උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව

විකිපීඩියා වෙතින්
උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව
中原大佛
ඛණ්ඩාංක33°46′30″N 112°27′03″E / 33.775082°N 112.450925°E / 33.775082; 112.450925 (උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව (ලුෂාන්, චීනය))ඛණ්ඩාංක: 33°46′30″N 112°27′03″E / 33.775082°N 112.450925°E / 33.775082; 112.450925 (උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව (ලුෂාන්, චීනය))
පිහිටීමෆොඩුෂාන් දර්ශනීය පෙදෙස, ලුෂාන් ප්‍රාන්තය, හෙනාන්, චීනය
ප්‍රභේදයප්‍රතිමාව
උස128 m (අඩි 420)
අවසන් කළ දිනය1 සැප්තැම්බර් 2008

උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව (චීන: 中原大佛; සරල චීන: 山大佛; සම්ප්‍රදායික චීන: 魯山大佛) යනුවෙන් හඳුන්වනු ලබන්නේ චීනයේ හෙනාන්හි ලුෂාන් ප්‍රාන්තයේ ෂාඕකුන් නගරයේ පිහිටා ඇති දැවැන්ත බුද්ධ ප්‍රතිමාවකි. වෛරෝචන බුදුන් වහන්සේ‍ගේ රුව නිරූපිත මෙම ප්‍රතිමාව වර්ෂ 1997 සිට 2008 දක්වා කාලය තුළ ඉදිවූවකි. මෙම ප්‍රතිමාව පිහිටා ඇත්තේ චීනයේ ජාතික අබාධ මාර්ගය අංක. 311 ආසන්නයේ ෆොඩුෂාන් දර්ශනීය පෙදෙස තුළ ය. 128 m (අඩි 420) ක් උසැති මෙම බුද්ධ ප්‍රතිමාව, 20 m (අඩි 66) ක් උසැති පද්මාසනයක් මත වැඩ හිඳින අයුරින් නිර්මාණය කොට තිබේ. උල්පත් විහාරයේ මෙම බුද්ධ ප්‍රතිමාව ලොකයේ උසම ප්‍රතිමාව ලෙස සලකනු ලබයි.[1]

විස්තරය[සංස්කරණය]

මෙම බුද්ධ ප්‍රතිමාවට අමතරව එම ප්‍රතිමාව පිහිටුවා ඇති 25 m (අඩි 82) ක් උසැති පාදම/ගොඩනැගිල්ල ද සැලකිල්ලට ගත්විට මෙම ස්මාරකයේ සම්පූර්ණ උස ලෙස 128 + 25 = 153 m (අඩි 502) ක් ලැබේ. 2008 ඔක්තෝබර් මාසය වන විට මෙම ප්‍රතිමාව පිහිටුවා ඇති කඳු ගැටය තවත් අමතර පාදස්තල දෙකක් පිහිටුවීම පිණිස යළි හැඩගන්වමින් පැවතිණි. ඉන් ඉහළ පාදම 15 m පමණ උසැති ය. ඒ අනුව වර්තමානය වන විට මෙම ස්මාරකයේ සම්පූර්ණ උස ලෙස 208 m (අඩි 682) ක් ලැබෙන බව පැවසේ.[2]

මෙම ව්‍යාපෘතිය සමස්තයක් ලෙස සැලකූ විට සම්පූර්ණ පිරිවැය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 55ක පමණ වියදමක් දරන්නට සිදුවන්නට ඇති බව ඇස්තමේන්තුගත කෙරිණි. ඉන් මිලියන 18ක්ම බුද්ධ ප්‍රතිමා‍ව වෙනුවෙන් වැය විය. මුලින් ඇස්තමේන්තුගත කෙරුණේ මෙම ප්‍රතිමාව තඹ කැබලි 1,100ක් (තඹ ලෝකඩ හෝ පිත්තල නොවේ) ආධාරයෙන් වාත්තු කොට තැනවීමටයි. බුද්ධ ප්‍රතිමාවේ සම්පූර්ණ ස්කන්ධය ටොන් 1,000ක් පමණ වේ.[3] බුද්ධ ප්‍රතිමාවට පහළින් බෞද්ධ විහාරයක් ද ඉදිකොට තිබේ.

උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාවට එම නාමය හිමිවූයේ ආසන්නයේ පිහිටි ටියෑන්රුයි උණු දිය උල්පත හේතුවෙනි. මෙම උල්පතෙහි ජලය 60°Cක උෂ්ණත්වයෙන් යුතුව බුබුළු නගමින් පවතින අතර, එහි ජලයේ ඇති ඖෂධීය ගුණය හේතුවෙන් ප්‍රදේශය පුරා ප්‍රකට වී තිබේ. චීනයේ ටෑං රාජවංශ සමයේ නිර්මාණය වූ ෆෝක්වාන් විහාරය තුළ "වාසනාවේ ඝණ්ටාරය" නැමැති ඝණ්ටාරයක් පිහිටුවා තිබේ. මෙය මකර හිස් ශිඛරය මත ගොඩනගා ඇත. මෙම ලෝකඩ ඝණ්ටාරය ටොන් 116ක බරින් යුක්ත යැයි සඳහන් වේ.[4]

ගැලරිය[සංස්කරණය]

දුරස්ථ දසුනක්
දුරස්ථ දසුනක් 
බුද්ධ ප්‍රතිමාවේ පාදය
බුද්ධ ප්‍රතිමාවේ පාදය 

මේවාත් බලන්න[සංස්කරණය]

සැකිල්ල:Height comparison of notable statues

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

වාර්තා
පූර්වප්‍රාප්තිකයා
උෂිකු දායිබුත්සු
110 m (අඩි 361)
ලොව උසම ප්‍රතිමාව
2002–වර්තමානය
පදවිය හොබවයි

සැකිල්ල:Buddhist temples in China