Jump to content

මධ්‍ය බලවතුන්

විකිපීඩියා වෙතින්
මධ්‍යම බලවතුන්

Mittelmächte  (ජර්මන්)
Központi hatalmak  (හංගේරියානු)
İttifak Devletleri  (තුර්කි)
Централни сили (බල්ගේරියානු)
1914–1918
1914 අගෝස්තු 1 වන විට මධ්‍ය බලවතුන් (තැඹිලි පැහැයෙන්) දැක්වූ සිතියමක්
තත්ත්වයහමුදාමය සන්ධානය
ඓතිහාසික යුගයපළමු ලෝක යුද්ධය
 ද්විත්ව සන්ධානය
(ජර්මනිය / ඔස්ට්‍රියා-හංගේරියා)
1879 ඔක්තොම්බර් 7
 ස්ථාපිත කළේ
ජුනි 28 1914
1914 අගෝස්තු 2
  • 1915 සැප්තැම්බර් 6 (රහසිගතව)
  • 1915 ඔක්තොම්බර් 14 (ප්‍රසිද්ධව)
 විසුරුවා හරින ලද්දේ
නොවැම්බර් 11 1918
පූර්වප්‍රාප්ති වනුයේ
ද්විත්ව සන්ධානය (1879)
ත්‍රිත්ව සන්ධානය (1882)
ඔටෝමාන්-ජර්මානු සන්ධානය
ඔටෝමාන්-බල්ගේරියා සන්ධානය
බල්ගේරියා-ජර්මානු ගිවිසුම (1915)

මධ්‍ය බලවතුන් හෝ මධ්‍යම බලවතුන් යනු පළමු ලෝක යුද්ධයේ (1914-18) සටන් කළ ප්‍රධාන කණ්ඩායම දෙකින් එකකි. ජර්මනිය, ඔස්ට්‍රියා-හංගේරියාව, ඔටෝමාන් අධිරාජ්‍යය සහ බල්ගේරියාව මෙයට අයත් විය. මෙම රටවලට අයත් යටත්විජිත (උදාහරණ ලෙස ජර්මන් නිව් ගිනියාව සහ ජර්මන් නැගෙනහිර අප්‍රිකාව) ද මධ්‍ය බලවතුන් වෙනුවෙන් සටන් කරන ලදී. පළමු ලෝක යුද්ධය අවසානයේ මිත්‍ර බලවතුන් විසින් මධ්‍ය බලවතුන් පරාජය කරන ලදී. මධ්‍ය බලවතුන්ගේ ආරම්භය ලෙස සැළකිය හැක්කේ 1879 දී ඔස්ට්‍රියා-හංගේරියාව සහ ජර්මනිය අතර ඇතිවූ සන්ධානය යි. පෙරදී නාමාමාත්‍රික වශයෙන් ත්‍රිත්ව සන්ධානයට එකතු වී සිටියද, ඉතාලිය මධ්‍ය බලවතුන් වෙනුවෙන් සටන් කළේ නැත. බල්ගේරියාව සහ ඔටෝමාන් අධිරාජ්‍යය යුද්ධයට එකතුවූයේ එය ආරම්භ වී කලකට පසුවයි.

සාමාජික රාජ්‍යයන්

[සංස්කරණය]

පළමු ලෝක යුද්ධය ආරම්භ වන විට මධ්‍යම බලවතුන් අතර සිටියේ ජර්මානු අධිරාජ්‍යය සහ ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යය පමණි. 1914 දී ඔටෝමාන් අධිරාජ්‍යය ඔවුන්ට එකතු වූ අතර, 1915 දී බල්ගේරියා ‍රාජධානිය එකතු විය. "මධ්‍ය බලවතුන්" යන නම සෑදී ඇත්තේ එම රටවල් වල පිහිටීම අනුව ය. මධ්‍ය බලවතුන් සහ ඔවුන්ගේ මිතුරු රාජ්‍යයන් (ෆින්ලන්තය සහ ලිතුවේනියාව හැර) පිහිටා තිබුනේ රුසියානු අධිරාජ්‍යයට බටහිරින් සහ ප්‍රංශයට සහ එක්සත් රාජධානියට නැගෙනහිරින් ය. 1918 දී, යුද්ධය අවසාන වීමට සුළු කලකට පෙර, ෆින්ලන්තය, අසර්බයිජාන්, සහ ලිතුවේනියාව ද මධ්‍ය බලවතුන්ට එකතු විය.

  • පළමු ලෝක යුද්ධ සමයේ මිත්‍ර බලවතුන් සහ මධ්‍ය බලවතුන්
  •      මිත්‍ර බලවතුන්
  •      මිත්‍ර බලවතුන්ගේ යටත්විජිත සහ ඩොමිනියන
  •      මධ්‍ය බලවතුන්
  •      මධ්‍ය බලවතුන්ගේ යටත් විජිත
  •      මධ්‍යස්ථ රාජ්‍යයන්

මධ්‍ය බලවතුන් පහළ රටවල් වලින් සමන්විත විය:

රාජ්‍යයපළමු ලෝක යුද්ධයට ඇතුලු වූයේ
 ඔස්ට්‍රියා-හංගේරියා1914 ජුලි 28
 ජර්මනිය1914 අගෝස්තු 1
 ඔටෝමාන් අධිරාජ්‍යය1914 අගෝස්තු 2 (රහසිගතව)
1914 ඔක්තොම්බර් 29 (ප්‍රසිද්ධව)
 බල්ගේරියාව1915 ඔක්තොම්බර් 14
"https://si.wikipedia.org/w/index.php?title=මධ්‍ය_බලවතුන්&oldid=491200" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි