Jump to content

අල්ලු අර්ජුන්

විකිපීඩියා වෙතින්
අල්ලු අර්ජුන්
අල්ලු අර්ජුන් 2014 ෆිල්ම්ෆෙයාර් දකුණ සම්මාන උළෙලේ දී.
උපත8 අප්‍රේල් 1983 (1983-04-08) (වයස 41)[1]
නිවහනහයිදරාබාද්, තෙලංගානා, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනළුවකු, නිෂ්පාදකයකු, නර්තන ශිල්පියකු, පිළිවැයුම් ගායිකාවක
සක්‍රීය වසර2001–වර්තමානය
කලත්‍රයා(යන්)අල්ලු ස්නේහා රෙඩ්ඩි
දරුවන්2
දෙමව්පියන්(s)අල්ලු අරවින්ද්
අල්ලු නිර්මලා
ඥාතීන්අල්ලු සිරිෂ් (සොහොයුරා)
අල්ලු රාම ලිංගයියා (පීතෘ පාර්ශ්වීය මුත්තණුවන්)
චිරන්ජීවි (මාතෘ පාර්ශ්වීය මාමා)

අල්ලු අර්ජුන් යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම තෙලිඟු සිනමාවේ කටයුතු කරන ඉන්දියානු චිත්‍රපට නළුවෙකි.[2] විජේතා චිත්‍රපටයේ ළමා රංගන ශිල්පියා ලෙස සහ ඩැඩී චිත්‍රපටයේ නර්තන ශිල්පියා ලෙස රංගනයේ යෙදීමෙන් පසුව, අර්ජුන් සිය වැඩිහිටි ආගමනය සනිටුහන් කළේ ගංගෝට්රි චිත්‍රපටයෙනි.[3][4]

අනතුරුව අර්ජුන් සුකුමාර්ගේ ප්‍රහසන චිත්‍රපටයක් වූ ආර්යා චිත්‍රපටයේ රංගනයෙහි යෙදුණේ ය.[5][6] ආර්යාහි ඔහුගේ රංගනය ඔහුගේ දිවියේ සුවිශේෂී කඩඉමක් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු සිය ප්‍රථම ෆිල්ම්ෆෙයාර් හොඳම තෙලිඟු නළුවා සම්මානය සඳහා නිර්දේශ විය. එසේම ඒ වෙනුවෙන් නන්දි සම්මාන උළෙලේ දී විශේෂ ජූරියේ සම්මානයත්, සිනේමා සම්මාන උළෙලේ දී හොඳම නළුවා සහ හොඳම නළුවා (ජූරියේ) යන සම්මාන ද්විත්වයත් හිමි කරගත්තේ ය.[7] මෙම චිත්‍රපටය විචාරක අතින් මෙන්ම ආර්ථික අතින් ද සාර්ථක වූවකි.[8]

ඔහු අනතුරුව වී. වී. විනායක්ගේ බනී චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය සිදුකළේ යත මෙහි දී ඔහු නිරූපණය කළේ බනී නැමැති විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ චරිතයයි. idlebrain.com විසින් මෙහි ඔහුගේ රංගනය සහ නර්තනය අගය කරන ලදී.[9] ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ ඒ. කරුණාකරන්ගේ සංගීතමය ප්‍රේම කථාවක් වූ හැපී චිත්‍රපටයයි.[10] අනතුරුව ඔහු‍ පූරි ජගන්නාධ්ගේ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ දේසමුඩුරුහි ප්‍රධාන චරිත නිරූපණය කළේ ය. මෙය අඳුරු අතීතයක් සහිත කාන්තාවක සමග කටයුතු කරන බාල ගෝවින්දම් නැමැති නිර්භීත ජනමාධ්‍යවේදියකුගේ චරිතයකි.[11] වර්තමානය වන විට තෙලිඟු සිනමාවේ ප්‍රමුඛ නළුවකු වීමට ඔහු සමත්ව ඇත.

පෞද්ගලික දිවිය

[සංස්කරණය]

අල්ලු අර්ජුන් උපත ලැබූයේ තමිල් නාඩුවේ චෙන්නායිහි දී නිෂ්පාදක අල්ලු අරවින්ද් සහ නිර්මලා යුවළට දාව ය.ඔහුගේ පීතෘ පාර්ශ්වීය මුත්තණුවන් වූයේ ප්‍රහසන නළු අල්ලු රාම ලිංගයියා ය. ඔහුගේ පීතෘ පාර්ශ්වීය නැන්දණිය චිරන්ජීවි සමග විවාහ වී සිටියා ය.

2011 මාර්තු 6 දින, හයිදරාබාද්හි දී අර්ජුන් ස්නේහා රෙඩ්ඩි සමග විවාහ විය.[12] 2016දී, අල්ලු අර්ජුන් M Kitchens සහ Buffalo Wild Wingsහි සහයෝගීත්වයෙන් 800 Jubilee නැමැති රාත්‍රී සමාජ ශාලාවක් ආරම්භ කළේ ය.[13]

වෘත්තිය

[සංස්කරණය]
අල්ලු අර්ජුන් වෛශාලිහි ශ්‍රව්‍ය මුදාහැරීමේ උත්සවයේ දී

ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ භාස්කර්ගේ පරුගු චිත්‍රපටයයි. මෙහි ඔහු හයිදරාබාද්හි වෙසෙන ප්‍රීතිමත් ක්‍රිෂ්ණා කැමැති තරුණයකුගේ චරිතය නිරූපණය කළේ ය. ඔහු සිය මිතුරාට සිය පෙම්වතිය සමග පැනයාමට උපකාර කරන්නේ පෙම්වතියගේ පියාගේ බලව්ත කෝපයට ලක්වෙමිනි. idlebrain.com රචනා කළේ "අල්ලු අර්ජුන් චිත්‍රපටයේ පළුම අර්ධය තුළ විශිෂ්ට රංගනයක යෙදෙන්නේ එය මහත් ක්‍රියාකාරී සහ ජීව ගුණයෙන් යුතු කොටසක් නිසායි. ඔහු සම්පූර්ණ පළමු අර්ධයම සිය දෙවුරට ගෙන ඇත. දෙවන අර්ධයේ දී හැඟීම්බර ජවනිකාවල දී ඔහු අති විශිෂ්ට ය."[14]

ෂංකර් දාදා සින්දබාද් චිත්‍රපටයේ ආරධිත රංගනයෙන් පසුව, ඔහු සුකුමාර්ගේ මනෝවිද්‍යාත්මක ප්‍රේම කථාවක් වූ ආර්යා 2 සඳහා දායක විය. මෙහි ඔහු නිරූපණය කළේ ආර්යා නැමැති අනාථ, චර්යාත්මකව රෝගී භාවයක් පෙන්වන තරුණයකුගේ චරිතයකි. Sify රචනා කළේ "අල්ලු අර්ජුන් ජීව ගුණයෙන් පිරිපුන් අතර, මෙම තැනැත්තා බලවත් ප්‍රේම ධාරාවට මැදි වෙයි. ඔහු ඍණාත්මක පසුබිමක් සහිත චරිතයක් නිරූපණය කළ ද, ඔහුගේ රංගනය ප්‍රේක්ෂකයා තුළ අනුකම්පාව ජනිත කරලීමට සමත් වේ. ඔහුගේ නර්තනයන් මනස්කාන්ත අතර, හැඟීම්බර ජවනිකාවල දී ඔහු විශිෂ්ට ය."[15] idlebrain.com රචනා කොට ඇත්තේ "අල්ලු අර්ජුන් ආර්යා සේම පරිපූර්ණ ය. චිත්‍රපටයේ ඔහුගේ චරිතය තුළ මානසික රෝගී භාවයේ ගුණාංග මැනවින් නිරූපණය වන අතර, ඔහු නිර්දෝෂීව චරිතය නිරූපණය කොට ඇත. චිත්‍රපටයේ දෙවන අර්ධයේ ‍හැඟීම්බර දසුන් ඔහු විසින් ආලෝකවත් කොට ඇත. නූතන යුගයේ ටොලිවුඩයේ හොඳම නර්තන ශිල්පියා අල්ලු අර්ජුන් විය හැක. චිත්‍රපටයේ ප්‍රථම ගීත සතරේ එන අපහසු නර්තනයන් නිරායාසයෙන්ම ඔහු සිදුකරන්නේ එබැවිනි."[16]

2010දී අර්ජුන් අත්හදාබැලීමේ චිත්‍රපට දෙකක ප්‍රධාන චරිත නිරූපණය කළේ ය. ඉන් පළමුවැන්න ගුණසේඛර්ගේ වරුඩු චිත්‍රපටයයි. Rediff රචනා කළේ "අල්ලු අර්ජුන් තරගකාරී රංගනයක නියැළෙන අතර, උචිත විට යටත් වෙමින් වෙනස්වෙමින් රංගනයෙහි යෙදෙයි." නමුත් Rediff පවසා ඇත්තේ, "ඔහු හොඳ නර්තන ශිල්පියකු වන අතර, සිය චරිතයට සාධාරණයක් ඉටු කරයි."[17] ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ ක්‍රිෂ්ගේ වේඩම් චිත්‍රපටයයි.

ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ වී. වී. විනායක්ගේ ක්‍රියාදාම චිත්‍රපටයක් වූ බද්‍රිනාත් චිත්‍රපටයයි. මෙහි ඔහු සිය ගුරුවරයාගේ බද්‍රිනාත් පූජාස්ථානය ආරක්ෂා කිරීමට කැපවූ බද්‍රි නැමැති රණකාමියකුගේ චරිතය නිරූපණය කළේ ය. idlebrain.com ලියා ඇත්තේ "අල්ලු අර්ජුන් මෙම චිත්‍රපටයට අවශ්‍ය අග්නිදිග ආසියානු සටන් ක්‍රම හැදෑරීමට වියට්නාමයට සංචාරය කිරීමේ දී දැඩි අපහසුතාවන්ට මුහුණදී ඇත. ඔහුගේ දැඩි කැපවීම හේතුවෙන් ඔහු පෝනි ටේලයක් සහ සම් ඇඳුමක් (ළය පටියක් සහ පාවහන්) පැළඳි අග්නිදිග ආසියානු (චීන හෝ ජපන්) රණකාමියුක මෙන් පෙනේ. නර්තන ජවනිකාවල දී ඔහු විස්මිත ය. සටන් සඳහා ද ඔහු දක්ෂ ය."[18] මෙම චිත්‍රපටය මධ්‍යස්ථාන 187ක දින 50 කඩඉම සම්පූර්ණ කළේ ය.[19]

බද්‍රිනාත්ට පසුව අර්ජුන් ජුලයි නැමැති 2012 චිත්‍රපටයට දායක විය. ඔහු මෙහි දී නිරූපණය කළේ දැවැන්ත බැංකු මංකොල්ලයක් සියැසින් දැකීම හේතුවෙන් සිය දිවිය වෙනස්වන රවීන්ද්‍ර නාරායණ් නැමැති වීදි තරුණයකුගේ චරිතයකි. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත රචනා කළේ "අල්ලු අර්ජුන් ප්‍රේමනීය දාමරිකයකු ලෙස විශ්වාසයේන රංගනයෙහි යෙදෙයි. මෙම චරිතය ඔහු විසින් නිරූපණය කරන්නේ චරිතයේ ගුණාංග ආරෝපණය කර ගනිමිනි. ඔහු සිය නර්තනයෙන් තිරය ආලෝකවත් කරන්නේ ඇතැම් අලංකාර නර්තන චිත්‍රපට පවා පරදවමිනි."[20] ඔහු හොඳම නළුවා සඳහා SIIMA සම්මානය සඳහා ද නිර්දේශ විය. පසුව ඔහු පූරි ජගන්නාධ්ගේ ප්‍රේමනීය චිත්‍රපටයක් වූ ඉඩ්ඩාරම්මයිලතෝ චිත්‍රපටයේ සංජු රෙඩ්ඩි නම් ප්‍රධාන චරිතය නිරූපණය කළේ ය. මෙය අඳුරු පසුබිමක් සහිත ගිටාර් වාදකයකුගේ චරිතයකි‍. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත රචනා කොට තිබුණේ "ඔහුගේ ‘ජේත්තුකාර නළුවා’ යන සන්නාමයට අවංක වෙමින් අල්ලු අර්ජුන් පෙරටත් වඩා වඩාත් ජේත්තුකාර වී ඇති සෙයකි. බාසිලෝනාහි වීදි ගිටාර් වාදකයකු ලෙස ඔහුගේ චරිතය ඔහුගේ පෙර චිත්‍රපටවලට වඩා බෙහෙවින් වෙනස් ය. ඔහු නැවත වරක් තමන් හොඳ නළුවකු බව ඔප්පු කරන්නට සමත්ව ඇත්තේ ක්‍රියාදාම අධ්‍යක්ෂකවරයාගේ සූක්ෂ්ම සැලසුම්කරණය හේතුවෙනි. ඔහු සියලු සටන් ජවනිකාවල පරිපූර්ණ නිරූපණයන් සිදු කරයි."[21]

2014-වර්තමානය

[සංස්කරණය]

2014දී, ඔහු වම්සි පෛඩිපල්ලිගේ යෙවඩු චිත්‍රපටයේ පසුබිම් රංගනයක් සිදුකළේ ය.[22] ද හින්දු පුවත්පත රචනාකොට තිබුණේ "කෙටි චරිතයක දී පවා නළුවකුට කළ හැක්කේ කුමක්ද යන් අල්ලු අර්ජුන් අපට පෙන්වයි. මිනිත්තු කිහිපයක්ඇතුළත ඔහු සිය අත්දැකීම් සියල්ල එක්තැන් කරමින් චරිතය ග්‍රහණය කරගන්නා අතර, ඔහුට සිය අනන්‍යතාව අහිමි වුව ද ඔහු විස්මයජනක අයුරින් චිත්‍රපටයෙන් නික්ම යයි."[23] ඔහුගේ ඊළඟ චිත්‍රපටය වූයේ සුරේන්දර් රෙඩ්ඩිගේ රේස් ගුරාම් චිත්‍රපටයයි. මෙහි ඔහු නිදහස් තරුණයකුගේ චරිතය නිරූපණය කළේ ය.[24] ඩෙකෑන් ක්‍රෝනිකල් පුවත්පත රචනාකොට තිබුණේ "අල්ලු අර්ජුන් සැබැවින්ම සිය ජවයෙන් පිරි රංගනය මගින් දර්ශනය සොරකම් කරයි. ඔහු ප්‍රහසන ජවනිකාවලට දක්ෂ අතර, නළුවකු ලෙස වඩාත් සංවර්ධනය වී ඇත. ඔහු සැබැවින්ම චිත්‍රපටය සිය දෙඋරෙහි දරා සිටියි. ඔහුගේ නර්තන දක්ෂතාවන් ද විශිෂ්ට ය."[25] මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහු තෙවන වරටත් ෆිල්ම්ෆෙයාර් හොඳම තෙලිඟු නළුවා සම්මානය හිමි කරගත්තේ ය.[26]

අර්ජුන් I Am That Change (2014) නැමැති කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කොට රංගනයෙහි යෙදුණේ පෞද්ගලික සමාජ වගකීම පිළිබඳ දැනුවත් කිරීමටයි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ සුකුමාර් විසිනි. මෙය ආන්ධ්‍රා ප්‍රදේශ් සහ තෙලංගානා ප්‍රදේශවල 2014 අගෝස්තු 15 සිට ප්‍රදර්ශනය කෙරණි. ඔහු රංගනයෙන් දායක වූ ත්‍රීවික්‍රම් ශ්‍රීනිවාස්ගේ එස්/ඕ සත්‍යමූර්ති චිත්‍රපටය 2015 අප්‍රේල් 9 දින මුදාහැරිණි.[27] පසුව ඔහු ගුණසේඛර්ගේ රුද්‍රමාදේවි චිත්‍රපටයට දායක විය. මෙය පළමු ඉන්දියානු 3D ඓතිහාසික චිත්‍රපටය වේ.[28][29] රුද්‍රමාදේවි වෙනුවෙන් ඔහු හොඳම නළුවා සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - තෙලිඟු හිමි කරගත් අතර, ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම තෙලිඟු නළුවා සහ හොඳම සහාය තෙලිඟු නළුවා යන සම්මාන ද්විත්වයම හිමි කරගත් එකම නළුවා ද ඔහුයි. පසුව ඔහු බෝයාපති ශ්‍රීනු අධ්‍යක්ෂණය කළ සරෛනෝඩු චිත්‍රපටයට දායක විය.[30] 2016දී ඔහු නිෂ්පාදක දිල් රාජු සමග කටයුතු කළ අතර, එය දුව්වාද ජගන්නාධම් සමග කටයුතු කළ තෙවන අවස්ථාව විය.

වෙනත් තොරතුරු

[සංස්කරණය]

ෆේස්බුක් ගිණුමෙහි කෝටි 1ක අනුගාමිකයන් පිරිසක් සහිත එකම දකුණු ඉන්දියානු නළුවා අල්ලු අර්ජුන් ය.[31] ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අල්ලු අර්ජුන්ව අගය කරමින් පැවසූයේ ඔහු ටොලිවුඩයෙහි පමණක් නොව ඉන්දියාවේම දක්ෂතම නර්තන ශිල්පියා බවයි.[32] ප්‍රකට මලයාලම් රූපවාහිනී නාළිකාවක් වන ඒෂියානෙට් නාළිකාව විසින් ඔහුට "ප්‍රවාසි රත්න පුරස්කාරම්"(PRP) නැමැති ගෞරව සම්මානය ප්‍රදානය කරන ලදී. සේවය වෙනුවෙන් යාබද චිත්‍රපට කර්මාන්තයෙන් සම්මානයක් ලද පළමු නව පරපුරේ තෙලිඟු නළුවා ද ඔහු ය. මෙම සම්මානය හේතුවෙන් බනී චිත්‍රපටය ටොලිවුඩ් කර්මාන්තයේ නව වාර්තාවක් තැබී ය.[33] 2016 වර්ෂයේ ගූගල් ඔස්සේ වඩාත්ම සෙවුමට ලක්වූ තෙලිඟු තරුව ද අල්ලු අර්ජුන් ය.[34] 2014දී ෆෝර්බ්ස් ඉන්දියා ජනප්‍රිය පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවේ අල්ලු අර්ජුන්ට 80වන ස්ථානය හිමි විය. 2015දී 42වන ස්ථානයේත්, 2016දී ඉපැයීම් අතින් 43වන ස්ථානයේත්, ජනප්‍රියත්වය අතින් 59වන ස්ථානයේත් ඔහුගේ නාමය සටහන් විය. සියලු තෙලිඟු නළුවන් අතර ජනප්‍රියත්වය අතින් ඉහළම ස්ථානය ඔහුට හිමි විය.[35]

චිත්‍රපට නාමාවලිය

[සංස්කරණය]

සම්මාන සහ නිර්දේශ

[සංස්කරණය]
වර්ෂය සම්මානය ප්‍රවර්ගය චිත්‍රපටය ප්‍රතිඵලය ප්‍රභවය
2004 සිනේමා සම්මාන හොඳම ආධුනික නළුවා සඳහා සිනේමා සම්මානය ගංගෝට්රි දිනාගති [36]
2004 සිනේමා සම්මාන හොඳම නළුවා සඳහා සිනේමා සම්මානය (ජූරියේ) ආර්යා දිනාගති [8]
2004 ජෙමිනි ටීවී සම්මාන 2004 හොඳම නළුවා ආර්යා දිනාගති [8]
2005 සන්තෝෂම් චිත්‍රපට සම්මාන සන්තෝෂම් හොඳම යොවුන් රංගන ශිල්පීන් සම්මානය ආර්යා දිනාගති [8]
2005 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු Arya| නිර්දේශිත [8]
2005 නන්දි සම්මාන විශේෂ ජූරි සම්මානය ආර්යා දිනාගති
2006 සන්තෝෂම් චිත්‍රපට සම්මාන සන්තෝෂම් හොඳම යොවුන් රංගන ශිල්පීන් සම්මානය බනී දිනාගති
2008 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු දේසමුඩුරු නිර්දේශිත
2008 සිනේමා සම්මාන හොඳම නළුවා සඳහා සිනේමා සම්මානය දේසමුඩුරු නිර්දේශිත
2009 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු පරුගු දිනාගති [37]
2009 නන්දි සම්මාන නන්දි විශේෂ ජූරියේ සම්මානය පරුගු දිනාගති [37]
2010 සිනේමා සම්මාන හොඳම නළුවා සඳහා සිනේමා සම්මානය ආර්යා 2 නිර්දේශිත
2010 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු ආර්යා 2 නිර්දේශිත
2011 සිනේමා සම්මාන හොඳම නළුවා වේඩම් නිර්දේශිත
2011 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු වේඩම් දිනාගති
2012 සිනේමා සම්මාන හොඳම නළුවා බද්‍රිනාත් නිර්දේශිත [38]
2012 TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන හොඳම වීරයා බද්‍රිනාත් දිනාගති [38]
2013 සිනේමා සම්මාන හොඳම නළුවා ජුලයි නිර්දේශිත [39]
2013 2වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන හොඳම නළුවා සඳහා දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මානය ජුලයි නිර්දේශිත [39]
2014 TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන ප්‍රියතම වීරයා ඉඩ්ඩාරම්මයිලතෝ දිනාගති [26]
2015 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු රේස් ගුරාම් දිනාගති [40]
2015 සිනේමා සම්මාන හොඳම නළුවා රේස් ගුරාම් දිනාගති [40]
2014 TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන හොඳම වීරයා රේස් ගුරාම් දිනාගති [40]
2015 4වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන හොඳම නළුවා සඳහා දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මානය රේස් ගුරාම් නිර්දේශිත [40]
2015 4වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන වසරේ හොඳම ජේත්තුකාර තරුව සඳහා දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මානය රේස් ගුරාම් දිනාගති [40]
2015 මිර්චි මියුසික් අවෝඩ්ස් හොඳම නළුවා රේස් ගුරාම් දිනාගති [40]
2015 අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට ඇකඩමි සම්මාන හොඳම තෙලිඟු නළුවා එස්/ඕ සත්‍යමුර්ති නිර්දේශිත [41]
2016 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම නළුවා - තෙලිඟු එස්/ඕ සත්‍යමූර්ති නිර්දේශිත [41]
2016 සිනේමා සම්මාන හොඳම නළුවා එස්/ඕ සත්‍යමූර්ති නිර්දේශිත [41]
2017 TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන හොඳම වීරයා එස්/ඕ සත්‍යමූර්ති දිනාගති
2016 ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ හොඳම සහාය නළුවා සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - තෙලිඟු රුද්‍රමාදේවි දිනාගති [42]
2016 සිනේමා සම්මාන හොඳම නළුවා සඳහා සිනේමා සම්මානය (ජූරියේ) රුද්‍රමාදේවි දිනාගති [42]
2016 5වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන හොඳම නළුවා සඳහා දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මානය රුද්‍රමාදේවි නිර්දේශිත [42]
2016 5වන දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන හොඳම නළුවා සඳහා දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මානය (විචාරක) රුද්‍රමාදේවි දිනාගති [42]
2017 2වන IIFA උත්සවම් සහාය චරිතයක ප්‍රතිභාව - පිරිමි රුද්‍රමාදේවි දිනාගති
2017 TSR - TV9 ජාතික චිත්‍රපට සම්මාන හොඳම කැපීපෙනෙන ප්‍රතිභාව සම්මානය රුද්‍රමාදේවි දිනාගති
2017 ප්‍රවාසි රත්න පුරස්කාරම් ජනප්‍රිය ඉන්දියානු නළුවා දිනාගති

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "Allu Arjun Height, Weight, Age, Wife, Affairs, Biography, Children & More - StarsUnfolded".
  2. ^ "Forbes 2015 Celeb 100: Mahesh, Kamal, Rajini, Suriya, Rajamouli, Prabhas, Kajal, Shruti make it to list". International Business Times, India Edition. සම්ප්‍රවේශය 2015-12-12.
  3. ^ A. S., Sashidhar (28 March 2003). "Review : Gangothri". Sify. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015.
  4. ^ "Gangotri 100 days centers". idlebrain.com.
  5. ^ "Arya – A cocktail of fun and more fun". IndiaGlitz. සම්ප්‍රවේශය 10 May 2004.
  6. ^ "Movie review – Arya". idlebrain.com. සම්ප්‍රවේශය 7 May 2004.
  7. ^ "`Anand' walks away with six Nandi awards". The Hindu. 10 October 2005. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  8. ^ a b c d e f "Allu Arjun's favourite film is Arya". The Times of India. 9 May 2014. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  9. ^ "Movie review – Bunny". idlebrain.com. සම්ප්‍රවේශය 6 April 2005.
  10. ^ "Happy – Study of love". IndiaGlitz. සම්ප්‍රවේශය 28 January 2006.
  11. ^ "Desamuduru – Allu Arjun is now a macho man". IndiaGlitz. සම්ප්‍රවේශය 12 January 2007.
  12. ^ "Allu Arjun's starry wedding". The Times of India. සම්ප්‍රවේශය 8 March 2011.
  13. ^ "Allu Arjun Into Night Club Business". 25 July 2016.
  14. ^ "Telugu Movie review – Parugu". idlebrain.com. සම්ප්‍රවේශය 1 May 2008.
  15. ^ "Movie Review : Arya 2". Sify.com. සම්ප්‍රවේශය 27 November 2009.
  16. ^ "Telugu Movie review – Arya 2". idlebrain.com. සම්ප්‍රවේශය 27 November 2009.
  17. ^ "Worth a watch". Rediff.com. සම්ප්‍රවේශය 31 March 2010.
  18. ^ "Telugu Movie review – Badrinath". idlebrain.com. සම්ප්‍රවේශය 10 June 2011.
  19. ^ "Badrinath completes 50days in 187 theatres". The Times of India. සම්ප්‍රවේශය 3 August 2011.
  20. ^ "Julayi movie review: Wallpaper, Story, Trailer at The Times of India". The Times of India. සම්ප්‍රවේශය 9 August 2012.
  21. ^ "Iddarammayilatho Telugu movie review highlights". The Times of India. සම්ප්‍රවේශය 31 May 2013.
  22. ^ "Allu Arjun and Kajal spotted on the sets". The Times of India. 18 April 2013. සම්ප්‍රවේශය 18 April 2013.
  23. ^ Y. Sunitha Chowdary (13 January 2014). "Yevadu: Tailored for the masses". The Hindu. සම්ප්‍රවේශය 21 February 2014.
  24. ^ "Allu Arjun's Race Gurram shooting started". Oneindia Entertainment. සම්ප්‍රවේශය 30 April 2013.
  25. ^ "Movie review 'Race Gurram': A total paisa vasool flick". Deccan Chronicle. 12 April 2014. සම්ප්‍රවේශය 28 July 2014.
  26. ^ a b "Winners list: 62nd Britannia Filmfare Awards (South)". The Times of India. 27 June 2015. 27 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 June 2015.
  27. ^ "Allu Arjun's new film rolls out". The Times of India. 23 September 2014. 31 October 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 September 2014. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  28. ^ "I struggled to produce the short film: Allu Arjun". The Times of India. 14 August 2014. සම්ප්‍රවේශය 15 August 2014.
  29. ^ "Allu Arjun gets into an action mode for Trivikram's film". The Times of India. 29 October 2014. සම්ප්‍රවේශය 11 January 2015.
  30. ^ "Exclusive: Allu Arjun- Boyapati Srinu movie details". iluvcinema.in. 25 April 2015. සම්ප්‍රවේශය 3 August 2015.
  31. ^ "1 crore Facebook followers for Allu Arjun". 5 February 2016.
  32. ^ "Allu Arjun, Ram Charan, Jr NTR: Here are the best dancers of Tollywood - TOI Mobile - The Times of India Mobile Site".
  33. ^ "'Pravasi Ratna' Mallu Arjun!".
  34. ^ "Allu Arjun was the most searched Tollywood star in 2016 online - Times of India".
  35. ^ "2016 Celebrity 100 - Forbes India Magazine".
  36. ^ A. S., Sashidhar (28 December 2014). "Allu Arjun is on top of the world". The Times of India. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  37. ^ a b Murali Sankar, K. N. (29 April 2008). "Much to choose from for movie goers in May". The Hindu. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  38. ^ a b "Here comes a samurai, to entertain people". The Hindu. 8 June 2011. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  39. ^ a b A. S., Sashidhar (29 July 2012). "Allu Arjun's Julayi releasing in 1600 theaters". The Times of India. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  40. ^ a b c d e f Kumar, Hemanth (4 April 2014). "Race Gurram gets U/A certificate". The Times of India. 14 March 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 March 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  41. ^ a b c H. Hooli, Shekhar (9 April 2015). "S/O Satyamurthy Set for Grand Release: Allu Arjun Starrer Fails to Beat Aagadu Record". International Business Times India. 30 April 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 April 2015. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  42. ^ a b c d "Anushka Shetty's 'Rudhramadevi' gets 'U' certificate, to release as planned". IBN Live. 13 June 2015. 13 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 June 2015.

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:FilmfareTeluguBestSupportingActor සැකිල්ල:NandiSpecialJuryAward සැකිල්ල:CineMAABestActor

"https://si.wikipedia.org/w/index.php?title=අල්ලු_අර්ජුන්&oldid=659008" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි