විකිපීඩියා:තෝරාගත් සංවත්සර/මාර්තු 11

විකිපීඩියා වෙතින්

මාර්තු 11

  • 1812 - රොබට් බ්‍රවුන්රිග් (සේයාරුව) බ්‍රිතාන්‍ය ලංකාවේ තුන්වන ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාර ගනී.
  • 1942 - දෙවන ලෝක යුද්ධය: කෙටිකාලීන ජපන් රූකඩ රාජ්‍යයක් වූ වියට්නාම අධිරාජ්‍යය පිහිටුවනු ලැබේ.
  • 1988 - ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, සුහදගම ප්‍රදේශයේදී බස් රථයකට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 8 දෙනෙකුට තුවාල ලබා ඇත.
  • 1990 - ලිතුවේනියාව සෝවියට් සංගමයෙන් නිදහස ප්‍රකාශ කරයි.
  • 1991 - බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවේ (BBC) ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාව වන බීබීසී වර්ල්ඩ් නිව්ස් නාලිකාව දියත් වුණි.
  • 2004 - මැඩ්රිඩ් නගරයේ දුම්රිය බෝම්බ ප්‍රහාරය: අල්කයිඩා ත්‍රස්තවාදීන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර දුම්රියවලට බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර පුද්ගලයන් 191 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 2,050 දෙනෙකුට තුවාල ලබා ඇත.

    තවත් සිදුවීම්: මාර්තු 10මාර්තු 11මාර්තු 12