Jump to content

දෙවි දේවතාවියෝ

විකිපීඩියා වෙතින්
Krishna
Skanda
Beaker
Orisha
Itzamna e Ixchel
Janus
විවිධ සංස්කෘතීන්හි දෙවිවරුන් නිරූපණය කොට ඇති අයුරු සඳහා නිදසුන්. ඉහළ වමේ සිට දක්ෂිණාවර්තව: හින්දු ආගම, බුද්ධාගම, යොරුබා, රෝම, ඉන්කා, මායා.

දෙවියෝ සහ දේවතාවියෝ යනු ශුද්ධවූ, දිව්‍යමය හෝ පූජනීය අධිතාත්වික පැවැත්මකි.[1] දෙවියන් පිළිබද සංකල්පය විවිධ සංස්කෘතීන් අනුව නිර්වචනය කරඇති ආකාරය විවිධය. ඇතැම් සංස්කෘතීන් ඒකදේවාදයක් අදහන අතර එකම සර්වබලධාරී දෙවියකු විසින් සියල්ල පාලනය කරන බවත් විශ්වාස කරති.තවත් සංස්කෘතීන් තුල බහුදේවවාදයක් විශ්වාස කරන අතර දෙවිවරු කිහිප දෙනකු හෝ විශාල ප්‍රමාණයක් සිටිනබව විශ්වාස කරති. තවත් සංස්කෘතීන්තුල ස්වශාව ධර්මයේ ඇතැම් ප්‍රපංචයන්ට දේවාත්වය අරෝපණය කර ඇතිබව දක්නට ලැබේ.තවත් සංස්කෘතීන්තුල මිහිතලය මත ජීවත්වූ එක්තරා මනුෂයන් මියගියපසු දේවත්වය ආරෝපණය කරනු ලබයි.තවද ජීවමාන මනුෂ්‍යයන්ට හෝ සතුන්ට දේවත්වය ආරෝපණය කරඇති අවස්තාද ඇත.

බහුදේවවාදය

[සංස්කරණය]

බහු දේව වාදය යනු දෙවියන් කිහිප දෙනකු ඇදහීමයි.මෙම ආගම්තුල විවිධ පරාසයන්ට විහිදී යන දේව සංකල්ප පවතී.යම් ස්වශාවිත වස්තුවකට අධිපතීත්වය දරන දෙවියන්.යම් පෙදෙසකට අධිපතීත්වය දරන දෙවියන් යම් විෂයකට අධිපතීත්වය දරන දෙවියන් ආකාරයෙන් විවිධ කාරණා මුල්කරගෙන නිර්මාණය වූ දේව සංකල්ප දක්නට ලැබේ.

බෞද්ධ

[සංස්කරණය]

බුදු දහමේ ඉගැන්වෙන දේව සංකල්පයට අනුව බුදුන් වහන්සේ විසින් දේව සංකල්ප තුනක් පෙන්වාදෙයි. ඒවානම්,

  • අරිහත් දේව
  • උප්පත්ති දේව
  • සම්මුති දේව

අරිහත් දේව යනු බුදු පසේබුදු මහරහත් උත්තමයන්ය.උප්පත්ති දේව යනු සත්වයා විසින් සිදුකරගත් කුසල කර්ම හේතුවෙන් උප්පත්තිය ලබන ආත්ම භවයකි.සම්මුති දේව යනු යම් පුද්ගලයෙකු ජීවත්ව සිටියදී යහපත් හැසිරීම් සිදුකළ නිසා සමාජයේ ජනයා විසින් ඔහුට දේවත්වයක් ආරෝපණය කිරීමයි.මෙහිදී අපගේ වැඩි අවධානයට යොමුවන්නේ උප්පත්ති දේව සංකල්පයටයි.මෙහිදී යම් සත්වයෙතු යහපත් ක්‍රියා සිදුකර රැස් කරගන්නා පින් හේතුවෙන් උසස් ආත්ම භවයන්හි උපත ලබයි.දෙවියන් උපත ලබන භූමි අනුව විවිධ වේ.මිනිස් ලොව ඇසුරු කරගෙන ජීවත්වන භූමාටු නම්වූ දේව කොට්ටාසයක් ඇත.ඔවුන් වෘක්ෂ කදු පර්වත ආදී සුවිශේෂ ස්වාභාවිත ස්ථාන වාසභූමි කරගෙන ජීවත්වෙයි.මීලගට මිනිස් ලොවින් බැහැරවූ දේව ලෝක 06 ගැන බුදු දහම තුල සදහන් වෙයි.මෙම දිව්‍ය ලෝක 06 මෙසේය.

  • චාතුම්මහාරාජිකය
  • තාවතිංසය
  • යාමය
  • තුසිතය
  • නිම්මානරතිය
  • පරනිම්මිතවසවර්තිය

පිළිවෙලින් සැප සම්පත් අතින් ඉහළම දිව්‍ය ලෝකය වන පරනිම්මිත වසවර්තියෙන් පසු බ්‍රහ්ම ලෝක 20 බුදු දහම තුල සදහන් වෙයි.ඇතැම් සූත්‍රවල මෙම බ්‍රහ්ම ලෝකද දේව ලෝක වර්ගීකරණයට දමා ඇති අයුරු දක්නට ලැබේ.උදාහරණ ලෙස ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බ්‍රහ්මයන් හදුන්වන්නේද දේව යන නමිනි.කෙසේ වෙතත් බුදු දහමේ එන දේව හා බ්‍රහ්ම සංකල්පය පැහැදිළිව වෙනස් සත්ව කොට්ටාසයන් බව තහවුරු කරයි.දේව නිකායික දෙවිවරු පංච ඉන්ද්‍රියන් ඇසුරින් සැපසම්පත් භුක්ති විදින කාමාවචර දෙවිවරුය.බ්‍රහ්ම නමින් හදුන්වන සත්ව කොටස පංච ඉන්ද්‍රියන් මගින් සැපසම්පත් භුක්ති විදීමක් සිදු නොකරන අතර ධ්‍යාන සමාපත්ති සුවයෙන් වැඩසිටී.මෙම බ්‍රහ්ම දෙවියන්ද ප්‍රධාන කොටස් දෙකකි.එක් වර්ගයකට රූපයක් ඇති අතර අනිත් කොටස අරූපීය.එනම් ඔවුන්ට රූපස්කන්ධයක් නැත.නාම කොටස හෙවත් සිත පමණක් ඇත.

බුදු දහමේ ඉගැන්වෙන දේව සංකල්පයට අනුව සත්වයා කරන ලද පුන්‍ය කර්ම හේතුවෙන් උපදනා භවයකි.මෙම භවයන්ද ඔවුන් කරනලද පුන්‍ය කර්මයන්හි බලය ගෙවී ගියපසු නැවත වෙනත් ආත්ම භවයක උපදී.බුදු දහමට අනුව දෙවියන් සදාකාලික නැත.වෙනස්වන සුළුය.ඇතැම් ආගම්වල පැවසෙන සේ නිත්‍යවූ සදාකාලිකවූ අවිනාශී අත්මයක් නොව තාවකාලික ආත්ම භවයකි.

සූත්‍ර පිටකයට අයත් සංයුක්ත නිකායේ දේවතා සංයුක්තය තුල දෙවියන් හා බුදුන් වහන්සේ සමග ඇතිවූ ධර්ම සාකච්ඡා අන්තරගතය.සංයුක්ත නිකායේම එන සක්ක සංයුක්තයේදී තව්තිසා දෙව්ලොවට අධිපති ශ්‍රක්‍ර දෙවියන් හා බුදුන්වහන්සේ අතර ඇතිවූ ධර්ම සාකච්ඡා ඇතුලත්ය.මීට අමතරව අභිධර්මය තවුතිසා දෙවුලොවෙහි වාසය කළ මාතෘ දිව්‍යරාජයා උදෙසා දේශනා කළ බව සඳහන්වේ.විමානවත්තු හා ප්‍රේතවත්තු සූත්‍ර දේශනා තුලද දෙවියන් පිළිබද විස්තරවෙයි.

හින්දු

[සංස්කරණය]
වමේ: හින්දු ආගමේ එන ගණ දෙවියන්, දකුණේ: ඥානයට සහ සංගීතයට අධිපති හින්දු දෙවඟන වන සරස්වතී.

හින්දු දේව සංකල්පය තුල ඇත්තේ ඒක දේව වාදි බහු ස්වරූප සංකල්පයකි.එහෙත් එය බුදු දසමේ එන අනාත්මවාදී අදහස්වලට වඩා ආත්මවාදී දෘෂ්ටියක් ගනී.හින්දු දේව විශ්වාසයන්ට අනුව දෙවියන් වහන්සේ සෑම තැනකම වැඩසිටියි.විශේෂයෙන් දේව ප්‍රතිමා හා පිළිම තුල දෙවියන් වැඩසිටින බව හින්දූන් විශ්වාස කරති.දෙවියන් ගේ වාසස්ථානය කෝවිලයි.දෙමළ භාෂාවේ கொ යනු දෙවියන් හඳුන්වන වචනයකි.இல் යනු නිවස හඳුන්වන වචනයකි.ඒ අනුව கொயில் යනු දෙවියන්ගේ නිවස හෙවත් වාසස්ථානයයි.හින්දු බැතිමතුන් වන්දනාමාන කරන දෙව ස්වරූප කිහිපයක්ම සිටී.මේ අතර ප්‍රධාන දෙවිවරුන් තුන්දෙනෙක් දැක්විය හැක.ඒ බ්‍රහ්ම ව්ෂ්ණු ශිව යන දෙවියන්ය.ලෝකය මැවීම පවත්වාගෙනයාම හා විනාශ කිරීම පිළිවෙලින් මේ දෙවිවරු තිදෙනාට හිමිවේ.කෙසේ වෙතත් හින්දූන්ගේ ප්‍රධාන දෙවියන් ලෙස සැළකෙන්නේ විෂ්ණු දෙවියන්ය.හින්දු දේව සංකල්පයන්ට අනුව ප්‍රධාන වශයෙන් වන්දනා කරන දෙවිවරු කිහිපයක් වෙයි.ප්‍රධාන දෙවියන් ශිව සහ විෂ්ණු දෙවියන් වන අතර ශිවගේ භාර්‍යාව උමා දේවියයි(உமாதேவி).පාර්වතී දේවිය නමින්ද ඇයව හදුන්වයි.ගණ දෙවියන්(விநாயகர்) යනු ශිව හා පාර්වතී දේවියගේ බාල පුත්‍රයාය.වැඩිමහල් පුතු කතරගම දෙවියන්ය(முருகன்).මීට අමතරව හින්දූන් අදහන දෙවිවරු කිහිපයකි.ඒ අතර පත්තිනි දේවියˌසරස්වතී දේවියˌලක්ෂ්මී දේවිය.දුර්ගා දේවියˌසන්ඩේස්වර් දෙවියන්ˌභෛරව දෙවියන්ˌහනුමන්තා දෙවියන් ආදිය ඉන් කිහිප දෙනකි.හින්දු දේවාලයකට ගියවිට ඔවුන් මුලින්ම වන්දනාමාන කරන්නේ ගණ දෙවියන්ටය.දෑත් මිටමොලවා නළලේ තුන්වතාවක් තට්ටුකර දකුණු අතින් වම් කනද වම් අතින් දකුණු කනද අල්ලාගෙන පහත්වී වන්දනාමාන කිරීම මගින් ගණදෙවියන් නමස්කාර කරති.ඹිට අමතරව හින්දු වෙිවරුන් නමාස්කාර කරන විවිධ ක්‍රම පවතී.හිස පමණක් නමා නමස්කාර කිරීමˌදකුණු අත පමණක් ඔළුවේ තබා නමස්කාර කිරීමˌහිසට ඉහළින් දෑත් තබා නමස්කාර කිරීමˌහිස දෑත දෙදණ බිම තබා නමස්කාර කිරීමˌබිම දිගාවී සිදුකරන නමස්කාරය වශයෙන් වන්දනා විධි කිහිපයක් පවතී.හින්දු දෙවියන්ට ඒ ඒ දෙවියන්ට ආවේනික විෂයක් හා වාහනයක් පවතී.වාහනය ලෙස සතකු නම්කර ඇතිබව පැහැදිළිය.උදාහරණ ලෙස ශිව දෙවියන්ගේ වාහනය ගවයායˌපාර්වතී දේවියගේ වාහනය සිංහයායˌකතරගම දෙවියන්ගේ වාහනය මොණරායˌගණ දෙවියන්ගේ වාහනය මීයායˌවිෂ්ණු දෙවියන්ගේ වාහනය ගුරුළායˌහින්දු දේව සංකල්පය හා වෛදික ජොතිෂ්‍ය සමීප සබදතාවක් පවත්වයි.ඒඒ ග්‍රහයාගෙන් ජන්මියාට සිදුවන අපල සදහා වන්දනා කලයුතු හින්දු දෙවිවරුන් ජෝතිෂ්‍ය ග්‍රන්තවල දක්වයි.

පද්මාවතී නම් ජෛන දේවතාවිය.[2][3]

ජෛන ධර්මය බුදු දහමට සමාන ඉගැන්වීම් ඉදිරිපත් කරන දර්ශනයකි.[තහවුරු කර නොමැත] එහෙත් එය දැඩි ලෙස කර්ම සංකල්පය අවධාරණය කරයි. සත්වයා ලබන සියළු දුක සැප තීරණය වන්නේ පූර්ව කර්මයෙන් බවයි. සිතට වඩා කය බලවත් බව ජෛන දහම පවසයි.ඒ අනුව කර්මානුරූපව පහලවන දේව නිකායික සත්වයන් පිළිබද ජෛන දහම තොරතුරු හෙළිකරයි.

ග්‍රීක

[සංස්කරණය]
සියුස්, පුරාතන ග්‍රීක ආගමෙහි එන දෙවියන්ගේ රජු, ලැම්සකස්වලින් හමුවූ රන් ස්ටේටර් කාසියකි. (ක්‍රි.පූ. 360–340 ආ.)
ග්‍රීකයන්ගේ මුහුදට අධිපති දෙවියා වන පොසයිඩන් නිරූපිත කොරින්තියානු කළු-රූ ඵලකයක්, (ක්‍රි.පූ. 550-525 ආ.)
ග්‍රීකයන්ගේ ප්‍රේමයට අධිපති දෙවඟන වන ඇෆ්‍රොඩයිට් නිරූපිත ඇටික සුදු-බිම් ‍රතු-රූ කයිලික්ස් බඳුනක් (ක්‍රි.පූ. 46-470 ආ.)
ග්‍රීකයන්ගේ ප්‍රඥාවේ දෙවඟන වන ඇතීනාගේ උඩුකය මූර්තියක්, ඇතැන්ස්හි ක්‍රෙසිලස්ගේ ප්‍රකට මූර්තියක අනුපිටපතකි (ක්‍රි.පූ. ආ. 425)

අතීත ග්‍රීක ශිෂ්ටාචාරය තුල දෙවියන් හා දෙවඟනන් පිදීම සිදුවූබවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇත.එසේම ග්‍රීක දේවකතා හා බැඳුන ජනප්‍රවාද රැසක් පවතී.ග්‍රීසිය තුල පැවතියේ බහුදේවවාදී අැදහීම්වන අතර විවිධ ස්වභාව දර්මයේ ප්‍රපංචයන්ට අදාලව ගොඩනැගුන දේව විශ්වාස පැවතිණ.මේ අතර දෙවිවරුන් දොළොස් දෙනකු පිළිබද ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසය හා සම්බන්ධවේ.මේ දෙවිවරු දොළොස්දෙනා මෙසේය. ඇෆ්‍රොඩයිට්,ඇපලෝ(Apollo), ඒරිස්,ආටෙමිස්(Artemis), ඇතීනා, ඩෙමිටියර්(Demeter),හෙපස්ටස්( Hephaestus),හේරා(Hera),හර්මස්(Hermes),හෙස්ටියා(Hestia),පොසෙඩියම්(Poseidon සහ සෙවුස්(Zeus). වෙනත් වැදගත් දෙවිවරුන් අතර ඩයොනිසස්(Dionysus),හේඩ්ස්(Hades) සහ හෙරැකල්(Heracles) දැක්විය හැක.මීට අමතරව ග්‍රීසියේ අදහන ප්‍රාදේශීය දෙවිවරු අතර පෑන්(pan)ˌනිම්ප්(Nymph)ˌනැයිඩ්(Naiad)ˌඩ්‍රැෙයඩ්(Dryad)ˌනෙරෙයිඩ්(Nereid)ˌසැටර්(Satyr)ˌඉරිනිස්(Erinyes) යන දෙවිවරු දැක්වේ.

සියුස් හෙවත් ජුපිටර් දෙවියා

ග්‍රීක දේව මඩුල්ලේ ප්‍රධාන දෙවියා සේවුස්(ZeusˌΖεύς) හෙවත් ජුපිටර් නමින් හදුන්වයි.ඔහු ග්‍රීක දේව විශ්වාසයන්ට අනුව දෙවියන්ගේ රජුය.මෙම දෙවියන් අහස(sky),විදුලි කෙටීම (lightning),ගෙරවීම(thunder),නීතිය හා සාදාරණත්වයට (law, order and justice) අධිපති දෙවියාය.ක්‍රොනස් හා රීහා ඔහුදේ දෙමාපියන්ය.හේරා(Hera) පොසෙයිඩියන්(Poseidon) හේයිඩ්(Hades) හෙස්ටිය(Hestia) ඩෙමිටියර්(Demeter) කැරන්චි(Chiron) නමින් සහෝදර සහෝදරියන් හයදෙනෙක් විය හේරා ඔහුගේ භාර්‍යාවයි.ක්‍රෝනස්(Cronus) හෙවත් සැටර්න් කෘෂිකර්මයට අධිපති දෙවියාය.සැටර්න් ගේ පියා යුරේනස්ය මව ගාලාය.සැටර්න ගේ භාර්‍යාව රීහාය.රීහාගේ මව හා පියා වන්නේද යුරෙනස් හා ගාලාය.එනම් ජුපිටර් හා රීහා සහෝදරයන්ය.ජුපිටර් හෙවත් සෙවුස් ගේ භාර්‍යාව හේරාද ජුපිටර් ගේ සොහොයුරියයි.මේ අනුව ව්‍යාභිචාරය හෙවත් ලේ ඥාති විවාහය ග්‍රීත දේවකතාවල පැහැදිලිව දක්නට ලැබේ.

ප්‍රොමිතියස් විසින් මිනිසා මවන අයුරු නිරූපිත 4වන සියවසට අයත් රෝම සාකොෆේගසයක්, මෙහි ප්‍රධාන රෝම දේවතාවන් වන ජුපිටර්, නෙප්චූන්, මර්කරි, ජූනෝ, ඇපලෝ, වුල්කාන් බලාසිටිනු දැක්වේ.

රෝමවරුන් අදහන දෙවියන්ද බොහෝවිට ග්‍රීක දෙවිවරුන්මය.එහෙත් ග්‍රීකයන් නොඅදහන රෝමයට පමණක් අවේණික දෙවිවරුද සිටී.රෝම දෙවිවරුන් පිළිබද තොරතුරු ජනප්‍රවාද මිත්‍යා කතා සහ ඇතැම් කලා නිර්මාන තුලින් විද්‍යමානවේ. රෝමයේ අදහන ග්‍රීක දෙවිවරුන් අතර විනස් දෙවඟන(Venus),ඇපලෝ දෙවියන් (Apollo),මා(ර්)ස් දෙවියන් (Mars), ඩයනා(Diana), මිනෙර්වා(Minerva), සෙරස්(Ceres), වල්කන්(Vulcan),ජුනෝ(Juno),මක්‍යුරි (Mercury),වෙස්ටා( Vesta),පේචූන්(Neptune),ජුපිටර්(Jupiter)ප්ලූටෝ(Pluto) සහ හර්ක්‍යුලිස්(Hercules) දෙවිවරුන් ප්‍රධානය.ග්‍රීක නොවන රෝමයේ අදහන දෙවිවරුන් ලෙස ජානුස්(Janus), ෆොර්චුනා(Fortuna), ක්විර්නස්(Quirinus) සහ ටෙලස්(Tellus) යන දෙවිවරුන් දැක්විය හැක.ඇතැම් රෝම දෙවිවරුන්ගේ ප්‍රභවය අතීත යුරෝපියානු සංස්කෘති හා ඊජිත්තු ශිෂ්ටාචාර වෙත දිවයයි.ග්‍රීක හා රෝම දේව විශ්වාසයන් අතර බොහෝ සමානකමක් දක්වයි.අගමික උස්සවවල පවා සමාන ලක්ෂණ ඇත.

අප්‍රිකානු

[සංස්කරණය]
නයිජීරියාවෙන් හමුවූ යොරුබා දේව ප්‍රතිමාවක්.

අප්‍රිකානු සමාජය තුලද දේව විශ්වාස බහුලව පවතී.එයට දිගු ඉතිහාසයක්ද පවතී.උදාහරණලෙස නයිජීරියාව හා බටහිර අප්‍රිකානු රටවල ප්‍රධාන දෙවිවරු දෙදෙනෙකු අදහනු දක්නට ලබේ.යුරුබා ආගමිකයන් අදහන ඔගුන් හා ඔසුන් නමින් හඳුන්වන දෙවිවරු දෙදෙනෙක් ඇත.ඔගුන් දෙවියා පුරුෂ දෙවියෙකි.එසේම ඔහු මිනිසාට ආරක්ෂාව සපයයි.අයුධ හා ලෝහ කර්මාන්තය,දඩයම,රණශූරත්වය,යුක්තිය හා සාධාරණත්වයට අධිපති දෙවියාය.ඔසුන් යනු දේවතාවියකි.ඇය දරුඵල,ජලය සෞඛ්‍ය,සමාජශීලීත්වය,ආදරය හා සාමයට අධිපති දේවතාවියයි.මෙම දේව අදහිල්ල උතුරු හා දකුණු ඇමරිකාව තුලද පවතී.එයට හේතුව යටත් විජිත පාලකයන් විසින් අප්‍රිකානුවන් වහල් සේවය සඳහා ඇමරිකාවට රැගෙන යාමය.

ඉන්කා

[සංස්කරණය]

ජර්මන්

[සංස්කරණය]

සුමේරියන්

[සංස්කරණය]

ඊජිප්තු

[සංස්කරණය]

පුරාතන ඊජිප්තියානු ආගම යනු, බහුදේවවාදමය ඇදහිලි සහ පූජාවිධි සමූහයකින් සමන්විතවූ සංකීර්ණ පද්ධතියක් වූ අතර පුරාතන ඊජිප්තුමය සමාජයෙහි සංඝටනීය කොටසක් විය. ස්වභාවධර්මය තුල වැඩසිටි සහ ස්වභාවධර්ම බලවේගයන් පාලනය කල බවට ඔවුන් විශ්වාස කල බොහෝ දෙවිවරුන් හා සමගින් පැවැති ඊජිප්තියානුවන්ගේ අන්තර්-සම්බන්ධතාවය මත එය කේන්ද්‍රගත වී තිබුණි. යාච්ඤාකිරීම සහ පූජාවන් පැවැත්වීම වැනි පූජාවිධි තුලින් දෙවිවරුන් සෑහිමකට පත් කිරීම සහ ඔවුන්ගේ අනුග්‍රහය ලබා ගැනුම අපේක්ෂා කෙරිණි. ඔහුගේ නිලබලය තුලින් දිව්‍යමය බලාධිකාරියක් භුක්තිවිඳින බවට විශ්වාස කෙරුණු ඊජිප්තුවෙහි රජු වූ පාරාවෝවරයා කේන්ද්‍රගතව උපචාරමය ආගමික භාවිතයන් පැවතිණි. විශ්වයෙහි ක්‍රමතාවය පවත්වාගෙන යෑමට එතුමන්ට හැකි වන පරිදී, පූජාවිධි සහ පූජාවන් ඔස්සේ දෙවිවරුන්ට පහසුකම් සැපයීමට පාරාවෝවරු බැඳී සිටි අතර, ඔහුගේ ජනතාව සහ දෙවිවරුන් අතර අතරමැදියා ලෙසින් පාරාවෝවරයා ක්‍රියා කලේය. ඊජිප්තියානු පූජාවිධි සඳහා සහ දේවාල ගොඩනැගීම සඳහා, රාජ්‍යය විසින් අතිමහත් සම්පත් සම්භාරයක් වෙන් කරන ලදි.

යාච්ඤාව ඔස්සේ උදවු ඉල්ලීමෙන් හෝ මායාබලයෙන් ක්‍රියාකිරීමට අයැදීමෙන් හෝ තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් දෙවිවරුන් හා අන්තර්-සම්බන්ධතා පැවැත්වීමට එක් එක් පුද්ගලයින්ට හැකියාව පැවතිණි. මෙම ක්‍රියාමාර්ගයන් එකිනෙකට වෙනස් විභින්න ආකාරයක් ගත් නමුදු, උපචාරමය පූජාවිධි සහ ආයතන හා සමග දැඩි ලෙසින් බැඳී පැවතිණි. ඊජිප්තියානු ඉතිහාසය තුලදී ජනප්‍රිය ආගමික සම්ප්‍රදායයන් වඩාත් ප්‍රමුඛත්වයක් ලැබුවේ පාරාවෝවරයාගේ සමාජ තත්ත්වය හා පිලිගැනුම අවරෝධනයට පත්වීම හා සමගිනි. අනෙක් වැදගත් අංගයන් වූයේ මරණින් මතු ජීවිතය පිළිබඳ විශ්වාසය සහ අවමංගල්‍යමය චාරිත්‍ර වූහ.

වසර 3,000 කට වඩා කාලයක් පැවති ඊජිප්තුවෙහි ප්‍රාග්ඉතිහාසය තුල පවා ආගමෙහි මූලයන් ගැබ්වී තිබුණි. කිසියම් විශේෂිත දෙවිවරුන්ගේ වැදගත් කම උච්චාවචනය වීම සහ ඔවුනතර පැවැති දුර්වාබෝධ සම්බන්ධතා විතැන්වීම අනුව ආගමික විශ්වාසයන්හී විස්තර කාලය අනුව වෙනස් විය. විවිධ කාලපරිච්ඡේදයන්හීදී, හිරු දෙවි රා, මැවුම්කාර දෙවි අමුන්, මවු දෙවඟන අයිසිස් වැනි සමහරක් දෙවිවරුන් අනෙකුන්ට වඩා ප්‍රකට හෝ විශිෂ්ට හෝ වූහ. දේවධර්මවේදයෙහි කෙටි කාලසීමාවක් තුලදී අක්නාටන් පාරාවෝවරයා විසින් ප්‍රඥාපනය කෙරුණු පරිදී, ඇටන් නම්වූ එක් තනි දෙවිවරයෙක් විසින් සාම්ප්‍රදායික දේවමණ්ඩලය ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. පුරාතන ඊජිප්තියානු ආගම සහ මිථ්‍යාකථා සහ සබැඳි බොහෝ ලියැවිලි සහ සිහිවටන පවතින අතර, පුරාතන සහ නූතන සංස්කෘතීන් කෙරෙහි සැලකිය යුතු බලපෑම් සිදුකිරීමට එය සමත්වී ඇත. ඔවුන්ගේ ආත්මයන් මරණින් මතු නොනැසී පවත්වාගැනීමට ඊජිප්තියානුවෝ ඉමහත් පරිශ්‍රමයක් දැරූ අතර, එය සඳහා සොහොන්ගෙවල් තැනීම, සොහොන් භාණ්ඩ තැන්පත් කිරීම, දේහයන් සහ මළවුන්ගේ ආත්මයන් සංරක්ෂණය කර ගැනුමට පිදීම් සිදුකිරීම ආදිය කෙරිණි.


●වැැඩි දුර තොරතුරු සඳහා පුරාතන ඊජිප්තියානු ආගම බලන්න.

පොලිනීසියන්

[සංස්කරණය]

ඒකදේවවාදය

[සංස්කරණය]

ඒක දේවවාදයේ පුළුල් අර්ථ දැක්වීම මගින් බෙබිස්වාදය, බහායි ඇදහිල්ල, බාලි හින්දු , කාවෝ ඩයි (කොඩයිවාදය), චියොන්ඩොයිස් (චියොන්ඩෝගියෝ), ක්‍රිස්තියානි ධර්මය, , හින්දු නිකායන් වන ෂයිවිස්වාදය සහ වෛශ්නවාදය, ඉස්ලාම්, යුදෙව් ආගම, මැන්ඩේවාදය, රස්තෆාරි, සීචෝ නො අයි, සික් ආගම, ටෙන්ග්‍රිස්ම් (ටැන්ග්‍රිස්ම්), ටෙන්රිකියෝ (ටෙන්රික්වාදය), යසිඩිස්වාදය සහ සොරොස්ට්‍රියානුවාදය සහ පූර්ව ඒක දේවවාදී චින්තනයේ අංග මුල් ආගම් වන අටෙන්වාදය, පුරාණ චීන ආගම තුළ දක්නට ලැබේ.

ක්‍රිස්තියානි ධර්මය

[සංස්කරණය]

ක්‍රිස්තියානි ධර්මය යනු ඒක දේවවාදී ආගමකි. බොහෝ ප්‍රධාන ධාරාවේ සභා සහ නිකායන් ශුද්ධ ත්‍රිත්වයේ සංකල්පය පිළිගනී. . [158]: 233–34 ත්‍රිත්වයේ පුද්ගලයන් හෝමූසියෝස් (οούσιοςμοούσιος; “එකම ද්‍රව්‍යයේ”) ලෙස විස්තර කළ පළමු පුද්ගලයා ඔරිගන් ය. බොහෝ මුල් ක්‍රිස්තියානි දේවධර්මවාදීන් (ඔරිගන් ද ඇතුළුව), පියාණන් පුත්‍රයාණන් ශුද්ධාත්මයාණන්ට සමාන බවත් එකම භවත්වය වසන බව විශ්වාස කරයි. ත්‍රිත්වයේ පුද්ගලයන් තිදෙනාම එක හා සමාන බව ප්‍රකාශ කළ සිව්වන සියවසේ නයිසියා හි පළමු කවුන්සිලය. කිතුනුවන් විශ්වය දෙවියන්ගේ සත්‍යතාවයේ අංගයක් ලෙස සලකති [158]: 273 සහ ශුද්ධාත්මයාණන් දිව්‍යමය සාරය ලෙස සලකනු ලබන්නේ “පියාගේ සහ පුත්‍රයාගේ එකමුතුකම හා සම්බන්ධතාවය” ලෙසයි. [158]: 273 ජෝර්ජ් හුන්සින්ගර්ට අනුව, ත්‍රිත්ව මූලධර්මය පල්ලියක නමස්කාරය යුක්ති සහගත කරයි, එහි යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නිරූපකය ලෙස ක්‍රිස්තියානි කුරුසය සමඟ පූර්ණ දෙවියෙකු ලෙස සලකනු ලැබේ. [158]: 296

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දේවධර්මීය පරීක්ෂණය, දිව්‍යමය වරප්‍රසාදය, ඔහුගේ සම්පූර්ණත්වය ඉතිහාසික මාතෘකාවක් වී තිබේ. නිදසුනක් වශයෙන්, ක්‍රි.ව. 451 දී චාල්සඩන් කවුන්සිලය ප්‍රකාශ කළේ, “එක් පුද්ගලයෙකු වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ, දේවත්වයේ පූර්ණත්වය සහ මනුෂ්‍යත්වයේ පූර්ණත්වය එකමුතු වී ඇති අතර, ස්වභාවයන් එකමුතු වීම නිසා ඒවා බෙදීමට හෝ ව්‍යාකූල වීමට නොහැකිය.” අළුත් ගිවිසුමට අනුව, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබෑ දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් වලදී සහ ඔහුගේ පුද්ගලයා තුළ ස්වයං අනාවරණය කිරීමකි. ක්රිස්තියානි ඇදහිල්ල තුළ ක්රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ අවතාරයක් ලෙස සැලකේ.

ඉස්ලාම්

[සංස්කරණය]

ඉලාහ්, “ඉලාහ් (අරාබි: إله; බහු: آلهة ha ලිහා) යනු අරාබි වචනයක් වන අතර එය“ දෙවියන් ”යන්නයි. එය ඉස්ලාමයේ ඒක දේවවාදී දෙවියන්ගේ නාමයෙන් අල්ලාහ් (අල්-ලා) ලෙස පෙනේ. එහි තේරුම අරාබි බසින් “දෙවියන්” යන්නයි. ඉස්ලාමය දැඩි ලෙස ඒක දේවවාදී වන අතර ෂහාදා නොහොත් මුස්ලිම් ඇදහිල්ලේ පාපොච්චාරණය නම්, “ඉලාහ් (දේවතාවිය) නොව අල්-ලා (දෙවියන්) නැත,” පරිපූර්ණ ලෙස එක්සත් වූ සහ සම්පූර්ණයෙන්ම වෙන් කළ නොහැකි ය. .

අල්ලාහ් යන පදය මුස්ලිම්වරුන් දෙවියන් සඳහා භාවිතා කරයි. පර්සියානු වචනය (පර්සියානු: خدا) දෙවියන්, ස්වාමියා හෝ රජ ලෙස පරිවර්තනය කළ හැකි අතර පර්සියානු සහ උර්දු කථිකයන් විසින් ඉස්ලාමයේ දෙවියන් වහන්සේ හැඳින්වීමටද අද භාවිතා වේ. දෙවියන් සඳහා තුර්කි වචනය ටෙන්ග්‍රි; එය තුර්කි බසින් ටැන්රේ ලෙස පවතී.

යුදෙව්

[සංස්කරණය]

යුදෙව් ආගම සනාථ කරන්නේ එක් දෙවි කෙනෙකුගේ (ස්වාමීන්වහන්සේගේ ⁣යාවේ දෙවිගේ) වියුක්ත නොවන නමුත් යුදෙව් ඉතිහාසය පුරාම තමාවම එළිදරව්ව හා පිටුවහල් කිරීම අතරතුරදී හෙළි කළ තැනැත්තායි. හයවන සියවසේදී “දෙවන යෙසායා” සමඟ නිසැකවම, එතැන් පටන් එහි දේවධර්මයේ අක්ෂීය පදනම විය.

යුදෙව් ආගමේ සම්භාව්‍ය ඉදිරිපත් කිරීම දෙවිවරුන් හා ඒ හා සම්බන්ධ රූප වන්දනාව ප්‍රතික්ෂේප කළ ඒක දේවවාදී ඇදහිල්ලකි. කෙසේ වෙතත්, නූතනයේ ඇඟවෙන්නේ පිළිම නමස්කාරය බයිබලානුකුල ඇදහිල්ලෙහි නොතිබූ බවත් එය යුදෙව් ආගමික ජීවිතයේ කිහිප වතාවක්ම යළිත් මතුවූ බවත්ය. රබ්බිවරුන්ගේ ග්‍රන්ථ සහ අනෙකුත් ද්විතීයික යුදෙව් සාහිත්‍යය මධ්‍යකාලීන යුගය තුළ ද්‍රව්‍යමය වස්තූන් හා ස්වාභාවික සංසිද්ධීන් වන්දනාමාන කිරීමට යෝජනා කරන අතර යුදෙව් ආගමේ මූලික ඉගැන්වීම් ඒක දේවවාදය පවත්වා ගෙන ගියේය.

ආර්යෙ කප්ලාන්ට අනුව, දෙවියන් වහන්සේ සැමවිටම යුදෙව් ආගමේ “ඔහු” ලෙස හඳුන්වනු ලබන්නේ “ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය යන සංකල්පය දෙවියන් වහන්සේට අදාළ වන බව ඇඟවීමට නොවේ”, නමුත් “හෙබ්‍රෙව් දෙවියන් යනු පුරුෂ නාම පදයක් වන අතර ඔහු “උදාසීන නිර්මාණාත්මක බලවේගයකට වඩා ක්‍රියාකාරී ලෙස පෙන්වීමට ය.

සික් යනු ඒක දේවවාදී සහ හෙළි කළ ආගමකි. සීකිහි දෙවියන් වහන්සේ රාම්, අල්ලාහ් සහ වහීගුරා වැනි බොහෝ නම් වලින් හැඳින්වුවද එකම දෙවියෙකු ලෙස හඳුන්වන අතර හැඩයෙන් තොර, කාලානුරූපී සහ නොපෙනෙන අයෙකි: නිරාකාර්, අකාල් සහ අලක්. සියලු මැවිල්ලෙහි දෙවියන් සිටී (සරව් වීපක්). දෙවියන් වහන්සේ "අභ්‍යන්තර ඇසෙන්" හෝ "හදවතෙන්" දැකිය යුතුය. දෙවියන් සහ මනුෂ්‍යයන් අතර සන්නිවේදනයේ පැවැත්මට එහි දැඩි යෙදුම ඉඩ දී ඇති හෙයින්, සිකි බැතිමතුන් භාවනා කළ යුතුය.

සික් දහම යනු 16 වන සහ 17 වන සියවස් වලදී උතුරු ඉන්දියාවේ පැනනැඟුණු ඒක දේවවාදී ඇදහිල්ලකි . සීක්වරු එක්, කාලානුරූපී, සර්වබලධාරී, උත්තරීතර මැවුම්කරුවෙකු විශ්වාස කරති. මුල් මන්ත්‍රය ලෙස හැඳින්වෙන ගුරු ග්‍රාන්ත් සාහිබ්හි ආරම්භක පදය මෙය සංකේතවත් කරයි:

පන්ජාබි: ੴ ਸਤਿ ਨਾਮੁ ਪੁਰਖੁ ਨਿਰਭਉ ਨਿਰਵੈਰੁ

පරිවර්තනය

එක් විශ්ව මැවුම්කරුවෙකු වන දෙවියන්, උත්තරීතර වෙනස් කළ නොහැකි සත්‍යය, විශ්වයේ මැවුම්කරු, භීතියෙන් ඔබ්බට, වෛරයෙන් ඔබ්බට, මරණයෙන් ඔබ්බට, උපතින් ඔබ්බට, ස්වයං පැවැත්මෙන්,

"ੴ" ("Ik āaṅkār") යන වචනයට සංරචක දෙකක් ඇත. පළමුවැන්න ੧, ගුර්මුකි හි "1" ඉලක්කම් නිර්මාතෘගේ ඒකීයභාවය සංකේතවත් කරයි. වචනයේ තේරුම: “එක් විශ්ව මැවුම්කරුවෙකු වන දෙවියන්” යන්නයි.

ගුරු ග්‍රාන්ත් සාහිබ්ගේ පිටු 1430 සියල්ලම මුල් මන්ත්‍රයේ පුළුල් කිරීම් බව බොහෝ විට කියැවේ. සීක්වරුන්ට දෙවියන් සඳහා බොහෝ නම් ඇතත්, සමහර ඒවා ඉස්ලාමයෙන් හා හින්දු ආගමෙන් උපුටා ගත් ඒවා වුවද, ඔවුන් සියල්ලෝම එකම උත්තරීතර දෙවිට යොමු දක්වයි.

සික් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වන්නේ මුළු අවකාශය පුරා පැතිරී විශ්වයේ සියලු ජීවීන්ගේ මැවුම්කරු වන එකම දෙවියන් වහන්සේය.

මනෝවිද්‍යාව

[සංස්කරණය]

මනෝ විද්‍යාඥයන්ට අනුව දේව සංකල්පය ඇතිවීම කෙරෙහි මිනිසා තුල පවතින විවිධ මනෝ විද්‍යාත්මක සාධක බලපානු ලබයි. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ප්‍රමුඛ මනෝ විශ්ලේෂණවාදීන්ගේ අදහසක් වන්නේ ලිංගරූප අවධියේ පසුවන දරුවාතුල ඇතිවන දෙමාපියන් කෙරේ ඇතිවන බියමුසු ගෞරවය දේවියන් වෙත විතැන්වන බවයි. මෙහිදී විශේෂයෙන් ගැහැණු දරුවාතුල තම පියාකෙරේ ඇතිවන බියමුසු ආදරය පසුව දෙවියන් වෙත විතැන්වෙයි. එබැවින් වැඩි වශයෙන්ම දේව භක්තියක් ඇති අයවන්නේ ස්ත්‍රී පාර්ෂවයයි. තවද මිනිසා තමාට යම් අසරණභාවයක් ඇතිවූවිට අන් සරණක් නොවූ තැන මෙවන් අධීභෞතික විශ්වාසයන් වල පිහිට පැතීමට යොමුවේ.

මානව විද්‍යාව

[සංස්කරණය]

නූතන මානව විද්‍යාෙව් පියා ලෙස සැලකෙන ටයිලර් තම ප්‍රාථමික සංස්කෘතිය ග්‍රන්තයේදී ආගමික පරිණාමය පිළිබව විස්තර කරයි.මෙහිදී දෙවියන් පිළිබද සංකල්පයට වැදගත් තැනක් හිමිවේ.ඔහු විසින් ආගමේ පරිණාමීය අවධි තුනක් පෙන්වාදෙයි.

  • ප්‍රාණවාදය හෙවත් සර්වාත්මවාදය
  • බහුදේව වාදය
  • ඒකදේව වාදය

මේ අනුව මුල් යුගයේ ප්‍රාථමික ජනයා සජීවී හෝ අජීවී ඔනෑම වස්තුවකට දේවත්වය ආරෝපණය කළේය.මෙම අවධියේ දී ප්‍රාථමික ජනයා විසින් දේවත්වය ආරෝපණය කළ ප්‍රපංචයන් හට භෞතිකමය ස්වරූපය හැරුණු විට අභෞතිකව පවතින ආත්මයක් සතුබව විශ්වාස කළහ.එම නිසා මෙම භෞතික ප්‍රපංචයන්හී භෞතික ස්වරූපය විනාශවී ගියද අභෞතික ආත්මය තමා අසළ බලවත් ශක්තියක්වී සැරිසරන බව විශ්වාස කළහ.මෙම ශක්තීන්ට මිනිසා හා ඔහුගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට හැකිබව වශ්වාස කළහ.

දෙවන අවධිය වනවිට මිනිසා පෙර පරිධි භෞතික වස්තූන් වලට දේවත්වය අරෝපණය කිරීම වෙනුවට දෙවියන් කිහිප දෙනකු හදුනාගෙන ඔවුන්ට වන්දනාමාන කිරීමට පෙළඹේ.මෙම අවධියේ දී මිනිසාගේ සමාජ ක්‍රියාකාරකම් අනුව ඒඒ විෂයන්ට අදාලව අදහනු ලබන දෙවියන් දක්නට ලැබේ.උදාහරණ ලෙස යුද්ධයට අධිපති දෙවියන් නුවණට අධිපති දෙවියන් මුහුදට අධිපති දෙවියන් වනයට අධිපති දෙවියන් ගොවිතැනට අධිපති දෙවියන් ආදී වශයෙනි.

පසුව මිනිසා ක්‍රමයෙන් බහුදේවාදයෙන් මිදී ඒකදේව වාදයට පිවිසේ එහිදී එක් සර්වබලධාරී දෙවියකුට මිනිසාගේ සියළු කටයුතු පවරයි.මේ ආකාරයට ඊ බී ටයිලර් විසින් මිනිසාගේ දෙව වන්දනය හා ආගමේ පරිණාමය පහදා දෙයි.මීට අමතරව තවත් සමාජ මානව විද්‍යාඥයන් දේව සංකල්පය පිළිබදව අදහස් දක්වා ඇත.

ඇතැම් මානව විද්‍යාඥයන් දෙවියන් ගේ බිහිවීම අර්තකතනය කිරීම සදහා පරාරෝපණ සංකල්පය භාවිත කරයි.පරාරෝපණය යනු තමා සතුව පැවති යමක් පසුව තමාගෙන් ඈත්වී තමාට එරෙහිව ශක්තියක් වී තවදුරටත් වර්ධනය වෙමින් තමාප පීඩනයට පත් කිරීමයි.එසේම මිනිසා යනු දෙවියන්ගේ නිර්මාණයක් නොව දෙවියන් යනු මිනිසාගේ නිර්මාණයක් බව මානව විද්‍යාඥයන් තර්ක කරයි.මිනිසා විසින් නිර්මාණය කරගත් දෙවියන්ට තමට බලය පවරා දෙවියන්ට යටත්වී මිනිසා ජීවත්වෙයි.

මේවාත් බලක්න

[සංස්කරණය]
  1. ^ O'Brien, Jodi (2009). Encyclopedia of Gender and Society (ඉංග්‍රීසි බසින්). Los Angeles: SAGE. p. 191. ISBN 9781412909167. සම්ප්‍රවේශය June 28, 2017.
  2. ^ Titze, Kurt; Bruhn, Klaus (1998). Jainism: A Pictorial Guide to the Religion of Non-violence (ඉංග්‍රීසි බසින්) (2nd ed.). Delhi: Motilal Banarsidass Publishing. p. 39. ISBN 9788120815346. සම්ප්‍රවේශය June 28, 2017.
  3. ^ Kelting, M. Whitney (2001). Singing to the Jinas: Jain Laywomen, Mandal Singing, and the Negotiations of Jain Devotion (ඉංග්‍රීසි බසින්). Oxford University Press. p. 221. ISBN 9780198032113. සම්ප්‍රවේශය June 28, 2017.
"https://si.wikipedia.org/w/index.php?title=දෙවි_දේවතාවියෝ&oldid=524676" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි