ඉස්ලාම් දහමෙහි දෙවියන්
ඉස්ලාම් දහමට අනුව දෙවියන් යනු සත්‍ය වූ ශ්‍රේෂඨ වු පුද්ගලයා වන අතර, සර්වබලධාරි ලෝකයේ මැවුම්කාරයන් සහ ලෝකය පවත්වා ගැනීම හා නියම කිරීම සම්බන්ධයෙන් අගතැන් පත් වු ද විශ්වයේම විනිශ්චයකාර බලවේගය ද වේ. ඉස්ලාම් දහමට අනුව දෙවියන්ට ඒකිය භාවයක් ලබා දේ. හෙතෙම අසමසම, ඒකීය, සර්ව අනුකම්පා සහගත හා සර්වඥ වේ. ඉස්ලාම් සම්ප්‍රදායට අනුව දෙවියන්ට නාම 99 ක් ඇති අතර සැම නාමයකින්ම උන්වහන්සේ සතු විශේෂ ලක්ෂණයක් ගැන කියවේ. මේ සියළු නාමයන් ශ්‍රේෂ්ඨ වු අල්ලාහ් වෙනුවෙන් යෙදේ. මේ නාමයන් 99 අතරින් වඩාත් ප්‍රචලිත නාමය වනුයේ සර්ව අනුකම්පා සහගත සහ සර්ව මෛත්‍රි සහගත යන නාමයන්ය.
කුරානයට අනුව දෙවියන් වහන්සේ අනුකම්පා සහගත වේ. විශ්වය මැවීම හා සැකසිම එලෙස දෙවියන් විසින් අනුකම්පා සහගතව කරන ලද්දක් සේ සැලකේ. එම නිසා සියලු සත්ත්වයන් ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය උදෙසා යාඥා කරමින් දෙවියන්ගේ ඒකීයත්වය උදෙසා සාක්ෂි දැරිය යුතුය. ඉස්ලාමික ඉගැන්වීම් අනුව දෙවියන් සැමතැනම සිටින අතර කිසිම ස්ථානයක දෙවියන් උපත ලබා නැත. කුරානට අනුව කිසිම දර්ශනයකට ඔහු ගෝචර නොවේ. ඔහුගේ දර්ශනයට සැවොම ගෝචර වේ. ඔහු සියලු දේ හා බැදුණත් ඔහුගේ බලය තේරුම් ගැනීමට අපහසුය.
ඉස්ලාම් දහමට අනුව දෙවියන් මහෝත්තම හා ස්වෛරි වන අතර කුරානයට අනුව මිනිසාගේ කිරීටක ධමනියට වඩා මිනිසාට ළංවේ. හෙතෙම අසරණ බවට පත්වු ඔහුගේ උපකාර ලැබිය යුතු අය වෙනුවෙන් ප්‍රතිචාර දක්වයි. ඒ සියල්ලට වඩා ඔහු මනුෂ්‍යත්වය නිසි මාර්ගයේ ගෙනියයි.
ඉස්ලාම් දහමට අනුව අනෙකුත් අබ්‍රාහ්මික ලබ්ධිකයින් විසින්ද නමස්කාර කරනු ලබනුයේ තමන් විසින් වදින දෙවියන්ටම ය. මෙයට කිතුණුවන් හා යුදෙව්වන් ද අයත් වේ.
ඉස්ලාම් ධර්මයෙහි දෙවියන්වහන්සේගේ උපලක්ෂණ
[සංස්කරණය]ශුද්ධ වූ අල් කුර් - ආනයේ දෙවියන්‍වහන්සේගේ උපලක්ෂණ හඳුන්වනු ලබන්නේ 'දෙවියන්වහන්සේගේ විචිත්‍රවත් නාමයන්’ ලෙසයි. ගර්හාඩ් බොවරින්ට අනුව ඒවා සම්ප්‍රදායානුකූලව ගණනය කළවිට 99 ක් වන අතර, එයට අල්ලාහ් ගේ උත්තරීතරම නාමය වන අල් ඉස්ම් අල් - අසාම් ද අයත් වේ. අල් කුර් - ආනයේ විවරණ සාහිත්‍යයේ දේව නාමයන් ලැයිස්තුගත කිරීමේ කුර් - ආන ප්‍රකාශය 17:110 දෙවියන් වහ්නසේ අමතන්න, එසේත් නැතිනම් අනුකම්පා සහගත වූවෝ අමතන්න, ඔබ කා හට ඇමතුවද, විචිත්‍රවත්ම නාමයන් හිමිවන්නේ ඔහුටය ලෙස දැක්විය හැක. තවද 59:22:24 හි ද දෙවියන්වහන්සේගේ ගෞරව නාම දොළසකට වැඩියෙන් අඩංගු වේ. දෙවියන්වහන්සේගේ විචිත්‍රවත් නාමයට පහත දැක්වෙන දේ ඇතුළත් වේ.
- අතිශයින්ම කරුණාහරිත
- අතිශයින්ම අනුකම්පා සහගත
- නිරතුරුවම කමා කරන්නා
- නිරතුරුවම සපයන්නා
- ලෝකයන්ගේ අධිපති සහ පෝෂකයා
- ස්වයං යැපෙන්නා (සියලුම ජිවින් පෝෂණය සඳහා යැපෙන්නේ ඔහු මතය)
- සර්වකාලීන අධිපති (සදා නොමැරෙන්නා)
- උත්තරීතරව ප්‍රඥාවන්තයා
ඉස්ලාමීය දේව ධර්මය දෙවියන්වහන්සේගේ උපලක්ෂණ සහ දිව්‍ය හරය යන දෙක අතර පැහැදිලි වෙනසක් පෙන්වා දෙයි.
ඉස්ලාම් හි දෙවියන් හා ආගම් අතර සැසඳීමක්
[සංස්කරණය]ඉස්ලාම් දෙවියන් හට සහකරුවන් හෝ මිත්‍රයන් නොසිටියේය. එමෙන්ම දෙවියන් සහ (Jinn) අතර ඥාතීත්වයක් නොතිබුණු බව ද පැවසේ. එය ඉස්ලාමයට පෙර අරාබි සංකල්පය හා ඉස්ලාම් ආගම අතර ඇති වෙනසකි. ඉස්ලාමයට පෙර අශිෂ්ට අරාබිවරුන් විශ්වාස කළේ අන්ධ, බලවත්, අනුකම්පා රහිත, සිහිසන් නැති මිනිසුන්ට පාලනයක් නොමැති බලවේගයක් පිළිබඳවය. මෙම සංකල්පය ඉස්ලාමිය මතය වු “බලවත් නමුදු දුරදර්ශි හා අනුකම්පා සහිත දෙවියකුගෙත් “ප්‍රතිස්ථාපනයට හේතු විය.
ඉස්ලාම් හි දෙවියන් සහ යුදෙව් ආගමේ දෙවියන්
මොහම්මද් (Mohammad) සහ ඔහුගේ පිරිවරද අදහන්නේ යුදෙව්වන් අදහන දෙවියන්ම බව මුස්ලිම්වරුන්ගේ විශ්වාසයයි. Fromis edoodo peters විසින් කුරානයේ දැක්වෙන බවට පෙන්වා දෙන්නේද, ඉතිහාසඥයන් ස්ථිර කරනුයේද ඉහත සඳහන් කාරණයමයි. (කුරානය 29:46). මොහු කුරානයේ අල්ලා (Allan) මැවුම්කාර දෙවියන් වන Abraham සමඟ සම්මුතියට එක් වු දෙවියන්ට සමානය. Peters පවසන්නේ කුරානයේ Allan නිරූපණය කෙරෙන්නේ Jahweb ට වඩා බලවත් හා වෙනස් අයුරිනි. තවද Allan විශ්වයේ දෙවියන් බවට ද, Yahweh දෙවියන්ව ආදි හිබෲ ජාතිකයන් අදහන බව ද සැලකේ. Encyclopedia Britannica අනුව, කුරානයේ දෙවියන් “Loves those who do good” සහ තවද කුරානයේ දෙවියා සහ මිනිසා අතර අනෝන්‍ය සෙනෙහසක් ඇති බව ද සැලකේ. නමුදු Judeo-Christia ශික්ෂාපදය වනුයේ “love god with all thy heart” ය. මෙය ඉස්ලාම් ආගමේ කිසිදු තැනකට අදාල නැත. ඉස්ලාම් ආගමේ අවධාරණය යොමු වි ඇත්තේ දෙවියන්ගේ අචින්ත්‍ය ශ්‍රේෂ්ඨත්වය පිළිබඳවය. ඉස්ලාම්හි සාරය වනුයේ “surrender to Allah”යන්නය. (අල්ලාට යටත්වනු)
ඉස්ලාම් හි දෙවියන් සහ ක්‍රිස්තියානි ආගමේ දෙවියන්
ඉස්ලාම් ආගමේ, ක්‍රිස්තියානු ආගමේ එන දෙවියන් යනු එක් සාරයක සිටින පුද්ගලයන් තිදෙනෙකුය යන මතය ප්‍රබල ලෙස ප්‍රතික්ෂේප කෙරේ. ඉස්ලාම් ආගමේ දෙවියන් යන සංකල්පය තුළ දෙවියන් හා මැවීම් අතර අතරමැදියන් නැත. දෙවියන් සෑම තැනම සිටින බව ද නමුදු එක් ශරීරයකවත් ඔහු නොමැති බව ද පැවසේ.
ප්‍රථම හා දෙවන ධර්ම යුද්ධයේදි ඉස්ලාම් ආගම මිත්‍යාදෘෂ්ටික බවට බාහිර ක්‍රිස්තියානුවන් ප්‍රත්‍යක්ෂ කර ගත්හ. ඔවුන් මොහම්මද්(Mohammad) දුටුවේ අමනුෂ්‍යයෙක් හා ව්‍යාජ දෙවියකු වශයෙනි. ක්‍රිස්තියානි ආගමේ සම්ප්‍රදායික ඇදහිල්ල වුයේ මොහම්මද්(Mohammad) ගේ දෙවියන් සත්‍ය දෙවියන්ට සමාන වු බවයි.
Pope Innocent XI ගේ Ludaica Marriacci පවසන්නේ, මොහම්මද්(Mohammad) සහ ඔහුගේ පිරිවර (සාධාර්මික) දෙවියන් හා ඔහුගේ උපලක්ෂණ පිළිබඳව සත්‍ය හා යෝග්‍ය මත දරා සිටි බවත් දරමින් සිටින බවත්ය. තවද ඔහු පවසන්නේ මොහම්මද්(Mohammad) දෙවියන් සත්‍ය දෙවියන්ට වඩා වෙනස් බව සිතනා පුද්ගලයන්ගේ වැරදි පෙන්වා දිමට ගතවන කාලය, නිකරුනේ කාලය නාස්ති කිරීමක් ලෙසය.
පැරණි තෙස්තමේන්තුවේ දෙවියන්ගේ සෙනෙහස පිළිබඳව ද සඳහන්ව ඇත. තම තෙස්තමේන්තුවේ ප්‍රධාන තේමාව වනුයේ දෙවියන්ගේ සෙනෙහස Jeasus තුළින් එවීමයි. ඉස්ලාම් ආගමේ දෙවියන්ගේ සෙනෙහස පිළිඹිඹු වන්නේ දෙවියන්ගේ සංඥා අනුව මිනිසුන්ට සැප පහසුව විසීමට පෘථිවිය නිර්මාණය කිරීමෙනි. මුස්ලිම්වරුනගේ සම්මත යාතිකාව වනුයේ “දෙවියන් කරුණාවන්ත සහ දෙවියන් අනුකම්පාසහගත” බවය. දෙවියන් ආමන්ත්‍රණය කරනා අලංකාර නම් දෙකක් වනුයේ “බෝහෝ සෙනෙහවත්” සහ “සත්‍ය(constant) දෙන්නා” (wahhab) ය.William Montgomery Watts පවසන්නේ ක්‍රිස්තියානු ආගම විසින් දෙවියන්ගේ සක්‍රීය භූමිකාවට වඩා වැඩි අවධාණයක් ලබා දෙන බවය. මෙහිදී දෙවියන් යනු නැතිවු බැටළුවන් පසුපස ගොස් ඔවුන් මුදවා ගන්නා එඩේරයෙකු ලෙස ද පෙන්වා දි තිබේ. ඉස්ලාම් ආගමේදි නොමඟ යන්නවුන්ට දි ඇති අපේක්ෂාවන් අවමවේ. වොට්ස්ට අනුව ඉස්ලාම් ආගමේදි දෙවියන් සෑම ජනයාටම අවස්ථාවක් ලබා දී ඇත්තේ උසස් සාර්ථකත්වයක් සඵල කරගැනීමටය. මෙම අවස්ථාව සලසා දී ඇත්තේ පණිවිඩකරුවන් හෝ ශාස්තෘවරුන් ජනයා වෙත එවීමෙනි. ඉස්ලාම් ආගමේ සඳහන් පරිදි මොහම්මද්(Muhammad) ගේ මැදිහත්විමෙන් මරණ දවස මනාප ලෙස බාර ගැනීමට ජනයාට හැකි බවට මතයක් ඇත. කෙසේ වුවද පව්කරන්නා මෙම ජිවිතයේම තම පව් වලට දඬුවම් ලබන අතර එසේ නොවුවහොත් සිමිත කාලයක් නරකාදියේ දුක් විදිමට සිදුවේ.