රජිනිකාන්ත්

විකිපීඩියා වෙතින්
රජිනිකාන්ත්
රජිනිකාන්ත් එන්දිරන් චිත්‍රපටයේ සංගීත උළෙලට සහභාගි වූ අවස්ථාවේ
උපත
ශිවාජි රාඕ ගයික්වඩ්

බැංගලෝර්, මයිසූර් දිස්ත්‍රික්කය, කර්ණාටක ප්‍රාන්තය
නිවහනචෙන්නායි, තමිල්නාඩුව, ඉන්දියාව
රැකියාවනළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙකු
සක්‍රීය වසර1975 සිට මේ දක්වා
කලත්‍රයා(යන්)ලතා රංගචාරි
දරුවන්ඓශ්වර්යා රජිනිකාන්ත් සෞන්දර්යා රජිනිකාන්ත්
සම්මානපද්ම භූෂණ පද්ම විභූෂණ

සිංහල; රජිනිකාන්ත් (Tamil: ரஜினிகாந்த்; Kannada:ರಜನೀಕಾಂತ್; Marathi: रजनीकांत) යන වේදිකා නාමයෙන් හඳුන්වන ශිවජි රඕ ගෑක්වඩ් (1949 දෙසැම්බර් 12 උපත ලැබූ) ඉන්දීය සිනමා රංගන ශිල්පියෙකු වන්නේය. ඉන්දීය සිනමාව වෙනුවෙන් ඉටුකළ සේවාව වෙනුවෙන් ඉන්දියානුවෙකුට හිමිවන තෙවන විශිෂ්ටම ගෞරව සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලද්දේය. ඔහුටම විශේෂිත දෙබස් උච්ඡාරණ විලාසය ඔහුගේ ප්‍රබල ජනප්‍රියත්වයට සහ ප්‍රේක්ෂක ආකර්ෂණයට තුඩු දුන්නේය. රංගනයට අමතරව රැජිනිකාන්ත් තිර රචකයෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම පසුබිම් ගායකයෙකු ලෙසද කටයුතු කර ඇත. රංගන ජීවිතයට අමතරව ඔහු තමිල්නාඩුවේ ප්‍රබල දේශපාලන චරිතයකි. 1975 දී අපූර්ව රාගංගල් නම් දෙමළ චිත්‍රපටය රැජිනිකාන්ත්ගේ මංගල චිත්‍රපටය විය. පසුකාලීනව දමිළ චිත්‍රපටයන්හි දුෂ්ඨ චරිත නිරූපණයෙහි යෙදුනු ඔහු ක්‍රමයෙන් ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදුණි. 1978 බිහි වූ "භෛරවි" නම් දමිළ චිත්‍රපටයෙහි රඟපෑමෙන් පසුව ඔහු දමිළ සිනමාවේ "සුපිරි තරුව" ලෙස, චිත්‍රපට නිෂ්පාදක S. තනු විසින් හඳුන්වනු ලැබු අතර අද වනතුරුද ඔහු හැදින්වීමට මෙය යොදා ගනී. ඇමරිකානු සිනමාව ඇතුලු වෙනත් ජාතීන්ගේ සිනමා කෘති සඳහාද ඔහුගේ දායකත්වය ලැබුණි. සිවාජි චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම වෙනුවෙන් ඔහු හට ඉන්දියානු රුපියල් කෝටි 26 ක මුදලක් (දළ වශයෙන් ඇ.ඩො. මිලියන 6ක්) ගෙවන ලද අතර ජැකී චෑන්ට පසුව එවකට ආසියාවේ මිල අධිකම රංගන ශිල්පියා බවට පත් විය.

දෙමළ සිනමාවේ පමණක් නොව හින්දි, තෙලිගු, කන්නඩ, බෙංගාලි, මලයාලම් හා ඉංග්‍රීසි චිත්‍රපටවලද රජිනිකාන්ත් රංගනයෙන් දායක වී ඇත. හොලිවුඩයේ Bloodstone නම් චිත්‍රපටයේ රංගනයෙන් අනතුරුව රජිනිකාන්ත් හොලිවුඩයේ හොදම ආගන්තුකයා ලෙස හොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ හදුන්වයි.

(Tamil: ரஜினிகாந்த்; Kannada:ರಜನೀಕಾಂತ್; Marathi: रजनीकांत) යන වේදිකා නාමයෙන් හඳුන්වන ශිවජි රඕ ගෑක්වඩ් (1949 දෙසැම්බර් 12 උපත ලැබූ) ඉන්දීය සිනමා රංගන ශිල්පියෙකු සහ මාධ්‍ය වේදියෙකුද වන්නේය. ඉන්දීය සිනමාව වෙනුවෙන් ඉටුකළ සේවාව වෙනුවෙන් ඉන්දියානුවෙකුට හිමිවන තෙවන විශිෂ්ටම ගෞරව සම්මානය වන පද්ම භූශන සම්මානයෙන් පිදුම් ලද්දේය. ඔහුටම විශේෂිත දෙබස් උච්ඡාරණ විලාසය ඔහුගේ ප්‍රබල ජනප්‍රියත්වයට සහ ප්‍රේක්ෂක ආකර්ෂණයට තුඩු දුන්නේය. රංගනයට අමතරව රැජිනිකාන්ත් තිර රචකයෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම පසුබිම් ගායකයෙකු ලෙසද කටයුතු කර ඇත. රංගන ජීවිතයට අමතරව ඔහු තමිල්නාඩුවේ ප්‍රබල දේශපාලන චරිතයකි. 1975 දී පුට්ටන්න කනගල් අධ්‍යක්ෂණය කළ කන්නඩා චිත්‍රපටය රැජිනිකාන්ත්ගේ මංගල චිත්‍රපටය විය. පසුකාලීනව දමිළ චිත්‍රපටයන්හි දුෂ්ඨ චරිත නිරූපණයෙහි යෙදුනු ඔහු ක්‍රමයෙන් ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදුණි. 1978 බිහි වූ "භෛරවි" නම් දමිළ චිත්‍රපටයෙහි රඟපෑමෙන් පසුව ඔහු දමිළ සිනමාවේ "සුපිරි තරුව" ලෙස, චිත්‍රපට නිෂ්පාදක S. තනු විසින් හඳුන්වනු ලැබු අතර අද වනතුරුද ඔහු හැදින්වීමට මෙය යොදා ගනී. ඇමරිකානු සිනමාව ඇතුලු වෙනත් ජාතීන්ගේ සිනමා කෘති සඳහාද ඔහුගේ දායකත්වය ලැබුණි. "සිවජි" චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම වෙනුවෙන් ඔහු හට ඉන්දියානු රුපියල් කෝටි 26 ක මුදලක් (දළ වශයෙන් ඇ.ඩො. මිලියන 6ක්) ගෙවන ලද අතර ජැකී චෑන්ට පසුව ආසියාවේ මිල අධිකම රංගන ශිල්පියා බවට පත් විය.
"https://si.wikipedia.org/w/index.php?title=රජිනිකාන්ත්&oldid=431268" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි