ඥාතීත්වය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඥාතීත්වය යනු සමාජ සම්භන්ධතා ජාලයක් ලෙස මානව විද්‍යාඥයින් හදුන්වා දෙයි.මානව සමාජයන්හි වැදගත්ම සංකල්පයකි ඥාතීත්වය.ප්‍රාථමික සමාජානුයෝජනය පිළිබද විමසා බැලීෙම් දී ඥාතීත්වය ඉතා වැදගත් සංකල්පයකි.මානව සංස්කෘතීන්හි අතීතයේ සිට දක්නට දැබෙන ඥාතීත්ව රටා මානව විද්‍යාඥයන් විසින් වර්ගීකරණය කර ඇත.ඒවා නම්

  • අවරෝහණය හෙවත් වංශානුගත ක්‍රමය
  • නෛතික ඥාතීත්වය(විවාහ ඥාතීත්වය)
  • ලේ ඥාතීත්වය
  • කල්පිත ඥාතීත්වය

අවරෝහණය[සංස්කරණය කරන්න]

පැට්‍රීෂියා උබෙරෝයි විසින් සංස්කරණය කල ඉන්දියාවේ පවුල ඥාතීත්වය හා විවාහය යන කෘතිය කුල ඥාති සමූහ බිහිවීම සදහා මූලික වශයෙන් නීති 3 ක් බලපානබව පෙන්වා දෙයි.ඒවානම්

  1. අවරෝහණ හෙවත් වංශානුගත ක්‍රමය
  2. අනුප්‍රාප්තිය
  3. උරුමය හෙවත් ප්‍රෙව්ණිය

කෙසේ වෙතත් මෙම ක්‍රම තුනම පොදුවේ අවරෝහණය යටතේ සාකච්ඡා කිරීමට මානව විද්‍යාඥයන් යොමුවී ඇත.අවරෝහණය යනු දේපල ඉඩකඩම් වාසකම නිශ්චල චංචල දේපල අයිතිය ආදිය බෙදීයන පිළිවෙලයි.ලේ ඥාතීත්වයේදී මෙම සංකල්පය බහුලව භාවිතවේ.අවරෝහනය පදනම් කරගෙන අවරෝහණ සමූහ බිහිවේ.මෙම සෑම සමූහයකම පොදු ආදිතමයෙකු සංකල්පීය වශයෙන් ගෙනහැර දැක්වුද ඔහු බොහෝවිට ජීවමාන පුද්ගලයෙකු නොවේ.එනම් මියගිය මුතුන් මිත්තෙක් විය හැකිය.අවරෝහණයේදී ප්‍රධාන ප්‍රවර්ග 3ක් දක්වට ලැබේ.

එයින් එක් ක්‍රමයක් වන්නේපිය රේඛීය අවරෝහණ ක්‍රමයයි.මෙම ක්‍රමය අනුව පියාගෙන් පුතාට දේපල වාසගම පාරම්පරික උරුම ආදිය හිමිවේ.බොහෝ සමාජවල වාසගම දේපල හා පාරම්පරික උරුමයන් පියරේඛීය අවරෝහණ ක්‍රමයට හිමිවේ.මෙම ක්‍රමයේ ආදිතමයා පුරුෂයෙකි.මෙම ක්‍රමයේදී පිය උරුමයන් දියණියන් හට හිමි නොවේ.උදාහරණ ලෙස පියා සතු ඉඩම හිමිවන්නේ දියණියට නොව පුතුට පමණය.අතීත සිංහල සමාජයේ ස්ථීර දේපල පිය රේඛිය අවරෝහණ ක්‍රමය යටතේ ඊලඟ පරපුරට හිමිවිය.පියාගේ උරුමය පුතුට මෙන්ම දියණියට ලැබෙන අවස්ථාද ඇත.උදාහරණ ලෙස පෙළපත් නාමය පුතුට මෙන්ම දියණියටද පියාගෙන් ලැබේ.එහෙත් පුතුගේ පුතුට පෙළපත්නාමය ලැබුනද දියණියගේ දරුවන්ට පිය පෙළපතෙන් එන පෙළපත් නාමය අහිමිවේ.

මවු රේඛිය අවරෝහණ ක්‍රමය යනු මවගෙන් දියණියට උරුම හිමිකම් පැවරීමයි.මෙහිදී ආදිතමයා ස්ත්‍රියකි.බොහෝ සමාජවල චංචල දේපල හිමිකම මවු රේඛිය අවරෝහණ ක්‍රමය යටතේ ඉදිරි පරම්පරාවට හිමිවේ.උදාහරණ ලෙස මවසතු කනකර ආභරණ හිමවන්නේ පුතුට නොව දියණියටයි.අතීත සිංහල සමාජයේ චංචල දේපල අයිතිය මවු රේඛිය අවරෝහන ක්‍රමය යටතේ ඊටඟ පරපුරට හිමිවිය.

ද්වී රේඛීය අවරෝහණ ක්‍රමයේදී මවගේ මෙන්ම පියාගේද දේපල පුතුන්ට මෙන්ම දියණියන්ටද හිමිවේ.වර්තමානයේ බොහෝ සමාජවල පවතින්නේ මෙම ක්‍රමයයි.

විවාහ ඥාතීත්වය[සංස්කරණය කරන්න]

ලේ ඥාතීත්වය[සංස්කරණය කරන්න]

කල්පිත ඥාතීත්වය[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=ඥාතීත්වය&oldid=397844" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි