ලිංගික ආකර්ෂණය

විකිපීඩියා වෙතින්

ලිංගික ආකර්ශනය සමාජය විසින් සංස්කරණය කරමින් පවතින බවක්, අපට පෙනෙන්නට තිබුනත්, එය සිදු කරමින් නොව සිදු වෙමින් පවති යන යෙදුම යෝග්‍ය වේ. අතීතයේ සිට අද දක්වා, ලෝකයේ පැවැත්ම උදෙසා ස්වාභාධර්මය (මහා ඥාණය හෙවත් විශ්ව ඥාණය) විසින් යොදා ගන්නා උපායයන් ලිංගික ආකර්ශනය යනුවෙන් හැදින්විය හැකිය. ලිංගික ආකර්ශනය යුගයෙන් යුගයට සංස්කරණය විය යුතුනම් විවිධ සංස්කෘතීන් තුළ ගැවසෙන සමාජයන් එම වගකීම් බාරගත යුතුය. එවිට අප විසින් සංස්කරණය කිරීමේ කාර්යයට සහය විය යුතුවේ.බැලු බැල්මට අප කරන්නක් ලෙස පෙනුනත්, විඥාණය විසින් ඒ කර්යය අප ලවා කෙසේ හෝ කරවා ගනි.


ලිංගික විෂය ගැන කථා කිරිමට පෙර, විශ්වය පිළිබදව තරමකවත් අවබෝධයක් ඇතිව සිටීම, මේ මාතෘකාව ගැන සාකච්ඡා කිරීමට පහසු වේයැයි සිතමි. විශ්වයේ ශක්තිය (විශ්ව ශක්තිය) හා ඊට බැදි ස්වාභාව ධර්මයට එකගව ජීවිතය ගෙන යාමේදි ජයත් ඊට එරෙහිව යාමේදි පිරිහිමත් දෙස බලන්න.මෙයයි විශ්වයේ තේමාව, මෙය අපගේද ජීවිත තේමාවම වේ.මේ තේමාව අප ජීවිතය තුළ එක්තරා රිද්මයකට එක් වී, අප ජීවිතය සුන්දර හෝ අසුන්දර තත්වයකට ඇද දමයි. මෙම ජීවිත තේමාවේ රිද්මය තුළ ලිංගික ආකර්ශනයද අන්තර්ගතවී ඇත. ගස් වැල් මල් ඵල අතුළු සියළුම ජීවධාතුන් මෙම ධර්මයට යටත්ය. දියුණු බුද්ධිමට්ටමක් නැති ජීවයන් ස්වාභාව ධර්ම නීතියට යටත්ව තම වර්ගය බෝකරීමේ කාර්යය ඉබේ කරගනිමින් පැවතෙන අතර, මිනිසා පමණක් තම බුද්ධිය මෙහෙයවා,කළින් මා සදහන් කළ, ජීවන රිද්මය තවතවත් ඔප දමා,තම වර්ගයා බෝකිරීමේ කාර්යය (ලිංගික) ආකර්ශනශීලිව සංස්කරණය කරමින් සිටියි, එමනිසා එය "ලිංගික ආකර්ශනය සංස්කරණය කරමින් පවතියි." යනුවෙන් සදහන් කළ හැකි වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=ලිංගික_ආකර්ෂණය&oldid=454940" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි