්ගේ වසර 2500 අධික ලිඛිත ඉතිහාසය මනාව පිරික්සා බැලිමේදි සදහන් වේ.

මුළු මහත් ලෝක වාසීන්ගේම ගෞරවාදරයට පාත්‍රවූ සමනළ කන්ද බෞද්ධ බැතිමතුන් ගේ මුදුන් මල් කඩ සේ සැළකෙයි."සප්ත කන්‍යා" නම් වූ කඳු හතකින් වට වූ "ශ්‍රී පාදය" සොබා දහම් මාතාව ගේ අපූර්වතම නිර්මාණයක් වනවා සේ ම ශ්‍රී ලංකාද්වීපයට ආශිර්වාදයක් වී තිබේ.

ආශ්‍රිත ලිපි

බාහිර සබැදි

  1. /en/tentativelists/5531/ "සේරුවිල සිට ශ්‍රී පාදය දක්වා (පූජනීය පාද මුද්‍රණ සිද්ධස්ථානය)". UNESCO.org. සම්ප්‍රවේශය 25 අගෝස්තු 2011. {{cite web}}: Check |url= value (help)
  2. Ricci, රොනිට් (2011). සාහිත්‍යය, පරිවර්තනය, සහ දකුණු සහ දකුණු ආසියාවේ අරාබි කොස්මොපොලිස්. චිකාගෝ ප්‍රෙස්. {{cite book}}: Text "isbn-2868-08-286 136" ignored (help)
"https://si.wikipedia.org/w/index.php?title=සමනල_කන්ද&oldid=604614" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි