මයිකල් කොලින්ස්
මයිකල් කොලින්ස් | |
---|---|
![]() | |
නියමු මොඩියුලයේ නියමුවා | |
ජාතිකත්වය | ඇමරිකානු |
තත්වය | විශ්‍රාමික |
උපත | ඉතාලියේ රෝමයේදී 1930.10.31 (වයස 77). |
අනෙකුත් රැකියා | පරීක්ෂණ ගුවන් නියමු |
නිලය | මේජර් ජෙනරාල්,එක්සත් ජනපද ගුවන් හමුදාව. |
ගගන කාලය | දින 11 පැය 2 මිනිත්තු 4 |
තෝරාගැන්ම | 1963 නාසා කණ්ඩායම |
ගවේෂණ | ජෙමිනි 10, ඇපලෝ 11 |
ගවේෂණ අධිකාර විහ්නය |
![]() ![]() |
විශ්‍රාම යෑම | 1985 |
මයිකල් කොලින්ස් යනු හිටපු ඇමරිකානු ගගනගාමියෙක් හා පරීක්ෂක ගුවන් නියමුවෙකි. 1963 දී ගගනගාමීන් 14 දෙනෙකුගෙන් සමන්විත තුන්වන කණ්ඩායමට ඔහුව තෝරාගනු ලැබීය. ඔහු දෙවරක් අභ්‍යාවකාශයේ පියාසර කළේය. ඔහුගේ පළමු අභ්‍යාවකාශ පියාසැරිය වන්නේ ජෙමිනි 10යි. ඔහු සහ අණ දෙන ගුවන් නියමු ජෝන් ඩබ්. යං විසින් සංකේතස්ථාන 2ක් අභ්‍යාවකාශ යානා 2කින් එහි දී ප්‍රදර්ශනය කළ අතර කොලින්ස් විසින් EVA 2 ක් ලබා ගන්නා ලදී. ඔහුගේ දෙවන අභ්‍යාවකාශ පියාසැරිය වන්නේ ඇපලෝ 11 වන අතර ඔහු එහි දී නියමු මොඩියුලයේ ගුවන් නියමුවා ලෙස ක්‍රියා කරන ලදී. ඔහු සඳ වටා කක්ෂගත වන අතරතුර නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ඕල්ඩ්‍රින් පළමුවරට සඳ මත මිනිස් පා සටහන් තැබීය.
ගගනගාමියෙකු බවට පත්වීමට පෙර ජනපද මිලිටරි ඇකඩමියට ඔහු ඇතුළත් වූ අතර එහි සිට එක්සත් ජනපද ගුවන් හමුදාවට එක් වූණි. ඔහු F 86 යානයේ නැගී ප්‍රංශයේ චැම්බ්ලි බුසියර්ස් ගුවන් මූලස්ථානයේ දී පියාසර කළේය. ඔහුව USAF පරීක්ෂණාත්මක පියාසැරි පරීක්ෂණ ගුවන් නියමු පාසලට භාරගත්තේය. ඒ 1960 දී එඩ්වඩ් ගුවන් හමුදා මූලස්ථානයේ දීය. ඔහු අසාර්ථකව දෙවන ගගනගාමී කණ්ඩායමට අයදුම් කළ ද භාර ගනු ලැබූයේ තුන් වන කණ්ඩායමටය.
1970 දී නාසා ආයතනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන කටයුතු පිළිබඳව සහකාර ලේකම් ලෙස ඔහු රැකියාවක් ලබා ගත්තේය. වසරකට පසුව ජාතික ගුවන් හා අභ්‍යාවකාශ කෞතුකාගාරයේ පළමු අධ්‍යක්ෂකවරයා බවට පත්විය. ස්මිත් සෝනියන් ආයතනයේ උප ලේකම් බවට 1978 දී පත් වන තුරු ඔහු සිය නිලය දැරීය. 1980 දී LTV අභ්‍යවකාශ යානයේ උප සභාපති ලෙස ඔහු රැකියාව ලබා ගත් අතර 1985 දී තම ව්‍යාපාර කටයුතුවල නියැළීමට සඳහා ඉල්ලා අස් විය.
පැට්රිකා සමඟ විවාහ වූ කොලින්ස්හට කේට්, ඈන් හා මයිකල් යන දරුවන් තිදෙනා ලැබුණි. Jr කේට් යනු නිළියක් වන අතර All My Children යන දිවා කාලයේ විකාශිත මෙගා ටෙලිනාට්‍යයේ නැතලි මාලොව් ඩිලන් යන ඇගේ චරිතය නිසා ඇය සුප්‍රසිද්ධ නිළියකි.
![]() |
මයිකල් කොලින්ස් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |