සේඛර් කම්මුලා
සේඛර් කම්මුලා | |
---|---|
![]() | |
දේශීය නම | కుమార్ శేఖర్ కమ్ముల |
රැකියාව | චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකයකු, තිරරචකයකු |
සක්‍රීය වසර | 1999–වර්තමානය |
කුමාර් ශේඛර් කම්මුලා යනු පද්මරාඕ නගර්හි ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු, තිරරචකයකු සහ නිෂ්පාදකරවයෙකි. ඔහු මූලික වශයෙන්ම තෙලිඟු සිනමාව සම්බන්ධයෙන් කටයුතු කරයි.[1][2]
වෘත්තිය[සංස්කරණය]
කම්මුලා සිය අධ්‍යක්ෂක ප්‍රවේශය සනිටුහන් කළේ ස්වාධීන චිත්‍රපටයක් වූ ඩොලර් ඩ්‍රීම්ස් (2000) තුළිනි. විචාරක පැසසුමට පත් මේ වෙනුවෙන් ඔහු අධ්‍යක්ෂකගේ හොඳම ප්‍රථම චිත්‍රපටය සඳහා ජාතික චිත්‍රපට සම්මානය හිමි කරගත්තේ ය. මෙම චිත්‍රපටය ඉන්දියාවේ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී තිරගත විය.[3] ඔහු සිය නිර්මාණ සඳහා ෆිල්ම්ෆෙයාර් දකුණු සම්මාන දෙකක් සහ ප්‍රාන්ත නන්දි සම්මාන හයක් හිමි කරගත්තේ ය.[4] 2011 කෑන්ස් චිත්‍රපට උළෙල තුළ ඉන්දියානු සිනමාව නියෝජනය කළ අධ්‍යක්ෂකවරයකු ලෙස ද සේඛර් සැලකේ.[5]

ඔහුගේ දෙවන චිත්‍රපටය වූ ආනන්ද් 2004 වර්ෂයේ බ්ලොක්බස්ටරයක් විය. ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූ ගෝදාවරී ද විචාරක පැසසුම් ලද සාර්ථක චිත්‍රපටයක් විය. 2007 සැප්තැම්බර් 28 දින මුදාහැරි හැපි ඩේස් චිත්‍රපටය ද දැවැන්ත සාර්ථකත්වයක් ලද්දේ ය. මෙය දෙමළ සහ කන්නඩ භාෂාවලින් ප්‍රතිනිර්මාණය විය. 2010 වර්ෂයේ මුදාහැරුණු දෙමළ ප්‍රභේදය සඳහා ඔහු රචනයෙන් දායක විය. අනතුරුව ඔහු ලීඩර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර, 2010 පෙබරවාරි 19 දින මුදාහැරුණු මෙය ද යහපත් ප්‍රතිචාර හිමි කරගත්තේ ය. 2016දී සේඛර් කම්මුලා සිය බොලිවුඩ් ආගමනය නිවේදනය කළේ සල්මන් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපටයක් පිළිබඳ පවසමිනි.[6]
ඔහු 2012 ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපටයක් වූ කහානි තෙලිඟු බසින් ප්‍රතිනිර්මාණය කළේ අනාමිකා ලෙස ය. මෙහි විද්‍යා බාලන්ගේ චරිතය නිරූපණය කළේ නයන්තාරා විසිනි. සේඛර් කම්මුලා සිය ප්‍රථම හින්දි චිත්‍රපටය ලෙස හැපි ඩේස් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය අධ්‍යක්ෂණය කිරීමට නියමිත ය. මෙහි හින්දි ප්‍රභේදය නිෂ්පාදනය කරන්නේ සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක ශේඛර් කපූර් විසිනි. මෙම චිත්‍රපටයේ නවක නළු නිළියන් රැසක්ම දැකගත හැකි වනු ඇත. මෙහි තිරරචනය මුම්බායි පසුබිම් කරගත් රචක නිඛිල් මහාජාන් විසින් සිදුකිරීමට නියමිත ය.[7] මේ වනවිට ශේඛර් කම්මුලාගේ ෆිදා චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්තා තබමින් තිරගත වේ. මෙය දින 10ක් ඇතුළත් කොටි 50කට අධික ආදායමක් උපයාගත්තේ ය. දිල් රාජුගේ නිෂ්පාදනයක් වන එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ වරුන් තේජ් සහ සායි පල්ලවී විසිනි.[8]
චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]
වර්ෂය | චිත්‍රපටය | භාෂාව | දායකත්වය කෙසේද යන වග | සටහන් | ||
---|---|---|---|---|---|---|
රචක | අධ්‍යක්ෂක | නිෂ්පාදක | ||||
2000 | ඩොලර් ඩ්‍රීම්ස් | ඉංග්‍රීසි, තෙලිඟු | ![]() |
![]() |
![]() |
|
2004 | ආනන්ද් | තෙලිඟු | ![]() |
![]() |
![]() |
නර්තන රචකයා ලෙස ද |
2006 | ගෝදාවරී | තෙලිඟු | ![]() |
![]() |
![]() |
|
2007 | හැපි ඩේස් | තෙලිඟු | ![]() |
![]() |
![]() |
නර්තන රචකයා ලෙස ද |
2008 | අවාකෛ බිරියානි | තෙලිඟු | ![]() |
![]() |
![]() |
|
2010 | ලීඩර් | තෙලිඟු | ![]() |
![]() |
![]() |
|
2012 | ලයිෆ් ඊස් බියුටිෆුල් | තෙලිඟු | ![]() |
![]() |
![]() |
|
2014 | මුකුන්දා | තෙලිඟු | ![]() |
![]() |
![]() |
පසුබිම් නිරූපණය |
අනාමිකා | තෙලිඟු, දෙමළ | ![]() |
![]() |
![]() |
තිරරචනය ද | |
2017 | ෆිදා | තෙලිඟු | ![]() |
![]() |
![]() |
සම්මාන[සංස්කරණය]
- අධ්‍යක්ෂකගේ හොඳම ප්‍රථම චිත්‍රපටය සඳහා ඉන්දිරා ගාන්ධි සම්මානය – ස්වර්ණ පද්ම සම්මානය – ඩොලර් ඩ්‍රීම්ස් (2000)
- 2004 – හොඳම අධ්‍යක්ෂක සඳහා නන්දි සම්මානය – ආනන්ද්
- 2004 – දෙවන හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා නන්දි සම්මානය – ආනන්ද්
- 2006 – දෙවන හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා නන්දි සම්මානය – ගෝදාවරී
- 2006 – හොඳම අධ්‍යක්ෂක සඳහා නන්දි සම්මානය – ගෝදාවරී
- 2007 – දෙවන හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා නන්දි සම්මානය – හැපි ඩේස්
- 2011 – හොඳම කථාව සඳහා නන්දි සම්මානය – ලීඩර්
- 2007 – ෆිල්ම්ෆෙයාර් හොඳම චිත්‍රපටය සම්මානය (තෙලිඟු) – හැපි ඩේස්
- 2007– ෆිල්ම්ෆෙයාර් හොඳම අධ්‍යක්ෂක සම්මානය (තෙලිඟු) – හැපි ඩේස්
වෙනත් සම්මාන
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ Sangeetha Devi, Dundoo (12 August 2012). "Life & Style : Return to innocence". The Hindu. සම්ප්‍රවේශය 18 September 2012.
- ↑ "Sekhar Kammula supports Samantha". The Times of India. 15 January 2017. සම්ප්‍රවේශය 11 March 2017.
- ↑ "47th National Film Awards" (PDF). Directorate of Film Festivals. සම්ප්‍රවේශය 13 March 2012.
- ↑ "Kammula". සම්ප්‍රවේශය 18 September 2012.
- ↑ Prashanth Bhat (12 May 2011). "Sekhar Kammula at Cannes". The Times of India. සම්ප්‍රවේශය 18 September 2012.
- ↑ "Sekhar Kammula made BollyWood Entry with Salman Khan". 25cineframes.com. සම්ප්‍රවේශය 30 April 2014.
- ↑ Sarah Salvadore (22 May 2011). "Shekar calling Sekhar – Times of India". Articles.timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 18 September 2012.
- ↑ "Varun Tej and Sai Pallavi's next film is titled 'Fidaa' - Times of India". The Times of India. සම්ප්‍රවේශය 2016-10-23.
- ↑ "Happy Days". සම්ප්‍රවේශය 18 September 2012.
බාහිර සබැඳි[සංස්කරණය]
- සේඛර් කම්මුලා සඳහා IMDb හි ඇති තොරතුරු
- http://www.amigoscreations.com/
- ජාතික චිත්‍රපට සම්මාන (ඉන්දියාව) ජයග්‍රාහකයෝ
- 21වන සියවසේ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරු
- තෙලිඟු ජනයා
- තෙලිඟු චිත්‍රපට අධ්‍යක්ෂකවරු
- ජීවත්වන්නෝ
- 1974 උපත්
- හොවාර්ඩ් විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යයෝ
- රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ ආදිශිෂ්‍යයෝ
- ඉන්දියාවේ හයිදරාබාද්හි රචකයෝ
- ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ ජයග්‍රාහකයෝ
- නන්දි සම්මාන ජයග්‍රාහකයෝ
- ඉන්දියාවේ හයිදරාබාද්හි චිත්‍රපට අධ්‍යක්ෂකවරු