ජ්‍යෝතිකා

විකිපීඩියා වෙතින්
(ජ්‍යෝතිකා සරවණන් වෙතින් යළි-යොමු කරන ලදි)
ජ්‍යෝතිකා සරවණන්
ජ්‍යෝතිකා 2014 ෆිල්ම්ෆෙයාර් දකුණ සම්මාන උළෙලේ දී
උපත
ජ්‍යෝතිකා සදානා

18 ඔක්තෝබර් 1977 (1977-10-18) (වයස 46)[1]
මුම්බායි, ඉන්දියාව
නිවහනචෙන්නායි, තමිල් නාඩු, ඉන්දියාව
රැකියාවචිත්‍රපට නිළිය
සක්‍රීය වසර1997–2006
2015-වර්තමානය
කලත්‍රයා(යන්)සූරියා (2006–වර්තමානය)
දරුවන්2
පවුලරෝෂිනී (සොයුරිය)
නග්මා (අර්ධ-සොයුරිය)
කාර්ති (මස්සිනා)
සිවකුමාර් (මාමණ්ඩි)

ජ්‍යෝතිකා සරවණන් (විවාහයට පෙර ජ්‍යෝතිකා සදානා; උපත 1977 ඔක්තෝබර් 18) යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් දෙමළ චිත්‍රපටවල පෙනීසිටින ඉන්දියානු නිළියකි.[2][1] මීට අමතරව ඇය ඇතැම් කන්නඩ, මලයාලම්, තෙලිඟු සහ හින්දි චිත්‍රපට සඳහා දායක වී ඇත.

ඇය බොලිවුඩය වෙත පිවිසියේ ප්‍රියදර්ශන් විසින් අධ්‍යක්ෂනය කළ හින්දි චිත්‍රපටයක් වූ ඩෝලි සාජා කේ රඛ්නා තුළිනි. ඇයව හොඳම කෝඩුකාර නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය සඳහා ද සලකා බැලුණේ, ඇගේ ප්‍රථම දෙමළ චිත්‍රපටය වූ වාලි සහ ඇගේ ප්‍රථම තෙලිඟු චිත්‍රපටය වූ චිරන්ජීවි සමග ප්‍රධාන චරිත නිරූපණය කළ තාගෝර් චිත්‍රපටයටත් පෙරයි.

ජ්‍යොතිකා විචාරක පැසසුමට පාත්‍ර වූයේ පේරාලගන් චිත්‍රපටයේ ඇය නිරූපණය කළ අන්ධ කාන්තා චරිතය, චන්ද්‍රමුඛී චිත්‍රපටයේ චන්ද්‍රමුඛී සහ ගංගා චරිත, මොලි චිත්‍රපටයේ ගොලු බිහිරි යුවතියගේ චරිතය සහ 36 වයදිනිලේ චිත්‍රපටයේ මැදිවියේ කාන්තා චරිතය හේතුවෙනි. කෙසේනමුත්, ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍ය වූයේ වාලි (1999) සහ කුෂි (2000) යන චිත්‍රපට ලද සාර්ථකත්වයයි. ඇගේ රංගන දිවියේ උච්චස්ථානයේ ඇය පචෛකිලි මුතුචරම් (2006) චිත්‍රපටයේ දුෂ්ට චරිතයක් නිරූපණය කිරීමට එකඟවූවා ය.[3][4][5]

වාලි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය සිය ප්‍රථම ෆිල්ම්ෆෙයාර් සම්මානය වූ හොඳම කෝඩුකාර නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය – දකුණ සම්මානය හිමි කරගත්තා ය.[6] කුෂි චිත්‍රපටය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර් හොඳම දෙමළ නිළිය සම්මානය හිමිකරගත්තා ය. අන් අනතුරුව එළැඹි සාර්ථක චිත්‍රපට මාලාව හේතුවෙන් ඇය ප්‍රමුඛත්වයට පත්වූවා ය. මෙහි දී කුෂි, ධූල්, තෙනාලි, තිරුමලෛ, ඩුම් ඩුම් ඩුම්, ස්නේගිතියේ, කාක කාක, පේරාලගන්, චන්ද්‍රමුඛී, June R, පචෛකිලි මුතුචරම්, මොලි සහ 36 වයදිනිලේ යන චිත්‍රපට ප්‍රධාන විය.

වසර ගණනාවක් පෙම් සබැඳියාවකින් අනතුරුව 2006 සැප්තැම්බර් 11 දින නළු සූරියා සමග විවාහ වීමෙන් පසුව ඇය ක්ෂේත්‍රයෙන් ඉවත් වූවා ය. මේ වනවිට ඇය ක්ෂේත්‍රයේ උච්චස්ථානයේ පසුවූවා ය.[7] ඔහු සමග ඇය චිත්‍රපට හතක චරිත නිරූපණය කොට තිබිණි. ඇය ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනක්, තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන තුනක්, දිනකරන් සම්මාන හතරක්, සිනෙමා එක්ස්ප්‍රස් සම්මාන, අන්තර්ජාතික දෙමළ චිත්‍රපට සම්මාන ඇතුළු සම්මාන සහ නිර්දේශ ගණනාවක් හිමි කරගෙන ඇත. මීට අමතරව ඇය කලෛමාමණි සම්මානලාභිනියක ද වේ.[8]

ඇය චිත්‍රපට ක්ෂේත්‍රය වෙත සිය ආගමනය සනිටුහන් කළේ 36 වයදිනිලේ (2015) චිත්‍රපටය තුළිනි. මේ වෙනුවෙන් ඇය විචාරකයන් වෙතින් යහපත් ප්‍රතිචාර හිමි කරගත් අතර, ඇගේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය ද හිමි කරගත්තා ය‍.[9] ෆිල්ම්ෆෙයාර් දකුණු සම්මාන උළෙලේ හොඳම නිළිය ප්‍රවර්ගයෙන් වැඩිම නිර්දේශ සංඛ්‍යාවක් හිමි කරගත් නිළිය ද ඇයයි.[10][11] එසේම හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ සහ හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය යන සම්මාන ද්විත්වයම හිමි කරගත් පළමු නිළිය ද ඇයයි.[9][12][13]

මුල්කාලීන සහ පෞද්ගලික දිවිය[සංස්කරණය]

ජ්‍යෝතිකා උපත ලැබූයේ චිත්‍රපට නිෂ්පාදකයකු වූ චන්දර් සදානා සහ සීමා සදානාට දාව ඉන්දියාවේ මුම්බායිහි ය. නිළියක වන නාග්මා ඇගේ අර්ධ-සොයුරියයි. ඇය සිය පාසල් අධ්‍යාපනය හදාළේ මුම්බායේ ලර්නර්’ස් ඇකඩමිය වෙතිනි. පසුව ඇය මුම්බායේ මිථිබායි විද්‍යාලයෙන් මනෝවිද්‍යාව හැදෑරුවා ය. මීට අමතරව ඇයට රෝෂිනී (උපන් නම රාධිකා) නම් සොයුරියක ද, ප්‍රියදර්ශන් වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන සුරාජ් නම් සොහොයුරකු ද වේ.

2006 සැප්තැම්බර් 11 දින ජ්‍යෝතිකා නළු සූරියා සමග විවාහ වූවා ය.[14] ඔවුන් දෙදෙනා එක්ව චිත්‍රපට හතක රංගනයෙහි යෙදී තිබිණි. මෙම චිත්‍රපට වූයේ පූවෙල්ලම් කේට්ටුප්පාර්, උයිරිලේ කලන්තතු, කාක කාක, පේරාලගන්, මායවි, June R සහ සිල්ලුනු ඔරු කාදල් චිත්‍රපටයි. මෙම යුවළට මේ වනවිට දරුවන් දෙදෙනකු සිටින අතර, ඔවුන් දියා (උපත 2007 අගෝස්තු 10) නම් දියණියක[15] සහ දේව් (2010 ජූනි 7) නැමැති පුත්‍රයෙකි.[16]

වෘත්තිය[සංස්කරණය]

1998–2002[සංස්කරණය]

ඇය රංගන ක්ෂේත්‍රයට පිවිසියේ ප්‍රියදර්ශන් විසින් අධ්‍යක්ෂණය කළ හින්දි චිත්‍රපටයක් වූ ඩෝලි සාජා කේ රඛ්නා තුළිනි. මෙය ආර්ථික අතින් එතරම් සාර්ථකත්වයට පත්නොවිණි. India Today පුවත්පත සමග 2000දී පැවති සම්මුඛ සාකච්ඡාවක දී, ප්‍රියදර්ශන් පැවසූයේ ‍එම චිත්‍රපටය අවහිර වීමෙන් පසුව තමන් "පීඩනයට ලක්වූ බවයි". ඇයව හොඳම කෝඩුකාර නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය වෙත නිර්දේශ වුව ද, එම සම්මානය හිමි වූයේ දිල් සේ.. චිත්‍රපටයේ ප්‍රීති සින්ටා හටයි.[17]

ඇගේ පළමු චරිතය වූ වාලි (1999) චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් ඇය හොඳම ‍කෝඩුකාර නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දකුණ,[6] සහ දිනකරණ් හොඳම කෝඩුකාර නිළිය, සිනෙමා එක්ක්ප්‍රස් හොඳම දෙමළ නවක නිළිය සඳහා වන සම්මානය ද හිමිකරගත්තා ය.[18] එසේම ඇය "අමුදා සුරාභි" හොඳම නවක නිළිය සම්මානය ද හිමි කරගත්තා ය.[19] පසුව එම වර්ෂයේම, ඇය පූවෙල්ලම් කේට්ටුප්පාර් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා ය. මෙහි ඇය විසින් නිරූපණය කළේ එහි ප්‍රධාන නළුවාට පෙම්කරන තැනැත්තියකගේ චරිතයයි. මෙහි ප්‍රධාන නළුවා වූයේ ඇගේ සැමියා වූ සූරියායි. කුෂි චිත්‍රපටය ලද සාර්ථකත්වය ඇගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.[20][21] 2000 සහ 2002 අතර කාලයේ සාර්ථක චිත්‍රපට මාලාවකටම ඇය දායකත්වය සැපයුවා ය. මේ අතර මුගවරී, ඩුම් ඩුම් ඩුම් සහ ස්නේගිතියේ චිත්‍රපට ප්‍රධාන වේ. මෙහි වීරයාගේ චරිතය සේම ඇගේ චරිතය ද අතිශයින් වැදගත් විය.[22] මෙම කාලයේම ඇය කමල් හාසන් සමග විනෝදාත්මක චිත්‍රපටයක් වූ තෙනාලි චිත්‍රපටයට දායක වූවා ය.[20] කුෂි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර් හොඳම දෙමළ නිළිය සම්මානය සහ සිනෙමා එක්ස්ප්‍රස් හොඳම නිළිය සඳහා සම්මානය - දෙමළ යන සම්මාන හිමි කරගත්තා ය.[13][23][24] Rhythm චිත්‍රපටයේ ඇගේ චරිතය කුඩා එකක් වුව ද, එය පුළුල් පැසසුමට ලක් විය.[25] කුෂි චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු, ඇය Friends චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය සඳහා තෝරාගැනුණේ විජේ සමග ය. නමුත් පසුව ඒ සඳහා දේවයාණි තෝරාගැනිණි.[26] ඇය පළමුවරට මණි රත්නම් සමග කටයුතු කළේ ඔහුගේ නිෂ්පාදන සමාගම වූ මැඩ්‍රාස් ටෝකීස්හි ප්‍රේමනීය ප්‍රහසන චිත්‍රපටයක් වූ ඩුම් ඩුම් ඩුම් චිත්‍රපටයේ රාංගනයේ යෙදෙමිනි. මෙහි ඇය සහ මාධවන් විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ අතර, මෙම චිත්‍රපටය විචාරක පැසසුමට ලක් විය. මෙය තමිල් නාඩුවේ පමණක් නොව, එහි හඬකැවූ ප්‍රභේදය සමගින් ආන්ධ්‍ර ප්‍රදේශයේ ද සාර්ථකත්වයට පත් විය.[27][28] මීට අමතරව ඇය කන්නඩ චිත්‍රපට කර්මාන්තයට දායක වූයේ උපේන්ද්‍රා සමග රංගනයේ යෙදුණු නගරාහවු චිත්‍රපටය තුළිනි.[29] මෙහි ඇය ද්විත්ව චරිත නිරූපණයක් සිදුකළා ය.[30] පසුව ඇය ප්‍රියදර්ශන් විසින් අධ්‍යක්ෂණය කළ දෙමළ සංත්‍රාස චිත්‍රපටයක් වූ ස්නේගිතියේ සඳහා දායක විය. මෙය සියලුම දකුණු ඉන්දීය භාෂාවලින් නිර්මාණය කෙරිණි.[31][32]

2003–2006[සංස්කරණය]

2003දී ඇය වික්‍රම් සමග ධූල් චිත්‍රපටයේත්, සූරියා සමග කාක කාක චිත්‍රපටයේත් සහ විජේ සමග තිරුමලෛ චිත්‍රපටයේත් ප්‍රධාන චරිත නිරූපණය සිදුකළා ය. මේ සියල්ල බොක්ස් ඔෆීස් අතින් සාර්ථක විය. මින් කාක කාක චිත්‍රපටය ඇගේ රංගන දිවියේ දැවැන්ත සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ධූල් සහ කාක කාක චිත්‍රපටවල රංගනය හේතුවෙන් ඇය දකුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන සඳහා නිර්දේශ වූවා ය. අන්තර්ජාතික දෙමළ චිත්‍රපට සම්මාන උළෙලේ දී හොඳම නිළිය සඳහා විශේෂ ජූරියේ සම්මානය ඇයට හිමි විය.[33] ධූල්, කාක කාක සහ තිරුමලෛ චිත්‍රපට වසරේ ඉහළම චිත්‍රපට 10 අතරට පැමිණීමට සමත් විය. ද හින්දු පුවත්පත රචනා කළේ ඇය "සැබැවින්ම කොලිවුඩයේ අවිවාදිත රැජින" බවයි.[34] රංගනය කෙරෙහි ඇගේ කැපවීම හේතුවෙන් නළු වික්‍රම් විසින් ඇයව හැඳින්වූයේ කමල් හාසන් ආර්යාව ලෙසයි.[35] 2004දී, ඇය සූරියා සමගින් විචාරක පැසසුමට පත් පේරාලගන් චිතපටයේ ද්විත්ව චරිත නිරූපණය කළා ය. මෙහි දී ඇය දිනකරණ් හොඳම නිළිය සම්මානය, තමිල් නාඩු ප්‍රාන්ත හොඳම නිළිය සම්මානය, ෆිල්ම්ෆෙයාර් හොඳම නිළිය නිර්දේශ වීම ඇතුළු සම්මාන කිහිපයක් හිමි කරගත්තා ය. 2005දී, ඇය මන්මදන් චිත්‍රපටයේ රංගනයේ යෙදුණේ සිලම්බරසන් සමගිනි.[36][37] තෙලිඟු චිත්‍රපටයක් වූ තාගෝර් චිත්‍රපටයේ ඇය ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූයේ චිරන්ජීවි ද සමගයි. ආර්ථික වශයෙන් සාර්ථකත්වයට පත් මෙය අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට ඇකඩමි සම්මාන උළෙලේ දී තිරගත විය.[38][39]

ඇගේ වඩාත් සාර්ථකම චිත්‍රපටය වූයේ රජිනිකාන්ත රැඟූ චන්ද්‍රමුඛී නම් 2005 චිත්‍රපටයයි. මෙහි ඇය චන්ද්‍රමුඛී නම් චරිතය නිරූපණය කළා ය.[40] චන්ද්‍රමුඛීහි රංගන ප්‍රතිභාව වෙනුවෙන් ඇය සම්මාන ගණනාවක් හිමි කරගත් අතර තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානයක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන නිර්දේශයක් ද මීට ඇතුළත් ය.[8][41] භද්‍රන් විසින් අධ්‍යක්ෂණය කළ උදයොන් චිත්‍රපටයේ මෝහන්ලාල් සමග රංගනයේ යෙදීමට ඇයට අවස්ථාවක් හිමිවූ නමුත්, දෙමළ චිත්‍රපටවල කාර්ය බහුලත්වය හේතුවෙන් ඇයට එයට දායක විය නොහැකි විය.[42] 2006 වර්ෂයේ ඇගේ පළමු චිත්‍රපටය වූයේ සිලම්බරසන් ප්‍රධාන චරිත නිරූපණය කළ සරවණා චිත්‍රපටයයි. මෙය මන්මදන් චිත්‍රපටයෙන් පසුව තිරගත වූවකි.[43] June R චිත්‍රපටයේ ඇගේ චරිතය චිත්‍රපටය මුදාහැරීමටත් පෙර ඇගයුමට ලක් විය.[44] ජ්‍යෝතිකාගේ අංගනය මනාව ඔපමට්ටම් වී ඇති අතර, හෘදයාංගම ලෙසින් ඉදිරිපත් කරන්නී ය.[according to whom?] ඇය ඇගේ හැඟීම් අලංකෘත ලෙසින් ඉදිරිපත් කරන්නී ය.[45][46] 2006දී නිකුත් වූ ඇගේ චිත්‍රපට අතර ගෞතම් මෙනන් විසින් රචනය සහ අධ්‍යක්ෂණය කළ අපරාධ-සංත්‍රාස චිත්‍රපටයක් වූ වේට්ටෛයාඩු විලෛයාඩු සහ සූරියා සමග රංගනයේ යෙදුණු සිල්ලුනු ඔරු කාදල් චිත්‍රපට ප්‍රධාන වේ.[47] මෙම චිත්‍රපටවල නිරූපණය කළ චරිත හේතුවෙන් ඇය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී හොඳම නිළිය ප්‍රවර්ගයෙන් නිර්දේශ ලබා ගැනීමට සමත් වූවා ය.[47] මින් පළමුව සඳහන් චිත්‍රපටය හින්දියෙන් හඬකවා The Smart Hunt යනුවෙන් ප්‍රදර්ශනය කෙරිණි.[48]

2007–2008[සංස්කරණය]

2007 වර්ෂයේ ඇගේ අවසන් චිත්‍රපට වූයේ ගෞතම් මෙනන්ගේම පචෛකිලි මුතුචරම් සහ විචාරක පැසසුමට පත් මොලි චිත්‍රපටයයි. මෙම චිත්‍රපට දෙකෙන් පළමුවැන්නෙහි ඇය ඍණාත්මක චරිතයක් (ඇගේ රංගන දිවියේ ප්‍රථම වරට) නිරූපණය කළ අතර, දෙවන චිත්‍රපටයෙහි ගොළු බිහිරි යුවතියක ලෙස ඇය නිරූපණය කළ චරිතය පුළුල් ඇගයුමට ලක් විය. මොලි චිත්‍රපටය ඇයට විචාරක පැසසුම් හිමි කරදුන්නේ ය. මෙම රංගනය හේතුවෙන් ඇයට හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය සමීපයටම යාමට හැකි විය.[7] කෙසේනමුත් ඇයට අවසානයේ එම සම්මානය හිමිනොවිණි.[10] පචෛකිලි මුතුචරම් තුළ ඇය තීරණාත්මක රංගනයක යෙදෙයි.[49][50] ඇගේ මලයාලම් චිත්‍රපට වූ රාකිලිපට්ටු සහ සීත කල්‍යාණම් චිත්‍රපට පිළිවෙලින් 2007 සහ 2009 වර්ෂවල දී තිරගත විය.[51][52] පසුව ජ්‍යෝතිකා රූපවාහිනී වෙළඳ දැන්වීම් ඔස්සේ සිය යළි පැමිණීම සනිටුහන් කළා ය.[53] 2008දී, ඇය කෙටි චිත්‍රපටයක් වූ හීරෝවා? සීරෝවා? චිත්‍රපටයේ රංගනයේ යෙදුණා ය.[54] මෙම චිත්‍රපටය රචනය සහ නිෂ්පාදනය කරන ලද්දේ ඇගේ මාමණ්ඩිය වූ සිවකුමාර් විසිනි. විජේ, ආර්. මාධවන් සහ සූරියා මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වූහ.

2015–වර්තමානය (යළි පැමිණීම)[සංස්කරණය]

ජ්‍යෝතිකා දෙමළ සිනමාව වෙත සිය පුනරාගමනය සනිටුහන් කළේ 36 වයදිනිලේ චිත්‍රපටය තුළිනි. මෙය ජනප්‍රිය How Old Are You? මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. මෙහි ඇය නිරූපණය කළ සිය දෙපයින් නැගී සිටීමට උත්සාහ දරන මැදිවියේ ගෘහණියගේ චරිතය හේතුවෙන් ජ්‍යෝතිකා විචාරක පැසසුමට ලක් විය. 63වන බ්‍රිටැනියා දකුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය ඇය හිමි කරගත්තා ය. මෙම සම්මානයත් සමග හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ සහ හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය යන සම්මාන ද්විත්වයම හිමි කරගත් ප්‍රථම නිළිය වීමට ඇය සමත්වූවා ය.[55] හොඳම නිළිය සහ හොඳම චිත්‍රපටය වෙනුවෙන් සූරියා සමගින් ඇය බිහයින්ඩ්වුඩ්ස් ස්වර්ණ පදක්කම් හිමි කරගත්තා ය. මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් අතින් මධ්‍යස්ථ සාර්ථකත්වයක් හිමි කරගත්තේ ය. 36 වයදිනිලේ චිත්‍රපටයේ ශ්‍රව්‍ය නිකුතුවේ සහ චිත්‍රපටයේ සාර්ථක මුදාහැරීමත් සමග ජ්‍යෝතිකා සිය සැමියා වූ සූරියා සහ ඇගේ ඇතැම් මිතුරන්ව අගය කළේ ඔවුන් තමන්ගේ යළි පැමිණීමට පෙළඹවූ බව පවසමිනි.[කවදාද?] දෙමළ රූපවාහිනී වැඩසටහනක් වූ Koffee with DDහි දී ජ්‍යෝතිකා සඳහන් කළේ අපට අනාගතයේ ඇය කලාකාරිණියක මිස වීරවරියක ලෙස දැකගත නොහැකි බවයි.[තහවුරු කර නොමැත]

36 වයදිනිලේ චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු, 2016 පෙබරවාරියේ දී අධ්‍යක්ෂක බ්‍රම්මා විසින් තමන් විසින් රච‍නයෙහි යෙදුණු "ස්ත්‍රී-කේන්ද්‍රීය" චිත්‍රපටයක් සඳහා ඇයව තෝරාගන්නා ලදී. ඇගේ සැමියා වූ සූරියා මෙයට මූල්‍යමය අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් විය.[56] අනතුරුව චිත්‍රපටයේ සිය චරිතය සඳහා සූදානම් වීමට ජ්‍යෝතිකා දින විස්සක් පුරා වැඩමුළු මාලාවකට සහභාගී වූවා ය.[57][56] මගලිර් මාට්ටුම් නැමැති මෙම චිත්‍රපටය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ බ්‍රම්මා විසිනි. මෙය කූට්ට්‍රම් කඩිතල් (2015) චිත්‍රපටයෙන් පසු සිය දෙවන නිර්මාණය විය. මෙහි ප්‍රමුඛ චරිත නිරූපණය කරන්නේ සාරණ්‍යා, ඌර්වෂි, භානුප්‍රියා, නසාර් සහ ලිවිංස්ටන් විසිනි. සූරියා විසින් නිෂ්පාදනය කරන ලද මෙහි නිෂ්පාදන කටයුතු 2016 ජූලි මස ආරම්භ විය. මීට අමතරව ඇය 2016 සැප්තැම්බරයේ දී ශ්‍රී තේනන්දල් ෆිල්ම්ස් ආයතනයේ තවත් චිත්‍රපටයක් සඳහා අත්සන් තැබුවා ය. අට්ලී විසින් අධ්‍යක්ෂණය කරන මෙහි ප්‍රධාන චරිතය විජේ විසින් නිරූපණය කරනු ලබයි.[58][59][60] රූගත කිරීම් ඇරඹී දින කිහිපයකට පසුව ජ්‍යෝතිකා ව්‍යාපෘතියෙන් ඉවත් වූ අතර, නිත්‍යා මෙනන් ඇගේ චරිතය නිරූපණය කළා ය. මෙම විස්ථාපනය පිළිබඳ මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කොට නැත.[61] පෙබරවාරි මස අග දී සූරියා විසින් ජ්‍යෝතිකාගේ නව චිත්‍රපටය ප්‍රවීණ අධ්‍යක්ෂකගේ චිත්‍රපටයක් බව සනාථ කළේ එහි මුහුරත් පෝස්ටර මුදාහැරීමෙනි. මෙම චිත්‍රපටය නාචියාර් ලෙස නම්කොට ඇති අතර, ජ්‍යෝතිකා විසින් එහි අවතාරයකගේ චරිතය නිරූපණය කරයි. නාචියාර් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස ජී. වී. ප්‍රකාශ් තෝරාගෙන ඇත. ඔහුගේ මංගල දැක්ම පෝස්ටර මෑතක දී මුදාහැර ඇත. චිත්‍රපටයේ සංගීත නිර්මාණය ඉලයරාජා විසින් සිදු කරනු ලබයි.[62][63][64]

තෙලිඟු වෘත්තිය[සංස්කරණය]

ජ්‍යෝතිකාගේ පළමු තෙලිඟු දායකත්වය වූයේ තාගෝර් චිත්‍රපටයේ ඇය නිරූපණය කළ ප්‍රධාන චරිතයයි. මෙහි ඇය චිරන්ජීවිගේ බිරිඳ ලෙස චරිත නිරූපණය කළා ය. අන්තර්ජාතික ඉන්දියානු චිත්‍රපට ඇකඩමි සම්මාන උළෙලේ දී ප්‍රදර්ශනය කෙරුණු මෙය ආර්ථික අතින් සාර්ථකත්වයට පත් විය. ඔහු සමග ඉන්ද්‍රා චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකෙන් ඕනෑම එකක් නිරූපණයට ඇයට ආරාධනා හිමිවුව ද, ඇය ඒවා ප්‍රතික්ෂේප කළේ දෙමළ චිත්‍රපටවල සහ උපේන්ද්‍රා සමග ඇය රැඟූ ඇගේ ප්‍රථම කන්නඩ චිත්‍රපටයේ කටයුතුවල කාර්යබහුලත්වය හේතුවෙනි.[29][30][38][39] ඇය තෙලිඟු සිනමාවට පිවිසියේ චිරක්ජීවි සමග රංගනයෙන් වුව ද, ඇගේ පළමු තෙලිඟු චිත්‍රපටය වූයේ වන් ටූ ත්‍රී නම් ත්‍රිභාෂා චිත්‍රප‍ටයයි.[65] ඇයට ලක්ෂ්මි නරසිංහ චිත්‍රපටයේ නන්දමුරි බාලක්‍රිෂ්ණා සමග සහ මහාරාධි චිත්‍රපටයේත් ප්‍රධාන චරිත නිරූපණයට ආරාධනා හිමිවුව ද ඇය එය ප්‍රතික්ෂේප කළේ දින සම්බන්ධ ගැටලු හේතුවෙනි. මින් දෙවනුව සඳහන් කළ චිත්‍රපටය ඇය රංගනයේ යෙදුණු 2003 සාර්ථක දෙමළ චිත්‍රපටයක් වූ කාක කාක චිත්‍රපටයේ තෙලිඟු ප්‍රතිනිර්මාණයයි. ආධුනික අධ්‍යක්ෂකවරයකු වූ රාඝවා ලෝරන්ස්ගේ මාස් චිත්‍රපටයේ නාගාර්ජුනා අක්කිනේනි සමගින් ඇය රංගනයෙහි යෙදුණා ය. ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය ප්‍රවර්ගයෙන් ඇය නිර්දේශ වූවා ය.[66] මෙම චිත්‍රපටය දෙමළ බසින් හඬකවා වීරන් ලෙස විකාශය කෙරුණු අතර එය අතිශය සාර්ථක විය. මෙහි හින්දියෙන් හඬකැවූ ප්‍රභේදය මේරි ජුන්ග් - වන් මෑන් ආමි නම් විය. මෙම චිත්‍රපටය බොක්ස් ඔෆීස් අතින් අතිශය සාර්ථකත්වයට පත් වූයේ ආදායම් වාර්තා තබමිනි.

නිෂ්පාදක එම්. එස්. රාජු විසින් සිය වර්ෂම් චිත්‍රපටයේ ප්‍රභාස් සමග ප්‍රධාන චරිත නිරූපණය කිරීමට ඇයට ආරාධනා කළ නමුත්, ඇය එම ආරාධනය ප්‍රතික්ෂේප කළා ය. එයට හේතුව චන්ද්‍රමුඛී චිත්‍රපටයේ සුපිරි නළු රජ්නිකාන්ත් සමග රංගනයේ යෙදීමට එහි දින බාධාවක් වීමයි.[තහවුරු කර නොමැත] චන්ද්‍රමුඛීහි සාර්ථකත්වයත් සමගින් ඇය සුපිරි නිළියක ලෙස විරුදාවලි ලැබුවා ය.[67][68][69] ඇගේ අවසන් තෙලිඟු චිත්‍රපටය වූයේ රවි තේජා සමග රංගනයේ යෙදුණු Shock චිත්‍රපටයයි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ රාම් ගෝපාල් වර්මා විසිනි.[70] මේ හේතුවෙන් ඇය නැවත වරක් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය ලෙස නිර්දේශ හිමි කරගැනීමට සමත් වූවා ය.[71] ස්ටාලින් තෙලිඟු චිත්‍රපටයේ චිරන්ජීවි සමග රංගනයේ යෙදීමට ඇයට නැවත වරක් ඇයට අවස්ථාවක් හිමිවූ නමුත්, එය පසුව අහිමි විය.[72] ශ්‍රී රාමදාසු චිත්‍රපටයේ නාගාර්ජුනා සමගත් ලක්ෂ්මි චිත්‍රපටයේ වෙන්කටේෂ් සමගත් ප්‍රධාන චරිත නිරූපණයට ඇයට ආරාධනා හිමිවූ නමුත්, ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේ කාර්යබහුල වීම හේතුවෙනි.[73]

දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂක ශ්‍රී රාඝවාගේ (හෙවත් සෙල්වරාඝවන්) කුළුඳුල් තෙලිඟු අධ්‍යක්ෂණය වූ ආදාවරි මටකලු අර්ධලු වෙරුලේ චිත්‍රපටයේ වෙන්කටේෂ් සමග රැඟුමට ජ්‍යෝතිකා තෝරාගැනිණි. ජ්‍යෝතිකා මෙයට අත්සන් තැබූව ද, පසුව ඉන් ඉවත් වූයේ සිය විවාහයේ තටයුතු හේතුවෙනි. පසුව මෙම චරිතය ත්‍රිෂා ක්‍රිෂ්ණන් විසින් නිරූපණය කරන ලදී.[74]

ඇගේ මොලි චිත්‍රපටය තෙලිඟු බසින් මාතරානෛ මෞනමිඩි යන නාමයෙන් මුදාහැරුණු අතර, ඇගේ රංගනය වෙනුවෙන් විචාරක පැසසුමට ඇය ලක්වූවා ය. මෙය ආර්ථික අතින් ද සාර්ථක විය.[75]

වෙනත් නිර්මාණ[සංස්කරණය]

අතීතයේ ජ්‍යෝතිකා ඉදයම් තෙල් සහ පැරගන් පාවහන් සඳහා සන්නාම තානාපතිනියක ලෙස කටයුතු කොට ඇත. මීට අමතරව ඇය RmKV සේද සාරි සහ චෙන්නායිහි Wardrobe Hub වෙනුවෙන් ද සන්නාම තානාපතිනියක ලෙස කටයුතු කළා ය. පසුව, ඇය සිය සැමියා වූ සූරියා සමගින් Aircel සහ Nescafé වෙළඳ දැන්වීම සඳහා ද පෙනීසිටියා ය. මීට අමතරව ඇය Comfort සහ සන්තූර් සබන් දැන්වීමවල ද පෙනීසිට තිබේ.[76]

චිත්‍රපට නාමාවලිය[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
1998 ඩෝලි සාජා කේ රඛ්නා පල්ලවී සිංහා හින්දි නිර්දේශිත - හොඳම කෝඩුකාර නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය
1999 වාලි සෝනා දෙමළ හොඳම කෝඩුකාර නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දකුණ [6]
දිනකරණ් හොඳම කෝඩුකාර නිළිය[18]
"අමුදා සුරාභි" හොඳම නවක නිළිය සම්මානය.[19]
හොඳම නවක නිළිය සඳහා සිනෙමා එක්ස්ප්‍රස් සම්මානය - දෙමළ
1999 පූවෙල්ලම් කේට්ටුප්පාර් ජානකී "කල්‍යාණි" කන්නන් දෙමළ
1999 මුගවරී විජී දෙමළ
2000 කුෂි ජෙනිෆර් (ජෙනී/සෙල්වි) දෙමළ හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ
හොඳම නිළිය සඳහා සිනෙමා එක්ස්ප්‍රස් සම්මානය - දෙමළ
2000 Rhythm අරුණා කාර්තිකේයන් දෙමළ
2000 ස්නේගිතියේ වානි "වාසු" සුබ්‍රමණියම් දෙමළ
2000 උයිරිලේ කලන්තතු ප්‍රියා මහාලක්ෂ්මි දෙමළ
2000 තෙනාලි ජානකී දෙමළ
2001 Little John වානි දෙමළ/හින්දි/ඉංග්‍රීසි ත්‍රීභාෂා චිත්‍රපටයකි.
2001 ඩුම් ඩුම් ඩුම් ගංගා වේළුතම්බි දෙමළ සිනෙමා එක්ස්ප්‍රස් සම්මාන තිරයේ හොඳම යුවළ (මාධවන් සමග හවුලේ)[77]
2001 Star ප්‍රීති දෙමළ
2001 පූවෙල්ලම් උන් වාසම් චෙල්ලා දෙමළ නිර්දේශිත - හොඳම දෙමළ නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය[78]
2001 12B ජෝතිකා දෙමළ
2002 රාජා ප්‍රියා දෙමළ නිර්දේශිත - හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ
2002 One Two Three නර්මධා දෙමළ/තෙලිඟු/කන්නඩ ත්‍රිභාෂා චිත්‍රපටයකි.
2002 නගරාහවු කීර්ති
ප්‍රේමා
කන්නඩ
2003 ධූල් ඊශ්වරී දෙමළ නිර්දේශිත - හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ
2003 ප්‍රියාමනා තොලි නන්දිනී අශෝක් දෙමළ
2003 කාක කාක මායා අන්බුචෙල්වන් දෙමළ නිර්දේශිත - හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ
අන්තර්ජාතික දෙමළ චිත්‍රපට සම්මාන හොඳම නිළිය සඳහා විශේෂ ජූරියේ සම්මානය[33]
2003 තිරුමලෛ ස්වේතා දෙමළ
2003 තාගෝර් නන්දිනී (නන්දු) තෙලිඟු
2003 Three Roses පූජා දෙමළ
2004 අරුල් කණ්මණි අරුල්කුමාරන් දෙමළ
2004 පේරාලගන් ප්‍රියා/ ශෙන්බගම් දෙමළ ද්විත්ව චරිතයකි. හොඳම නිළිය සඳහා තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය[79]
දිනකරණ් හොඳම නිළිය[80]
නිර්දේශිත - හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ
2004 මන්මදන් මෛතිලි දෙමළ නිර්දේශිත: හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ
2004 මාස් අංජලී තෙලිඟු නිර්දේශිත: හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - තෙලිඟු
2005 මායවි ජ්‍යෝතිකා නිළිය (ජෝ) දෙමළ
2005 චන්ද්‍රමුඛී ගංගා සෙන්තිල්නාතන්/
චන්ද්‍රමුඛී
දෙමළ හොඳම නිළිය සඳහා තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය
දිනකරණ් හොඳම නිළිය
හොඳම නිළිය සඳහා චිත්‍රපට රසික සංගමයේ සම්මානය[81][82]
නිර්දේශිත: හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ
2006 සරවණා සධානා දෙමළ
2006 Shock මධුරි තෙලිඟු නිර්දේශිත: හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - තෙලිඟු
2006 වික්‍රමාර්කුඩු වික්‍රම් සිං රථෝද් මහත්මිය තෙලිඟු සඳහන් නොවන චරිතයකි.
2006 June R ජූන් ආර්. දෙමළ
2006 වේට්ටෛයාඩු විලෛයාඩු ආරාධනා දෙමළ නිර්දේශිත: හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ
2006 සිල්ලුනු ඔරු කාදල් කුන්තවි ගෞතම් දෙමළ නිර්දේශිත: හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ
2007 මොලි අර්චනා දෙමළ හොඳම නිළිය සඳහා තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මානය
නිර්දේශිත: හොඳම දෙමළ නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය
2007 පචෛකිලි මුතුචරම් ස්මිතා (ගීතා/කල්‍යාණි) දෙමළ
2007 මණිකණ්ඩා මහාලක්ෂ්මී (මහා) දෙමළ
2007 රක්කිලිප්පට්ටු ජොසෆින් මලයාලම්
2009 සීත කල්‍යාණම් නිමිෂා මලයාලම් නිර්දේශිත, හොඳම මලයාලම් නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය
2015 36 වයදිනි‍ලේ වසන්ති තමිල්සෙල්වන් දෙමළ හොඳම දකුණු නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය
නිර්දේශිත: හොඳම දෙමළ නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය
2017 මගලිර් මාට්ටුම් නිවේදනය කිරීමට නියමිත දෙමළ රූගත කෙරෙමින් පවතියි.
2017 නාචියාර් නිවේදනය කිරීමට නියමිත දෙමළ පූර්ව-නිෂ්පාදනය[62][63][64]

කෙටි චිත්‍රපට[සංස්කරණය]

වර්ෂය චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
2006 නිමිෂම්[83] නිමිෂා මලයාලම් රේවතී එස්. වර්මා විසින් අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපටයකි.
2008 හීරෝවා? සීරෝවා? නොදනී දෙමළ

සම්මාන[සංස්කරණය]

ජ්‍යෝතිකා සම්මාන හා නිර්දේශ
එකතුව
ලබා ගැනීම් 31
නිර්දේයන් 47

තමිල් නාඩු ප්‍රාන්ත චිත්‍රපට සම්මාන[සංස්කරණය]

අන්තර්ජාතික දෙමළ චිත්‍රපට සම්මාන[සංස්කරණය]

කලෛමාමණි සම්මාන[සංස්කරණය]

  • 2005 – කලෛමාමණි හොඳම නිළිය සම්මානය: කලාව - චිත්‍රපට කර්මාන්තය

චිත්‍රපට රසික සංගමයේ සම්මාන[සංස්කරණය]

  • 2001 - හොඳම දෙමළ නිළිය: පූවෙල්ලම් උන් වාසම්
  • 2004 - හොඳම දෙමළ නිළිය: පේරාලගන්
  • 2005 - හොඳම දෙමළ නිළිය සම්මානය: චන්ද්‍රමුඛී
  • 2006 - හොඳම දෙමළ නිළිය සම්මානය: වේට්ටෛයාඩු විලෛයාඩු
  • 2007 - හොඳම දෙමළ නිළිය සම්මානය: මොලි

වෙනත් සම්මාන[සංස්කරණය]

  • 1999 - අමුද සුරාභි හොඳම නවකයා: වාලි[19]
  • 2003 - හොඳම නිළිය සඳහා මදුරාසි සංස්ථා සංගම් සම්මානය: ධූල්
  • 2005 - හොඳම නිළිය සඳහා චිත්‍රපට විචාරක සම්මානය: චන්ද්‍රමුඛී
  • 2007 - හොඳහ නිළිය සඳහා හබ්ස් තේරීම සම්මානය: මොලි
  • 2007 - හොඳම නිළිය සඳහා බෙන්ස් සම්මානය: මොලි
  • 2007 - හොඳම නිළිය සඳහා රිට්ස් සම්මානය: මොලි
  • 2007 - ඉසෛයුරවි දෙමළ සංගීත සම්මාන - හොඳම වීරවරිය: මොලි

විකටන් සම්මාන[සංස්කරණය]

සිනෙමා එක්ස්ප්‍රස් සම්මාන[සංස්කරණය]

ෆිල්ම්ෆෙයාර් සම්මාන දකුණ[සංස්කරණය]

දිනකරණ් චිත්‍රපට සම්මාන[සංස්කරණය]

බිහයින්ඩ්වුඩ්ස් ස්වර්ණ පදක්කම් සම්මාන[සංස්කරණය]

  • බිහයින්ඩ්වුඩ්ස් ජනතාවගේ තේරීම නිළිය - 36 වයතිනිලේ [84]
  • බිහයින්ඩ්වුඩ්ස් හොඳම ආධුනික නිෂ්පාදක - සූරියා සමග (2D එන්ටර්ටේන්මන්ට්) - 36 වයතිනිලේ[85]

දකුණු ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට සම්මාන[සංස්කරණය]

අයිෆා උත්සවම් සම්මාන[සංස්කරණය]

විජේ සම්මාන[සංස්කරණය]

ෆිල්ම්ෆෙයාර් සම්මාන[සංස්කරණය]

නිර්දේශ[සංස්කරණය]

දෙමළ[සංස්කරණය]

තෙලිඟු[සංස්කරණය]

මලයාලම්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Jo Jo Jyothika ... – Jyothika – Suriya – Tamil Movie News. Behindwoods.com (18 October 2012). Retrieved on 12 December 2012.
  2. "Jyothika receives critical acclaim". Screen. 10 February 2006. සම්ප්‍රවේශය 7 May 2010.
  3. http://www.sify.com/movies/pachaikili-postponed-news-tamil-kkfvfajhfehsi.html
  4. http://www.behindwoods.com/features/Topten/top-10-movies/tamil-cinema-topten-movie-pachaikili-muthucharam.html
  5. Rangan, Baradwaj (2008). "Gautam "Vasudev" Menon". Baradwaj Rangan. සම්ප්‍රවේශය 2011-04-28.
  6. 6.0 6.1 6.2 6.3 "Best Debutants down the years..." filmfare.com. සම්ප්‍රවේශය 2017-01-23.
  7. 7.0 7.1 "Jyothika Missed National Awards | News – General". Top 10 Cinema. 9 September 2009. සම්ප්‍රවේශය 3 December 2011.
  8. 8.0 8.1 Kalaimamani Awards for 123 persons announced සංරක්ෂණය කළ පිටපත 2006-10-29 at the Wayback Machine The Hindu, 15 February 2006.
  9. 9.0 9.1 "63rd Filmfare Awards (Tamil): And The Nominees Are..." Filmibeat. 8 June 2016.
  10. 10.0 10.1 "Jo misses National Award by a whisker!". Sify.com. 8 September 2009. සම්ප්‍රවේශය 3 December 2011.
  11. Sangeetha Seshagiri (14 August 2014) Jyothika's Comeback: 'Mozhi' Actress to Star in 'How Old Are You' Remake. ibtimes.co.in
  12. "63nd Britannia Filmfare Awards South 2016". Book My Show. 7 June 2015.
  13. 13.0 13.1 "Vishnuvardhan, Sudharani win Filmfare awards – The Times of India". The Times Of India.
  14. "Highlights of Suriya-Jyothika wedding". Behindwoods.com. 11 September 2006. සම්ප්‍රවේශය 22 October 2009.
  15. Settu Shankar (20 August 2007). "Bright light falls on Surya-Jyothika". One India. සම්ප්‍රවේශය 22 October 2009.
  16. Surya-Jyothika Son’s name is Dev. chennai365.com (21 July 2010)
  17. "Priyadarshan: "People expect a lot from a commercial director"". India Today. 13 November 2000. 3 September 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017. I was so sure Doli Saja Ke Rakhna would do well, but when it didn't I lapsed into depression.
  18. 18.0 18.1 18.2 "Dinakaran Cinema Awards - 1999". Dinakaran. 2008-06-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-02-25.
  19. 19.0 19.1 19.2 "Archived copy". 15 August 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 August 2013. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)CS1 maint: archived copy as title (link)
  20. 20.0 20.1 Slap in the face for Kamal. Rediff.com (18 August 2000). Retrieved on 12 December 2012.
  21. "Hits and misses of the year that was". The Hindu. 19 January 2001. සම්ප්‍රවේශය 25 August 2012.
  22. "Fighting her way to success". The Hindu. Chennai, India. 23 October 2002.
  23. "Trophy time for tinseldom". The Hindu. 24 March 2001. සම්ප්‍රවේශය 25 August 2012.
  24. "Here's something 'new'". The Hindu. Chennai, India. 2 July 2004. 10 November 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2017.
  25. "We Rise fast, fall fast": Jyothika. Cinematoday2.itgo.com. Retrieved on 12 December 2012.
  26. Friends. Cinematoday2.itgo.com. Retrieved on 12 December 2012.
  27. Runaway success? සංරක්ෂණය කළ පිටපත 2003-07-01 at the Wayback Machine. The Hindu (18 September 2002). Retrieved on 12 December 2012.
  28. Telugu Cinema – Review – Dum Dum Dum – Madhavan, Jyotika – Mani Ratnam – Perumal – Karthik Raja – veturi. Idlebrain.com (21 September 2001). Retrieved on 12 December 2012.
  29. 29.0 29.1 Nagarahavu Cast & Crew, Nagarahavu Star Cast, Actor, Actress, Director සංරක්ෂණය කළ පිටපත 2020-10-12 at the Wayback Machine. entertainment.oneindia.in. Retrieved on 12 December 2012.
  30. 30.0 30.1 "Welcome to". Sify.com. 20 January 2007. සම්ප්‍රවේශය 13 February 2012.[භින්න වූ සබැඳිය]
  31. The dancing brush. Rediff.com (11 August 2000). Retrieved on 12 December 2012.
  32. Ladies Only. Rediff.com (31 March 2000). Retrieved on 12 December 2012.
  33. 33.0 33.1 33.2 http://www.bollywoodsargam.com/bollywood_news.php?newsstory=31139767--0-latest-Suryah__Jothika_say_no_to_ITFA_awards_bollywood_news.html සංරක්ෂණය කළ පිටපත 2013-01-02 at archive.today
  34. Reel of fortune සංරක්ෂණය කළ පිටපත 2004-05-06 at the Wayback Machine. The Hindu (29 December 2003). Retrieved on 28 December 2013.
  35. "tamil movie site". Reocities.com. සම්ප්‍රවේශය 2012-08-06.
  36. Jyothika. BizHat.com
  37. "Welcome to". Sify.com. 20 January 2007. සම්ප්‍රවේශය 18 October 2011.
  38. 38.0 38.1 Tagore හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
  39. 39.0 39.1 "Tagore". IBOS. සම්ප්‍රවේශය 12 December 2010.
  40. "Chandramukhi is a certain hit!". Ia.rediff.com. 14 අප්‍රේල් 2005. 25 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 August 2012. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  41. "Tamilnadu govt awards Rajini and Kamal". cinesouth.com. සම්ප්‍රවේශය 20 October 2009.
  42. "Jo is the new `Chandramukhi`". Sify.com. 18 නොවැම්බර් 2004. 25 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 October 2011. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  43. "Saravana Movie Review". indiaglitz.com. 14 January 2004. සම්ප්‍රවේශය 20 December 2011.
  44. Metro Plus Chennai / Cinema : Hits all the way. The Hindu (28 July 2005). Retrieved on 12 December 2012.
  45. June R Tamil Movie Review – cinema preview stills gallery trailer video clips showtimes සංරක්ෂණය කළ පිටපත 2005-11-23 at the Wayback Machine. IndiaGlitz (14 February 2006). Retrieved on 12 December 2012.
  46. June R Review – Tamil Movie Review by P.V.Sathish Kumar සංරක්ෂණය කළ පිටපත 2012-12-30 at the Wayback Machine. Nowrunning.com (5 July 2005). Retrieved on 12 December 2012.
  47. 47.0 47.1 Rangan, Baradwaj. "Review - Mumbai Xpress". desipundit.com. සම්ප්‍රවේශය 9 January 2008.
  48. "No remake for Vettaiyadu Villaiyadu". The Times Of India. 19 March 2012. 2013-12-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-11-25.
  49. Box office – 3 (Feb 23rd to March 2nd). Behindwoods.com (26 November 2006). Retrieved on 12 December 2012.
  50. "`I don't write scripts for heroes`". Sify. 2006. සම්ප්‍රවේශය 28 April 2011.
  51. Howzzat? Priyan film releases and goes unnoticed! – Malayalam Movie News සංරක්ෂණය කළ පිටපත 2011-06-13 at the Wayback Machine. IndiaGlitz (15 January 2007). Retrieved on 12 December 2012.
  52. Friendship Bollywood Movie Preview, Synopsis – Bollywood movie Friendship Preview, Synopsis සංරක්ෂණය කළ පිටපත 2012-10-09 at the Wayback Machine. Nowrunning.com. Retrieved on 12 December 2012.
  53. "சரவணா ஸ்டோர்ஸ் சட்டையைத்தான் இனி சூர்யாவும் போடுவாரா?". sivajitv.com. 13 February 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 15 June 2010.
  54. "Events – Herova? Zerova? Educational Awareness Campaign". IndiaGlitz. 16 May 2008. සම්ප්‍රවේශය 26 February 2011.
  55. Winners of the 63rd Britannia Filmfare Awards (South)
  56. 56.0 56.1 "Jyothika's movie with Bramma begins today". sify.com.
  57. "Jyothika attends workshop for Bramma's next film!". sify.com.
  58. http://www.ibtimes.co.in/vijay-61-sri-thenandal-films-confirms-producing-ilayathalapathy-atlees-film-700191
  59. http://indiatoday.intoday.in/story/vijay-61-ilayathalapathy-vijay-jyothika-kajal-samantha/1/871842.html
  60. http://www.behindwoods.com/tamil-movies-cinema-news-16/sri-thenandal-films-officially-announce-the-cast-and-crew-details-about-vijay-61.html
  61. http://www.sify.com/movies/nithya-menen-replaces-jyothika-in-thalapathy-61-news-tamil-rcgsptdacgcaj.html
  62. 62.0 62.1 "First look of Jyothika-Bala film". The Times of India. 28 February 2017. සම්ප්‍රවේශය 1 March 2017.
  63. 63.0 63.1 "Naachiyar first look: Suriya unveils Jyothika's never-seen-before avatar, see pics". Indian Express. 28 February 2017. සම්ප්‍රවේශය 1 March 2017.
  64. 64.0 64.1 "Jyothika, G.V. Prakash to star in Bala's next". The Hindu. 28 February 2017. සම්ප්‍රවේශය 1 March 2017.
  65. "Telugu Cinema - Review - 123 - One Two Three - Prabhu Deva, Jyothika, Nagendra Prasad, Raju Sundaram". www.idlebrain.com. සම්ප්‍රවේශය 2017-01-23.
  66. "nonstopcinema.com". www.nonstopcinema.com. සම්ප්‍රවේශය 2017-01-23.
  67. "Jo is the new `Chandramukhi`". Sify. 18 November 2004. 25 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 October 2011.
  68. Kumar, S. R. Ashok (27 May 2005). "'I was lucky to get it'". The Hindu. 29 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 September 2014.
  69. "Chandramukhi' tops Telugu charts". IANS. 22 April 2005. 27 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 September 2014.
  70. "'Shock' Audio Launch". IndiaGlitz. සම්ප්‍රවේශය 2017-01-23.
  71. "Shock Cast & Crew, Shock Telugu Movie Cast, Actor, Actress, Director - Filmibeat". FilmiBeat. සම්ප්‍රවේශය 2017-01-23.
  72. "Trisha is Chiru's choice!". Sify (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-01-23.
  73. "(no title)". සම්ප්‍රවේශය 2017-01-23. {{cite web}}: Cite uses generic title (help)
  74. "Jyothica missed acting opposite Venkatesh".
  75. "Tamil hit Mozhi as Maatarani Mounamidi in Telugu". indiaglitz.com. සම්ප්‍රවේශය 24 September 2015.
  76. "'close Up' Suriya – Suriya – Tamil Movie News". Behindwoods.com. 29 April 2011. සම්ප්‍රවේශය 3 December 2011.
  77. 77.0 77.1 "The cinema express Award night".
  78. 78.0 78.1 49th Annual Filmfare Awards – South සංරක්ෂණය කළ පිටපත 2015-04-19 at the Wayback Machine. Downloads.movies.indiatimes.com. Retrieved on 24 June 2013.
  79. "Tamilnadu State Film Awards – awards for Vikram, Jyotika". cinesouth.com. සම්ප්‍රවේශය 20 October 2009.
  80. "Tamil movies :Jyothika goes GA GA over Surya". Behindwoods.com. 2006-01-12. සම්ප්‍රවේශය 2012-08-25.
  81. "Film fans association honours artistes, technicians". The Hindu. 18 September 2006. 26 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 April 2014.
  82. "Anniyan & Chandramukhi walks away with honors". Behindwoods. 7 August 2006. 26 September 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 April 2014.
  83. "Tamil movies :Jyotika does a short film". Behindwoods.com. 2006-01-12. සම්ප්‍රවේශය 2012-08-25.
  84. "WINNERS OF BEHINDWOODS GOLD MEDALS 2015". Behindwoods. සම්ප්‍රවේශය 2016-10-13.
  85. "WINNERS OF BEHINDWOODS GOLD MEDALS 2015". Behindwoods. සම්ප්‍රවේශය 2016-10-13.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජ්‍යෝතිකා&oldid=606128" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි