මුහම්මද් නබි
මුහම්මද් (සල්)[සංස්කරණය]
ඉබ්නු හාශිම්ගේ පුත් අබ්දල් මුතලිෆ්ගේ පුත් අබ්ද් අල්ලාගේ පුත් ආබු අල් කාසිම් මුහම්මද් මක්කා නගරයේ උපත ලැබුවේය.
අරාබි දේශය[සංස්කරණය]
ආසියා මහාද්වීපයේ නිරිතදීග ප්‍රදේශයේ පිහිටා ඇත. මෙය විශාල දේශයකි.මෙහි වාසය කරන සියල්ලෝම මුස්ලිම්වරුය. අසූ පන්ලක්ෂයක් පමණ ජනයා මෙහි වාසය කරති.අරාබි දේශයට වර්ෂාව හිඟය. කලාතුරකින් දිනක වර්ෂාව ලැබුනත් එම වර්ෂාව ඉතා තදින් පැවතී. පැය කීපයකදී අවසන් වෙයි. මෙවැනි වර්ෂාවක් වුවද ලැඛෙන්නේ අවුරුදු ගණනකට වරක් දෙකක් පමණි. වර්ෂ හිඟයක් හා වැලි පසක් සහිත භුමියක් නිසා එහි බෝග වගාව උගහටය.නමුත් සමහර ස්ථානවල එම ස්ථාන වලට පමණක් සීමාවූ බෝග වගාවන් ඇත. සෙසු ප්‍රදේශ කාන්තාර බවට පත්වී ඇත. අරාබි දේශයේ නගර කීපයක් ඇත. මක්කම සහ මදීනා මෙයින් ඉතා වැදගත් නගර දෙකකි.අරාබි දේශයේ අගනුවර රියාද් නමින් හැඳින්වෙන අතර පzධාන වරාය ජිද්Þ නමැති නගරයේ පිහිටා ඇත. දහ්රාන් නමැති සිථානයේ ඇමරිකිනුන් විසින් ගොඩනගන ලද ගුවන් තොටු පලක් ද ඇත.වැඩි ආÞයමක් ලබාදෙන තෙල් වර්ග එහි ලැබේ. මෙම තෙල් අපනයනය කිරීමෙන් විශාල ආÞයමක් රටට ලැබේ. මෙම තෙල් වැඩිවශයෙන් අපනයනය කරනු ලබන්නේ ඇමරිකාවටය.මෙම රට සවුදි අරාබියාව නමින් හැඳින්වෙන්නේ ‘සවුදි’ නමැති පවුලට අයත් අය විසින් රට ආණ්ඩු කිරීම නිසාය. ඉබ්නු සුවුද් හෙවත් අබ්දුල් අසීස් විසින් මේ රට පාලනය කරන ලදී. ඉන් අනතුරුව ඔහුගේ වැඩිමහල් පුතzයා වූ සුවුද් ද ඉන් අනතුරව පෛසල්ද රට ආණ්ඩු කළෝය.පෛසල් රජුගේ සහෝදරයා වන කාලිද් රජතුමා විසින් දැන් රට පාලනය කරගෙන යනු ලැබේ. මේ අයගේ පියාණන්වු ඉබ්නු සුවුද් හෙවත් අබ්දුල් අසීස් රජතුමා විසින් රාජ්‍ය පාලන තන්තzය කzමවත් ආකාරයට සකසා තිබුණි. අරාබි දේශයේ බලධාරියා රජතුමාය. රජතුමාට රාජ්‍ය පාලනයේදී උපදෙස් දීම සඳහ උපදේශක සභාවන් ඇත. රටේ දියුණුවට අÞලවූ පනත් සම්බන්ධයෙන් මේ සභාව රජතුමාට උයදෙස් දෙයි.අරාබි දේශයේ බොහෝ ඔටුවෝ සිටිති. අරාබි වරු ඔටුවන් පිට නැඟ ගමන් බිමන් යති. එහි අනර්ඝ අශ්වයෝද සිටිති. ඒ නිසා විදේශිකයෝ අරාබි අශ්වයන්ට වැඩි මුදලක් ගෙවා මිලයට ගනිති. අරාබි දේශය බස්නාහිර රතු මුහුද පිහිටා ඇත. රතු මුහුදේ සිට දිවෙන සූවස් ඇල මධ්‍යධරණී මුහුද දක්වා විහිදී ඇත. වර්ග සැතපුම් අට ලක්ෂයක් පමණ විශාලවූ අරාබි දේශයේ බස්නාහිරින් සරුසාරවත් බිවූ පzදේශයක් ඇත. එම පzදේශය ‘හිජාස්’ නමින් හදුන්වනු ලැබේ. මෙහි මක්කම සහ මදීන් නමැත් ශුද්ධ නගර පියිටා ඇත.
කාලීන සමාජය[සංස්කරණය]
අවුරුදු එක් දහස් පන්සීයකට පෙර ජීවත් වූ අය දුසිරිතින් පිරි ජීවිතයක් ගත කළහ. ඔව්හු ඉතා පහත් අන්දමේ සිරිත් විරිත් අනුගමනය කළහ. මත්පැන් පානයත්, බඩපුරා කෑමත්, සෙල්ලම් කිරීමත්, ඔවුන්ගේ දින වරියාව විය. තමන් අදහස් කළ යම් දෙයක් වේ නම්, එය ඒ අන්දමින්ම පාලන කzමයකින් තොර තිරිසන් තත්වයකින් ජීවත්වූ පිරිසක් වශයෙන් එකල ජීවත් වූ අරාබිවරුන් හැඳින්විය හැක. තම පියාගේ අභාවයට පසු ඔහු විවාහ ව සිටි භාර්යාවත් කීප දෙනෙකුගෙන් එක් අයෙකු විවාහ කර ගැනීම වැන් කzියාවක් වුවද කිසිම පැකිලීමක් නැතුවම කිරීමට පවා ඉදිරිපත් විය. එකල පිරිමි ළමයකු ඉපදීම සිත් සතුටු කරවන දෙයක් වූ අතර ගැහැණු ළමයකු ඉපදීම සිත් වේදනා ගෙන දෙන්නක් විය. එසේ ඉපදුන ගෑණු ළමයා ඉක්මනින්ම ජීවිතක්ෂයට පත් කිරීමට පවා ඔව්හු පසුබට නොවූහ. ගැහැණු ළමයි වැඩි දෙකන= පණ පිටින්ම වළලන ලදී.
තමා මෙවු දෙවි කෙනකු සිටි බවක් එකල ජීවත්වූ අරාබිවරු කල්පනා නොකළෝය. තමන් කරන පව් දෙවියෝ දැන සිටිති· එවැනි පව්වලට දෙවියන් විසින් කිසියම් දවසක දඞ්දැවම් පමුවණු ලබත් කියා ඔව්හු නොසිකුහ. එකම දෙවි කෙනකු වෙනුවට විවිධ අන්දමේ පිළිමවලට එÞ පුද පූජා පවත්වන ලදී. දෙවියන් තෘප්තිමත් කිරීමට මෙසේ කළයුතු යයි ඔව්හු සිතුහ. තිරිසන් සතුන්, ගස්, ගල් වැනි දේ දෙවියන් ශෙයෙන් සලකන ලදී. කෙටියෙන් කිවහොත් එය අන්ධකාරය රජකළ වකවානුවකි, ඒ නිසා මිනීමැරුම්, සොරකම් බොරුකීම් වැනිදේ නිරන්තරයෙන් සිදු විය.
නබිතුමාගේ මක්කා ජීවිතය[සංස්කරණය]
අරාබි දේශය අද එකම රජෙකුගේ පාලනය යටතේ පවතී. නමුත් අතීතයෙහි පාලනහ නොයෙකුත් පවුල් බලධාරින් අත පැවතුණි. එවැනි පවුල් බොහොමයක් එවකට විය. රටේ විවිධ පzාන්ත විවිධ කණ්ඩායම් විසින් පාලනය කරන ලදී. ඔවුන් අතර කිසිම දිනක සාමÞනයක් නම් නොවීය. එක් කණ්ඩායමක් සමග තවත් කණ්ඩායමක් සÞකල්හිම යුද්ධයේ පැටලි සිටියෝය. ඕනෑම සුZ කරුණක් විසඳා ගැනීමට වුවද ඔව්හු එකිනෙකාට විරුද්ධව යුදවදුනහ. අවුරුදු ගණනාවක් මෙම යුද්ධ නොකඩවා පැවතිනි. එම වකවානුවේ හිජාස් කමැති පzදේශයේ ‘කුරයිෂි’ වංශයට අයත් අය ජීවත් වූහ. මෙම පzදේශයේ මක්කම නගරයේ කඃබා නමැති ඉතා පැරණී දේවස්ථානයක් විය. අවුරුදු දහස් ගණනකට පෙර නබි ඉබ්රාහිම් තුමාණෝ එකම දෙවියක් වැඳීමට මෙම දේවස්ථානය තැනුවෝය. කුරයිෂි වංශයේ අය මෙම දේවස්ථානයේ පාලකයන් වශයෙන් කටයුතු කළ නිසා අනෙක් පවුල් වලට අයත් උදවිය ඔවුන් හට ගෞරව දැක්වූහ.
එක් සමයකදී අබ්දුල් මුත්තලිබ් නමැත්තා කුරයිෂි පවුලේ පzධානියා විය. ඔහුට දරුවන් කීප දෙනෙක් විය. ඔහුන් අබ්දුල්ලා නමැති පුතාට වැඩි ආදරයන් දැක්විය. අබ්දුල්ලා ව්‍යාපාර කටයුතු සඳහා නිතර විදේශ ගමන් බිමන් වල යෙදින. අබ්දුල්ලා තම තරුණ වියේදී ආමිනා නමැති කාන්තාව සමඟ විදේශ ගමනක යෙදුන අවස්ථාවකදී අබ්දුල්ලා මදීනා නමැතී ස්ථානයේදී අභාවප්‍රාර්ත විය. මදීන් නමැති ස්ථානය කලින් හැදින්වූයේ යත්රිබ් නමිනි.
ඔහුගේ අභාවයට පසුව ආමිනා තුමියට දරුවෙක් ලැබින. එම දරුවාට මුහම්මද් යන නම තැබීය.
මුල් අවුරුදු හතරේදී මුහම්මද් තුමන් හÞ වඩා ගත්තේ හලීමා නමැති සිතzියයි. ඇය හෙදියෙකි. හලීමාගේ පවුලේ අය අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිම උනන්දුවක් නොදැක්වූ නිසා ඔවුන්ට මෙන්ම ඔවුන් අතර වැඩුණු මෙම දරුවාට ද කියවීමට හෝ ලිවීමට නොහැකි විය. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔහු කිසිම උනන්දුවක් නොදැක්විය. එයට හේතු වූයේ අධ්‍යාපනයට සුදුසු පරිසරයක් එහි නොතිබීමය.
මුහම්මද්තුමාණන්ට වයස අවුරුදු හය වන විට එතුමාණන්ගේ මව මිය ගියාය. මවගේ නැතිවීමත් සමගම එතුමෝ මවක හෝ පියකු නොමැති අනාතයෙක් බවට පත් වූහ. නමුත් එතුමාණන්ගේ පියාගේ පියා (සීයා) වන අබ්දුල් මුත්තලිබ් තම මුණුපුරා රැක බලා ගත්තේය. අවුරුදු ගණනකට පසුව අබ්දුල් මුත්තලිබ්ද අභාවපzාප්ත විය. ඉන් පසුව එතුමාණන්ගේ සුZ පියාවූ අබුතාලිබ් එතුමාණන් හÞ වඩා ගත්තේය.
තමාගේ නමවත් ලියන්නට නොදත් මුහම්මද්තුමාණන් අනාගත ලෝකයේ ඉතා ශක්ති සම්පන්න ඉස්ලාම් ආගම පැතිර වීමට සමතෙක් වන බව එවකට කවුරුත් දැන සිටියේ නැත. කලින් කල දෙවියන් විසින් ලොවට යවන ලද දුතයන් ගේ අන්තිම දුතයා වන බවක් වත් එවකට දැන සිටියේ නැත. තව ද මුහම්මද්තුමාණන් අනාගතයේදී පිබිදිය හැකි විශිෂ්ඨයකු බවටත් හැඟීමක් ඇතිවී නොතිබින.
තරුණවිය[සංස්කරණය]
මුහම්මද් තුමාණන්ගේ තරුණ වයස ලඟාවන විට එතුමෝ එZවන් රැක බලා ගැනීමෙන් එඬේර ජීවිතයක් ගත කළෝය. පසුව ව්‍යාපාර කටයුතු වල නිරත වූහ. සිරියා වැනි විදේශවල පවා වෙළඳ සංවාරක කටයුතුවල යෙදුනහ.
එතුමන්ගේ චාම් ජීවිතය සහ යහපත් සිරිත් විරිත් දුටු අනෙක් අය එතුමාණන්ට ගරු කළහ. ආදරය දැක්වූහ තරුණ වියේදී එතුමො දුප්පත් මිනිසකු ලෙස ජීවිතය ගත කළෝය. සÞකල්හිම සත්‍ය කළෝය. එතුමන්ගේ අවංක බව නිසා සියලිලෝ එතුමන් විශ්වාස කළහ. වෙනත් අය විසින් ආරක්ෂාව සඳහා තමා වෙත් ගෙනවුත් තබන ලද මුදල් හෝ වෙනත් භාණ්ඩ ඉතා ආරක්ෂා සහිතව තබා නැවත ඉල්ලන විට අයිතිකරුවන් වෙත ඒ සියල්ල ආපසු භාර දෙන ලදී.
ඒ නිසාම එතුමාණන්ට ‘අල් අමීන්’ නමැති නමක් ද ලැබින. අල් අමීන් යන්නෙහි අර්ථය ‘විශ්වාස වන්තයෙක්’ යන්නයි. ‘මුහම්මද්’ යන්නනෙහි අර්ථය ‘පzශංසකීය’ යන්නයි.
බොරු කීම සොරකම් කිරීම වැනි නරක සිරිත් විරිත් එතුමන් ලඟ නොමීය. අධ්‍යාපනය නොලද්දකු වුවත් නුවණක්හ යහපත් සිරිත් විරිත් එතුමන් ලඟ විය. එක් සමයක කුෙරෙෂිවරු ‘කඃබා’ නමැති සුද්ධවූ දේවස්ථානය අZත් වැඩියා කරමින් සිටියෝය. හිජාස් පzදේශයේ විසු සියZම පවුල්වල සහාය හා සහයෝගය මෙම කාර්ය සඳහා ලැබුණි. මෙම දේවස්ථානයෙහි සුවර්ගයේ සිට වැටුණු කZ ගලක් විය. එය ‘හජ්රුල් අස්වද්’ යන නමින් හැඳින්විය. එම ගල නියමිත ස්ථානයෙහි තැන්පත් කිරීමේ අවස්ථාව තම තමාට ලැබිය යුතුය කියා සිටියහ. ඒ ගැන තීරණයකට එළඹීමට නොහැකිවූ තත්වයක් උද්ගත වූ බැවින් ඔවුන්නොවුන් අතර ගැටුම් ඇතිවිය හැකි තත්වයක් උÞවිය. එවැනි අවස්ථාවකදී සුදුසු තීරණයක් ගන්නා ලෙස සියZම පවුල් වල අය එතුමාණන් ගෙන් ඉල්ලා සිටියෝය.
එතුමාණන් කවර අන්දමේ තීරණයක් ගත්තේ දැයි ඔබ දන්නවාද? ‘රෙදි නැබැල්ලක් ගන්න· ඒ මත ගල තබන්න· සියZදෙනාම ඔසවන්න· ගෞරවය සියZ දෙනාටම හිමිවේයයි එතුමාණන් කීහ. මෙම තීරණයෙන් සියල්ලෝම සතුටට පත් වූහ. මේ අනුව එම ගල රෙදි කැබැල්ල මත තබා සියල්ලෝම ඔසොවාගෙන ගිය විට මුහම්මද් තුමාණෝ එය බිත්තිය මත තැබූහ. එයින් සියල්ලෝම තෘප්තියට පත් වූහ. එපමණක් නොව එම කzියාව නිසා පවුල් අතර සිදුවීමට ඉXතිබුණු ගැටුම්ද වැලකිනි. තරුණ මුහම්මද්තුමාණන්ගේ නුවණක්කාර කම ගැන සියල්ලෝම ඔහුට පzශංසා කළහ.
මුහම්මද්තුමාණන් ගේ අවංක භාවය ගැනත් නුවණක්කාරකම ගැනත් කථා මක්කමේ සියලු දෙනා අතර පැතිරගියේය. මෙම කථාව මක්කමේ ජීවත්වූ එක්තරා පොහොකත් කාන්තාව ගේ කන්වලට වැටුණි. කදීජා නමැති මෙම කාන්තාව කුලී ගෙවා පුද්ගලයින් වෙළඳාම සඳහා සිරියාව ආදි රටවලට යැවුවාය. වරක් මුහම්මද්තුමාණන්ද මෙවැනි වෙළඳාම් කටයුත්තක් සඳහා මේ කාන්තාව විසින් සිරියාවට යවන ලදී. මුහම්මද්තුමෝ තමාට පැවරූ කාර්යය ඉතාමත් දක්ෂ ලෙස ඉටු කොට පෙරළා පැමිණියෝය. දක්ෂ ලෙස කාර්යයන් ඉටුකර පැමිණිම නිසා කදීජා, මුහම්මද්තුමන් කෙරෙහි ආදරය දැක්වූවාය. පසුව දෙදෙනා අතර විවාහය සිදුවිය. පසුව මුහම්මද් තුමාණන්ගේ පzියතම දුව වන පාතිමා නමැති දරුවා කදීජාට ලැබුණි.
දෙවියන්ගේ දුතයා[සංස්කරණය]
මක්කමට තරමක් දුරින් පිහිටි හිරා නමැති ගුහාවට ගොස් භාවනා කිරීම තම බාල වයසේ සිටම මුහම්මද් තුමාණන්ගේ සිරිතක් විය. එම ගුහාව තුළ හුදකලාව වාඩිවී දෙවියන් ගැනත්, දෙවියන් මැවූ ලෝකය ගැනත්, ලෝකයේ ඇති පුදුම සහගත දේ ගැනත් එතුමෝ මෙනෙහි කළහ. එතුමන්ගේ හතළිස් වන වියෙහි දිනක් ගුහාව තුළ භාවනා කරමින් සිටියදී දේවදුතයෙක් (මලක්) එතුමා ඉදිරියේ පෙනී සිටියේය.
එසේ පෙනී සිටි ඔහු ‘මුහම්ද් කීයවන්න’ යි පැවසීය. එවිට මුහම්ද්තුමාණෝ, කොහොමද කියවන්නේ කුමක්ද කියවන්නේ යි ඇසූහ. ‘උතුම්වූ දෙවියන්ගේ නාමයෙන් කියවන්න’ යි දේව දුතයා නැවතත් කීවේය. ‘ඔහු සියලු දේ මැවූයේය· මනුෂ්‍යයා පෙර නොදත් සියලු දේ පෑනෙන් ඉගැන්වූයේය.’
දේව දුතයා කිවූ දේම මුහම්ද්තුමාණෝ නැවත කීහ. දේවදූතයා පළමු වරට දුටු මුහම්ද්තුමාණෝ මවිත යට පත්වූහ. මෙම ආශ්චර්ය ගැන ඉක්මනින් ගෙදර ගොස් තම භාර්යාවට දැන්වූහ. ඇය තමාගෙු ඥාතියෙකු වෙත මුහම්ද්තුමාණන්ව කැඳවා ගෙන ගියාය. එම වයෝවෘධ ඥාතිවරයා මනාව උගත් කෙනෙකි. ඔහු පුරාන ආගම් පිළිබඳ හොඳින් දැන සිටියේය.
දෙවියන්ගේ පණිවුඩය රැගෙන එන ජිබ්රිල් නමැති දේවදූතයෙකුගේ කථාවටයි ඔබ සවන් දුන්නේ. දෙවියන් තමාගේ දූතයා වශයෙන් ඔබ තෝරගෙන ඇතැයි කියා අර වයෝවෘධ ඥාතියා පzකාශ කළේය. එම පzකාශය සම්පූර්ණයෙන්ම කදීජා විශ්වාස කළාය. මුහම්ද්තුමාණෝ කෙතරම් දැයි කිවහොත් අවංක කමින් අංශ=වක් වත් බැහැර නොගිය කෙනෙකු බව ඇය හොඳින් දැන සිටි නිසාම වයෝවෘද්ධ ඥාතියාගේ පzකාශය කදීජා තුමිය සම්පූර්ණයෙන්ම සත්‍යබවට විශ්වාස කළාය.
ඉස්ලාම් ආගම කෙරෙහි විශ්වාසය පළමුවරට තැබූ තැනැන්තිය කදීජාය. ඊට පසුව අබූතාලිබ් නැමැත්තාගේ පූතzයා වූ අලි නමැති තරුණයා ඉස්ලාම් ආගම කෙරෙහි විශ්වාසය තැබීය.
මෙම තරුණයා බාල වියෙහි සිටම ඉතා ශක්ති සම්පන්න කෙනකු විය.
සමස්ත ලෝකයේ සෑම පzදේශයකට ජීවත්වන මිනිස් සංඛ්‍යාවෙන් සමග පස්දෙනකුටම එක් අයෙකු විශ්වාසය තැබු ආගම වන ඉස්ලාම් ආගම ආරම්භ වූයේ මෙසේය. ඉස්ලාම්ආගම අදහන කොයිම රටකට අයත් වැසියෙක් වුවත් එම රටේ මුස්ලිම් යන නාමයෙන්ම හැදින්වේ. ශzී ලංකාවේ වාසය කරන ඉස්ලාම් භක්තිකයෝ ලංකා මුස්ලිම් වරුය. ඉන්දියාවේ වාසය කරන මුස්ලිම් භක්තිකයෝ ඉන්දියානු මුස්ලිම්වරුය. අරාබි දේශයේ ජිවත් වන අය අරාබි මුස්ලිම්වරුය. අන්‍යෝන්‍ය වශයෙන් කිසි දිනෙක හේදයක් ගැන නොසලකත අය වශයෙන් මුස්ලිම් වරුන් දැක්විය හැක. කොයිම රටකට අයත් වූවත් දුප්පත් හෝ පොහොසත් වුවත් සෑම මුස්ලිම් වරුම සහෝදර යෝය. ඔව්හූ එකිනෙකාට සමාන වන්නෝය. කෙසේ වූවත් උස් පහත් හේදයක් ගැන විශ්වාසයක් ඔවුන් අතර නැත.
දෙවියන්ගේ දූතයෙකු ලෙස පෙනී සිට ලෝනයේ ජීවත්වන මිනිසාට හොඳ මාර්ගය පෙන්නා දෙන අය ‘නබී’ යන නාමයෙන් අරාබි බසින් හැඳින්වේ. එම නිසා මුහම්මද් නබි (සල්ලල්ලාහු අෙලෙහිව සල්ලම්) තුමානන්ට තමාගේ හතලිස්වැනි වියෙහිදී දෙවියන්ගේ දූතයා වීමේ භාග්‍ය ලැබුණි. එය රමලාන් මාසයේ අවසාන දිනයන්හි යෙදුන එක් රාතzියකදීය. මක්කම නගරය අසල හිරා ගුහාවේ පළමු වරට ජිබ්රයිල් (අෙලෙහිස්සලාම්)යන දේවදූතයා පෙනී සිටියේ. මහිමය ලත් එම රැයෙන් පටන්ගෙන පසුව මුහම්මද් නබි නායකානන්ගේ ඉතිරි විසිතුන් අවුරුදු ජීවිත කාලය තුළදීම ශ=ද්ධ වූ කුර්ආනය පහළ විය. මෙසේ ඒ ඒ කාලයේ තත්වයට සහ අවශ්‍යතාවයන්ට සරිලන සේ කාලෝවිතව ශ=ද්ධවූ කුර්ආනය කොටස් වශයෙන් පහල විය. නබි නායකයානන්ගේ අවසාන අවුරුද්දේදී කුර්ආනය සම්පූර්ණ විය.
දෙවියන් විසින් මුස්ලිම් වරුනට හොඳ දිවිපෙවෙතක් පවත්වාගෙන යෑමට මග පෙන්වා ඇති ශ=ද්ධවූ කුර්ආනය නරක දේ වලින් ඈත්වී ජීවත් වීමට මග පෙන්වන මාර්ගෝපදේශකයකු බඳුය. ශ=ද්ධවූ කුර්ආන්හි අසුහත්වැනි සුරාවෙහි හත්වැනි වාක්‍යයෙන් කියවෙන්නේ කුමක්දැයි ඔබ දන්නවංද? ‘අල්ලාහ් සිතුවානම් මිස ඔබට කිසිවක් අමතක නොවේවි’. ශ=ද්ධවූ කුර්ආන් පහලවූ මුල් කාලයේම ජීබ්රයිල් (අෙලෙහිස්සලාම්) නබි නායකයානන්ට මෙසේ දැනුම් දුන්හ. එම නිසා ශ=ද්ධවූ කුර්ආන් මුහම්මද් නබි තුමානන් හට අමතක නොවී පාඩම්කර ගතහැකි විය. එතුමානන්ගේ මිතzයෝද ශ=ද්ධවූ කුර්ආනය කට පාඩම්කර ගත්හ. කලකට පසුව ශ=ද්ධවූ කුර්ආනය ලේඛණගත කරන විට මෙම මිතzවරු එම කර්තව්‍යයට ඛෙහෙවින් උදව් වූහ. එÞ ලේඛණ ගතකළ අන්දමට කිසිදු වෙනස්කමක් නොමැතිව අද දක්වාත් ශ=ද්ධවූ කුර්ආනය පවතී. අදහස්වල හෝ වේවා, අකුරු වල හෝ වේවා කිසිදු වෙනිසක් කවරකාලකදීවත් සිදු නොකරන ලද්දේය.