ගොර්යෝහි ගොංමින්

විකිපීඩියා වෙතින්
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය.
ගොර්යෝහි ගොංමින්
රාජ්‍ය සමය1351-1374
පූර්වප්‍රාප්තිකයාචුංජොං රජු
අනුප්‍රාප්තිකයාඋ රජු
උපත23 මැයි 1330
මරණය27 ඔක්තෝබර් 1374 (44 වියැති)
පියාචුංසුක් රජු
මවගොංවොන් රැජින
ගොර්යෝහි ගොංමින්
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයගොංමින් වං
මැකූන්–‍රයිෂවර්කොංමින් වං
ලේඛන නාමය
හංගුල්[[[wikt:이|이]] එමෙන්ම ] Error: {{Lang}}: text has italic markup (help)
හන්ජා[[[wikt:怡|怡]] එමෙන්ම ] Error: {{Lang}}: text has italic markup (help)
ප්‍රතිශෝධිත රෝමානුකරණයඉජේ එමෙන්ම ඉක්දං
මැකූන්–‍රයිෂවර්ඉජේ එමෙන්ම ඉක්තං
උපන් නාමය
හංගුල්[[[wikt:왕|왕]] පෙර ] Error: {{Lang}}: text has italic markup (help)
හන්ජා[[[wikt:王|王]] පෙර ] Error: {{Lang}}: text has italic markup (help)
ප්‍රතිශෝධිත රෝමානුකරණයවං ජොන් පෙර වං ගි
මැකූන්–‍රයිෂවර්වං චෝන් පෙර වං කි
චීන-කොරියානු මොංගෝලියානු නාමය
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයබේගන්චෝප්මොගා
මැකූන්–‍රයිෂවර්පේගන් චෝප්මොගා
කොරියාවේ රජවරු
ගෝර්යෝ
  1. තේජෝ 918–943
  2. හ්යේජොං 943–945
  3. ජොංජොං 945–949
  4. ග්වංජොං 949–975
  5. ග්යොංජොං 975–981
  6. සොංජොං 981–997
  7. මොක්ජොං 997–1009
  8. හ්යොන්ජොං 1009–1031
  9. දොක්ජොං 1031–1034
  10. ජොංජොං II 1034–1046
  11. මුන්ජොං 1046–1083
  12. සුන්ජොං 1083
  13. සොන්ජොං 1083–1094
  14. හොන්ජොං 1094–1095
  15. සුක්ජොං 1095–1105
  16. යේජොං 1105–1122
  17. ඉන්ජොං 1122–1146
  18. උයිජොං 1146–1170
  19. මියොංජොං 1170–1197
  20. සින්ජොං 1197–1204
  21. හුයිජොං 1204–1211
  22. ගංජොං 1211–1213
  23. ගෝජොං 1213–1259
  24. වොන්ජොං 1259–1269
  25. යොංජොං 1269
  26. වොන්ජොං 1269–1274
  27. චුංන්‍යොල් 1274–1308
  28. චුංසොන් 1308–1313
  29. චුංසුක් 1313–1330
    1332–1339
  30. චුංහ්යේ 1330–1332
    1339–1344
  31. චුංමොක් 1344–1348
  32. චුංජොන් 1348–1351
  33. ගොංමින් 1351–1374
  34. යු 1374–1388
  35. චං 1388–1389
  36. ගොංග්යැං 1389–1392

ගොංමින් රජු (23 මැයි 1330 – 27 ඔක්තෝබර් 1374) යනුවෙන් හැඳින්වේනනේ කොරියාවේ ගොර්යෝ රාජවංශයේ රජකෙනෙකි‍.[1] 1351 – 1374 අතර කාලයේ රාජ්‍ය පාලනය ගෙනගිය මොහු චුංසුක් රජුගේ දෙවන පුත්‍රයා වේ. ඔහුට පැවති නොයෙකුත් කොරියානු නාමයන්ට අමතරව බයාන් තෙමූර් (伯顔帖木兒) නැමැති මොංගෝලියානු නාමය ද විය.

චරිතාපදානය[සංස්කරණය]

මුල්කාලීන දිවිය[සංස්කරණය]

13වන සියවසේ කොරියාවේ මොංගෝලියානු ආක්‍රමණ හේතුවෙන් ගොර්යෝව මොංගෝලීය යුවාන් රාජවංශයේ යටත් රාජ්‍යයක් ලෙස අර්ධ ස්වාධීන පාලනයක් ගෙනගියේ ය‍. චුංන්‍යොල් රජුගෙන් පසු පත් වූ සියලුම රජවරුනට මොංගෝලියානු කුමරියන් සරණ පාවා ගන්නට සිදු වූ අතර, සම්ප්‍රදායයක් ලෙස ඔවුන්ව යුවාන් රාජසභා‍ව වෙත යැවුණේ ඇපයක් වශයෙනි. සිහසුනට පත්වීමට පෙර 1341දී ගොංමින් රජුට ද යුවාන් රාජමාලිගය වෙත යාමට සිදු වූ අතර, එහි වසර ගණනාවක්ම රැඳී සිටීමට සිදු විය. අනතුරුව ඔහු යුවාන් කුමාරිකාවක් සරණ පාවා ගත් අතර, ඇය නෝගුක් රැජින ලෙස ප්‍රකට විය. 14වන සියවස මැද භාගය වන විට, යුවාන් රාජවංශය දුර්වල වන්නට වූ අතර, 1368දී එය ආක්‍රමණය කොට මිං රාජවංශය පිහිටුවන ලදී.

රාජ්‍ය සමය[සංස්කරණය]

1238 කොරියාව තුළ මොංගෝලියානු ආක්‍රමණයෙන් පසු කොරියානු අර්ධද්වීපය තුළ සිය අණසක පතුරුවාගෙන සිටි යුවාන් රාජවංශය ක්‍රමයෙන් කැබලි වෙන්වන්නට පටන් ගැනීමත් සමග, ගොංමින් රජු ගොර්යෝ රජය ප්‍රතිසංස්කරණයට උත්සාහ දැරී ය. ඔහුගේ පළමු ක්‍රියාමාර්ගය වූයේ මොංගෝල-හිතවාදී වංශවතුන් සහ යුධ නිලධාරීන් සියලුදෙනා ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කරවීමයි. මෙම ධුරයෙන් පහකළ පුද්ගලයන් එකතු වී විරුද්ධ සන්ධානයක් පිහිටුවාගෙන රජුට එරෙහිව අසාර්ථක කුමන්ත්‍රණයක් දියත් කළහ. ඉහළ නිලධාරියකු වූ ජෝ ඉල්-ෂින් පවා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට දායක වුව ද, සෙන්පති චෝයි යොං විසින් මෙම කැරැල්ල මර්දනය කරන ලදී.

1250 සහ 1270 දශකයන්හි ඇති වූ මොංගෝලියානු ආක්‍රමණවලින් පසු, මොංගෝලියානුවෝ කොරියාවේ උතුරු පළාත් සිය අධිරාජ්‍යයට ඈඳාගෙන ඒවා සංසොං (쌍성총관부, 雙城摠管府) සහ දොංන්‍යොං දිස්ත්‍රික්ක (동녕부, 東寧府) ලෙස නම් කරන ලදී. 1356දී, සංසොංහි මොංගෝලියානුවන්ට සේවය කළ සුළු කොරියානු නිලධාරියකු වූ යි ජා-චුන් හා ඔහුගේ පුත් යි සොං-ග්යේගේ ක්‍රියාකලාපය හේතුවෙන් ගොර්යෝවට එව ප්‍රදේශ යළි තම අණසකට ගැනීමට හැකි විය. මීට අමතරව යි සොං-ග්යේ සහ ජි යොංසු යන සෙන්පථීන් විසින් ලියාඕයැං වෙත යුධ ව්‍යාපාර දියත් කරන ලදී.

තවත් අර්බුදයක් වූයේ ඉඩම් හිමිකම පිළිබඳ ප්‍රශ්නයයි. මේ වනවිට ඉඩම් ප්‍රදාන පද්ධතිය බිඳ වැටී තිබිණි‍. මොංගෝලියානු ප්‍රසාදය දිනූ නිලධාරීන් විසින් කෘෂිකාර්මික ඉඩම් බොහෝමයත් අයිති කරගත්හ. මේවායේ සේවය කරන ලද්දේ කුලී ගොවීන් සහ දාසයන් ය. නමුත් මෙම නිලධාරීන්ගෙන් ගොංමින් රජුගේ ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බොහෝ බාධා එල්ල විය. ඔවුනට අවශ්‍ය වූයේ එම ඉඩම්වල හිමිකාරීත්වය තමන් යටතේම පවත්වා ගැනීමටයි.

ගොංමින් රජ සමයේ පැවති තවත් ගැටලුවක් ලෙස වොකොවු කොල්ලකරුවන්ගේ ගැටලුව දැක්විය හැක. ඇතැම් අවස්ථාවල හොඳින් සංවිධානය වූ අයුරක් පෙන්වූ වොකොවු මුහුදු කොල්ලකරුවන් අර්ධද්වීපය පුරා ගැටලු ඇති කළ අතර රට තුළට ද ව්‍යාප්ත වූ ඔවුහු සැඟ වී කොල්ලකෑම්වල යෙදීමෙහි නිරත වන්නට වූහ. ඔවුනට විරුද්ධව සටන් කිරීමට ගොංමින් විසින් චෝයි යොං සහ යි සොං-ග්යේව කැඳවන ලදී.

මීට අමතරව, ගොර්යෝව දෙවරක් ආක්‍රමණය කළ (පළමුව 1359දී සහ දෙවනුව 1361දී) රතු ජටා හමුදාවන් සමග සටන් කිරීමට ද ගොංමින් රජුට සිදු විය. 1361දී, රතු ජටා හමුදා කෙටි කාලීනව කේසොං නුවර යටත් කරගත්හ. නමුත් චෝයි යොං, යි සොං-ග්යේ, ජොං ස්‍යුන්, යි බං-සිල් යන සෙන්පතීන් විසින් කේසොං යළි සියතට ගැනීම ගැනීම නිසා දිවි බේරාගත හැකි වූයේ රතු ජටාකරුවන් කිහිප දෙනකුට පමණි.

ගොංමින් රජු සහ නෝගුක් රැජින නිරූපිත සිතුවමක්.

ගොංමින් රජ සමයේ ගොර්යෝ විද්වතකු වූ මුන් ඉක්-ජොම් චීනයේ සිට සොරෙන් කපු බීජ ගොර්යෝව වෙත රැගෙන ආ අතර, එය කොරියානු අර්ධද්වීපයට පළමුවරට හඳුන්වා දෙනු ලැබිණි.

රජු සහ නෝගුක් රැජින අතර සම්බන්ධය ඉතා සමීප වුව ද, වසර ගණනාවක් යනතෙක්ම ඔවුනට සිහසුනට උරුමකරුවකු බිහිකළ නොහැකි විය. දෙවන බිරිඳක් රැගෙන එන මෙන් යෝජනා ඉදිරිපත් වුවත් රජු ඒවා ප්‍රතික්ෂේප කළේ ය. මේ රජු සමලිංගික සේවනයෙහි යෙදුණු බවට ද ප්‍රකට ය. ඔහු මාලිගයේ විසූ චාජෙවිවරුන් කිහිප දෙනකු සමග එවැනි සම්බන්ධතා පවත්වා ඇත. ඉන් පස්දෙනකුගේ නම් මෙසේ වාර්තා කොට ඇත: හොං යුන්, හන් අන්, ක්වොන් චින්, හොං ක්වන් සහ නෝ සොන් ඒ අතර වේ.[2] නෝගුක් රැජින ගැබ්ගත් නමුත්, 1365දී දරු උපත් හේතුවෙන් ඇති වූ සංකූලතාවන් නිසා ඇය මරණයට පත් විය. ඇගේ මරණය හේතුවෙන් ගොංමින් දැඩි මානසික පීඩනයකට ලක් විය. දේශපාලනය කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වූ ගොංමින් රජු රාජ්‍යයේ වැදගත් කටයුතු ප්යොන්ජෝ හට භාරකළේ ය. ‍කුමරියකට සහ වහලකුට දාව උපන් ප්යොන්ජෝ බෞද්ධ භික්ෂුවක විය. ඔහුගේ දක්ෂතාවන් අගය කළ ගොංමින් රජු, ප්යොන්ජෝගේ නම ෂින් දොන් ලෙස වෙනස් කළේ ය. ගොංමින් රජුගේ පූර්ණ විශ්වාසය ලත් ෂින් දොන් ගොර්යෝ සමාජය ප්‍රතිසංස්කරණයට ලත් කිරීමට උත්සාහ දැරී ය. 1365දී, ගොංමින් රජු විසින් ප්යොන්ජෝහට "චොංහන් ගෝසා" නැමැති පටබැඳි නාමය සහ ජින්ප්යොංහු (චින්ප්යොං වංශාධිපතිතුමා) යන වංශවත් පදවිය පිරිනමන ලදී. නමුත් සය වසකට පසු, ෂින් දොන්ට සිය තනතුර අහිමි වූ අතර, 1371දී ගොංමින් රජු විසින් ඔහුට දඬුවම් පමුණුවන ලදී.

ගොර්යෝවේ වංශාධිපතිවරුන් ගොංමින් රජුගේ ප්‍රතිසංස්කරණ කෙරෙහි කිසිදු අනුකම්පාවක් දැක්වූයේ නැත. යුවාන් සමග සියලු බැමි ලිහා දමා මිං චීනය සමග සබඳතා ස්ථාපනය කිරීමේ රජුගේ ප්‍රතිපත්තිය සිය තත්ත්වයට තර්ජනයකැයි සිතූ ඔවුහු එය ක්‍රියාත්මක කිරීමට බිය වූහ. මොංගෝලියානුවන් සමග සිය සම්බන්ධතා අලුත් කරගැනීමෙන් සිය තත්ත්වය ආරක්ෂා කරගෙන සිය ධනය යළි උපයා ගත හැකි වේ යැයි සිතූ කේසොංහි ධුරයෙන් පහකළ මොංගෝල-හිතවාදී පක්ෂය කැරැලි ඇතිකළේ ය.

චොන්සන් ‍දේර්යොප් දෝ, "දෙව්ලොව කඳු අතර දඩයමක් නිරූපිත සිතුවම".

මරණය[සංස්කරණය]

1374දී චෝයි මන්-සෙං (최만생) ඇතුළු පිරිස විසින් ගොංමින් රජුව ඝාතනය කරන ලදී. තරුණයකු වූ හොං ර්යුන් (홍륜) සහ ගොංමින්ගේ උපබිසවක අතර වූ සම්බන්ධය ගොංමින් රජුට හෙළි වූ අතර එය රජුගේ කෝපයට හේතු විය.‍ ගොංමින් තමන්ව මරාදැමීමට ප්‍රථම, හොං ර්යුන් සහ චෝයි මන්-සෙං එක්ව නින්දේ සිටි ගොංමින් රජුව මරා දැමූහ.

ඔහුගේ මරණින් පසු ඉහළ නිලධාරියකු වූ යි ඉන්-ඉම් රජයේ පාලනය අතටගත් අතර, ඔහු විසින් එකොළොස් හැවිරිදි උ රජුව සිහසුනට පත්කරන ලදී.

එකල පැවති දේශපාලන පසුබිම අනුව ගොංමින් රජුට විහාර නාමයක් පිරිනැමුණේ නැත. නිදහස් ජාතියක් ලෙස ගොර්යෝවේ තත්ත්වය නැවත නගා සිටුවා රාජ්‍යත්වය ස්ථාපනය කළ ඔහුගේ ප්‍රතිසංස්කරණ, ඔහුට පසුව සිටි අය නිවැරදිව වටහා නොගැනීම එයට හේතුවයි.

චිත්‍ර ශිල්පියකු ලෙස[සංස්කරණය]

යොන් ජේ-ෂින්ගේ ආලේඛය සිතුවම, මෙය 1370 දශකයේ ගොංමින් රජු විසින් සිතුවම් කරන ලද්දකි.

ගොංමින් රජු, ඔහු චිත්‍ර ශිල්පයට දැක්වූ දස්කම් හේතුවෙන් ප්‍රකට විය. ගොර්යෝ යුගයේ සිටි දක්ෂතම චිත්‍ර ශිල්පීන්ගෙන් අයකු ලෙස ඔහුව සැලකෙයි. මීට අමතරව ඔහුගේ චාරුලේඛන (calligraphy) නිර්මාණ ද සුප්‍රකට ය.

ඔහුගේ සිතුවම් නිර්මාණවලට උදාහරණ නම්:

  • "දෙව්ලොව කඳු අතර දඩයමක සිතුවම" 《天山大獵圖 (천산대렵도 චොන්සන් දේර්යොප් දෝ)》
  • "බැටළුවන් දෙදෙනාගේ සිතුවම" 《二羊圖 (이양도 ඉ යැං දෝ)》
  • "නෝගුක් කුමරියගේ ආලේඛය සිතුවම" 《魯國大長公主真 (노국대장공주진 නෝගුක් දේජං ගොංජු ජින්)》
  • "යොම් ජේ-ෂින්ගේ ආලේඛය සිතුවම" 《廉悌臣象 (염제신상 යොම් ජේ-ෂින් සං)》, 1370 දශකයේ නිමැවූවකි.
  • "සොහ්න් හොං-ර්යැං ගේ ආලේඛය" 《孫洪亮象 (손홍량상 සොහ්න් හොං-ර්යැං සං)》
  • "කඳුකරයෙන් පිටව යන ශාක්‍යමුණි බුදුන්" 《釋迦出山像 (석가출산상 සොක්ගා චුල්සන් සං)》
  • "එපාං මාලිගයේ භූමිදර්ශන සිතුවම" 《阿房宮圖 (아방궁도 ආහ්බංගුං දෝ)》
  • "හ්යොන්ර්යුංහි භූමිදර්ශනය" 《玄陵山水圖 (현릉산수도 හ්යොන්ර්යුං සන්සු දෝ)》
  • "බිඳුණු අත්තක් සමග ගඟ තරණය කරන බෝධිධර්මගේ ආලේඛය සිතුවම" 《達磨折蘆渡江圖 (달마절로도강도 දල්මා ජොල්ලෝ දොගං දෝ)》
  • දොංජාබොහ්යොන් යුගාබෙක්සං දෝ《童子普賢六牙白象圖 (동자보현육아백상도)》

පවුල[සංස්කරණය]

  1. බොර්ජිගින් බුදශිරි හෙවත් නෝගුක් කුමරිය, මරණාපරව ඉන්දොක් අගබිසව ලෙස හඳුන්වයි (孛兒只斤寶塔實里 노국대장공주 인덕왕후, ?-පෙබරවාරි 16, 1365)[4][5][6]
    • දරුවන් නැත; දරු උපතේ දී මියගියා ය.
  2. ග්යොංජු ලී වංශයේ හ්යේ බිසව (혜비 이씨, ?-පෙබරවාරි 3, 1408)[7][8][9][10]
    • දරුවන් නැත.
  3. හන් වංශයේ යික් බිසව[11] (익비 한씨, දින නොදනී)[12]
    1. හොං ආර්යාව (홍씨, ?-1376) - ගොංමින්ගේ සමලිංගික ආරක්ෂකයකු වූ හොං ර්යුන් (홍륜) ට දාව උපන් දියණියයි.
  4. සෝහ්‍යුං යොම් වංශයේ ෂින් බිසව (신비 염씨, දින නොදනී)[9][13][14]
    • දරුවන් නැත.
  5. ජුක්ජු ආන් වංශයේ ජොං බිසව[15] (정비 안씨, ?-1428년)[9][16][17][18]
    • දරුවන් නැත.
  6. හන් වංශයේ මාලිග ස්ත්‍රියක් (궁인 한씨, දින නොදනී)
    • දරුවන් නැත.
  7. හන් බන් යා (반야, ?-මාර්තු 1376)[19]
    1. මොනිනෝ (모니노/무니노)

ජනප්‍රිය නිරූපණයන්[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Gongmin of Goryeo
  2. කිම්, යොං-ග්වන්; හාන්, සූක්-ජා (2006). "හෝමොසෙක්ෂුවලිටි ඉන් ඒන්ෂන්ට් ඇන්ඩ් මොඩර්න් කොරියා". කල්චර්, හෙල්ත් ඇන්ඩ් සෙක්ෂුවලිටි: ඇන් ඉන්ටර්නැෂනල් ජර්නල් ෆෝ රිසර්ච්, ඉන්ටර්වෙන්ෂන් ඇක්ඩ් කෙයා. 8 (1): 62.
  3. හොං ග්‍යු (홍규, 1242–1316) ගේ දෙවන දියණියයි. සුන්හ්වා ආර්යාව හෙවත් වොන් බිසවගේ (순화원비, ?-අගෝස්තු 13, 1306) නැගණියයි‍. සුන්හ්වා ආර්යාව චුංසොන් රජු‍ගේ (චුංසුක්ට පෙර සිටි රජු) උපබිසවකි.
  4. බොර්ජිගින් අමූගේ (孛兒只斤阿木哥, ?-1324) ගේ එකම පුත්‍රයා වූ බයිර් තෙමූර් (孛羅帖木兒) ගේ දියණියයි. බොර්ජිගින් අමූගේ යනු කුබ්ලායි ඛාන්ගේ දෙවන පුත්‍රයා වූ බොර්ජිගින් චින්කිම් (孛兒只斤真金, 1243-ජනවාරි 05, 1286) ගේ දෙවන පුත්‍ බොර්ජිගින් දර්මබාලා (孛兒只斤答剌麻八剌, 1264–1292) ගේ වැඩිමහල් පුත්‍රයායි.
  5. බොර්ජිගින් අමූගේ (孛兒只斤阿木哥) ගේ එකම දියණිය වූ ජෝගුක් කුමරිය (조국장공주, 1308-ඔක්තෝබර් 20, 1325) ගේ ලේලියයි. චුංසුක් රජුගේ පළමු යුවාන් මනාලිය වූ එසෙන් තෙමූර්ගේ (也先帖木兒) දියණිය සහ කුබ්ලයි ඛාන්ගේ මිණිපිරිය වූ බුක්ගුක් කුමරිය (복국장공주) 1319දී මියගිය හෙයින් දෙවන මනාලිය ලෙස ජෝගුක් කුමරිය විවාහ කරගන්නා ලදී.
  6. 1349දී ගොංමින් රජු විසින් විවාහ කරගැනුණේ මුල් යුවාන් මනාලිය ස්‍යුංග්‍යුයි කුමරිය (승의공주) නැවත පැමිණි විගසයි.
  7. ලී ජේ-හ්යොන් (이제현) සහ පාක් වංශයේ සුචොංගුක් ආර්යාවගේ (수춘국부인 박씨) දියණියයි.
  8. 1359 අප්‍රේල් 24 දින ගොංමින් සමග විවාහ විය.
  9. 9.0 9.1 9.2 ගොංමින් රජුගේ උපබිසෝවරුන් තිදෙනකු ‍ගොංමින් රජුගේ සමලිංගික ආරක්ෂකයන්‍ දෙදෙනකු වූ හන් ආන් (한안) සහ හොං ර්යුන් (홍륜) සමග රහස් සම්බන්ධයක් පැවැත්වූ බවට සැකපිට මාලිගයෙන් නෙරපන ලදී.
  10. ජොසොන්හි තේජොං රජුගේ 8වන වර්ෂයේ ඇය මිය ගියා ය. ජොසොන්හි තේජොං රජු විසින් ඇයට (සහ ෂින් බිසවට) මරණාපරව "හ්යේහ්වා ආර්යාව" (혜화궁주) යන පදවිය පිරිමන ලදී.
  11. සැබැවින්ම ඇය ගේසොං වං වංශයට (개성 왕씨) අයත් වූවා ය
  12. දොක්ජුං කුමරු (덕풍군) හෙවත් වං උයි (왕의, දින නොදනී) ගේ හදාගත් දියණියයි.
  13. යොම් ජේ-ෂින් (염제신, ඔක්තෝබර් 30, 1304-මාර්තු 18, 1382) ගේ වැඩිමහල් දියණියයි. ගොංමින් රජු විසින්ම යොම් ජේ-ෂින්ගේ ආලේඛය සිතුවමක් සිතුවම් කොට ඇත. (සිතුවම බලන්න)
  14. 1374 සැප්තැම්බර් 22 දින (ගොංමින් රජුගේ 23වන වර්ෂය) මරණාපරව ඇගේ තනතුර ප්‍රතිෂ්ඨාපනය කෙරිණි.
  15. ඇගේ සුළු පුත්‍රයන් වූ උ රජුගේ සහ චං රජුගේ කාලයේ ඇයව රාජකීය ජොංසුක් වැන්දඹු රජබිසව (정숙왕대비) ලෙස හැඳින්විණි.
  16. ආන් ග්‍යුක්-ඉන් (안극인) හෙවත් ජ්‍යුක්සොං කුමරු (죽성군) ගේ දියණියයි.
  17. ඇගේ බාල සොහොයුරා වූ ආන් ස්‍යුක්-රෝ (안숙로) ගේ දියණිය උ රජුගේ උපබිසවක් බවට පත්ව හ්යොන් බිසව (현비, දින නොදනී) ලෙස ප්‍රකට වූවා ය.
  18. සේජොං රජුගේ 10වන වර්ෂයේ සිදු වූ ඇගේ මරණින් පසුව ඇයට "උයිහ්වා ආර්යාව" (의화궁주) යන නාමය පිරිනැමිණි.
  19. ෂින් දොන්ගේ සේවිකාවකි.
ගොර්යෝහි ගොංමින්
උපත: 23 මැයි 1330 මරණය: 27 ඔක්තෝබර් 1374
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
චුංජොං
ගොර්යෝහි රජ
1351–1374
අනුප්‍රාප්තික
"https://si.wikipedia.org/w/index.php?title=ගොර්යෝහි_ගොංමින්&oldid=387629" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි