හජ්

විකිපීඩියා වෙතින්
tiny globe
වන්දනාකරුවෙක් Masjid Al Haram හි කණ්ණලව්වක යෙදී සිටින අයුරු, දහස් ගණන් වන්දනාකරුවෝ හත්වරක් වාමාවර්තව "කාබා" නැමැති ඝනාකාර ගොඩනැගිල්ල වටා සක්මන් කිරීම සිදු කරයි.


“Hajji” යනුවෙන් හඳුන්වන්නේ මුස්ලිම් බැතිමතුන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මක්කම වන්දනාවයි. එය මුස්ලිම් ධර්මයේ පස්වෙනි කුළුණ ලෙස සලකනු ලබන අතර සෑම ධනවත්, ශක්තිමත් මුස්ලිම් ජාතිකයෙකු විසින්ම තම ආයුකාලය තුලදි එක වරක්වත් එය ඉටු කිරීමට බැඳී සිටි. එය මුස්ලිම් ජාතිකයන්ගේ සහයෝගිතාවයේ ආදර්ශනයක් ,නිරූපණය කිරීමක් වන අතර දෙවියන්ට දක්වන අවනතියක් ලෙසද සැලකේ.

ඉස්ලාමික දින දර්ශනයට අනුව මෙම වන්දනාවේ යෙදෙන්නේ දොළොස් වන මාසයේ එනම් දුල්හජ් දසවන දින සිට පහලොස් වන දින දක්වාය. ඉස්ලාමීය දින දර්ශනය චන්ද්‍ර දින දර්ශනයකි. එබැවින් ඉස්ලාමික දින දර්ශනයේ වර්ෂයකට වඩා , 8 වැනි ග්‍රෙගරි පාප්තුමා විසින් 1582 හඳුන්වා දෙන ලද දින දර්ශනයේ වර්ෂයකට දින එකොළහක් පමණ වැඩි බැවින් ඒ දින දර්ශන එනිනෙක හා ගැලපිමට නොහැකි වී ඇත. 2007 වර්ෂයේ මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික වන්දනාව යෙදි තිබෙන්නේ දෙසැම්බර් 17 සිට 21 වනදා දක්වාය.

2007 වර්ෂය හා සැසදීමෙන් පසු ඇස්තමේන්තු ගත කර ඇති පරිදි වාර්ෂිකව මිලියන දෙකකට අධික වන්දනාකරුවන් පිරිසක් මක්කම වන්දනාවට සහභාගි වේ. මේ නිසා ජන සමුහ පාලන ක්රම තවදුරටත් අර්බුදකාරි වි ඇත. අති විශාල ජන සංඛ්යාව හේතුවෙන් බොහොමයක් පිළිවෙත් වඩාත් ශෛලිගත වි ඇත. කාලවර්ණයෙක් යුතු ශිලාව සිප ගැනීම අත්‍යවශ්‍ය නොවුවද, හුදෙක් "කාබා" අවට මෙන්ම එම මාර්ගයේදි එයට ඇඟිල්ල දිගු කිරීම වෙයි. කළ යුතුම වේ.විශාල කුළුණු ආශ්‍රිතව ගල් කැට විසි කිරීම සිදුවුවද ආරක්ෂක හේතුන් මත 2004 වර්ෂයේ දි මෙය වෙනස් කරනු ලැබිණි.ඉන් පසු ඒ සදහා ද්‍රෝණිකා සහිත විශාල තාප්ප ඉදිකරන ලදි.

ඉතිහාසය[සංස්කරණය]

වාර්ෂික මක්කම වන්දනාව මුහම්මද්තුමාගේ ජීවිතය ආශ්‍රිත වුවක් වුවද, මක්කම යෑම ඊට පෙර පටන් මුස්ලිම් ආගමේ පැවත ආ පිළිවෙතකි. මුස්ලිම්වරු විසින් සලකන පරිදි එහි ඉතිහාසය පෙර වක්තෲවරුන් වන ඉබ්‍රාහිම් තුමා හා ඉස්මයිල් තුමාණන් යන දෙදෙනාගේ කාලපරිච්ඡේදය දක්වා දිව යයි.


සටහන[සංස්කරණය]

Hajj
"https://si.wikipedia.org/w/index.php?title=හජ්&oldid=511152" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි