36 වයදිනිලේ

විකිපීඩියා වෙතින්
(36 වයතිනිලේ වෙතින් යළි-යොමු කරන ලදි)
36 වයදිනිලේ
අධ්‍යක්‍ෂණයරොෂාන් ඇන්ඩෲස්
රචනයවිජි (දෙබස්)
තිර රචනයබොබී සංජේ
කතාවස්තුවරොෂාන් ඇන්ඩෲස්
නිශ්පාදනයසූරියා
රංගන ශිල්පීන්ජ්‍යෝතිකා
රහ්මාන්
අභිරාමි
සිනෙමාරූපණයආර්ත දිවාකරන්
සංස්කරණයමහේෂ් නාරායණන්
සංගීතයසන්තෝෂ් නාරායණන්
Production
company
බෙදාහැරීමස්ටූඩියෝ ග්‍රීන්
නිකුත්වූ දිනය
  • 15 මැයි 2015 (2015-05-15)[1]
තිර කාලය
මිනි. 115
රටඉන්දියාව
භාෂාවදෙමළ
පිරිවැයඉන්දියානු රුපියල් කෝටි 3 (ඇ.ඩො. 470,000)[2]

36 වයදිනිලේ (සිංහල: තිස්-හයවන වියේ දී) යනුවෙන් හැඳින්වෙන්නේ රොෂාන් ඇන්ඩෲස් විසින් අධ්‍යක්ෂණය කළ ඉන්දියානු දෙමළ ප්‍රහසන-නාට්‍ය චිත්‍රපටයකි. මෙය රචනා කරන ලද්දේ බොබී සංජේ විසින් වන අතර, මෙය නිෂ්පාදනය කරන ලද්දේ සූරියා විසින් සිය නිෂ්පාදන කලාගාරය වූ 2D එන්ටර්ටේන්මන්ට් යටතේ ය. How Old Are You (2014) නැමැති මලයාලම් චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක් වන මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ජ්‍යෝතිකා විසිනි. රහ්මාන් මෙහි සහාය රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටය ජ්‍යෝතිකාගේ නැවත ආගමනය[3] සනිටුහන් කරන අතර, මෙහි ඇගේ රංගන ප්‍රතිභාව විචාරක පැසසුමට ලක් විය. මෙම චිත්‍රපටය මුදාහැර සති දෙකකින් එය ආර්ථික අතින් අතිශය සාර්ථකත්වයට පත්වූ බැව් නිවේදනය කෙරිණි.[4] 63වන බ්‍රිටැනියා දකුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ දී ඇයට හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය පිරිනැමුණේ මෙම චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. මෙම සම්මානයත් සමගින් ඇය හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය - දෙමළ සහ හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය යන සම්මාන ද්විත්වයම හිමි කරගත් පළමු නිළිය බවට පත්වූවා ය.[5]

කථාපුවත[සංස්කරණය]

36 වන වියේ පසුවන වසන්ති (‍ජ්‍යෝතිකා) ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාරිණියකි. ඇගේ සැමියා වන තමිල්සෙල්වන් (රහ්මාන්) ඕල් ඉන්ඩියා රේඩියෝ ආයතනයේ සේවය කරයි. තමිල්සෙල්වන් අයර්ලන්තය වෙත සංක්‍රමණය වීමට අපේක්ෂා කළත්, වසන්තිට ඔහු සමග පැමිණිය නොහැකි වන්නේ ඇගේ වයස හේතුවෙන් බොහෝ අයිරිෂ් සමාගම් ඇගේ රැකියා අයදුම්පත් ප්‍රතික්ෂේප කරන හෙයිනි. ඇගේ දිවියේ කිසිදු රසවත්භාවයක් නැත. ඇය ඒකාකාරී නීරස දිවියක් ගතකරන නමුත්, වෙනස් වීමට අපේක්ෂා කරයි.

එක් දිනෙක වසන්තිහට IG රාජන් (නසාර්) ගෙන් සිය කාර්යාලට පැමිණෙන ලෙස කැඳවීමක් ලැබෙයි. එහි දී ඇයට දැනගන්නට ලැබෙන්නේ ඉන්දියාවේ ජනාධිපතිවරයා ඇය සමග සාකච්ඡා කිරීමට කැමති බව ය. නමුත් මෙම හමුව ව්‍යසනයක් බවට පත්වන්නේ ඇය ජනපති ඉදිරියේ ක්ලාන්ත වී ඇද වැටීම හේතුවෙනි. මේ නිසා ඇය ෆේස්බුක් සරදම්වලට තේමාවක් බවට පත්වේ. ඇය අසරණභාවයට පත්වන්නේ ඇය ඉන්දියාවේ තබා, ඇගේ සැමියා සහ දියණිය මිථිලා (අම්රිතා අනිල්) අයර්ලන්තය බලා විදෙස්ගත වීමත් සමගයි.

වසන්තිට ඇගේ පැරණි පාසල් මිතුරියක වන සුසෑන් ඩේවිඩ් (අභිරාමි) මුණගැසෙයි. මේ වනවිට සුසෑන් සාර්ථක ප්‍රධාන අලෙවිකරණ නිලධාරිණියකව සිටින්නී ය. ඇය වසන්ති පාසල් වියේ ධෛර්යවන්ත, අධිෂ්ඨානශීලී යුවතියකව සිටි කාලය සිහිපත් කරන අතර, නැවත එම සුවිසල් සිහින මවන තරුණිය බවට පත්වන මෙන් ඇයව පොළඹවාලයි. මේ නිසා වසන්ති ධෛර්යමත් වන අතර, ඇගේ දිවියට සුවිසල් ඉලක්කයක් හිමිවන්නේ විවාහ මංගල්‍යයක ආහාර සැපයුම් ඇනවුමක් මාර්ගයෙනි. එහි දී ඇය වටහා ගන්නේ වෙළඳපලේ ඇති එළවළුවලට හානිකර කෘමිනාශක යොදා ඇති බැවින් ඒවා සෞඛ්‍යයට අහිතකර බවයි. මේ නිසා සිය නිවසේ වූ කුඩා හරිතාගාරය නවීකරණය කරන ඇය යාබද නිවෙස්වල සිටින කාන්තාවන්ව ද සිය පවුල්වල යහපැවැත්ම උදෙසා තමන්ගේම එළවළු වගාකරන මෙන් හරිතාගාර වගාවට යොමු කරවයි. සුසෑන් ඇයව ප්‍රදේශයේ වාර්ෂික වාස්තු විද්‍යා සමුළුව රැගෙන යන අතර, එහි දී ඇයට කථා කිරීමට අවස්ථාවක් ලබා දේ. මෙය රටේ උගතුන්ගේ ප්‍රසාදයට හේතුවන අතර, කාබනික හරිතාගාර වගාව පිළිබඳ සංකල්පය ප්‍රේක්ෂකයා විසින් හොඳින් ග්‍රහණයර කරගනියි. සිය සැමියාගෙන් එල්ල වන විරෝධය සහ සහාය මන්දෝත්සාහීභාවය නොසලකා වසන්ති සිය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට විවාහ මංගල්‍යයේ ඇනවුම සැපයීමට හැකියාව ලැබෙන අතර, ඇගේ උත්සාහය ද මල්ඵල ගැන්වේ. ඇයට ප්‍රදේශයේ මෙන්ම ජාතික වශයෙන් ද ගරු බුහුමන් ලැබේ. ඇගේ සාර්ථකත්වයෙන් පසුව, ඇයට නැවත වරක් ඉන්දියාවේ ජනපතිගෙන් ආරාධනයක් හිමි වේ. මේ අවස්ථාවේ නම්, වසන්ති නොපැකිළෙන අතර ඇය ජනපතිගේ පැණයන්ට සාර්ථකව පිළිතුරු සපයයි. අවසානයේ ඇය සිය සැමියාගේත් දියණිය‍ගේත් ගෞරවය නොමඳව ලබන්නට සමත් වන්නී ය.

චරිත නිරූපණය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

2014 අගෝස්තු මස නිවේදනය කෙරුණේ නිළි ජ්‍යෝතිකා සත් අවුරුදු නිහඬතාවකින් පසුව යළි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රොෂාන් ඇන්ඩෲස්ගේ මලයාලම් චිත්‍රපටයක් වූ How Old Are You? (2014) චිත්‍රපටයේ දෙමළ ප්‍රතිනිර්මාණයෙන් බවයි. මෙහි මුල් නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ මංජු වාරියර් විසිනි. ජ්‍යෝතිකාගේ සැමියා වූ සූරියා මෙය සිය නිෂ්පාදන සන්නාමය වූ 2D එන්ටර්ටේන්මන්ට් යටතේ නිෂ්පාදනය කිරීමට එකඟ විය. එනමුත් මුල් ප්‍රභේදයෙහි අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරුන් වූ රොෂාන් ඇන්ඩෲස් සහ බොබී සං‍ජේ ද මෙයට දායක කරගැනිණි.[6] සූරියා අනාවරණය කළේ තම්න සහ ජ්‍යෝතිකා මෙම මලයාලම් චිත්‍රපටයෙන් විමතියට පත්වූ බවත්, නැවත නිළියක ලෙස රංගනයට පිවිසීමට එකඟ වීමට ජ්‍යෝතිකා දින දෙකක්ම වැය කළ බවත් ය.[7] මුල් චිත්‍රපටයෙහි කුන්චකෝ බෝබන් විසින් නිරූපණය කළ චරිතය සඳහා 2014 ඔක්තෝබර් මස නළු රහ්මාන් තෝරාගැනිණි.[8][9] සංගීත අධ්‍යක්ෂක සන්තෝෂ් නාරායණන් මෙම චිත්‍රපටයේ ස්වර ලිපි සහ නාදපථය නිර්මාණයට අත්සන් තැබී ය.[10]

චිත්‍රපටයේ රූගත කිරීම් 2014 නොවැම්බර් මස ඇරඹුණු අතර, රූගත කිරීම් චෙන්නායි, දිල්ලි සහ රාජස්ථානයෙහි සිදු කිරීමට සැලසුම් කෙරිණි.[11] ජ්‍යෝතිකාගේ චරිතය ජනපති මුණගැසීම සමග චිත්‍රපටයේ අවසන් දර්ශනය මුලින්ම රූගත කෙරුණු අතර, ජනපතිගේ චරිතය නිරූපණය කරන ලද්දේ සිද්ධාර්ත් බාසු විසිනි. මෙය නව දිල්ලියේ රාෂ්ට්‍’පති භවන්හි රූගත කෙරිණි.[12][13] පළමු කාර්ය සටහන අනුව, නිළි අභිරාමි ද මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණයට අත්සන් තැබී යත මෙය වසර එකොළහක නිහැඬියාවකින් පසු ඇගේ දෙමළ චිත්‍රපට ආගමනය විය.[14] නිෂ්පාදක සූරියා විසින් තමන් සමග වෙනත් නිෂ්පාදනයක් වූ මාස්ස් (2015) සඳහා දායකව සිටි සංජේ භාරතී හට ද සුළු චරිතයක් ප්‍රදානය කරන ලදී.

නාදපථය[සංස්කරණය]

36 වයදිනිලේ
ධ්වනිපථ ඇල්බමය , විසිනි
මුදාහැරුණේ17 පෙබරවාරි 2015
ගණයවෘත්තාන්ත චිත්‍රපට නාදපථය
භාෂාවදෙමළ
ලේබලයතින්ක් මියුසික්
නිෂ්පාදකසන්තෝෂ් නාරායණන්

චිත්‍රපටයේ නාදපථය නිමවන ලද්දේ සන්තෝෂ් නාරායණන් විසිනි. නාදපථ ඇල්බමය පථ එකොළහකින් සමන්විත අතර, ඒ අතරට මුල් නාදපථයෙහි වූ වාදන ඛණ්ඩ පහක් සහ කැරෝකේ නිර්මාණ තුනක් ඇතුළත් විය.[15] ගීත තුන සඳහා පද රචනය සිදුකරන ලද්දේ විවේක් විසිනි.[16] 2015 අප්‍රේල් 6 දින ඇල්බමය චෙන්නායිහි ලීලා මාලිගයේ දී මුදාහැරිණි.[17][18] මින් ගීත දෙකක් වූ "රසාති" සහ "හැපී-නාලු කලුදා" සන්තෝෂ් විසින් එම අවස්ථාවේ සජීවීව ඉදිරිපත් කරන ලදී. එය මෙහෙයවන ලද්දේ දිව්‍යාදර්ශිනී විසිනි.[19] මෙම ඇල්බමයට තරු 5න් 4ක් ලබාදෙමින් Sify රචනා කොට ඇත්තේ, "සන්තෝෂ් නාරායණන් ඔහුගේ චමත්කාරජනක චිත්‍රපට නිර්මාණ ලැයිස්තුවට තවත් අංගයක් එකතු කරමින් බිහිසුණු ඇල්බමයක් රැගෙන එයි. 36 වයදිනිලේ තුළ සිත්ගන්නා හොඳ ගීත එකතුවක් ඇති අතර, එය චිත්‍රපටයට විශේෂ අලංකාරයකි".[20]

සියලු පද රචනා සිදුකරන ලද්දේ විවේක්

නාදපථ ලැයිස්තුව
අංකය. ගීතයගායක(යින්) කාලය
1. "හැපී – නාලු කලුදා"  සන්තෝෂ් නාරායණන් 03:14
2. "පෝගිරේන්"  කල්පනා රාඝවේන්දර් 03:46
3. "රසාති"  ලලිතා විජයකුමාර් 04:25
4. "ප්‍රසිඩන්ට්"    
5. "කණ්ණඩි"    
6. "විදියල් තේඩි"    
7. "කණවුගල් සුමන්දු"    
8. "කන්නීර්"    

මුදාහැරීම[සංස්කරණය]

මෙම චිත්‍රපටයේ චන්ද්‍රිකා අයිතීන්e ජයා ටීවී වෙත අලෙවි කෙරිණි.[21]

පිළිගැනීම[සංස්කරණය]

මෙම චිත්‍රපටය විචාරකයන් වෙතින් යහපත් ප්‍රතිචාර හිමි කරගැනීමට සමත් විය.[22] Sify රචනා කළේ "සමස්තයක් ලෙස ගත් විට, 36 වයදිනිලේ යනු බොහෝ ඊනියා වානිජ චිත්‍රපට බොහෝමයට වඩා අනර්ඝ චිත්‍රපටයකි. ගුණාත්මක රසවින්දනයක් සොයන පවුලේ ප්‍රේක්ෂකයන් මෙය නැරඹිය යුතු ය. මෙම චිත්‍රපටය මගින් ලබාදෙන ධනාත්මක පණිවිඩ කිහිපයක්ම ඇත. මෙය ද ඇගයිය යුත්තකි".[23] ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත මෙයට තරු 5න් 3.5ක් ලබාදෙමින් රචනා කොට ඇත්තේ "36 වයදිනිලේ කාන්තා ශක්තිය හා සමාන කථාවක් විය හැක. නමුත් මෙහි ඉදිරිපත් වන කරුණු [..] අතිශයින්ම වලංගු ය".[24] Rediff මෙම චිත්‍රපටයට තරු 3ක් ලබාදෙමින් ලියා ඇත්තේ "සරල නමුත් සාධනීව පිටපත, අධ්‍යක්ෂකවරයාගේ මනා මෙහෙයවීම, වින්දනීය සංගීතය සමග මුසුව, සහ ජ්‍යෝතිකාගේ විස්මයජනක නිරූපණය නිසා 36 වයදිනිලේ නැරඹීමට තරම් අගනේ ය".[25]

කෙසේනමුත්, මේ පිළිබඳ ඍණාත්මක විචාරයක් සපයන ද හින්දු පුවත්පත පවසන්නේ "36 වයදිනිලේ සිනමාවක් නොවේ. එය, සැබැවින්ම කිවහොත් උත්කර්ෂවක් සෝප් ඔපෙරාවකි. පුළුල්ව ලියැවුණු මෙය වේදිකාව වෙත ඉදිරිපත් කොට ඇති අතර, එහි පණිවිඩය ලබාදෙන්නේ ශබ්ද විකාශන යන්ත්‍රයක අයුරින් ඝෝෂාකාරීව ය".[26]

ඇගයුම්[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 36 Vayadhinile confirmed for May 15th release | Tamil Cinema News › KollyInsider | Movie News – Kollywood. Kollyinsider.com (4 May 2015). Retrieved on 26 May 2015.
  2. Sreedhar Pillai (1 June 2015). "'Women should have a drive to chase their dreams': Jyothika on her hit comeback film '36 Vayadhinile'". Firstpost.
  3. "Jyothika to return in how old are you tamil remake". PrimeGlitz Media. සම්ප්‍රවේශය 3 April 2015.
  4. 36 Vayadhinile box office collection. Behindwoods.com. May 2015.
  5. Winners of the 63rd Britannia Filmfare Awards (South)
  6. "Jyothika to return in how old are you tamil remake". Sify. සම්ප්‍රවේශය 6 April 2015.
  7. "Suriya talks about Jyothika's re-entry". Sify. සම්ප්‍රවේශය 6 April 2015.
  8. "Rahman paired opposite Jyothika". Indo-Asian News Service. 25 October 2014. සම්ප්‍රවේශය 6 April 2015.
  9. "Rahman joins tamil remake of how old are you". Sify. සම්ප්‍රවේශය 6 April 2015.
  10. Soman, Deepa (4 November 2014). "Santosh Narayanan is the composer of How Old Are You's Tamil". The Times of India. සම්ප්‍රවේශය 6 April 2015.
  11. "Tamil remake of How old are you". Indo-Asian News Service. සම්ප්‍රවේශය 6 April 2015.
  12. "Jyothika's movie follows reverse chronology method". Indiaglitz. 20 November 2014. සම්ප්‍රවේශය 6 April 2015.
  13. "Siddharth Basu to make his Kollywood debut?". The Times of India. 23 November 2014. සම්ප්‍රවේශය 6 April 2015.
  14. "Abhirami is back, plays Jyothika's friend". Sify. සම්ප්‍රවේශය 6 April 2015.
  15. Actress Jyothika's upcoming movie 36 Vayathinile to have 11 tracks by composer Santhosh Narayanan. Behindwoods.com (20 March 2015). Retrieved on 26 May 2015.
  16. "36 Vayathinile movie songs lyrics". tamilsonglyrics. 10 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  17. Upadhyaya, Prakash (6 April 2015). "Jyothika's '36 Vayadhinile' Audio Released". The International Business Times. සම්ප්‍රවේශය 6 April 2015.
  18. "36 Vayadhinile audio launched". The Times of India. 7 April 2015.
  19. Jyothika shines at `36 Vayadhinile` audio launch!. Sify.com (6 April 2015). Retrieved on 26 May 2015.
  20. `36 Vayadhinile` audio review. Sify.com (8 April 2015). Retrieved on 26 May 2015.
  21. "Ayudha Pooja 2015 Special Movies and Programs in Tamil Television Channels on October 21, 2015". Southupdates.in. 11 October 2015. සම්ප්‍රවේශය 14 October 2015.
  22. http://www.ibtimes.co.in/36-vayadhinile-36-vayathinile-movie-review-round-jyothika-starrer-receives-appreciation-632621
  23. http://www.sify.com/movies/36-vayadhinile-review-tamil-pfon1Ncedijgd.html
  24. http://timesofindia.indiatimes.com/entertainment/tamil/movie-reviews/36-Vayadhinile/movie-review/47287365.cms
  25. http://www.rediff.com/movies/review/review-36-vayadhinile-is-jyothikas-show-all-the-way/20150515.htm
  26. http://www.thehindu.com/features/cinema/36-vayadhinile-review-worth-a-cheer-despite-a-broad-tvsoap-approach/article7210772.ece
  27. Winners of the 63rd Britannia Filmfare Awards (South)
  28. "WINNERS OF BEHINDWOODS GOLD MEDALS 2015". Behindwoods. සම්ප්‍රවේශය 2016-10-13.
  29. "WINNERS OF BEHINDWOODS GOLD MEDALS 2015". Behindwoods. සම්ප්‍රවේශය 2016-10-13.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Rosshan Andrrews සැකිල්ල:2D Entertainment

"https://si.wikipedia.org/w/index.php?title=36_වයදිනිලේ&oldid=615950" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි