Jump to content

රොනී ද මැල්

විකිපීඩියා වෙතින්
රොනී ද මැල්
මුදල් අමාත්‍ය
තනතුර දරමින්
23 ජූලි 1977  18 ජනවාරි 1988
ජනාධිපතිවරයාවිලියම් ගොපල්ලව
ජේ.ආර්. ජයවර්ධන
අග්‍රාමාත්‍යවරයාජේ.ආර්. ජයවර්ධන
රණසිංහ ප්‍රේමදාස
පූර්වප්‍රාප්තිකයාෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක
අනුප්‍රාප්තිකයාඑම්.එච්.එම්.නයිනා මරික්කාර්
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
18 ඔක්තෝම්බර් 2000  7 පෙබරවාරි 2004
මාතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
25 අගෝස්තු 1994  18 අගෝස්තු 2000
දෙවිනුවර සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩල මන්ත්‍රී
තනතුර දරමින්
1970–1989
පුද්ගලික තොරතුරු
උපත11 අප්‍රේල් 1925(1925-04-11)
මොරටුව, බ්‍රිතාන්‍ය ලංකාව
(දැන් ශ්‍රී ලංකාව)
විපත27 පෙබරවාරි 2024
(වයස 98)
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජාතික පක්ෂය
කලත්‍රයා(s)මල්ලිකා ලක්ෂ්මී ද මැල්
(විවාහයට පෙර ප්‍රනාන්දු)
ළමයි3 (සුනාලිනි,තාරා, රේණුකා)
පදිංචිය(s)5, චාල්ස් ඩ්‍රයිව්,
කොළඹ 3, ශ්‍රී ලංකාව.
උගත් ශාස්ත්‍රාලයශාන්ත තෝමස් විද්‍යාලය
ලංකා විශ්වවිද්‍යාලය
රැකියාවදේශපාලනය
වෘත්තියසිවිල් සේවක

රොනල්ඩ් ජෝසප් ගොඩ්ෆ්‍රි ද මැල්, CCS (ඉංග්‍රීසි: Ronald Joseph Godfrey de Mel ) (Ronnie de Mel රොනී ද මැල් ලෙසින් හැඳින්වුනු) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු, සිවිල් සේවකයෙකු සහ හිටපු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක වරයෙක් විය. 1977 සිට 1988 දක්වා, ඔහු, මුදල් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ අතර නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා විය. 2004 දක්වා, ඔහු, මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය.

මුල් දිවිය සහ අධ්‍යාපනය

[සංස්කරණය]

ඔහු අධ්‍යාපනය ලැබුවේ, ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් වන අතර ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීය. [1]

සම්භාවනීය ලංකා සිවිල් සේවයට (CCS) බැඳුනු හෙතෙම විවිධ තානාත්තර දැරීමෙන් පසු විශ්‍රාම වෑමෙන් අනතුරුව දේශපාලනයට අවතීර්ණ විය.

දේශපාලන දිවිය

[සංස්කරණය]

ජනාධිපති ජේ. ආර්.ජයවර්ධනගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් යුගයක මුල් තැන ගැනීමට රොනී ද මැල් සමත් විය. "නිදහස් වෙළෙඳ ආර්ථිකය නොවන්නට, අප තවමත් අඟහිඟකම් වලින් පෙළෙමින්, පෝලිම් වලට එක් වෙමින්, වර්තමානයේ උතුරු කොරියාව මෙන් දුෂ්කරතාවයෙන් පෙළෙමින් සිටිනු ඇත. මෙම රට සශ්‍රීකව සංවර්ධනය වූයේ මෙම විපර්යාසය නිසාමය." [2] වික්ටෝරියා, රණ්දෙනිගල, කොත්මලේ, වරාය, මහා මාර්ග, නිවාස සහ නිදහස් වෙළෙඳ කලාප වැනි ව්‍යාපෘති සඳහා මුදල් සොයාගැනීමට හේ මුල් වී ක්‍රියා කළේය. [3] 83 ජූලි කලබල සංසිඳුවීමටද ඇමතිතුමා ඉමහත් පරිශ්‍රමයක් දැරීය.[4]

පෞද්ගලික දිවිය

[සංස්කරණය]

ඔහු විවාහ වූයේ, ශ්‍රීමත් ලියෝ ප්‍රනාන්දුගේ දියණිය වූ මල්ලිකා ලක්ෂ්මී ද මැල් විවාහයට පෙර ප්‍රනාන්දු හා සමගය.

රොනී ද මැල් 2024 පෙබරවාරි 27 වැනි දින අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 98 වැනි වියේ පසුවිය.[5]

මෙයද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ද ෆර්ස්ට් ඉයර්ස් ඔෆ් යුනිවර්සිටි ඔෆ් සිලෝන්. දි අයිලන්ඩ්, සම්ප්‍රවේශය කෙරුණේ 2010, අගෝස්තු 21.
  2. අ නෝටබප් එමං ඒෂියාස් ෆිනැන්ස් මිනිස්ටර්ස් - ඩේලි නිව්ස්, පෙබරවාරි 2012
  3. ‘අයි ප්‍රිෙපයාර්ඩ් මයි ඕන් බජට්ස්, බජට් ස්පීචර්ස් - දි අයිලන්ඩ්, නොවැම්බර් 2011
  4. ද ෆයිනප් සොලියුෂන්' - ග්ලෝබල් පීස් සපෝට් ගෲප්[permanent dead link]
  5. "රොනී ද මැල් සමුගනී". ලංකාදීප පුවත්පත. 27 පෙබරවාරි 2024. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2024.



"https://si.wikipedia.org/w/index.php?title=රොනී_ද_මැල්&oldid=782661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි