රුහුණු කතරගම දේවාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
කතරගම මහා දේවාලය
Katharagama Maha Devale
කතරගම මහා දේවාලය
මහා දේවාලය
මහා දේවාලය
රටශ්‍රී ලංකාව
පළාතඌව පළාත
නගරයකතරගම
ප්‍රසිද්ධ නාම (සිංහල)රුහුණු මහ කතරගම දේවාලය
ප්‍රසිද්ධ නාම (දෙමළ)කතිරිකම්ම මුරුකන් කෝවිල

ශ්‍රී ලංකාවේ, කතරගම පිහිටි, කතරගම දේවාලය (ඉංග්‍රීසි: Kataragama temple, දෙමළ: கதிர்காமம் කතිරකාමම්) යනු කතරගම දෙවියෝ ලෙසින්ද හැඳින්වෙන ස්කන්ධ-මුරුගන් වෙනුවෙන් පූජා කෙරුණු, හින්දු සහ බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයකි. ශ්‍රී ලංකාවේ පවතින පූජා නගර කීපය අතරින් එකක් වන එයට ශ්‍රී ලංකීය බෞද්ධයන් බහුතරයක් , දෙමළ ,හින්දු සහ මුස්ලිම් භක්තිකයන් සුලු ප්‍රමාණයක් සහ ස්වදේශීය වැදි ජනතාව පුද පූජා පවත්වනු ලබනවා. පූජස්ථාන කීපයක එකතුවක් වන එහි කතරගම දෙවියන් නමින් හදුන්වන ස්කන්ද මුරුකන්ට පවත්වන පුද පූජා ඉතාම වැදගත් වේ. පසුගිය අවුරුදු දහසක කාලය ඇතුලත එයට ලගා වීමට ඉතා අපහසු වූ ආරණය පූජා බිමක් වූ අතර වර්තමානයේදී සෑම දේශගුණික මාර්ගයක් හරහාම එයට ලගා වීමට හැකියාව පවතී.සෑම බෞද්ධ පුද බිමක්ම සහ අසල පිහිටි කිරිවෙහෙර ,බෞද්ධයන් විසින් පාලනය කරනු ලබූ අතර බෞද්ධ පූජා භූමි වලට අමතරව විශ්ණු දෙවියන්ට ශිව දෙවියන්ට සහ මුස්ලිම් දේවස්ථානයටද පුද පූජා පවත්වන ලදී.1940 න් පසු වන්දනා කරුවන්ගෙන් බහුතරයක් වන්නේ ශ්‍රී ලංකාවෙන් සහ දකුනු ඉන්දියාවෙන් පැමිනි දෙමළ හින්දු ජනතාවයි.ඔවුන් අසීරු ලෙස පයින් වන්දනාවේ පැමිණීම සිදු කරන ලදී.පසුව බොහෝ වන්දනා කරුවන් සිංහල බෞද්ධයන් බවට පත්වූ අතර සිංහල ජනතාව අතර කතරගම දෙවියන් වන්දනාව බොහෝ ප්‍රසිද්ධ විය. දෙවියන් සහ භූමිය සම්බන්ධව බොහෝ ජනප්‍රරවද සහ පුරවෘත පවතින අතර ඒවා ආගමික, ජනවාර්ගික අනුබැදිය සහ කාලය අනුව වෙනස් වේ.බෞද්ධ පූජකයන් සහ භික්ශූන් දෙවියන්ට, දේවවාදී නොවන බෞද්ධ පරමාදර්ශය තුල ඉඩ සලසා දීමට උත්සහ කරන බැවින්, මෙම පුරාවෘත, බෞද්ධයන් අතර සීඝ්‍රරයෙන් වර්ධනය වන, දේව ජනප්‍රසාදය නිසා වෙනස් වේ.බැතිමතුන්ගේ වෙනස් වීමත් සමග වන්දනා කරනු ලබන ආකාරය වෙනස් වන අතර, බෞද්ධ පූජා විදි සහ දේව ධර්මයට ඉඩ සැලැස්වීමට හින්දු භක්තිකයන්ගේ ඇති හඩගැසීම නිසා, පාවත්වනු ලබන සැණකෙලිද වෙනස් වේ. පුරා විද්‍යත්මක සහ සාහිත්‍යමය සාධක වලට අනුව, මෙම ස්ථානයට ඉපැරණි ඉතිහාසයක් අති බව පෙනුනත් , මෙම ස්ථානය පිලිබද සාහිත්‍ය ඉතිහාසය සහ ශ්‍රී ලාංකිකයන් හා ඉන්දියානුවන් අතර ජනප්‍රියතාවයට පත්වීමට හේතූන්, පුරාවෘත පදනම් කොටගෙන නැවත සංස්කරනය කිරීම ඉතා අපහසුය.අපහැදිලි සාහිත්‍යමය ලේඛන, පුරාවෘත සහ මිත්‍යා ප්‍රබන්ධ නිසා උරුමය පිළිබදව සහ වන්දනා කරන ආකාරය පිළිබද බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් අතර ඝට්ටනයක් පවතී.

මෙම පූජස්ථානයේ පූජකයන් "කපුරාල" නමින් හැදින් වෙන අතර ස්වදේශීය වැදිජනතාවගේ පරපුරෙන් පැවත එන්නන් යැයි විශ්වස කරනු ලබයි.අසල පිහිටි කදු මුදුන සහිත් ප්‍රදේශය පිලිබදව පවතින පුරාවෘත නිසා වැදි ජනතාවටද මෙම පූජස්ථානයට උරුමයක් පවතීයැයි විශ්වාස කරයි.මුස්ලිම් පල්ලියක් සහ මුස්ලිම් ජනතාවගේ සුසාන ඝර කීපයක් ඒ අසල පවතී.උතුරේ පිහිටි, යාපනයේ සිට දකුණේ පිහිටි, කතරගම දක්වා පවතින වන්දනා මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පවතින මුරුක්කන්ට පුද පූජා පවත්වන, ඒහා සමාන පූජස්ථාන සමග මෙම විහාර සංකීරනය සම්බන්ද වේ.1400 දී අරුනගිරිනාත, මෙම වන්දනා මාර්ගය විස්තර කර ඇත.විහාර සංකීරනය අසල ප්‍රදේශය යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුප්ත ක්‍රියාකාරකම් වලට යොදා ගනු ලබන අතර 1950 දී ශ්‍රී ලංකා රජය මගින් සම්පූර්න විහාර සංකීරණයම පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.එතැන් සිට දේශපාලණ නායකයින් එහි නඩත්තුව සදසා යන වියදම් වලට දායකත්වය සපයනු ලබයි.

ඉතිහාසය[සංස්කරණය]

මුල් වාදය[සංස්කරණය]

සිද්ධස්ථානයේ ආරම්භය පිළිබද බොහෝ වාද පවතී.හයින්ස් වෙචර්ට් සහ පෝල් යන්ගර්ට අනුව කතරගම දෙවියන් උදෙසා පූජා පවත්වන හා භක්තිය දක්වන ආකාරය ස්වදේශීය වැදි ජනතාවගේ පූජා විධි වලින් නොනැසී ඉතිරිව පවතින්නක් වේ.ක්‍රිස්තු පූර්ව අග භාගයේ දී ලංකාවට පැමිණි දකුණු ඉන්දියාවේ සංස්කෘතික බලපෑම ඇති ඉන්දිය-ආර්ය ජනතාව සහ බෞද්ධයන් සමග මේ පූජා විදි තවදුරටත් ඉදිරියට ගමන් කරයි.කරුණු එසේ වුවත් බෞද්ධ,හිංදු සහ මුස්ලිම්වරු පවා දේව පූජා විදි සහ සිද්ධස්ථාන තෝරා ගනීමට උත්සහ දරනවා.එස්.පත්මනාතන්ට අනුව ආරම්භයේදී කතරගම සිද්ධස්ථානය ස්කන්ධ මුරුකන් උදෙසා පවතින දේවාරක්ෂක සිද්ධස්ථානයක් ලෙස බෞද්ධ සිද්ධස්ථාන සංකීරණයකට අනුබද්ධ කර පිහිටා ඇත.ඉන්පසුව දේශීය සිංහල සහ දෙමල ජනතාව විසින් මෙම සිද්ධස්ථානය වල්ලි සහ මුරුකන් මුණගසුනු ස්ථානය ලෙස සලකනු ලැබූ අතර කතරගම දෙවියන් සහ ස්කන්ධ මුරුකන් එකම දෙවි කෙනෙක් ලෙස සලකන ලදී.එස්.පත්මනාත්න්ට අනුව දෙමල ජනතාව අතර ස්කන්ධ මුරුකන් ජනප්‍රියව පැවති 13 වන සියවස අග භාගයේදී මෙය සිදු විය.15 වන සියවසට ප්‍රථම අරුණගිරිනාත නම් කවියෙක් මෙම ස්ථානය පූජනීය ස්ථානයක් ලෙස හදුනා ගන්නා ලදී.

සාහිත්‍යමය සාධක[සංස්කරණය]

මුල් ඉතිහාසයේ දෙමළ කතිරකම්ම නම් වූ කතරගම ස්කන්ධ මුරුකන් උදෙසා පැවති පූජනීය ස්ථානයක් ලෙස සදහන් වේ.මේ බව අරුණගිරිනාතර් විසින් රචිත ඇදහිලි පිළිබද කවියේ සදහන් වේ.ජනශුති වල සදහන් ආකාරයට කවිය රචනා කරන අවස්ථාවේ ඔහු වනගත ආරණ්‍ය සිද්ධස්ථානයට ගමන් කර ඇත.මෙම කවියේ සදහන් පරිදි දේව සිද්ධස්ථානය කදු මුදුනක පිහිටා ඇත.මුල් කාලයේ කතුගම නමින් හැදින්වු කතරගම දෙවියන් ශ්‍රී ලංකාවේ හා බෞද්ධ ආගමේ ආරක්ෂක දේවතාවක් ලෙස සලකා ඇත.16 වන ශතවර්ෂයේදී පමණ අද තායිලන්තය ලෙස හදුන්වනු ලබන සියම් දේශයේ ලියවුනු "ජන්කල්මලී" නම් වූ පාලි ග්‍රන්ථයේ ද මෙය සදහන් වේ.(බලන්න කතරගම පිලිබදවූ ජතුකහම් රම්මාතෙප් නම් වූ ප්‍රසිද්ධ තායි සූත්‍රය, ශ්‍රී ලංකාවේ දෙවියෙක්) කතරගම ගම්මානය පිළිබද සදහන් වන පැරණිතම ලේඛනය වන්නේ 5 වන සියවසේ දී ලියවුණු මහාවංශයයි.එහි සදහන් වන ආකාරයට "කජිරගාම" නම් වූ ජනපදයෙන් පැමිණි පූජ්ය වරයා ක්‍රි.පූ. 288 දී අශෝක අධිරාජ්යයා විසින් ලංකාවට පූජා කරන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේගේ කතරගමට ගෙන එනු ලැබ ඇත. (පොන්නම්බලම් අරුණාචලම් ට අනුව කජිරගාම පැවත එන්නේ කාර්තිකය ග්‍රාමයෙන්("කාර්තිකය" නගරය)එය කෙටි කර දක්වා තිබෙනවා කජරග්රාම ලෙස)

පුරාවිද්‍යත්මක සාධක[සංස්කරණය]

පූජස්ථානය අවට බොහෝ පුරාණ නටබුන් ශිලා ලිපි ලේඛන පවතී.දැනට හමුවී ඇති ශිලා ලිපි ලේඛන වලට අනුව "කිරිවෙහෙර" ක්‍රි.පු.පළවන සියවසේදී පමණ ඉදිකර ඇති අතර පහුව දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කර ඇති බව විශ්වාස කරයි.තිරිතාර රජු ගේ පුත් මහාදානික මහානාගගේ නියෝගයෙන් පුරාණයේ මංගල මහාසෑය නමින් හැදින්වූ කිරිවෙහෙරට බාර ඔප්පු කල බව ශිලා ලිපියක සදහන් වේ.තවත් ශිලා ලිපියක සදහන් වනුයේ 7 වන ශතවර්ෂයට අයත් වන 1 වන දපුල භික්ෂූන්ට සිද්ධස්ථානයක් ඉදිකල බව.නමුත් එහි කතරගම නම සදහන් කොට නැත.කැනීම් වලදී හමුවූ වලං කැබලි වල සහ කාසි වල පාර්ක්රිට් සහ දෙමළ බ්‍රාහ්මීය වලින් ලියූ පුරාවෘත වල,අසල පිහිටි තිස්සමහාරාමය ක්‍රි.පු. 2 වන ශතවර්ෂයේ සිට පැවති පුරාණ වෙළද නගරයක් බව සදහන්ව ඇත.ශ්‍රී ලංකාවේ දේශපාලණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් වූ රුහුණු රාජධානියට මෙම ප්‍රදේශය අයත්ව පවතී.

කල්‍යාණගිරි ස්වාමිගේ කාර්යභාරය[සංස්කරණය]

සිද්ධස්ථාන පිළිබද මධ්‍යකාලීන ඉතිහාසය 16 වන ශතවර්ෂයේ සිට 17 වන ශතවර්ෂය දක්වා කාලසීමාව තුල උතුරු ඉන්දියාවෙන් පැමිණි කල්‍යාණගිරි ස්වාමිගේ පැමිණිමත් සමග ආරම්භ විය.ස්කන්ධ පූරාණයේ සදහන් පරිදි ඔහු සිද්ධස්ථානය පිහිටි ස්ථානය සහ ඒ සම්බන්ධව ඇති පුරාවෘත හදුනාගනු ලබ ඇත.ඉන්පසුව ආරණ්‍ය සිද්ධස්ථානය ඔහු විසින් නැවත ඉදිකරන ලදී.පසු එය ඉන්දියානු සහ ශ්‍රී ලාංකික හිංදු භක්තිකයන්ගේ වන්දනාවට පාත්‍ර විය.මෙම සිද්ධස්ථානය බෞද්ධ සැදැහැවතුන් ආකර්ෂණය කර ගැනීමටද සමත් විය.සිද්ධස්ථානයේ භාරකරුවන් වූයේ ස්වදේශී වැදි ජනතාවයි.යටත් විජිතයක්ව පැවතීමට පෙර පැවති අවසාන ස්වදේශීය රාජධානිය වූ උඩරට රාජධානියේ රජ වරුන්ගෙන් ලබූ අනුග්‍රහය යටතේ සිද්ධස්ථානයේ ප්‍රසිද්ධිය වැඩි විය.1815 බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ ඉන්දියාවෙන් ගෙන එනු ලබූ යටත් වාසීන්ද මෙම සිද්ධස්ථානය වන්දනා කරන ලදී.එම නිසා සෑම පුද්ගලයෙක් අතරම මෙම සිද්ධස්ථානය ප්‍රසිද්ධ විය.

පුරාවෘත්ත[සංස්කරණය]

වම:ක්‍රි.පු.140 සිට 180 දක්වා හුවිශ්ක කාසිය මහසෙන් සිටින.
දකුණ: ක්‍රි.පු.200 දී යෞදෙයස් කාසිය, කුකුළා සහ හෙල්ල සමග කර්ත්තිකය.

හින්දු පුරාවෘත්තය[සංස්කරණය]

හින්දු සහ සමහර බෞද්ධ ලේඛණ වලට අනුව ප්‍රධාන සිද්ධස්ථානය භාර වූයේ කර්තිකයා(දෙමළින් මුරක්කන් නමින් හැදින්වූ) ටය.එමෙන්ම ඔහු කුමර,ස්කන්ධ සුවනාභාම ,විසාක හෝ මහසෙන් යනුවෙන් හදුන්වනු ලබනවා.කුෂානස් සහ යාව්දාස් වැනි පාලකයන් දෙවියන්ට ඇති භක්තිය නිසා ක්‍රිස්තු පූර්ව අවසාන ශතවර්ශ වල නිකුත් කල කාසිවල දේව රූපය කටයම් කරන ලදී.උතුරු ඉන්දියාවේ දෙවියන්ට ඇති ජනප්‍රසාධය පිරිහී ගියත් එය දකුණු ඉන්දියාව තුල ආරක්ෂා වූ අතර ඉන්දියාව තුල ඔහු "සුබ්‍රහමනය" නමින් හදුන්වන ලදී.අවසානයේදී ද්‍රවිඩයන් අතර මුරුක්කන් නමින් හැදින්වූ දේශීය දෙවි කෙනෙකුගේ නමින්ද හදුන්වනු ලැබීය.චන්කම් ඉතිහාසයේදී ක්‍රි.පූ.2 වන ශතවර්ෂයේ සිට 6 වන ශතවර්ෂය දක්වා කාලය තුල මුරුකන් වෙනත් දෙවියෙකු හා සම්බන්ධ නොකොට තනිව හදුන්වන ලදී.දෙවියන්ගේ ඉපදීම,නැතිවීම සහ සිංහල හා දෙමළ මූලාශ්‍ර වල වල්ලි නමින් හදින් වූ ග්‍රෝත්‍රික කුමාරිකාව සමග සිදුවූ විවාහය සම්බන්ධව පුරාවෘත බොහෝ ප්‍රමාණයක් පවතී.ක්‍රි.පූ.7 වන සියවසේදී හෝ 8 වන සියවසේදී සංස්කෘත වලින් ලියන ලද ස්කන්ධ පූර්ණයේ ඔහු පිළිබද සියලු විස්තර ඇතුලත්ව ඇත.ස්කන්ධ පූර්ණයේ ද්‍රවිඩ පරිවර්ථනය කන්ද පූර්ණම් නම් වූ අතර එය 14 වන සියවසේදී ලියවී ඇත.කන්ධ පූර්නම් ,ඒ පිළිබද හොදින් දන්නා ඉන්දීය ද්‍රවිඩ ජනතාව අතරට වඩා ,ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජනතාව අතර වැදගත් භූමිකවක් උසුලනවා.

4 වන සියවසේ සිට ශ්‍රී ලාංකීය බෞද්ධ පවා කාර්තිකය කටහ්රගම දෙවියන් හෝ ස්කන්ධ කුමාර ලෙස සලකා වන්දනා කරනු ලබනවා.14 වන සියවසේදී මෙරට ආරක්ෂා කිරීමට සිටින දෙවි කෙනෙකු ලෙස ස්කන්ධ කුමාර සලකා ඇත.ඔහුට දේවවාදී නොවන බුදු දහම තුලත් පිළිගැනීමක් ලැබී ඇත.11 වන සහ 12 වන ශතවර්ෂ වලදී රාජකීය පවුල් වල උදවිය පවා ස්කන්ධ කුමාර ඇදහීම සිදුකර තිබෙනවා.ඉතිහාසයේ එක්තරා ස්ථානයකදී ස්කන්ධ කුමාර කතරගම සිද්ධස්ථානයේ දෙවියන් ලෙස හදුනාගෙන තිබේ.ඉන් පසු ඔහු කතරගම දෙවියන් ලෙස හදුන්වා ඇති අතර කතරගම දෙවියන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක දෙවි කෙනෙකු ලෙස හදුන්වා තිබේ.කතරගම දෙවියන් හා සබැදි බොහෝ පුරාවෘත පවතී.ඉන් සමහරක් හින්දු ආගමේ එන ස්කන්ධ කුමාරගේ සම්බන්ධයෙන් තොරව කතරගම දෙවියන් ඇතිවීම සොයනු ලබයි.

බෞද්ධ පුරාවෘතය[සංස්කරණය]

එක් සිංහල පුරාවෘතකයක සදහන් පරිදි ස්කන්ධ කුමාර ලංකාවට පැමිණි පසු දෙමළ ජනතාවගෙන් රුකවරණය ඉල්ලා ඇත.ද්‍රවිඩ ජනතාවගේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු කතරගම සිටි සිංහල ජනතාව සමග වාසයට පැමිණ ඇත.ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දෙවියන් විසින් වාර්ෂික පූජෝත්සවයේදී ද්‍රවිඩ ජනතාවට ශරීරය විදීම සහ ගිනි පෑගීම සදහා ඉඩ සලසා තිබේ.මෙම පුරාවෘතයේ සිද්ධස්ථානය පිහිටි ස්ථානය සහ ද්‍රවිඩ ජනතාවගේ පුරාණ වැදුම් පිළිවෙත් පිළිබද විස්තර සදහන් වේ.ක්‍රි.පූ. 1 වන සියවසේ එළාර යුද්ධයට ප්‍රථම දු‍ටුගැමුණු රජු ඇදහූ දෙවියන් කතරගම දෙවියන් බවට සිංහල පුරාවෘත සාක්ෂි දරයි.යුධ ජයග්‍රහනයෙන් පසුව දු‍ටුගැමුණු රජු ස්කන්ධ කුමාර දෙවියන් උදෙසා සිද්ධස්ථානයක් ඉදි කරවා ඇත.මේ පිළිබදව දු‍ටුගැමුණු රජතුමා පිළිබද සදහන්ව ඇති මහාවංශයේ සදහන්ව නැත.තවත් සිංහල පුරාවෘතයක කතරගම දෙවියන්,සිංහලයන් අතර වාසය කිරීමට එළාර විසින් එවන ලද ඔත්තුකරුවෙක් හෝ මරණයෙන් පසු මිනිසුන් දේවත්වයෙන් සලකන විජ්ජාකරුවෙකු ලෙස සදහන් වේ.එසේ උවත් තවත් පුරාවෘතයක කතරගම දෙවියන් බෝධිසත්වයෙකු ලෙස උපත ලද මහසෙන් රජුගේ දේවතාරෝපණය ලෙස සදහන් වේ.1970 න් පසුව මෙම සිද්ධථානයට බෞද්ධයන් තුල ශීඝ්‍රයෙන් වැඩිවෙන ජන ප්‍රසාධයත් සමග,රිචඩ් ගෙම්බ්‍රිම් සහ ඝනනාත ඔබේසේකර මෙම පුරාවෘත වල නව ඉසව්වක් සහ එවායේ හටගැනීම හදුනා ගැනීමට උත්සහ කරයි.

සිංහල බෞද්ධයන් තුල ඇති යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට අති පුරුද්ද ගැටබේ සහ කඩවර නමින් හදුන් වන කතරගම දෙවියන්ගේ අප්‍රකට පැත්ත විදහා දක්වයි.ගැටබේ දේවාලය මොරවක අසල පිහිටි හුදකලා ස්ථානයක පිහිටා අතර කඩවර දේවාලය කතරගම පිහිටා ඇත.ප්‍රධාන කතරගම සිද්ධස්ථානයට පිටතින් ගුප්ත ස්ථානයක බිලි පූජා පවත්වමින් පිළිගැනීම සිදු කරයි.හූනියම් කොඩිවිණ කිරීම් වලදී ද කතරගම දෙවියන් ඝෘජු ලෙසසම්බන්ධ වේ.

මුස්ලිම් පුරාවෘතය[සංස්කරණය]

People of Coast Vedda descent taking a pilgrimage on foot (Pada Yatra) from the town of Muttur in the east of Sri Lanka to the temple

කතරගම පිලිබද මුස්ලිම් හෝ ඉස්ලාම් පුරාවෘතය සාපේක්ෂව මෑතකදී සිදුවූවක් වේ.මුස්ලිම් වරුන්ට අනුව කතරගම අල් කදීර්ට හෝ අල් කදීර්ගේ බිමට සම්බන්ධ වේ.ඉන්දියාවේ සිට සංක්‍රමන්ණය වන බොහෝ ඉස්ලාම් බැතිමතුන් ඒ අවට නැවතී සිටී.කරීම් නබි නම් පුද්ගලයා පාලනය කල විට අමරණීයත්වය ලැබෙන ජල නිධියක් සොයාගත් බව සදහන් වේ.ඉතිහාස ගත සාධක වලට අනුව ජබීර් අලි ෂා (1872 මිය ගිය) සහ මියර් ෂඩ් මොහොමඩ් අලිෂ බාව(1945 දී මිය ගිය) වෙනුවෙන් ඉදිකල සුසානඝරද පවතී.

වැදි පුරාවෘතය[සංස්කරණය]

ඉතිහාසයේ සදහන් වන ශ්‍රී ලංකා වැදි ජනතාව කාතරගම දෙවියන් දෙවි කෙනෙකු ලෙස සලකා නැත.එ අවෙනුවට ඔවුන් කන්දෙ යකා හෝ ගලේ යකා (ගලට අධිපති) යැයි සලකා දඩයම් කිරීමට ප්‍රථම දෙවියන් සතු‍ටු කරනු ලබයි.ඔවුන් දෙවියන් සතු‍ටු කරාරනු ලබන්නේ ,අතු සෙවිලි කර පූජාසනයක් සාදා එහි මධ්‍යයේ හෙල්ලක් හෝ ඊතලයක් රදවා ඒ වටා නැටීම බගිනි.යකදුරා දඩයම් කරන පිරිසට මග පෙන්වන මිය ගිය මුතුන් මිත්තන්ගේ ආත්ම වලින් ආවේෂ වේ.

මානවවේදී චාල්ස් ගාබරිල් සෙල්මන්ට සිතූ පරිදි කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වන පූජාවිධි වල කන්දෙ යකා වෙනුවෙන් පැවති පූජා විධි සහ සම්ප්‍රධා වල ලක්ෂණ අඩංගුව පවතී.පූජස්ථානය අසල පිහිටි වැදි ගෝත්‍රිය කෝවිල් "වන්නම්" නමින් හදුන්වනු ලබයි.ඉන්පසු ගෝත්‍රයක් ලෙස ඔවුන් හමු නොවුනත් 19 වන සියවසේදී නැගෙනහිර පළාතේදී ඔවුන් හමුවී ඇත.අසල පිහිටි වැඩිහිටි කන්දේ කදු මුදුන දෙවියන්ගේ වාසස්ථානය ලෙස ජනතාව විශ්වාස කරනු ලබයි.දෙවියන් මෙරටට පැමිණීමෙන් පහුව දේශීය වැදි නායකයාගේ දියණිය වන වල්ලි නම් කාන්තාව සමග විවාහ වූ අතර ඉන්පසුව එම ස්ථානයේ ලැගුම් ගන්නා ලදී.

සිද්ධස්ථානයේ සැලස්ම[සංස්කරණය]

සෑම විවිධ පූජාසනයක්ම අලංකාර කුඩා සමචතුරස්‍රකාර ගොඩනගිලි වේ.ගොඩනැගිල්ලෙන් පිටත දෙවියන් වෙනුවෙන් කිසිදු සැරසිල්ලක් සිදු කරනු ලබන්නේ නැත.එම නිසා මෙම සිද්ධස්ථානය ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ පවතින අනෙකුත් හින්දු සිද්ධස්ථාන වලට වඩා වෙනස් කම් දක්වයි.සෑම පූජාසනයක්ම ගලින් නිම කර ඇති අතර වල්ලි සදහා ඇති පූජාසනය පමණක් දැවයෙන් නිමකර ඇත.ඒවා ආරම්භයේදී ඉදිකල ආකාරයටම ඉතිරිව පවතින අතර ඒවා වැඩි දියුණු කිරීමට කිසිදු සැකැස්මක් සකසා නැත.එයට හේතුව වී ඇත්තේ ආරම්භක පූජාසන සංකීරණය කැඩීමට මිනිසුන් අකමැති විය.

ඉතාම වැදගත් පූජාසනය මහාදේවාලය හෝ මහා කෝවිල නමින් හදුන්වයි.එහි පුද පූජා පවත්වනුයේ සිංහලයන් කතරගම දෙවියන් ලෙස හදුන්වන ස්කන්ධ මුරුකන් සදහායි.එහි දේව ප්‍රතිමා ඉදිකර නැති අතර ඒ වෙනුවට ආධ්‍යත්මික සිත්තම් සහ යන්ත්‍ර අන්තර්ගතවේ.පූජාසන සංකීරණයේ පිහිටි විශාලම පූජස්තානය එය වන අතර පළමුව බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වනුයේ එයයි.එහි දේව ප්‍රතිමාවක් නොමැති වුවද යාබද කුටියේ සිංහලයින් කරඩුව නමින් හදුන්වන ශිව දේව ප්‍රතිමාවක් පවතී.කල්‍යණගිරි ස්වාමිගේ යැයි සිතා සිටින කොටි සමකින් ආවරණය කරන ලද "කලන මඩම" නමින් හැදින්වෙන මැටි පු‍ටුවක් එහි පවතින අතර උත්වාකාර උපකරණ සියල්ල එහි අන්ත්ර්ගත්වේ.ප්‍රධාන පූජාසනයේ වම්පසින් ගණපති දෙවි නමින් සිංහලයේ හඩුන්වන ගනේෂ් නම් හිංදු දෙවියන්ට අයත්වූ කුඩා පූජාසනයක් පවතී.දෙමළින් ඔහු හදුන්වනු ලබුවේ මරණික පිල්ලයාර් ලෙසයි.එයද සැරසිල්ලෙන් තොර කුඩා සමච්තුරස්‍රාකාර ගොඩනැගිල්ලක් වේ.ගනේෂ් පූජාසනයාට වම්පසින් විශ්ණු දෙවියන් සදහා වූ විශ්ණු දේවාලය පිහිටා ඇත.එහි බුදු රජාණන් වහන්සේගේ පිළිතුරක්ද පවතී.මෙයට පි‍ටුපසින් අනුරාධපුරයේ පිහිටි ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ලෙස සැලකෙන විශාල බෝ ගසක් පවතී.මෙම නිසා බෞද්ධයන්ගේ මෙම සිද්ධස්ථානයට යොමුව ඇත. සැලකිල්ල වැඩි වී ඇත.බටහිර පූජාසන සංකීරණය කාලි,පත්තිනි,මානගර දෙවියන් ,දැඩිමුන්ඩ සහ සූනියම් දෙවියන් උදෙසා වෙන්කර ඇත.සිද්ධස්ථානය අංගනයෙන් පිටත උතුරු පිවිසුම් මාර්ගය ඔස්සේ තේවයානි සිද්ධස්ථානය පිහිටා ඇත.එය පාලනය කරනු ලබන්නේ ඉන්දියාවේ කර්නාතක පිහිටි ශ්‍රී නගර් සිට පැමිණි සන්කර මුත් විසිනි.එයද ප්‍රධාන දෙවියන්ගේ වල්ලභ වන වල්ලි උදෙසා පවතින අතර ඇය මුස්ලිම් පල්ලිය ඉදිරිපිට වැතිර සිටී.වල්ලි පූජාසනය අසල මුරුකන්ට පූජාකල කද්ම්බ ගසක්ද පවතී.මුස්ලිම් පල්ලිය තුල මුස්ලිම් භක්තිකයන්ට අයත් වූ සුසානඝර කිහිපයක්ම පවතී.කල්‍යණගිරි ස්වාමිගේ සුසානඝරය සමග සාදන ලද පූජාසනයක්ද පවතී.එය ද්‍රවිඩ ජනතාව මුතුලිගස්වාමි කෝවිල නමින්න් හදුන්වනු ලබයි.එය ශිව දේවාලය නමින්ද හදුන්වයි.

මුරුකන් සහ කතරගම දෙවියන් ඇදහීම[සංස්කරණය]

මහ දේවාලය ඇතුලත තිරය පිටුපස මුරුක්කන් සහ ඔහුගේ භාර්‍යාවන් දෙදෙනා පෙන්නුම් කෙරෙන යන්ත්‍රය තබා ඇත.

බුදු දහමේ දෙවියන් ඇදහීම සදහා අනුබල නොදුන්නත් ශ්‍රී ලාංකීය බෞද්ධයන් මෙම දෙවියන් දේශීය දෙවියෙකු මෙන් ඇදහීම කරනු ලැබේ.මෙ සමාන ස්ථානයක් මුරුකන්ට දෙමළ ජනතාව අතර හිමිවේ.

මුරුකන් ඇදහීම[සංස්කරණය]

සන්ගම් දෙමළ සාහිත්‍යයේ මුරුකන් පිලිබද සදහන් වේ.මුරුකන්ට ලබුණු ප්‍රථම නිර්දේශය වූයේ සරු දඩයමකට උපකාර කරන දෙවියෙකු ලෙසයි.ශ්‍රී ලංකාවේ වැදි ජනතාවට බොහෝ සමාන ,දකුණු තමිල්නාඩුව නම් කදු ප්‍රදේශයෙන් පැවත එන දඩයක් කරුවන්ගේ පළමු දෙවියන් ලෙස ඔහු දක්විය හැක.කෘෂිකර්මාන්තයේ සැලකිය යුතු දියුණුවත් සමග ගෝත්‍රික නායකයින් විසින් මුරුකන් ඔවුන්ගේ දෙවියන් ලෙස හදුනා ගන්නා ලදී.ඉන්පසු ඔහු සමාජයේ සෑම කොටසකම ප්‍රචලිත විය.ඔහු සංකේතාත්මකව අදහනු ලබන්නේ හෙල්ල සහ කදම්බ වැනි ගස් මගිනි.මයුරා සහ කුකුළාද දෙවියන් සමග සබැදව පවතී.කාර්තිකය හා සම්බන්ධ සෑම පුරාවෘතයක්ම මුරුකන් හා ද සම්බන්ධවේ.දෙවියන් උදෙසා තමිල්ණාඩුවේ ප්‍රධාන සිද්ධස්ථාන 6ක් ද කුඩා සිද්ධස්ථාන තවත් බොහෝ ප්‍රමාණයක්ද පවතී.ද්‍රවිගයන්ගේ දෙවියන් ලෙස ස්කන්ධ මුරුකන් ඈදහීම පළිබද පුරාවෘත බොහෝ ප්‍රමාණයක් පවතින අතර ඒවායේ ‍තෝන්දියිමානදලම් සිට පැමිණි වල්ලි සමග ඔහුගේ විවාහයද සදහන්ව ඇත.

කතරගම දෙවියන් ඇදහීම[සංස්කරණය]

සිංහල පුරාවෘත වල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දකුණේ පිහිටි කතරගම සිටි වැදි නායකයාගේ දියණිය වල්ලි නම් වේ.වේලපුර නමින් හදින් වෙන කලුතර ද මුරුකන්ගේ ඇදහිලි හා සම්බන්දව පවතී.මුරුකන් ඇදහීම ලංකාවේ පිලිගත් ස්කන්ධ දෙවියන් ඇදහීමත් සමග බැදී පවතී.සිංහලයන් අතර ඔහු කතරගම ජනපදයේ දෙවියන් ලෙස නැතහොත් කතරගම දෙවියන් ලෙස හදුන්වනු ලැබ ඇත.බොහෝ සිංහල නගර සහ ග්‍රාම වල කතරගම දෙවියන් උදෙසා පවතින පූජස්ථාන දැකගත හැකි වේ. ඔහු එක ආරකෂක දෙවි කෙනෙකු යැයි සලකා ඇත.වන්දනාකරුවන් ඉතා අසීරු ලෙස කැලය තුලින් පයින් ගමන් කර ඔවුන් දෙවියන්ට වූ බාර ඔප්පු කර ඇත.වන්දනා කරුවන් ලෙස ලංකාවේ සහ ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජනතාව මෙන්ම සිංහලයන්ද් දැක්විය හැක.

ශ්‍රී ලංකාවේ බොහෝ සිද්ධස්තාන ,වැඩි වශයෙන්ම නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සිද්ධස්ථාන කතරගම දේවාලය හා සම්බන්ධතා පවත්වන අතර ,ඔවුන්ගේ පූජෝත්සව සදහා උතුරේ සිට වන්දනාකරුවන් ගෙන්වා ගැනීමට එය එකට එක්වී සිදුකරණු ලැබේ.වෙරුගල්,මන්ඩුර් තිරුකෝවිල් සහ ඕකන්ද ප්‍රදේශවල පවතින සිද්ධස්තාන වේ.15 වන ශතවර්ෂයේ සිට 17 වන ශතවර්ෂය දක්වා කාලය තුල ඉදිවූ ඇම්බක්කේ වැනි රට අභ්‍යන්තරයේ පිහිටි සිද්ධස්ථානද සිංහලයන් කතරගම දෙවියන් ලෙස හදුන්වන මුරුකන්ට අනුග්‍රහ දක්වනු ලැබීය.1950 සිට කතරගම දෙවියන් ඇදහීම සිංහල ජනතාවට දේශාභිමානී හැගීමක් එක්කරන ලදී.ජනතාව සිද්ධස්ථානය වාර්ෂිකව වන්දනාකරනු ලබන අතර වාර්ෂික සැණකෙලිද පවත්වයි.මෙහිදී මිනිසුන් ආවේෂ වීමද හිංදු දහම හා සැබැදි ගිනි පෑගීම ,කාවඩි හා පිටේ ගසාගෙන කොකු වලින් ඇදගෙන යාම වැනි පූජාවිධිද සිදු කරණු ලැබේ.ඩඩ්ලි සේනානායක සහ රණසිංහ ප්‍රේමදාස වැනි සිංහල දේශපාලකයින් සිද්ධස්ථානය නඩත්තු කර ඇත.

පූජෝත්සවය[සංස්කරණය]

පූජෝත්සවය සහ දිනපතා පවත්වන පූජාවිධි හිංදු ආගමික හෝ බෞද්ධ පූජාවිධි වලට අනුරූප නොවේ.එහි භාවිතා කරන්නේ පුරාණ වැදි සංස්කෘතියේ වන්දනා ක්‍රමයි.ප්‍රධාන පූජෝත්සවය සිංහලයින් ඇසළ පෙරහැර ලෙස හදුන්වනු ලබයි.එය ජූලි සහ අගෝස්තූ මාස තුල සමරනු ලබයි.

හිංදු බෞද්ධ අරගලය[සංස්කරණය]

කිරි වෙහෙර

1948 බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබාගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ හිංදු ජනතාව අතරත් බහුතර බෞද්ධ ජනතාව අතරත් ගැ‍ටුම් පැවති ඉතිහාසයක් පවතුනි.1930 දී පෝල් පීරිස් රචිත අයුරින් හිංදු හා බෞද්ධ ජනතාව අතර කතරගමට සහ පවතින පූජාවිධි වලට උරුමය ලබා ගැනීම සදහා ගැටලු අතිවී ඇත.පසුගිය සහස්‍රවර්ෂය තුල බහුතරයක් වන්දනා කරුවන් ශ්‍රී ලංකාවේ සිටින සහ දකුණු ඉන්දියාවෙන් පැමිණ ඉතා අසීරු ලෙස පයින් වන්දනා කල හිංදු බැතිමතුන් වේ.1940 දී මාර්ග ඉදි කරන ලදී. ඉන්පසු බෞද්ධ ජනතාව මෙම සිද්ධස්ථානය වන්දනා කරන ලදී.මේ නිස ඇතිවූ ග‍ටුම් කාරී තත්වය නිසා රජය මදිහත් වී බෞද්ධයන්ට සිද්ධස්ථානයේ සම්පූර්ණ අයිතිය ලබා දෙන ලදී.ඉන්පසු මෙය කිරිවෙහෙරත් සමග අනුබද්ධවිය.මේ සදහා 1940 දී ඇතිවූ විරෝධයෙන් පසු ද්‍රවිඩ ජනතාවට සිද්ධස්ථානය වන්දනා කිරීම තහනම් විය. [1][2]


සටහන්[සංස්කරණය]

සියල්ල බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රුහුණු_කතරගම_දේවාලය&oldid=430035" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි