දෙවියෝ (බෞද්ධ සංකල්පය)
රුවන්වැලි සෑය තනන විට එම ස්ථානයේ ගසක සිටි දෙවියෙකු එයින් බැහැරට ගැනීමට සිදු විය. එම දේවතාවියගේ නම ස්ථූපයට ලබා දෙන බවට එකඟ වීමෙන් පසුව එම දෙවියා ඉන් බැහැරව වෙනත් ගසකට ගිය බව කියති. මෙවැනි ගස් වල වාසය කරන දෙවියන් වෘක්ෂ දේවතාවෝ නම් වෙති. මෙලෙසම ගල් මතද, ගිරි හෙල් මතද දෙවියෝ වැඩ වසති. මෙසේ ඔවුන් ස්ථාන ගතව සිටින්නේ දිව්‍ය ලෝක වල සිටීමට අමතරවයි.
දෙවිවරු වර්ග
[සංස්කරණය]ලබන සැප සම්පත් අනුව
[සංස්කරණය]අල්පේශාඛ්‍ය දෙවිවරු
[සංස්කරණය]මහේශාඛ්‍ය දෙවිවරු
[සංස්කරණය]බුද්ධ ධර්මය පිලිපැදීම අනුව
[සංස්කරණය]මිත්‍යාදෘෂ්ඨික දෙවිවරු
[සංස්කරණය]මිත්‍යාදෘෂ්ඨික දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම වැරදිද?
මිත්‍යා දුෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කිරීම වැරදිද? කියා බොහෝ දෙනා අපෙන් විමසති. මේ එම ගැටළුව පිළිබඳව ධර්මානුකූලව විමසා බැලීමකි. මිත්‍යාදෘෂ්ඨික වේවා! සම්‍යග් දෘෂ්ඨික වේවා! එය ඒ අයගේ සන්තානගත ප්‍රශ්නයකි. එය තමන්ගේ සන්තානගත ප්‍රශ්නයක් කර නොගන්නට නුවණැත්තො වගබලා ගත යුතුය. දෙවු මිනිසුන් ආදී සසර ගත ඇත්තන්ට කළ්‍යාණ මිත්‍ර ඇසුරක් ලැබුණහොත් එම දෘෂ්ඨි අත්හැර නිවැරදි මඟට පැමිණ සසරිනුත් එතෙර වෙනවා ඇත. මිත්‍යා දෘෂ්ඨික සත්වයෝ සියල්ලෝම සම්‍යග් දෘෂ්ඨික කිරීම සිවු වනක් පිරිස හැර වෙන කවුරුන් කරන්නද? දෙවියන්ට වෛර කිරීමෙන්, දෙවියන් ගැන රණ්ඩු කිරීමෙන්, කරුණාව, මෛත්‍රීය, ආදිය පතුරුවන්නේ නැතුව, මිත්‍යා දෘෂ්ඨිකයි ලෙස ලේබල් ගසා දෙවියන් සහ මිනිසුන් සමඟ ගැටෙමින් තමන්ට ඇති කර ගන්නේ අකුසල කර්ම ගොඩකි.
දිව්‍යලෝක හයක් තිබේ. එම දිව්‍යලෝක වල සිටින දෙවිවරු සියලු දෙනාම ප්‍රතිසන්ධිය ලබන්නේ ද්විහේතුක හෝ ත්‍රිහේතුක ලෙසයි. දිව්‍ය ලෝක වල අඳ, ගොළු, බිහිරි මන්දබුද්ධික අයද පිස්සන් ආදී අහේතුක සුගති අය ද පහළ වන්නේ නැත. අහේතුක දුගති වන තිරිසන් ආදී සතර අපාගත සත්ත්වයෝ ද දිව්‍යලෝකවල නැත.
එයට හේතුව දිව්‍ය ලෝක වල ප්‍රතිසන්ධියක් ලබන්නට අවශ්‍ය වන ප්‍රතිසන්ධි විඤ්ඤාණයේ “හේතු” යන නමින් යෙදෙන ධර්මත්, අනෙකුත් නාම ධර්මාදියත් ප්‍රතිසන්ධි, භවාංග, චුති ලෙස භවය පුරාම ලැබෙන ආකාරයේ හේතු සම්පත් වල ප්‍රභල දියුණුවක් පෙර සසරේ විපාක ශක්තිය නිසා එම කාම සුගති සත්වයන්ට ලැබී පැවතීමයි. එම නිසා ඔවුන්ගේ සන්තාන කුසල ධර්ම උපදවා ගැනීමේ වාසනාව සහිතය. උපතින්ම කාම සුගති සත්වයෝ බලවත් පිරිසකි. අහේතුක සුගති අය පවා හේතු නොයෙදුණත් මනුෂ්‍ය, විනිපාතික ආදී තත්වයට පැමිණ තිබෙන්නේ ද්විහේතුක ඕමක කුසල වල විපාකයෙන් නිසා ඔවුනටද ඒ භවයේ නාමරූප ධර්ම වල අඛණ්ඩ පැවැත්ම කුසලාකුසලයේ තරමේ හැටියට ලැබේ.
විනිපාතික අසුර ලෙස හදුන්වන පිරිසක් සිටී. ඔවුන් අතර ද්විහේතුක අය මෙන්ම ත්‍රිහේතුක අයද සිටී. ඔවුන් අතර ඇති ත්‍රිහේතුකයෝ සමහරවිට මාර්ගඵලවලට ද පැමිණේ. විනිපාතික අසුරයන්ට අයත් පියංකරමාතා - පුනබ්බසුමාතා යන යකින්නන් දහම් අසා සෝවාන් ඵලයට පැමිණි බව අටුවාවල දක්නට තිබේ. පරදත්තූපජීවිකාදි ඇතැම් ප්‍රේතයන් මෙන්ම යක්ෂයින්ද මේ ත්‍රිහේතුක විනිපාතික සත්වයන්ට ඇතුළත් වන බව කියා තිබේ. සියල්ලෝම නොවේ. ඇතැම් අය පමණී.
ජීවත්ව සිටින ඤාතීන් අනුමෝදන් කරන පිනෙන්, ආහාර පාන ඉදුම් හිටුම් ආදිය උපදවා ගත හැකි පිරිස වන්නේ “පරදත්තූපජීවී” කියන ප්‍රේත පිරිස පමණී. ඔවුන්ගේ පරළොව සැප පිණිස සුජීවත්ව සිටින ඤාතීන් පින්කම් කර පින් අනුමෝදන් කළ යුතු ය. මිනිසුන්ට සහ දෙවියන්ට පරදත්තූපජීවීන්ට මෙන් පින් අනුමෝදන් විය නොහැකි බව සඳහන් වේ. පාරදත්තූපජීවී නොවන අයගේ පින් අනුමෝදන් වීම ඔවුනගේ නාමරූප වලට අදාළ දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරීය වේදනීය ආදී විපාක ලැබෙන ක්‍රමයකට සිදු වේ. (ජානුස්සෝණිය සූත්‍රය සහ අටුවාව)
දිව්‍යලෝක අයත් වන්නේ කාම සුගති වලට වන අතර ඒවායේ උපදින්නට පෙර පින් තිබිය යුතුම ය. කෙනෙක් මරණාසන්න ව සිටින විට ඔහුගේ හෝ ඇයගේ මරණාසන්න චිත්ත වීථියට කර්ම, කර්ම නිමිති, ගති නිමිති ලෙස හමු වන අරමුණු කුසල පැත්තට අයත්ව, ත්‍රිහේතුක හෝ ද්විහේතුක උත්කෘෂ්ටව පැවතුණහොත්, ඔහු හෝ ඇය මියයාමෙන් පසුව මනුෂ්‍ය ලෝකයත් සමඟ කාම සුගති හතෙන් එක් තැනක ප්‍රතිසන්ධිය ලබයි.
මනුෂ්‍ය ලෝකයත්, චාතුම්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුෂිතය, නිර්මාණරතිය, පරනිර්මිත වසවර්තිය යන දිව්‍යලෝක හයත් පරදත්තූපජීවීන් මෙන් ආහාරපානාදිය පහළ වන ආකාරයට පින් අනුමෝදන් විය හැකි තැන් නොවේ. කාම සුගති සත්වයින්ගේ පින් අනුමෝදන් වන විදිහ ඔවුනට ආවේණික ලෙස කුසල් සිත් උපදවාගෙන පින් කර ගෙන ඒ මොහොතේ පටන් නාමරූප පරම්පරාවට යහපත් කුසල විපාක උපදවා ගත හැකි ක්‍රමයකි.
මිත්‍යාදෘෂ්ඨික දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම වැරදිද? ලෙස ඔබ අසන ප්‍රශ්නයේදී ඔබට පෙනෙන මනුෂ්‍ය ලෝකයට අදාළව කරුණු දැක්වුවහොත් ඉතා හොඳින් මේ කරුණ තේරුම් ගත හැකි යැයි සිතේ. ඒ නිසා මිනිස් ලොවට අදාළව කියන පහත කරුණට අවධානය යොමු කරන්න. මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝකයක් නොවුණත්, කාම සුගති වලින් පහළම භූමිය වන්නේ එයයි.
කෙනෙක් මිනිස් ලොව උපන්නා යැයි සිතමු. ඔහු බෞද්ධ රටක උපදින්නේ නැතුව වෙනත් මිථ්‍යා දෘෂ්ඨික රටක ඉපදුනා යැයි සිතන්න. ඔහු අසරණ මිනිසෙක් දැක කරුණාව මෛත්‍රීය උපදවාගෙන ආහාරපානාදිය දෙයි. ඔහුගේ පූර්ව, මුඤ්චන, අපර චේතනා වාරවලට අනුව ඔහුට පින් රැස්වේ.
ඔහු ඒ පින් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් සියල්ල මැවුවා යැයි විශ්වාස කරන ඔහුගේ යහළුවෙකුටද කියයි. සසර ප්‍රධාන කරුණු ගැන මිත්‍යා දෘෂ්ඨියක සිටියාට, යහළුවාටද එම මොහොතේ එය අසා ඇතිවන සිත් කුසල් නම් ත්‍රිහේතුක උත්කෘෂ්ට, ඕමක, ද්විහේතුක උත්කෘෂ්ට ඕමක ස්වභාවය අනුව කුසල්ම රැස් වේ.
ඔවුන්ගේ මිත්‍යා දෘෂ්ඨිය දස වස්තුක නියත මිථ්‍යා දෘෂ්ඨියක් නම් ඔවුනට අකුසල් සිත් දොළස පමණක් වැඩි වශයෙන් යෙදෙන සන්තානයක්ම පවතින නිසා, ලෝකයාට පෙනෙන්නේ කරන කියන දෙය යහපත් දෙයක් ලෙස වුවත්, එය කරන කෙනාගේ සන්තානය අයහපත් එකක් නිසා, ඔහු රැස් කර ගන්නේ අකුසල කර්මම වේ. එයට හේතුව වන්නේ ඔහුගේ හෝ ඇයගේ සිත සහ සිතේ යෙදෙන චෛතසික ඒ ඒ කටයුතු වල යොදවාලන චේතනාව විසින් ඒ කටයුත්ත කරන්නේ අකුසල ධර්ම රාශියකට බැවිනි.
කුසල අකුසල කර්ම රැස් වීම වන්නේ, කර්ම කරන හෝ අනුමෝදන් වන අයගේ සන්තානයේ ස්වභාවය අනුවයි. ඔහුගේ හෝ ඇයගේ සන්තානයේ ස්වභාවය අනුව කුසල් අකුසල් කර්ම රැස්වීම සිදු වේ. චිත්ත සන්තතියේ දියුණු කරගෙන යන ධර්ම වල හැටියට ඒ ඒ අය ඒ ඒ අයගේ නාමරූප පරම්පරාවට අනාගත කර්මජ හේතු උපදවා ගනී.
සියළුම සත්වයන්ගේ මෙන්ම දෙවියන්ගේ ද කර්ම රැස්වීම බෝධ්‍යංග සත, මාර්ගාංග අට, අභිජ්ඣා - ව්‍යාපාද - මිථ්‍යාදෘෂ්ටි, අනභිද්‍යා - අව්‍යාපාද - සම්මා දිට්ඨි සහ චේතනාව යන ධර්ම විසි දෙක අනුවම සිදු වේ.
දෙවියන් පින් අනුමෝදන් වීමද, ඔවුන්ගේ සන්තානගත ත්‍රිහේතුක උත්කෘෂ්ට, ඕමක, ද්විහේතුක උත්කෘෂ්ට, ඕමක ස්වභාවය අනුවම සිදු වේ. ඔවුන්ට එයින් සිදුවන යහපත අති මහත් ය.
අච‍්ඡරියං භන‍්තෙ, අබ‍්භුතං භන‍්තෙ. යාවඤ‍්චිදං භන‍්තෙ අලමෙව දානානි දාතුං, අලං පුඤ‍්ඤානි කාතුං, යත්‍ර හි නාම දෙවභූතස‍්සපි උපකාරානි පුඤ‍්ඤානි, මනුස‍්සභූතස‍්සපි උපකාරානි පුඤ‍්ඤානි, පබ‍්බජිතස‍්සපි උපකාරානි පුඤ‍්ඤානීති. (සුමනා සූත්‍රය)
“ස්වාමිනී, ආශ්චර්‍ය්‍යයි, අද්භූතයි. ස්වාමිනි, දෙවියන්ටද පින් උපකාර වේ, මිනිසුන්ටද පින් උපකාර වේ, පැවිදි පිංවතුන් වහන්සේලාටද පින් උපකාර වේ, එම නිසා දන්දීම ඉතා නිසි ම ය. පින්කළ යුතු ම ය.”
සියල්ලටම පින් උපකාර වන බව භාග්‍යවතුන් වහන්සේ එසේ දේශනා කළ සේක. නුවණැත්තෝ පින් සියළුම දෙනාටම උපකාර වන්නේ ඇයි? කියා නාම රූප ධර්ම ඔස්සේ සොයා බැලිය යුතුය.
අනුමෝදන් වන කෙනාගේ සන්තානයේ ස්වභාවය සම්මා දිට්ඨි, මිච්ඡා දිට්ඨි ආදී කුමනාකාර වුවත් අනුමෝදන් කරන කෙනාට කොහොමත් පින් සිදු වේ. අනුමෝදන් වන කෙනා බලවත් කුසල් ඇති කෙනෙක් නම් කුසලයද බලවත් වේ. තවද පින් අනුමෝදන් වන අය ඒවා අනුමෝදන් වීමෙන් ලබන ප්‍රයෝජන අනුවද අනුමෝදන් කළ අයට පින් සිදු වේ. පින් අනුමෝදන් වන අය අනුමෝදන්ව, අනුමෝදන් කළ අයට ලබා දෙන රැකවරණය අනුවද, පින් අනුමෝදන් කිරීමේ වටිනාකම තේරුම් ගත යුතුය.
මිනිසුන් අතර වැරදි දැක්මක සිටින කෙනෙක්, යහපත් කළණ මිතුරන්ගේ ඇසුරින් ඕනෑම මොහොතක නිවැරදි දෘෂ්ඨියක පිහිටිය හැකිය. එය දෙවියන්ටද අදාළය. භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වීමෙන් පසුව දෙවිවරුද නිවැරදි දැක්මට ගත් සේක.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය නිසා, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසට, 31 ක් තලයේ වාශය කරන සම්මා දිට්ඨියට ගත හැකි අයව ගන්නට ශ්‍රී සද්ධර්මය විරාජමානව බබලයි. එන්නට නොහැකි වන්නේ ඔවුනගේ වරද නිසාය.
ශක්‍ර දිව්‍ය රාජයා දෙදෙවු ලොවට අධිපති දෙවියන් වේ. ඔහු චුත වෙන්නට ආසන්න දිනක භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසෙන්නට පැමිණියේ ය. භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මශ්‍රවණය කර සෝවාන් වූ ශක්‍ර දිව්‍ය රාජයා මහළු බව අත් හැර තරුණ ශක්‍රයෙකු විය. ඒ බව ධම්මපදයේ සක්ක වස්ථුවේ සඳහන් වේ.
“භික‍්ඛවෙ, අනච‍්ඡරියං එතං, යං සක‍්කො දෙවරාජා මයි සිනෙහං කරොති. අයං සක‍්කො හි දෙවරාජා මං නිස‍්සාය ජරසක‍්කභාවං විජහිත්‍වා සොතාපන‍්නො හුත්‍වා තරුණසක‍්කස‍්ස භාවං පත‍්තො, අහං හිස‍්ස මරණභයතජ‍්ජිතස‍්ස පඤ‍්චසිඛගන්‍ධබ‍්බදෙවපුත‍්තං පුරතො කත්‍වා ආගතකාලෙ ඉන්‍දසාලගුහායං දෙවපරිසාය මජ‍්ඣෙ නිසින‍්නස‍්ස” (ධම්මපදට්ඨ කථා)
“භාග්‍යවතුන් වහන්සේ, ඔහුගේ කථාව අසා මහණෙනි, කුමක් කියවු ද? මෙය ආශ්චර්යක් නොවේ. ශක්‍රදේවේන්ද්‍රයා මා කෙරෙහි සෙනෙහස දක්වයි. මේ සක් දෙවිඳු මා නිසා මහළු ශක්‍ර භාවය දුරු කර සෝවාන් වී තරුණ ශක්‍ර බවට පත්විය. මම ඔහුට මරණ භය තර්ජන ඇතිවුවිට පංචසිඛ ගාන්ධර්ව විද්‍යාපුත්‍රයා පෙරටු කොට පැමිණිවිට ඉන්ද්‍රසාල ගුහාවේදි දෙව් පිරිස් මැද සිටියදී ඔහුගේ ගැටළුවලට විසදුම් ලබා දුන්නෙමි.”
මේ ආකාරයට කරුණු විමසා බලන විට, අද මිථ්‍යා දෘෂ්ඨික දෙවියන් හෙට සිවුවනක් පිරිසෙහි කවරෙකුගේ හෝ ඇසුරෙන් සම්‍යග් දෘෂ්ඨික විය හැකි ය. සම්‍යග් දෘෂ්ඨික නොවූවත් නියත මිථ්‍යා දෘෂ්ඨික නොවන දෙවිවරුන්ටද කුසල් සිත පහළ කර ගත හැකිනම් ලැබෙන්නේ කුසල විපාකම වේ. චිත්ත සන්තතියේ යෙදෙන ධර්මාදිය අනුව විපාකය වෙනස් වේ. සම්‍යග් දෘෂ්ඨික අයද පාප මිත්‍ර සේවනය නිසා මිථ්‍යා දෘෂ්ඨික විය හැකිය.
එම නිසා විශ්ණු, කතරගම, සුමන සමන්, විභීෂණ, නාථ, ගණ, පත්තිනි, සිද්ධි සූනියම්, අළුත්නුවර බණ්ඩාර, කළු බණ්ඩාර, අයියනායක ආදී ලෙස කවර දෙවි කෙනෙකුට පින් අනුමෝදන් කළාට වැරදි නැත. නමුත් දෙවියන් සරණ නොයා යුතුය.එනම් සසර දුකෙන් මිදීමට දෙවියන් වැදීම නොකළ යුතුය.
දිව්‍ය ලෝකවල අහේතුක දුගති උපතක් නැති නිසා තිරිසන් සතුන් නැති බවද තේරුම් ගත යුතුය. සමහර විට වර්තමානයේ මිනිසුන් සමහර නම් වලින් හදුන්වන දෙවිවරු සැබෑවටම සිටියත්, නොහිටියත් ඒ ආසන්නයේ සිටින එන යන කවර හෝ දෙවිවරු පින් අනුමෝදන්ව කුසල් උපදවාගෙන ඔවුන්ගේ ශක්ති පමණින්, ඔවුන්ට හැකිනම් ඔබටත් සහයෝගය ලබා දෙනවා ඇත.
තෙරුවන් සරණයි!
පූජනීය, තපෝවනයේ රතන ස්වාමීන් වහන්සේ රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක මිණිපුර අමා ශාන්ති තපෝවනය පැල්වාඩිය - රත්නපුර copied .