උදයනිධි ස්ටාලින්
Appearance
උදයනිධි ස්ටාලින් | |
---|---|
උපත | උදයනිධි ස්ටාලින් 27 නොවැම්බර් 1977 |
නිවහන | චෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව |
රැකියාව | චිත්‍රපට නිෂ්පාදකයකු, නළුවකු |
සක්‍රීය වසර | 2008–වර්තමානය |
උස | 1.74 m (5 ft 9 in) |
කලත්‍රයා(යන්) | කීරුතිගා උදයනිධි |
දරුවන් | 2 |
දෙමව්පියන්(s) | එම්. කේ. ස්ටාලින් (පියා) දුර්ගා ස්ටාලින් (මව) |
ඥාතීන් | එම්. කරුණානිධි (සීයා) අරුල්නිති තමිලරසු (ඥාති සොහොයුරා) දයානිධි අලගිරි (ඥාති සොහොයුරා) සෙන්තාමරෛ (සොයුරිය) එම්. කේ. කණිමොලි (නැන්දණිය) |
උදයනිධි ස්ටාලින් තමිල්නාඩුවේ නියෝජ්‍ය මහ ඇමති යනු දෙමළ චිත්‍රපටවල කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ නළුවෙකි.[1][2] ස්ටාලින් චිත්‍රපට කර්මාන්තය වෙත පිවිසියේ චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ බෙදාහරින්නකු ලෙස රෙඩ් ජයන්ට් මූවීස් නම් ඔහුගේ නිෂ්පාදන ස්ටූඩියෝව ඔස්සේයි. ඔහු කුරුවි (2008), ආදවන් (2009) සහ මන්මදන් අම්බු (2010) වැනි චිත්‍රපට නිර්මාණය කොට ඇත. අනතුරුව රංගන ශිල්පියකු ලෙස ඔහු සිය වෘත්තිය ආරම්භ කළේ ප්‍රේම වෘත්තාන්ත ප්‍රහසන චිත්‍රපටයක් වූ ඔරු කාල් ඔරු කණ්ණාඩි (2012) තුළිනි. එතැන්සිට ඔහු ඔහුගේම චිත්‍රපට නිෂ්පාදනය කරමින් රංගනයේ නියැළෙයි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Scripting a family story. Indianexpress.com (10 February 2010). Retrieved on 18 June 2012.
- ^ Udayanidhi Stalin’s cameo in Aadhavan!. Sify.com (8 July 2009). Retrieved on 18 June 2012.
උදයනිධි ස්ටාලින් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.