උෂිකු දායිබුත්සු

විකිපීඩියා වෙතින්
උෂිකු මහා බුද්ධ ප්‍රතිමාව
ජපන්: 牛久大仏
වර්ෂය1993
වර්ගයප්‍රතිමාව
මානඋස 100 m (අඩි 330)
පිහිටීමඋෂිකු, ඉබරාකි, ජපානය

උෂිකු දායිබුත්සු (牛久大仏) යනුවෙන් හඳුන්වන්නේ ජපානයේ ඉබරාකි දිස්ත්‍රික්කයේ උෂිකුහි පිහිටි දැවැන්ත බුද්ධ ප්‍රතිමාවකි. 1993දී නිමකොට අවසන් කෙරුණු මෙම ප්‍රතිමාවේ සම්පූර්ණ උස 120 m (අඩි 390) ක් වන අතර, එයට 10 m (අඩි 33) ක් උසැති පාදම සහ 10m උසැති පද්ම පීඨිකාව ද ඇතුළත් වේ. 2016 වන විට, මෙම බුද්ධ ප්‍රතිමාව ලොව උසම ප්‍රතිමා ත්‍රිත්වය අතුරින් එකක් ලෙස පැවතිණි.

උත්තෝලකයක් මගින් නරඹන්නන්ව 85 m (අඩි 279) උසැති නිරීක්ෂණ මහලක් වෙත රැ‍ගෙන යයි. මෙම ප්‍රතිමාව මගින් අමිතාභ බුදුන් වහන්සේ නිරූපණය වන අතර, එය ලෝකඩවලින් නිමවා තිබේ. මෙම ප්‍රතිමාව උෂිකු ARCADIA (අමිදගේ ප්‍රභාව සහ දයාව සැබැවින්ම සංවර්ධනය කිරීමේ සහ ප්‍රභාවත් කිරීමේ කලාපය) ලෙස ද හඳුන්වයි. මෙම ප්‍රතිමාව ඉදිකෙරුණේ ජෝදෝ ෂින්ෂූ 浄土真宗 හෙවත් බුදු දහමේ "සැබෑ ශුද්ධ භූමි ශාස්ත්‍රාලය" පිහිටුවීමට පුරෝගාමී වූ ෂින්රන්ගේ උපත අනුස්මරණය කිරීම පිණිසයි.[1]

තොරතුරු[සංස්කරණය]

  • බර: ටොන් 4003 (රාත්තල් 8,825,000)
  • වම් හස්තයේ දිග: 18.00 m (අඩි 59.06)
  • මුහුණේ දිග: 20.00 m (අඩි 65.62)
  • ඇසෙහි දිග: 2.55 m (අඩි 8.4)
  • මුඛයේ දිග: 4.5 m (අඩි 15)
  • නාසයේ දිග: 1.2 m (අඩි 3.9)
  • කනෙහි දිග: 10.00 m (අඩි 32.81)
  • මහපටැඟිල්ලෙහි දිග: 7.00 m (22.97)

ප්‍රතිමාව අභ්‍යන්තරයෙහි මහල් සතරකින් යුත් ගොඩනැගිල්ලක් ඇත. මෙම ගොඩනැගිල්ල යම් ආකාරයක කෞතුකාගාරයක් ලෙස සැලකයි හැක.

1වන මට්ටම, අසීමිත ආලෝකය සහ අසීමිත දිවිය
පළමු මහලේ ප්‍රවේශ ශාලාව අඳුරු ය. එයට ඇතුළුවන්නන්ට අඳුරේ පවා සංගීත නාදයක් ඇසේ. කුටිය මධ්‍යයෙහි සුවඳ දුම් කටාරයක් තුළට එල්ල වූ තනි ආලෝක ධාරාවකි. මෙයට පිටතින් සෙසු මහල් වෙත යාමට උත්තෝලකයක් ඇත.
2වන මට්ටම (10.0 m), කෘතඥතාවේ සහ ස්තුතියේ ලෝකය
ආගමික ග්‍රන්ථ අධ්‍යයන සඳහා වෙන්කොට ඇත.
3වන මට්ටම (20~30.0 m), පද්ම ආරාමයේ ලෝකය
රන් බුද්ධ ප්‍රතිමා 3000කට අධික නිදර්ශක සංඛ්‍යාවක් ඇත.
4වන මට්ටම (80~85.0 m), ගිර්ධ්‍රකූඨ කන්ද
මෙ සිව්වන මහලේ බුද්ධ ප්‍රතිමාවේ ළයෙහි ඇති කවුළු තුළින් යාබද මල් උයන සහ කුඩා සත්ත්වෝද්‍යානය දැකගත හැක.

මේවාත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "උෂිකු දායිබුත්සු". Must Love Japan.

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 35°58′57″N 140°13′13″E / 35.98250°N 140.22028°E / 35.98250; 140.22028

වාර්තා
පූර්වප්‍රාප්තිකයා
සෙන්දායි දයිකන්නනොන්
100 m (අඩි 328)
ලොව උසම ප්‍රතිමාව
1993–2002
අනුප්‍රාප්තික
උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව
128 m (අඩි 420)

සැකිල්ල:Daibutsu

සැකිල්ල:Japan-art-stub සැකිල්ල:Japan-reli-stub

"https://si.wikipedia.org/w/index.php?title=උෂිකු_දායිබුත්සු&oldid=455359" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි