අල්ලාහ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉස්ලාම්

අන්තර්ගතය

Istanbul, Hagia Sophia, Allah.jpg
මුලික විශ්වාසය
අල්ලාහ්

 • තව්හීද්
 • මුහම්මද් නබි
 • දෙවියන්ගේ දුතයා
 • නබිතුමාගේ අවසාන දේශනය


මූල ග්‍රන්තය සහ නිතිය

කුර්ආන්


ගොනුව:Allah-eser2.png
අල්ලාහ්

අල්ලාහ් යනු අරාබි බසින් දෙවියන් අමතන සම්මත ආකාරයයි. බටහිර ජාතින් අතර ප්‍රචලිත ආකාරයට මෙය මුස්ලිම්වරුන් දෙවියන් අමතන ආකාරය වේ. එසේ නමුත් මෙය ‍අරාබි බස කථා කරන සියලු අන්‍යාගමික ලබ්ධිකයින් විසින් එනම් ක්‍රිස්තියානි සහ යුදෙව්වන් විසින් ද දෙවියන් ආමන්ත්‍රණය කිරිමට යොදනු ලැබේ. මෙම පදය මක්කම වාසින් විසින් මැවුම්කාර දෙවියා‍ උදෙසා යොදන ලදි. ඒ අනුව එයින් අදහස් වනුයේ පුර්ව ඉස්ලාමික අරාබියේ පාරිශුද්ධ බලවේගය උදෙසා මෙය යොදන්නට ඇති බවයි.


අල්ලාහ් හා බැඳුණු සංකල්ප සම්ප්‍රදායන් අතර වෙනස් වේ. පුර්ව ඉස්ලාමික අරාබිය තුළ අල්ලාහ් යනු පැවති එකම දේව බලවේගය නොවන්නට ඇත. ඉස්ලාම් දහමට අනුව අල්ලාහ් යනු ශ්‍රේෂ්ඨ හා අති ශුද්ධ වු දේව නාමය වේ. දෙවියන් හා බැඳුණු අන් සියළු නාමයන් ද 'අල්ලාහ්' වෙනුවෙන් යෙදේ. අල්ලාහ් යනු අසමසම හා එකම දෙවියන් වන අතර, විශ්වාසයේ මැවුම්කාරයා ද වන්නේය. හෙතෙම සර්ව බලධාරි වන්නේය. අරාබි කිතුණුවන් වර්තමානයේ දෙවියන් හා පියාණන් වහන්සේ වෙත මෙම පදයෙන් ආමන්ත්‍රණය කරනු ලැබේ. කුරානයේ සඳහන් දෙවියන් හා බයිබලයේ සඳහන් දෙවියන් අතර වෙනස්කම් හා සමානකම් ඇත.


ආරාබි අක්ෂරවල වෙනම සංකේතයක් අල්ලාහ් වෙනුවෙන් වෙන් කර ඇත. විවිධ අරාබි අක්ෂර වර්ග අල්ලාහ් වෙනුවෙන් විශේෂ බැඳි අක්ෂර ලෙස වෙන් කර ඇත.

අල්ලාහ් - වදනේ උත්තපත්තිය[සංස්කරණය කරන්න]

අල්ලාහ් යන වදන ‘අල් ’ සහ ‘ඉයාහ් ’ නම් අරාබ් වදන් දෙක එක් වී සෑදුණකැයි සැලකේ. එහි අර්ථය වනුයේ ‘දෙවියන් ’ යන්නයි. එමෙන්ම එය හීබා, ඇරමෙයින් වැනි යුදෙව් භාෂාවන්ගෙන් උපත ලැබුවක් යැයිද මතයක් පවතී. ඇරමෙයික් බසින් එන ‘අලාභ’ නම් වදන පසුව අල්ලාහ් යන්නට පරිවර්තනය වී යැයි සැලකේ.


අල්ලාහ් - ඉස්ලාම් වරුන්ට පෙර වදනේ භාවිතය[සංස්කරණය කරන්න]

ඉස්ලාම් වරුන්ට පෙරද අල්ලාහ් යන වදන භාවිතයට ගැනුණු අතර මක්කම තුළදී සර්වබලධාරී දෙවියන් සඳහා භාවිතා වුයේ එම වදනයි. මක්කම වාසින් අල්ලාහ් දෙවියන්ට අමතරව එතුමන්ගේ පුතුන් සහ දියණියන්ද පිදුමට ලක් කළහ. අල් යුස්සා , මනාට් සහ අල්ලාට් එම දියණිවරුන් වුහ. එමෙන්ම ඔවුන් අල්ලාහ් යනු එකම දෙවියන් ලෙස නොසලකනු ලැබු අතර වෙනත් දෙව්වරුන් රැසක් ඔවුන් විසින් අදහනු ලැබීය.

අල්ලාහ් - මුද්‍රණාක්ෂර විද්‍යාව සහ අබිජාද් සංඛ්‍යාංක[සංස්කරණය කරන්න]

යුනිකොඩ්හි "Allah" යන වචනය සඳහා විශේෂ ස්ථානයක් වෙන්කර ඇත. ﷲ = U+FDF2 . නිල යුනිකොඩ් පිරිවිතර අනුව මෙම අක්ෂරය alif-lām-lām-heh (الله U+0627 U+0644 U+0644 U+0647) යන්නට වියෝජනය කළ හැකිය. බොහෝ විට [A]llāh යන්නෙහි පළමු අක්ෂරය, අලිෆ් අත්හැර සැලකීම සඳහා අරාබි මුද්‍රණාක්ෂර වලට විශේෂ බන්ධකයන් ඇත.


ඉරාන නිල සංකේත (☫) සඳහා භාවිතා කර ඇති චාරුලේඛන ප්‍රභේද, යුනිකොඩ්හි ආකේතනය කර ඇත්තේ සංකීර්ණ සංකේත පරාසයෙහිය. ඉරාන නිල සංකේත ඉරාන ජාතික ධජයෙහි දැකගත හැකිය. එම සංකේත වලට අර්ථ කථනයන් කිහිපයකි. ඒ ලෝක ගෝලය නිරූපණය වන ආකාරයට "අල්ලාහ්" යන වචනය ශෛලීගත කිරීම සහ වක් සඳ දෙකක් ආකාරයට දැක්විමත්ය.


අබිජාද් සංඛ්‍යාංක[සංස්කරණය කරන්න]

අබ්ජාද් යනු ආදි කාලීන අරාබියේ භාවිතා කළ සංඛ්‍යාංක ක්‍රමයකි. මෙම සංඛ්‍යාංක ක්‍රමය අනුව අරාබි හෝඩියේ ඇති අක්ෂර 28 න් සෑම අක්ෂරයක්ම යම් කිසි අගයක් නිරූපණය කරයි. සම්ප්‍රදායික අරාබි අබිජාද් සංඛ්‍යාංක ක්‍රමය අනුව අල්ලාහ් (الل) යන වචනයෙහි සංඛ්‍යාත්මක අගය 66 කි.



සටහන්[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=අල්ලාහ්&oldid=340273" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි