Jump to content

කාමාඛ්‍යා

විකිපීඩියා වෙතින්

කාමාඛ්‍යා
මාතෘ දෙවඟන, පර බ්‍රහ්මන්;
නිර්මාණාත්මක ශක්තියේ, ආශාවේ සහ සශ්‍රීකත්වයේ ස්වරූපය
සංස්කෘත පරිවර්තනයकामाख्या
අනුබැඳිය
වාසභවනයනීලචල පර්වතය, මණිද්වීපය
වල්ලභයාශිව
වාහනයසිංහයා[1][2]
උත්සවනවරාත්‍රී

කාමාඛ්‍යා (සංස්කෘත: कामाख्या)) යනු ඇසෑම්හි කාමරූපා හි පරිණාමය වූ වැදගත් හින්දු තාන්ත්‍රික දෙවඟනක් සේම විශ්වයේ සර්වබලධාරි දෙවඟන වන ආදි පරාශක්තියේ ස්වරූපයකි. ඇය සිද්ධ කුබ්ජිකා ලෙස නමස්කාර කරන අතර කාලි සහ මහා ත්‍රිපුර සුන්දරී ස්වරූප හා සම්බන්ධ වේ. ඇය 10/11 1565 CE ප්‍රතිසංස්කරණ කරන ලද කාමාඛ්‍යා දේවස්ථානයේ වාසය කරන අතර ස්වරූපයක් රහිත යෝනියක් හැඩති පර්වතයක් ඔස්සේ ඇය වන්දනාමාන කර ඇත. එය ශක්ති පීඨ 51න් එක් විශේෂ පීඨයකි.

මූලාරම්භය

[සංස්කරණය]

ඓතිහාසික

[සංස්කරණය]

කාමාඛ්‍යා දේවිය හා සම්බන්ධ කාමාඛ්‍යා දේවස්ථානයේ ඓතිහාසික සම්භවය නිශ්චිත නැත. පැරණිතම ස්ථරය හත්වන සියවසට අයත් බව පෙනෙන අතර, විහාර සංකීර්ණයේ සාක්ෂි 10/11 වැනි සියවස්වලට අයත් වේ. කාලිකා පුරාණය ඇසෑමය සහ දේවස්ථානය පිළිබඳව පුළුල් විස්තරයක් සපයයි.

පුරාණෝක්තිගත

[සංස්කරණය]

මෙම ස්ථානයේ 'ශක්ති' නමස්කාරයේ මූලාරම්භය ශිව දෙවියන්ගේ භාර්යාව සහ පුරාණයේ දක්‍ෂ රජුගේ දියණිය වූ සතීගේ පුරාවෘත්තය හා සම්බන්ධ වේ. තම දියණියගේ ස්වාමිපුරුෂයා පිළිබඳව දක්ෂ නොසතුටට පත් වූ අතර, ඔහු සියලු දෙවිවරුන් සඳහා මහා යාඥාවක් පැවැත්වූවේ ය. නමුත් ශිව හෝ සතීට ඒ සඳහා ආරාධනා නොකළේය. කෙසේ නමුත් සතී දේවිය යාගයට පැමිණි අතර එහිදි දක්ෂ ශිව දෙවියන් හට නිග්‍රහා කළේය. සතී දේවියට තම ස්වාමිපුරුෂයාට අපහාස කිරීම දරාගත නොහැකි වූ අතර, ඇය ගාගයේ අග්නියට පැන තම ශරීරයෙන් ඉවත් විය. ඇය සර්වබලධාරී මතෘ දේවියගේ ස්වරූපයක් හෙයින් නැවත පාර්වතී ස්වරූපයෙන් ප්‍රකට වුවාය. මේ අතර, ශිව දෙවියන් තම බිරිඳ අහිමි වීම නිසා ශෝකයෙන් හා කෝපයෙන් විය. ඔහු තම බිරිඳගේ සිරුර රැගෙන තාණ්ඩව (විශ්වීය විනාශයේ නර්ථනය) නර්ථනයේ යෙදෙන විය. මෙයින් බියට පත් වූ දේවතාවුන් විෂ්ණු හට පැමිණිලි කළ අතර එතුමා තම චක්‍රයෙන් සතී ගේ සිරුර විනාශ කළේය. නම් එක හා සමාන වුවද සති යාගය හෙවත් ස්වාමිය මිය ගිය ඔහුගේ බිරිඳ චිතකයට පැනීම යන චාරිත්‍රයට හේතුව මෙය බව විද්වතුන් සාමාන්‍යන් නොපිළිගනී.[3]

විවිධ පුරාණයන් සහ සම්ප්‍රදායන්ට අනුව, ඉන්දියානු උපමහාද්වීපය පුරා විසිරී ඇති සතීගේ සිරුරේ කොටස් 51 ක් ඇත. මෙම ස්ථාන ශක්ති පීඨ ලෙසින් හඳුන්වනු ලබයි. සතිගේ යෝනිය පතිත උනේ කාමරූප ප්‍රදේශයට යි. එම ස්ථානයේ කාමාඛ්‍යා දේවස්ථානය ඉදිකර ඇති බව පැවසේ.

සතී දේවීයගේ යෝනිය නීලචල පර්වතයට පතිත වී ඇති බව බැතිමතුන්ගේ විශ්වාසය යි. තවද එම යෝනිය (ගර්භාෂය) කාමාඛ්‍යා දේවිය නම් වූ ස්ත්‍රියකගේ ස්වරූපය ගත්තාය. යෝනි (ගර්භාෂය) යනු දරුවා මාස 9 ක් ඇති දැඩි කරන ස්ථානය වන අතර මෙයින් දරුවා මෙලොවට පැමිණේ. තවද එය ලෝකයේ උපතාට හේතුව බව විශ්වාස කෙරේ. කාමාඛ්‍යා දේවියගේ ස්වරූපයෙන් සිටින විශ්ව මාතා සතී දේවියගේ යෝනිය (ගර්භාෂය) වන්දනා කිරීමට බැතිමතුන් මෙහි පැමිණෙන අතර එම සතී දේවියගේ ගර්භාෂය ලෝකය මැවීමට හා ඇති කිරීමට හේතුව ලෙස වන්දනා කරති. මිනිස් මවකගේ යෝනියෙන් (ගර්භයෙන්) දරුවකු මතු වන්නා සේම, කාමාඛ්‍යා දේවියගේ ස්වරූපය ගත් මාතෘ දේවියගේ යෝනියෙන් (ගර්භයෙන්) ලෝකය හටගෙන ඇත.[4]

අනන්‍යතාව

[සංස්කරණය]

කාමාඛ්‍යා දේවිය කාලිකා පුරාණයේ තාන්ත්‍රික නමස්කාරයේ වැදගත්ම දේවතාවිය ලෙස සඳහන් කර ඇති අතර, ඇගේ මනෝභාවය අනුව විවිධ ස්වරූප ගන්නා "මායාවේ මහා දේවිය" ලෙස සඳහන් වේ. බැතිමතුන් ඇයට කාමේශ්වරී ලෙසින් ආමන්ත්‍රණය කරන අතර ඇයව මහා ත්‍රිපුර සුන්දරී දේවියගේ ස්වරූපයක් ලෙසින්ද සළකයි. කාලිකා පුරාණයේ ඇයව කාලි දේවිය ලෙසින්ඩ හඳුන්වනු ලබයි. යෝගිනී තන්ත්‍රය තුළ ඇයව බ්‍රහ්මන් ලෙසයි.

ප්‍රතිමාශිල්පය

[සංස්කරණය]

කාමාඛ්‍යා, අවුරුදු 16ක් වයසැති, අත් දොළහක් සහ විවිධ වර්ණ හිස් හයක් ඇති, සර්වබලධාරී, සර්වඥ සහ සර්වව්‍යාපී දෙවඟනක් ලෙස නිරූපණය කෙරේ. ඇය සශ්‍රීක ආභරණ සහ වද වැනි රතු මල් පැළඳ සිටී.

ඇය පද්මයක්, ත්‍රිශූලයක්, අසිපතක්, සීනුවක්, චක්‍රයක්, දුන්නක්, ඊතල, සෙංකෝලයක් හෝ ගදාවක්, අංකුසයක් සහ පලිහක් දරාගෙන සිටි. ඇය සිංහයා මත වැතිර සිටින ශිවගේ නාභියෙන් පැන නැගුණු පද්මයක් මත වැඩ සිටි. ඇයගේ දෙපස පද්මයන් මත බ්‍රහ්මා සහ විෂ්ණු ද වැඩ සිටි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ Robert S Ellwood & Gregory D Alles 2007, පිටු අංකය: 126.
  2. ^ Wendy Doniger 1999, පිටු අංකය: 306.
  3. ^ J.S. Hawley, Sati, the Blessing and the Curse. Oxford University Press (New York: 1994). p. 50-1.
  4. ^ https://www.boldsky.com/yoga-spirituality/faith-mysticism/2014/ambubasi-when-mother-earth-menstruates-041120.html
"https://si.wikipedia.org/w/index.php?title=කාමාඛ්‍යා&oldid=515022" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි