ජෙයම් රවි

විකිපීඩියා වෙතින්
(ජයම් රවි වෙතින් යළි-යොමු කරන ලදි)
ජෙයම් රවි
ජෙයම් රවි 2015දී
උපත
රවී මෝහන්

10 ජනවාරි 1980 (1980-01-10) (වයස 44)[1]
වෙනත් නම්යුවා ටුෆානු
රැකියාවනළුවකු
සක්‍රීය වසර1980–වර්තමානය
කලත්‍රයා(යන්)ආර්ති (වි. 2009)
ඥාතීන්මෝහන් රාජා (සොහොයුරා)

රවී මෝහන් (උපත 1980 ජනවාරි 10) හෙවත් වඩාත් ප්‍රකටව ජෙයම් රවී, යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ දෙමළ චිත්‍රපට කර්මාන්තයේ ඉන්දියානු චිත්‍රපට නළුවෙකි. කෘතහස්ත චිත්‍රපට සංස්කාරක මෝහන්ගේ පුත්‍රයා වන රවී නළුවකු ලෙස සිය ප්‍රවේශය සනිටුහන් කළේ ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයක් වූ ජෙයම් (2003) තුළිනි. මෙය අධ්‍යක්ෂණය කළේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු මෝහන් රාජා විසින් වන අතර නිෂ්පාදනය කළේ ඔහුගේ පියා විසිනි. මෙම ච්ත්‍රපටය ලද සාර්ථකත්වය නිසා ඔහු සිය වේදිකා නාමයට එය උපසර්ගයක් ලෙස ඈඳා ගත්තේ ය. ඔහු සිය සොහොයුරා සමගින් තවදුරටත් එම්. කුමාරන් සන් ඔෆ් මහාලක්ෂ්මි (2004), උනක්කුම් එනක්කුම් (2006), සන්තෝෂ් සුබ්‍රමනියම් (2008), තිල්ලාලංගඩි (2010) සහ වඩාත් මෑතක දී තනි ඔරුවන් (2015) වැනි චිත්‍රපටවල සහයෝගයෙන් කටයුතු කළේ ය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Biography". Official Website. Jayam Ravi. 25 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 September 2012. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:TamilNaduStateAwardForBestActor

"https://si.wikipedia.org/w/index.php?title=ජෙයම්_රවි&oldid=617270" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි