හොඳම කාන්තා ප්‍රවිෂ්ටය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය

විකිපීඩියා වෙතින්
හොඳම කාන්තා ප්‍රවිෂ්ටය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය
2020 සම්මානලාභිනිය: අනන්‍යා පාණ්ඩේ
සම්මාන පිරිනමන්නේBest Debut Performance by an Actress
රටඉන්දියාව
ඉදිරිපත් කරන්නේෆිල්ම්ෆෙයාර්
පළමුව සම්මාන පිදූයේජූහි චව්ලා
කයාමත් සේ කයාමත් තක් (1989)
Currently held byඅනන්‍යා පාණ්ඩේ
ස්ටූඩන්ට් ඔෆ් දි ඉයර් 2 (2020)
වෙබ්අඩවියFilmfare winners

හොඳම කාන්තා ප්‍රවිෂ්ටය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය (මින් පෙර හැඳින්වූයේ "ලක්ස් වසරේ නවක මුහුණ සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය" ලෙසයි) යනු ෆිල්ම්ෆෙයාර් වෙතින් එහි වාර්ෂික හින්දි චිත්‍රපට ඇගයීමේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ අංගයක් ලෙස පළමු රංගනයෙහි විශිෂ්ට නිළියන් අගයනු වස් පිරිනැමෙන සම්මානයකි.[1]

2019 වන විට, ප්‍රියංකා චොප්රා සහ පරිනීති චොප්රා යන නිළියන් දෙපළ මෙම සම්මානය ලබාගත් එකම ඥාති සොයුරියන් දෙපළ වූ අතර, මෙම සම්මානය ලද සාරා අලි ඛාන් සහ අභිමන්‍යු දසානි යන නළු නිළි දෙපළගේ දෙමාපියන් (පිළිවෙලින් සයිෆ් අලි ඛාන් සහ භාග්‍යශ්‍රී) ද ෆිල්ම්ෆෙයාර් රංගන ප්‍රවිෂ්ට සම්මානලාභීන් වීම විශේෂත්වයකි.

මෙම සම්මාන ලාභී නිළියන් අතුරින් ජූහි චව්ලා, ප්‍රීටි සින්ටා, කරීනා කපූර්, ප්‍රියංකා චොප්රා, විද්‍යා බාලන්, කංගනා රාණාවත් සහ දීපිකා පඩුකෝන් යන සියලුදෙනා හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය ලබා ඇති අතර, ඉන් බාලන් එම සම්මානය සිව්වරක් ද පඩුකෝන් දෙවරක් ද දිනා ඇත.

තබූ, කරීනා කපූර්, ප්‍රියංකා චොප්රා, සහ කංගනා රාණාවත් යන නිළියන් හොඳම නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් විචාරක සම්මානය (තබූ 4 වරක් සහ කපූර් 2 වරක්) සහ හොඳම සහාය නිළිය සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය ජයග්‍රහණය කොට ඇත. නමුත් විද්‍යා බාලන් මින් පළමුව සඳහන් කළ සම්මානය එක් වරක් ජයග්‍රහණය කොට තිබේ.

1997, 2010 සහ 2018 යන වර්ෂවල මෙම ප්‍රවර්ගය සඳහා සම්මාන ප්‍රදානය නොකෙරිණි.

ජයග්‍රාහිකාවන් ලැයිස්තුව[සංස්කරණය]

වර්ෂය ජයග්‍රාහිකාව සම්මාන ලැබූ කෘතිය සටහන් ආශ්‍රේ.
1989 ජූහි චව්ලා කයාමත් සේ කයාමත් තක් පළමු ජයග්‍රාහිකාවයි [2]
1990 භාග්‍යශ්‍රී මේනේ ප්‍යාර් කියා
1991 පූජා භාට් ඩැඩී
1992 රවීනා ටන්ඩන් පට්ඨර් කේ ඵූල් [3]
1993 දිව්‍යා භාර්තී දීවානා
1994 මම්තා කුල්කර්ණී ආශික් අවාරා
1995 සෝනාලි බේන්ද්‍රේ
තබූ
නාරාස්
විජයිපත්
ජයග්‍රාහිකාවන් 2, බේන්ද්‍රේ සහ තබූ [4]
1996 ට්වින්කල් ඛන්නා බර්සාත් [5]
1998 මහිමා චෞධරී පර්දේස්
1999 ප්‍රීටි සින්ටා දිල් සේ.. සහ සෝල්ජර් [6]
[7]
2000 නන්දිතා දාස් 1947 අර්ත්
2001 කරීනා කපූර් රිෆියුජී [8][9]
2002 බිපාශා බාසු Ajnabee
2003 ඊශා ඩියොල් කොයි මේරේ දිල් සේ පූඡේ [10]

[11]

2004 ලාරා දත්තා
ප්‍රියංකා චොප්රා
අන්දාස් දත්තා සහ චොප්රා දෙදෙනාම එකම චිත්‍රපටය උදෙසා සම්මාන ලැබූහ [12]
[13]
2005 අයේෂා ටාකියා ටාර්සන්: ද වොන්ඩර් කාර්
2006 විද්‍යා බාලන් පරිණීතා [14]
2007 කංගනා රාණාවත් ගැංග්ස්ටර්
2008 දීපිකා පඩුකෝන් ඕම් ශාන්ති ඕම්
2009 අසින් තොට්ටුම්කල් ඝජිනි
2011 සෝනක්ෂි සිංහා දබාන්ග්
2012 පරිනීති චොප්රා ලේඩීස් වර්සස් රිකී බාහ්ල්
2013 ඉලියානා ඩි'කෲස් බර්ෆි!
2014 වානි කපූර් ශුද්ධ දේසි රෝමන්ස්
2015 කෘතී සනෝන් හීරෝපන්ටි
2016 භූමී පේඩ්නේකර් ඩම් ලගා කේ හඊශා [15]
2017 රිතිකා සිං Saala Khadoos
2019 සාරා අලි ඛාන් කේදර්නාත් [16]
2020 අනන්‍යා පාණ්ඩේ ස්ටූඩන්ට් ඔෆ් දි ඉයර් 2 [17]

මේවාත් බලන්න[සංස්කරණය]

කරුණු[සංස්කරණය]

  • මෙය මින් පෙර "ලක්ස් වසරේ නවක මුහුණ සම්මානය" ලෙස හැඳින්විණි.
  • ලාබාලතම සම්මානලාභිනිය වන්නේ රවීනා ටන්ඩන් ය.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. FILMFARE NOMINEES AND WINNER සංරක්ෂණය කළ පිටපත 2009-06-12 at the Wayback Machine සැකිල්ල:Unreliable?
  2. "Filmfare Awards Listing" (PDF). සම්ප්‍රවේශය 19 December 2019.
  3. Patthar Ke Phool Awards: List of Awards won by Hindi movie Patthar Ke Phool, https://timesofindia.indiatimes.com/entertainment/hindi/movie-details/patthar-ke-phool/movieawards/61332369.cms, ප්‍රතිෂ්ඨාපනය 2020-10-22 
  4. "Filmfare Awards Look Back: 1994-1995". Filmfare. සම්ප්‍රවේශය 18 March 2019.
  5. Pacheco, Sunitra (18 February 2015). Sharma, Sarika (ed.). "Twinkle Khanna: From Bollywood stardom to becoming Mrs Funny Bones". The Indian Express. Mumbai. 19 February 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 February 2015.
  6. "The Winners – 1998". Indiatimes. 8 May 2006 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 July 2020.
  7. "Preity Zinta: Awards & nominations". Bollywood Hungama. 26 May 2008 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 July 2020.
  8. "Kareena Kapoor: Box Office Details and Filmography". Box Office India. 5 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 January 2014.
  9. "Kareena Kapoor: Awards & Nominations". Bollywood Hungama. 6 August 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 July 2010.
  10. "Filmfare Awards: Winners of 2002". India Times. 8 July 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 6 November 2012.
  11. "2003 Filmfare Awards". Internet Movie Database. 21 February 2003. සම්ප්‍රවේශය 6 November 2012.
  12. "Annual Filmfare Awards 2003: The Nominations". Bollywood Hungama. 12 April 2005 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 May 2020.
  13. "Annual Filmfare Awards 2004: The Winners". Bollywood Hungama. 8 March 2005 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 May 2020.
  14. "Vidya Balan: Awards & nominations". Bollywood Hungama. 9 April 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 July 2010.
  15. "Filmfare Awards 2016: Ranveer Singh bags Best Actor in leading role for Bajirao Mastani". ibtimes. 16 January 2016. 18 January 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 January 2016.
  16. "Winners of the 64th Vimal Filmfare Awards 2019". Filmfare. 23 March 2019. සම්ප්‍රවේශය 23 March 2019.
  17. "65th Amazon Filmfare Awards 2020 live updates". The Times of India. 15 February 2020. සම්ප්‍රවේශය 15 February 2020.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Filmfare Awards