සැටර්න් V

විකිපීඩියා වෙතින්
පළමු සැටර්න් V, AS – 501, ඇපලෝ 4 දියත් කිරීමට ප්‍රථම තොරතුරු පත්‍රය
ක්‍රියාව මිනිසුන් සහිත LEO හා චන්ද්‍ර නික්මුන් වාහනය
නිෂ්පාදකයා බොයින් (S-IC) දකුණු ඇමෙරිකානු (S-II) ඩග්ලස් (S-IVB)
නිපද වු රට එක්සත් ජනපදය
    ප්‍රමාණය
උස 110.6m (අඩි 363)
විෂ්කම්භය 10.1m (අඩි 33)
ස්කන්ධය 3 038 500 kg (6 699 000 රාත්තල්)
අදියර 3
       ධාරිතාවය
LEO ට කාර්යය භාරය 118 000 kg
චන්ද්‍ර කක්ෂයට කාර්ය භාරය 47 000 kg
සම්බන්ධිත රොකට්ටු
පවුල සැටර්න්
ව්‍යුත්පන්න සැටර්න් INT – 21
තුල්‍ය N1 රොකට්ටුව
   නික්මීමේ විස්තර
තත්ත්වය සේවයෙන් ඉවත් කරන ලද
නිකුත් කිරීමේ ස්ථාන LC – 39, කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානය
මුළු නිකුත් කිරීම් 13 (INT- 21 ඇතුළත්ව)
සාර්ථක වු අවස්ථා 13
අසාර්ථක වු අවස්ථා 0
භාගික අසාර්ථක වීම් 1(ඇපලෝ 6 බලන්න)
පළමු පියාසැරිය 1967 නොවැම්බර් 9 (SA – 501)
අවසාන පියාසැරිය 1972 දෙසැම්බර් 6 (1973 මැයි 14 – INT – 21)
     පළමු අදියර - S – IC
එන්ජින් 5 රොකට් ඩයින් F -1
තෙරපුම 34.02MN (7 648 000 lbf)
දහන කාලය තත්පර 150
ඉන්ධන RP – 1/LOX
     දෙවන අදියර - S – II
එන්ජින් 5 රොකට් ඩයින් J – 2
තෙරපුම 5MN (1 000 000 lbf)
දහන කාලය තත්පර 360
ඉන්ධන LH2/LOX
    තෙවන අදියර - S – IV B
එන්ජින් 1 රාකට් ඩයින් J – 2
තෙරපුම 1 MN(225 000 lbf)
දහන කාලය 165 + 335 තත්පර (දහන 2)
ඉන්ධන LH2/LOX


සැටර්න් V (සඳ රොකට්ටුව ලෙස හදුන්වන) යනු 1967 හා 1973 කාලාන්තර තුළදී නාසා හි ඇපලෝ හා ස්කයිලැබ් වැඩ සටහන් මගින් භාවිතා කළ බහු අදියර ද්‍රව ඉන්ධන වැයකළ හැකි රොකට්ටුවකි.


සැටර්න් රොකට්ටු පවුලේ විශාලතම රොකට්ටුව වු සැටර්න V, ඇලබාමා, කන්ස්විල් හි මාෂල් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානයේදී වර්නර් වොන් බ්‍රෝන්ගේ අධීක්ෂණය යටතේ බෝයි, උතුරු ඇමරිකානු ගුවන් සමාගමක්, ඩග්ලස් ගුවන් යානා සමාගම හා IBM සමාගම ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් ලෙස හවුල් කර ගනිමින් නිපදවිණි. එය උසෙන් බරෙන් හා කාර්යය භාරය නගා සිටුවීම ලක්ෂයෙන් මෙතෙක් ක්‍රියාකාරීත්වයට ගෙන ආ නිකුත් කිරීමේ වාහනය විය. 1980 දශකයේ පසු භාගයේදී පර්යේෂණ මෙහෙයුම් දෙකක පමණක් නිපදවු එනර්ජියානු රොකට්ටුවට ඊට වඩා යන්තමින් වැඩි නිකුත් වීමේ තෙරපුමක් තිබිණි.

නාසා විසින් 1967 හා 1973 අතරතුරදි කාර්යය භාරයේ අඩුවක් නොමැතිව සැටර්න් V රොකට්ටු 13 ක් නිකුත් කළේය. සැළසුම් කළ කාර්ය භාරය වුයේ නාසා ආයතනය විසින් චන්ද්‍රගොඩබෑම් සදහා භාවිතා කළ මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා නිපදවීම වු අතර සැටර්න් V රොකට්ටුව ස්කයිලැබ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිකුත් කිරීම සඳහා සහය දුනි.

සැටර්න් V රොකට්ටුව තුන්වැනි අදියර විවිධ නාසා කොන්ත්‍රාත්කරුවන් විසින් නිපද වනු ලැබුවත් සංයුක්ත බව පිළිබද ශ්‍රේණියක් අනුගමනය කිරීම හා ඒ සියල්ල පාලනය දැන් අයිතිව ඇත්තේ බෝයිං සමාගමටයි. ප්‍රථම හා දෙවන අදියරවල් පරීක්ෂා කරනු ලබන්නේ මිසිසිපිහි සෙන්ට් ලුවිස් බොක්ක අසල පිහිටි ස්ටෙනිස් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහිය. පසුව එම පහසුකම අභ්‍යවකාශ ෂටලයේ ප්‍රධාන එන්ජිම හා වර්තමානයේදී ඩෙල්ටා රෝමන් 4 EELV රොකට්ටුවේ හා අනාගතයේදී ඒරස් 5 රොකට්ටුවේ භාවිතා කරන RS 65 රොකට් එන්ජිම පරීක්ෂා කිරීමට හා එයට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට යොදා ගන්නා ලදී.

සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සැටර්න්_V&oldid=615546" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි